Sunday, June 8, 2014

සුනිල් හෙට්ටිආරච්චි...

සුනිල් හෙට්ටිආරච්චි...
නම කියූ පමණින්ම ඔහු ගැන නොදන්නා කලා රසිකයෙකු මේ පුංචි රට තුළ සිටීයැයි කිවුවොත් එය අරුමයකි.
මුහුණපුරා වැවුනු රැවුලත් තට්ට හිසත් කෙට්ටු සිරුරත් ඔහුගේ නම ඇසූ සැනින් අපේ මනසේ ඇඳී යන්නේ නිරායාසයෙනි.

මගේ අදහසට අනුව නම් ඔහු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රතිභාවපූර්ණ නළුවෙකි.බොහෝලෙසම නිරූපණය කළේ හාස්‍ය උත්පාදක රංගනයන් වුවත් ඔහු ඕනෑම චරිතයක් තරම් ඉදිරිපත්කිරීමට හැකියාවැති දක්ෂ නළුවෙකු බව ඔහුගේ රංගන ශෛලිය තුළින්ම අවබෝධ කර ගත හැකිය.
ඉතින් මේ අපූරු කලාකරුවා,සොඳුරු මිනිසා දැඩිසේ රෝගාතුරව සිටින බව ජනමාධ්‍ය හා ෆේස්බුක් මගින් අපට අසන්නට ලැබුනේ මීට මාස කිහිපයකට පෙරය.

ඔහු වෙනුවෙන් “අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched“ අපේ සමූහය මගින් යමක් කළ යුතු යැයි ඇඩ්මින් Suren Sarathkumara අප වෙත යෝජනා කළේ මීට දින කිහිපයකට කලිනි.සමූහයේ සහෘදයින් වෙතින් ඊට ලැබුනේ යහපත් හා අගය කළ යුතු ප්‍රතිචාරයකි.මේ පිළිබඳව සුරේන් හා මා කළ කතාබහකින් පසු එම වැඩපිළිවෙල ආරම්භකිරීමේ අරමුණින් අද උදෑසන මම සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාණන්ගේ පුතු නුෂාන් හෙට්ටිආරච්චි මහතාට දුරකතනයෙන් කතාකිරීමෙන් පසුව මා දැන ගත් දෙය නම් “සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන වශයෙන්ම පාකින්සන් රෝගය සහ එම රෝගය නිසා හටගත් වෙනත් රෝගී තත්වයන්ගෙන් පෙළෙන බවත් මේ වන විට ඔහු මාළිගාවත්ත මහල් නිවාසයේ ඔහුගේ ආදරණීය දූ පුතුන්ගේ රැකවරණය ලබමින් සිටින බව මෙන්ම ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ වෙනුවෙන් මාසිකව රුපියල් දහහතර දහසකට ආසන්න වියදමක් යන බවත්ය“
පසුව මා සුරේන් සමග කතා කොට අප දෙදෙනාම එකඟත්වයට පැමිණියේ මාස දෙකක හෝ තුනක ප්‍රතිකාර වියදම අප සමූහය හරහා එකතු කොට සමූහයේ සාමාජිකයින් විසින් එතුමාගේ නිවසටම ගොස් පරිත්‍යාගකිරීමට හැකි නම් එය සුනිල් හෙට්ටිආරච්චි මහතාට සමූහයේ සිනමා රසිකයින් විසින් දක්වන මහඟු උපහාරයක් බවය.

මේ වෙනුවෙන් ලබාදෙන මූල්‍යමය පරිත්‍යාගයන්
හැටන් නැෂනල් බැංකුවේ HNB අලව්ව ශාඛාව
B.A.නිරාජ් ගුණසේකර
123020073356

දරණ ගිණුමට
බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතරම ඔබගේ නොමසුරු පරිත්‍යාගය මුදලින් රුපියල් පනහක් වුවත් එය ඉතා අගය කරන බවත් ඔබගේ පරිත්‍යාගයන් කිරීම හෝ පරිත්‍යාගය කිරීමට අදහස්කිරීම මෙම පෝස්ටුවේ කමෙන්ට් එකක් වශයෙන් හෝ ෆේස්බුක් පණිවිඩයක් මගින් හෝ මා වෙත දැනුවත් කිරීමක් කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි !


දැනට මා වෙත දැනුම් දුන් පරිත්‍යාග ලැයිස්තුව

https://docs.google.com/spreadsheets/d/1U2oj-O8r8TrTYMRcSfI__Mgalza31UvWA3mLwpUFd9o/edit#gid=0

----------------------------------------
මේ ලිපිය මුහුණු පොතේ " අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched" නමැති ගෘෘප් එකට "
Nirosh Gunasekara" සහෝදරයා විසින් ලියන ලද ලිපියකින් උපුටා ගන්නක් වන අතර එහි ලින්ක් එක දීමට තැත් කලත් එය ව්‍යවර්ථ වූ බැවින් මෙලෙස පලකරන ලදී.

