Friday, February 8, 2013

අයියේ.......

            යාල් දේවි දුම්රිය හෝ දුම්රිය මාර්ගය පුපුරවා හැරිය බවට දස දෙස කතා ඇසෙයි. ඒ පිළිබඳව කොලු ගැටයාට නිනව්වක් නැත. ඔහුට වසර දෙකක් වැඩිමහලු වූ සහෝදරයාගේ මුවින් පිටවන වදන් අනුසාරයෙන් කොලු ගැටයාද ඒ පිළිබඳව සියල්ල දත් ලෙස කියවයි.
ඒ 1989 හෝ 1990 වර්ෂයයි. අම්මාගේ සාරි පොටේ එල්ලී අයියාත් සමඟ පාසල් යන පූර්ව පාසල් අවධිය හෝ එක වසරේ විය හැක. අවුරුදු සමයයි. රතිඤඤා හඬ දස දෙස පැතිර යන උත්සව සමයේ පොඩි උන් දෙන්නාටද බරටම වැඩවල යෙදීමට කරුණු කාරණා ඉෂ්ඨ සිද්ධ වී තිබුණි.
පුංචි කෝච්චිය

       නිවසේ මායිමේ වැට අසල ඇති කුඩා ඉවුරේ වලක් හාරා රතිඤඤා දෙකක් යට කර නැවත පොලොව සකසයි. සිහින් කෝටු කැබලි දෙකක් ඒමත දික් අතට තබා  කුඩා කෝටු කැබලි හරස් අතට අතුරා දුම්රිය මාර්ගය ඉදි කරයි. මේ සියල්ලේ වැඩකරු පිරිසෙන් වැඩිමහල්ලා වන අතර පොඩි එකාගේ රාජකාරිය අත් උදවු සැපයීම පමණි. ඒ පිලිබඳ තුන් හිතකවත් නොසතුටක් නැත්තේ කාර්යය එතරම්ම බරපතල බැවිනි. රතිඤඤාවල සේවා නූලට කඩදහි කැබැල්ලක් ගැට ගැසුවේ එසේ නොකළහොත් රතිඤඤා පිලිබඳ සම්මුතියේ ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් ඉදිරියේදී පර්මිට් කැන්සල් වේයැයි ඇති බය නිසාය. සියල්ල සූදානම්. ඒත් කෝච්චියක්?

     අලියා ගිණිපෙට්ටි වලින් කෝච්චියක් සාදා එන්ජිමට SUN ගිණිපෙට්ටියක් යොදා දුම්රිය සකසා රේල් පාර මතින් තැබූ කුඩා සහෝදරයින් තම වික්‍රමය නිවසේ අය සමඟින් ඈතට වී නරඹන්නේ ඉතා සතුටිනි.

..............................................................................................................

       සහෝදරයා පිළිඹඳ කොලු ගැටයා සතු මතක සටහන් තව බොහෝමයකි.

          එක වසරට ඇතුළු කල දිනම ඉන් ඉවත්වී තුන වසරේ වාඩි වූයේ ඒ වනවිට වැඩිම යහළුවන් පිරිසක් සිටිනා පන්තිය මෙන්ම සහෝදරයාද එහි සිටින බැවිනි. සංගීත ක්ෂේත්‍රය මෙන්ම පරිඝණක ක්ෂේත්‍රයටද යොමු වන්නේ ඔහු හරහාය. ඈත දුප්පත් පාසලක ඉගෙනුම ලබා උසස් පෙළ සඳහා නැවත නිවසට පැමිණෙන විට පරිඝනකයක් සඳහා නිවසේ හා හූවක් ඇති වෙමින් තිබුණු බව අදටද හොඳින්ම මතකය. සුඛෝපභෝගී භාණ්ඩයක් අපේ ගෙදරට? මල්ලීට මැජික්ය.

        නිවසේ පළමු පරිඝණකය, ඔක්ටෙව් හතරක විදුලි ඕගනය, පළමු වාහනය සියල්ලම ඔහු නිසාය. මව් මෙන්ම පිය පාර්ශවයේද දෙවන පරම්පරාවේ පළමු විවාහය ඔහු සතුය. පළමු සිඟිත්තා ඔහු සතුය. පළමු රෝද හතර ඔහු සතුය. නමුත්, දියුණුව යනු මුදල්ම නොවන බවද සතුට විනෝදය සඳහා වෙන්කරන කාලයෙන්ම තේරුම් ගත හැක.

