අප්පොච්චියේ...... වැරදීමක මහත.
කේක් කනවද.... කියලා පොස්ට් එකක් දැම්මට මොකද, ඒකෙ මං ආතක් පාතක් නැතුව කියෝලා නින්දට ගියා නොවැ. ලිව්වේ මොකටද? ලියන්න ගියේ මොකක්ද? ලියන්න ආපු දේ ලිව්වද? කියලා හොයල බැලුවේ නෑනේ. අද උදේ ඒ ගැන මතක් උනත් පොස්ට් එක එඩිට් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. මොකද උදේ පහට බස් එක අල්ලගන්න දුවන්න තිබුන හින්දා.
එහෙනම් ඉතිං මුලින්ම ගම්මුකෝ ලිව්වේ මොකටද කියලා.
වර්ෂ දෙදහස් දොළහක් වූ අගෝස්තු මස පලමුවෙනි බුධ දින නිකිණි පුන් පොහෝ දින යෙදුණු නිවාඩුව මුල් කොට ගෙන අකමා කල එලි බැස්සා. අවුරුද්දක් විතර බ්ලොග් කියෝ කියෝ හිටියට ප්‍රොෆයිල් එකක් හදාගත්තේ එදා. දාන්න නමක් හොය හොයා ඉඳලා කටට ආපු නමක් දැම්මා. නමේ ගුණාගුණ බලන්න නැකත් හෙව්වේ නෑ. මොකද පෝය කියන්නෙත් නැකත් දවසක්නේ. :-)
ඉතින් ඔන්න ඔහොම පලවෙනි පොස්ට් එක දිග ඇරුනා. එදා ඉඳන් ඊයෙ දවස වෙනකොට මාස තුනයි මගේ මේ පුංචි එකාට. ඉතින් අවුරුද්දක් යනකන් ඉවසන් ඉන්න බැරි කමටයි මාස තුනක් කියන්නේ සමරන්න ඕනි දෙයක් හින්දයි ලියලා දැම්මා. ඒත් යකඩෝ ඒකෙ මුල්ලකවත් කියන්න බැරි උනානේ මාස තුනක් හින්දා ලියනවයි කියලා. ඔන්න ඉතින් කට්ටිය පෝලිමට වරද්දගෙන එනවා. ඇත්තටම වැරදුණේ මට උනත් වැරදීමේත් පොඩි ගතියක් තියෙනව කියල හිතෙන්නේ දැන් තමයි. හික්ස්.. (අකමා කියන්නෙ බොක්කෙ එකක් තියාන හක්කෙන් තව එකක් කියන එකෙක් නොවන නිසා විහිළු වරදවා වටහා නොගනු ඇතැයි හිතනවා)
ඉතිං ඒ.කේ.එම්.අඩවිය කියන නම හැදුන එක ගැන කිව්වනේ. අකමා කියන නම හැදුනෙත් ඔය අකුරු තුනෙන්මයි.
"අකමා ඇලි බලපු හැටි" කියන පොස්ට් එක ලියද්දි හිතුනා නමක් දාගන්න. ඉතිං දැම්මා.
ඉතිං ලිව්වේ තුන සමරන්න.
එතකොට ලියන්න ගියේ.....
ලියන්න ගියේද? ලියන්න ගියේ මාස තුනක් තිස්සේ මේක ලියාගෙන යන්න උදවු කරපු අයට ස්තුති කරන්න. කමෙන්ටු පල කල, එමගින් උපදෙස් දීපු, දිරි ගන්නපු වගේම හොරෙන්ම ඇවිත් බලලා ගිය හැමෝටම ස්තුති කරන්න. මුලින්ම දාපු පොස්ට් එක වෙච්චි
"රන් කිරි කට ගෑම" පොස්ට් එකේ මුල්ම දිරි ගැන්වීම
වෙනී අයියගෙන්. ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා මං මුලින්ම පොස්ට් එකක කමෙන්ට් එකක් දැම්මෙත් වෙනී අයියගේ පොස්ට් එකක. ඒ කමෙන්ට් එකයි රිප්ලයි එකයි දෙකම තාම මං ගාව තියෙනව screen shot එකක් විදියට සේව් කරලා.
හෙන්රි අයියා..... මගේ පොස්ට් හැම එකකටම වගේ කමෙන්ට් කරලා මාව දිරි ගන්වපු තවත් යෝධයෙක්. ඒ වගේමයි ලැබුණු උපදෙස් ටිකත්.
සුමිත් අයියගේ උපදෙසුත් මේ අතර ඉහලින්ම තියෙනවා.