Friday, February 14, 2014

වීරයා මැරිල නෑ….

               වීරයා මැරිල නෑ කියලා වේදිකා නාට්‍යයක් තිබුණා කට්ටියට මතක ඇති. නාට්‍ය කීපයක් සීඩී වලින් බලලා ඒ ගැන ඇල්මක් ඇතිවෙලා තිබුණත් තාමත් සැබෑ කරගන්න බැරි උන ආශාවන්ගෙන් එකක් තමයි වේදිකා නාට්‍යයක් බැලිල්ල. රූපවාහිනියටත් සිනමාවටත් වඩා සුළු සම්පත් කීපයක් භාවිතයෙන් නිර්මානාත්මක විදියට ඊටත් වඩා සජීවීව නාට්‍යයක් ඉදිරිපත් කිරීම ඇත්තටම හැබෑම අභියෝගයක්. ඔය නාට්‍ය කරන/කරවන අය ඉන්නව නේද, ඒ ගොල්ලො එක අතකට බලනකොට අමුතුම අදහස් තියෙන අය. ඒ කියන්නේ නිර්මාණාත්මක පැත්තෙන්. 

             වේදිකා නාට්‍යයක ඩබල් ඇක්ටිං කරන්න බෑ කිව්වට විල්සන් ගුණරත්න ඔය යස අගේට චරිත හතක් කලේ. එක පාර රඟ නොපෑවට එක දිගට චරිත හතකටම පණ පෙව්වනේ. ඊළඟට වසන්ත මොරගොඩ. එයා වේදිකා නාට්‍ය සම්ප්‍රදාය ටීවී එකට ගෙනාවා ස්වර්ණවාහිණියේ නේබර් ටෝක්ස් හරහා. මතකද අර නෝවේ රාජ්‍යයේ ඔස්ලෝ නගරේ තිබුණ සාම සාකච්ඡා ගැන තිබුණු වැඩසටහන. 

නෝවේ à No way à යන එන මං නැති, ඔස්ලෝ à Ox low -àහරක් නීති,  සරලව කිව්වොත් යන එන මං නැති උන් දාන හරක් නීති ගැන තියෙන සාකච්ඡාවක් කියලනේ ඒක අර්ථ ගැන්නුවේ.

         ඔය වචන වලට අමුතු අමුතු අර්ථ දෙන එකත් එක විදියකට නැගලා යන වැඩක්.

Etisalat à Itisalat àIt+Is+a+lat  
මේක කිසිම ආයතනයකට අපහාස කරන්න දාපු දෙයක් නෙවෙයි. මේක මේ විදියට නිර්මාණය කරපු ඒ පුද්ගලයා තුල තිබුණු හැකියාව පෙන්නන්නයි දැම්මෙ.

To Let මැදට “I” අකුරක් දාලා Toilet කරලා තියෙන්නේ.

        මේ ගැන කියනකොට තව ලස්සන වාක්‍යයක් මතක් උණා. ඒ තමයි “Madam Im Adam” ඕක ඉස්සරහට කියෙව්වත් ආපස්සට කියෙව්වත් කියවෙන්නේ ඕකම තමයි.

            ඔය විදියේ ඉංගිරීසි පද හරඹ ගැන අපේ හෙන්රි මහත්තයා තව දුරටත් කියල දෙයිනේ. හැබෑට කෝ මේ අපේ හෙන්රි අයියා...... අප්පට බොල අද දාහතර වෙනිදනේ.... සලංපෙසං එකත් එක්ක බෝඩ් ලෑල්ලකුත් උස්සගෙන පාරට බැහැලා ඇති. මාත් ඔන්න මට පුළු පුළුවන් විදියට සබරගමුවෙ කියල බැලුවෙ නෑ ඇති හැකි සෑම තැනකම “ලදුදෙ භංග වේවා!” කියල ගහල පොඩි සපෝට් එකක් දුන්නා. 
          ඉතිං ඔය වගේ උදව් අපේ සලංපෙසං සාමාජිකයෝ හොඳට හිතේ ධාරණය කරගෙන ඉන්න ඕන. මොකද අපි තාම ඕකෙ යාවජීව සාමාජිකයෝ නොවුණට ඉඳ හිටලා හරි ඇවිත් යන හින්දා ඒ වෙලාවටවත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණොත් වටිනවනේ. නැද්ද මං අහන්නෙ?

ඉතිං එහෙනම් “සලංපෙසං එකට ජයවේවා!!!”

අන්තිමට කියන්න තියෙන්නෙත් ඉතිං “වීරයා මැරිල නෑ” කියලම තමයි.