           අයියේ, අද වෙනකොට ඔයා ජීවිතේ ගොඩක් දුර ගිහින්. ඒත් තාම මං ඔයා ළඟ ඔයාගේ පොඩි මල්ලි. අපේ සහෝදරකම අද වෙනකම් එන්න එන්න ලියැළුවා මිසක් ඒ පිළිබඳව අංශුවකවත් සැකයක් තබා ගන්නට කාරණාවක් ඔයා ඉතුරු කලේ නෑ.

       අද ඔයාගේ උපන් දිනේ. ඒ වෙනුවෙන් මට මුකුත්ම දෙන්න දෙයක් නෑ. නංගී එයා ඉතුරු කරපු සල්ලි වලින් අරන් දුන්නු බර්ත්ඩේ කාඩ් එකත් පෝස්ට් කරගන්න පුළුවන් උණේ ඊයේ. කරන්න තියෙන්නේ එකම එක දෙයයි.

අයියේ, 
           ඔයාට සුභම සුභ උපන් දිනයක්!

  

32 comments:

  1. නිසැගයෙන්ම අව්‍යාජව ඉපදෙන සුබ පැතුම් තරම් වටින තවත් දෙයක් නෑ අකමා..අපෙත් සුබ පැතුම් එක් කරන්න..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වෙනී අයියේ. හූල්ල හූල්ල දෙන ලොකු තෑග්ගට වඩා ඇත්තටම හිතේ සතුටින් කරන සුභ පැතුම ගොඩක් වටිනවා වෙනී අයියේ. වෙඩින් වලට ගියාම තෑගී දෙනකොට හිතේ සතුටින් දෙන්නේ කීයෙන් කී දෙනාද? එහෙම නේද?

      Delete
  2. හරිම සුන්දරයි.

    අපිත් සුබ පැතුවා ඔන්න !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! සැමෝ...

      Delete
  3. සහෝදරකම වැනි උතුම් බැදිමක් මම හිතන්නෙ වෙන නැති වැති.... (මවු පියන්ට අමතරව) මෙන්න මගෙනුත්.... සුභ උපන් දිනයක් වේවා....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. ඒත් ඕක තේරුම් ගන්නැති අයනේ වැට මායිමට මරා ගන්න යන්නේ. සුභ පැතුමට ස්තුතියි!

      Delete
  4. අකම් මේ මොහොතේ මම ඉන්නේ සහෝදරත්වයේ යුතුකමක් පැහැර හැරලා, එත් මම අසරණයි ,උඹ ගැන මට ආඩම්බරයි,

    ReplyDelete
    Replies
    1. ඈ බොල අටමො, මොකෑ උනේ මූණට? ශිහ් දැන් හොම්බට දෙකක් අනින්නවත් හිතෙන්නෑනේ. :D
      -------------

      මමත් ඔහොමයි අටම්, මගේ පැත්තෙන් කොච්චර අඩු පාඩු සිද්ධ වෙනවද? මං හිතන්නෙ මම අයියට වඩා අයියා මට ආදරේ වැඩි ඇති. ඒකයි තාමත් අපේ සම්බන්ධකම එහෙම්මම තියෙන්නේ.

      ඔයාගේ සහෝදරයත් ඔයාව තේරුම් අරගෙන ආයෙත් සහෝදර බැම්ම ඉස්සරටත් වඩා තදින් බැඳෙන දිනය අත ළඟමයි අටම්. ඔයාලගේ සහෝදරත්වයේ නව බැම්මට මම විතරක් නෙවෙයි අපි හැමෝම සුභ පතනවා!

      Delete
  5. සහෝදරකමේ ඇති බැඳීම සහෝදරයෙක් නැති මට උනත් හොඳට තේරෙනව.

    අපිත් සුබ පතනව ඔබේ සහෝදරයට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! Praසන්ன අයියේ. මං අදටත් තනිවෙලා නැත්තේ අයියා හින්දා තමයි.

      Delete
  6. අනිවා හොද සහෝදරයෝ දෙපලක්. සුභ උපන්දිනයක් වේවා ලොකු අකමෝ...

    ReplyDelete
    Replies
    1. ....//ලොකු අකමෝ//... හොඳා හොඳා මං කියන්නම්කෝ.
      බොහෝම ස්තුතියි! දේශකයා.