එතකොට
"ම" යන්න,
"මාරයා",
"පියුමි මධුෂාණි",
"ලකී සිරි",
"ප්‍රදීප් ගුණරත්න",
"සිහින",
"ලිෂාන්",
"සබිත්", "මාධව",
"එස්.ඒ.",
"සෙන්නා",
"සෑම්",
"අටම්පහුර",
"ඔබ නොදුටු ලොවක්",
"අලුත් මල්ලි",
"බණ්ඩා",
"හිරු",
"ගයනි",
"රාජ්",
"හිරුහිමවී",
"සිරාගෙ කාමරේ",
"චන්දන" එහෙම මේ පැත්තෙ ඇවිත් මාව දිරිමත් කරලා යන අය. ඒ ඇරෙන්න නොකියාම යන අය.ඔන්න ඒ කට්ටිය අල්ලගන්න තමයි මීටරයක් හයි කරලා තියෙන්නෙ. ඉතිං ඔයාලගෙ පැමිණීම, ගුණ දොස් විවේචනය ඉහලින්ම අගයනවා.
බ්ලොග් කියවන කාලෙ කමෙන්ටුවක් කියන දේ එච්චර අගයක් තිබුනේ නැති උනත් ලියන්න ගත්තම තමයි එකේ අගය තේරුනේ. අනික හෙන්රි අයියා කියලා තියෙන රිප්ලයි කිරිල්ල. මං අනිත් බ්ලොග් වල දාපු කමෙන්ට් වලට රිප්ලයි එනකම් දවස් ගණන් ඒ පැත්තෙ යනවා. ඒ වගේම තමයි මගේ බ්ලොග් එකේ කමෙන්ට් වැටෙන හැටි, හිට් කවුන්ටරේ කැරකෙන හැටි බලන්න දවස ගානේ මං ලොග් වෙනවා. කවුරු කොහොම කිව්වත් මං මෙච්චරක් කාලයක් මේ පැත්තෙ ආවෙ මගේ නිර්මාණ අගයනවා බලන්න කවුරු හරි එනවනේ කියලයි. ඒක ඉදිරියටත් එහෙම්මම තමයි.
අන්තිමට මේ දේත් කියන්න ඕනි. බ්ලොග් ඒකට ගොඩවෙන්න මට තියෙන කාල වේලාව ඉතාම සීමිතයි. (ඒකෙන් මං අදහස් කරන්නෑ අනිත් අයට එහෙම නෙවෙයි කියලා.) සතියේ දවස් හයක් ෆුල් ටයිම් වැඩ කරලා ගෙදර ඇවිත් කම්පීතරේ ගාව වාඩිවෙන්න තියෙන්නෙ පැය දෙකයි තුනයි. ඒකත් මං ෆීල්ඩ් නොගිය දවසට. ගොඩක් වෙලාවට සතියෙන් භාගයක්ම එනකොට රෑ වෙලා. ඉතිං නෙට් ගිය ගමන් කරන්නෙ මග ඇරුණු පොස්ට් කියවන එක තමයි. එතකොට දන්නෙම නැතුව 11 පහුවෙලා. ඉතිං කොහෙද පොස්ට් එකකට වෙලාවක්. ඉරිදා කියන්නෙ වැඩ වැඩිම දවසක්. පොලේ යන්න, රෙදි හෝදන්න, ගේ අස් කරන්න.... හප්පා...
අදනම් මං ගෙදර ආවෙම (9.45ට විතර) කම්පීතරේ දාගෙනමයි. ඇඳුම් මාරු කරපු ගමන් ඊයෙ පොස්ට් එකේ අඩුපාඩු හදන්න හැදුවා. එතකොට පරක්කු වැඩියි. ඉතිං මේක ලිව්වා. දැන් 1.30යි. තාම මං වොශ් එකක් දැම්මෙත් නෑ. රෑට කාලත් නෑ. හෙට උදේ වැඩට යන්නත් තියෙනවා. ඒත් ඔයාල මතක් වෙනකොට බඩගිනිත් නෑ.නිදිමතත් නෑ. මහන්සිත් නෑ.
ඉතින් ඊයෙ පටන් ගන්න කොටම කිව්වා නොවැ ගෙදර ආවෙ හොම්බෙන් කියලා. ඔන්න ඒක මං මගේ ස්ට්‍රෝන්ග් පොයින්ට් එකක් හැටියට මතු කරගෙන අර මොකක්ද එකේ හිලෙන් රිංගුවා හොඳේ. සොරි ඈ. හි..හි..