      Delete
  7. අය්යට සුභම සුභ උපන් දිනයක් කිව්වා කියන්න.... සහෝදරකමින් ඔයා කරපු පැතුමම ඇති...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! නදිනි. මං ඔයාලා හැමෝගෙම සුභ පැතුම් එයාට දෙන්නම්කෝ. හැබැයි අදමනම් නෙවෙයි. ඉස්සෙල්ලම බ්ලොග් ගැන හැඳින්වීමක් කරලා, මාත් ලියනවා කියලා, බරපතල ප්‍රශ්ණ ගොඩකට එහෙම මුහුණ දීලා එහෙම. එතකන් සමාව භාජනය කොරනවා.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මට එදත් අකමා අයියා ගැන ඉතාම ලෙංගතු කමකින් කතා කරනවා මතකයි.
    අකමගෙ සොහොයුරාට සුභ උපන් දිනයකට ආසිරි මගේ මුළු පවුලෙන්ම.

    අකුරක් වැරදුනා බං.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! හෙන්රි අයියා ඇතුළු පවුලේ සැමටම.
      අයියා නැත්නම් අද මාත් නෑ හෙන්රි අයියේ, මං ඒකට හැමදාමත් ණයගැතියි.

      Delete
    2. අකුරු දෙක මාරු වෙලා විතරනේ. මම දවල්ම දැක්කා සිද්ධිය. ඔය වගේ ටැපලීම් හැමෝටම වෙනවා ගණන් ගන්න එපා.

      Delete
  10. අයියට සුබ උපන්දිනයක් වේවා !!!

    (තොපි දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම ත්‍රස්තවාදියොනෙ.. :-) )

    ReplyDelete
    Replies
    1. තව කරපු හොඳ හොඳ දේවල් ඉස්සරහට දාන්නම්කෝ.

      බොහෝම ස්තුතියි! සෙන්නා.

      Delete
  11. මම හිතන්නෙ දෙන්න පුළුවන් හොඳම තෑග්ග අකමා දීලා තියෙන්නේ. අපි හැමෝගෙම සුබ පැතුම් අයියට ලැබෙනවා..

    ඔන්න මමත් සුබ පතනවා. අකමගෙ අයියට සුබම සුබ උපන් දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ලිහිණියෝ!

      ඒ වගේම අපි හැමෝම ඔයාට ඉක්මන් නීරෝගී භාවයට පත්වෙන්න කියලා ඉතා සිතින්ම පතනවා.

      Delete
  12. ඔබේ සොයුරා ලබන හොදම තැග්ග මෙයයි... ඔහුගේ දැසට කඳුළක් උනනවා ෂුවර්.. සොයුරාට සුබ උපන් දිනක්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! නලින් අයියේ.

      එයා මේ ගැන දන්නවනම් අනිවා කඳුලක් එයි. හැබැයි මට පෙන්නන එකක්නම් නෑ.

      Delete
  13. හෆ්ෆටසිරි හැපි මෙව්වා එකක් වේවා අයියට...!!

    ReplyDelete
    Replies
    1. එයාට හැපී මෙව්වා එකක් කියලා මක්කද එකක් ලියන මෙව්වා එකෙක් එව්වා එහෙක ලියලා තිබුණා කියලා අහවල් එහෙකින් දැනුම් දෙන්නම්කෝ....

      Delete
  14. ohuta suba upan dinayak pathanawa
    akamo....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි! නිශාන්.

      Delete
  15. මුදලට සහෝදරකම් යට උන සමාජයක ඔබ වගේ අය ගැන ආඩම්බරයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! යසිත්.

      Delete
  16. අයියට මේ දෙන්න පුළුවන් උපරිම තෑග්ග දීලා තියෙන්නේ.මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔයා බලලා තියෙනවද සිරසේ "දඟයා" කාටූන් එක. ඒකෙ එක තැනක තියෙනවා පොඩි එකාව තාත්තා බීච් එක්ක යනකොට හදිසි වැඩක් යෙදිලා සයිට් එකට යන්න වෙනවා. හවස තාත්තා දෙවියන්ට කියනවා "අනේ අදවත් මගේ පුතාව සතුටින් තියන්න බැරි උණානේ" කියලා.
      දවසෙම පිස්සු කෙළපු පුතණ්ඩියා කියනවා "අනේ දෙවියනේ අද තරම් සතුටු වෙච්ච දවසක් කවදාවත් තිබිලා නෑ. ඒ නිසා දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා" කියලා.

      හ්ම්ම්ම්......

      Delete