Thursday, May 23, 2013

දැන් ඉතිං නැගිටියව්!!!

මොකද සර් කට්ටිය පරක්කු. ඔන්න මමනම් කියපු වෙලාවටත් කලින් ආවා”


“කවුරුවත් පරක්කු නෑ ජයේ. යන කට්ටිය ඔක්කොම ඇවිත් ඉන්නේ. අනික් කට්ටිය හැමෝටම ඔලුවේ කැක්කුම් බඩේ කැක්කුම් එහෙම හැදිලා කියලා උදේ ඉඳන් කෝල් ආවනේ. එහෙනම් අපිවත් එකතු වෙලා බස් එක සරසමු.”


       අප්පට සිරි ඒ ගමන බස් එකේ ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයිත් වැඩක් සෙට් වෙලා. රාජ්‍ය ආයතනයක් වෙච්ච එතන වැඩ කරන  පනහක් සීයක් විතර වෙච්චි පිරිසෙන් එදා උදේ ලෙඩක් දුකක්  නොහැදිලා තියෙන්නේ නිලධාරීන් දෙන්නෙකුටත් නිලධාරිනියන් දෙන්නෙකුටත් සේවකයන් දෙන්නෙකුටත් විතරයි. ඒ කියන්නේ ආසන පනස් ගානක බස් එකකටම හය දෙනයි.




        ඔන්න ඔහොමයි නොමිලේ යන්න හම්බවෙන ට්‍රිප් එක යන්නත් කට්ටිය සෙට් වෙලා තියෙන්නේ. මේ අය යන්නෙත් නිකං ගමනක් නෙවෙයි. කම්කරුවෝ සමරන්න. මැයි පළවෙනිදා උදේ හය හමාරට විතර සෙට් වෙච්ච කට්ටිය දැන් හෝ ගාලා බස් එක සරසනවා. කම්කරුවන්ගේ පාටින්... ආ නෑ... නෑ...  පක්ෂේ පාටින්. ඉස්සරහින්ම ගහනවා පාලක පක්ෂේ තඩි බැනර් එකක්. ඔන්න දැන් පිටත් වෙන්නත් කට්ටිය ලෑස්තියි.



“මේ ජයේ, මෙහෙම අමුවෙන් යන්න පුලුවන්ද බං” ඔන්න නිලධාරියෙක් පලවෙනි වෙඩි මුරේ පත්තු කළා.


“කමක් නෑ සර්ලා ගන්න. සර්ලට අද නිවාඩු උනාට අපිට අද වැඩනේ” කොන්දොස්තර දිහා බලන ගමන් මාතලී උත්තරේ දුන්නා.


“එහෙම නෙවෙයි බං අපි ඉන්නෙත් දෙතුන් දෙනයි මේ දවස්වල ලොකු දෙයක් කරන්න තරම් ආර්ථිකෙත් හොඳ නෑ”


           ඔන්න ඔහොමයි කට්ටිය වැඩේට එන්ටර් උනේ. ඉස්සරහා බැනර් එක අකුලලා ඇතුළට දාලා ඔන්න බස් එක ලෝඩ් කරනවා. ඔය විදියට තමයි ගානක් එක්කහු කොරන් බෝතල් එක හමාරක් හතර දෙනෙක් එකතු වෙලා හිස් කරන තැනට වැඩේ සෙට් උනේ.  



           දැන් ඔන්න බස් එකේ යන සෙට් එකට අදාළ ප්‍රධාන කාර්යාලයට කට්ටිය එන්ටර් උණා. ඔතෙන්ට ආවා කිව්වට රට වටේම තියෙන ශාඛා වලට අයිති කට්ටිය ඇවිත් නිසා ටිකක් ඈතින් තමයි බස් එක නවත්තලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ. ඇතුළට යන්නනම් සිහියක් තියෙන්න එපෑ. ගෑනු දෙන්නව යවන්නත් බෑනේ. ඔන්න ඕකටත් අත ගහන්න උනේ ජයේටම තමයි. ජයේත් එක්ක ගිය නිලධාරියාගෙන් ඔන්න ඇතුලේ ඉන්න කට්ටිය කට උත්තර ගන්නවා.


“පිරිමි කීයක් ආවද?”


“දාහතයි සර්”


“එතකොට ගෑණු?”


“අටයි සර්”


“ආ එහෙනම් මේ නවය ගන්නවා උඹලා. මේ බියර් අට දෙනවා ගෑණු සෙට් එකට. එතකොට ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි?”


“ඒ දෙන්නා බස් එකේ” ඒ පාර ජයා මාමා පැනලම උත්තරේ දෙනවා. අතින් පයින් යන එකක්යැ.


“ඒ දෙන්නට මේ දෙක” මල්ලට තවත් බෝතල් දෙකක්.



          දැන් ඔක්කොම බෝතල් එකොළහයි, බියර් අටයි. ඒ වෙනකොටත් උදේ ගත්තු දෙකෙන් කට්ටිය දොයි. 


“ඒක නෙවෙයි ජයේ, මං මේ කල්පනා කළේ හොඳ සිහියෙන් හිටියත් කොළඹ යන එන එක අමාරු එකේ මේ ලක්ෂ ගානක් සෙනග අස්සේ මුන් මෙහෙම අත ඇරියොත් අපි ඔක්කොම අමාරුවේ”


“ඔහොම්මම අල්ලපන් බං ගෝල්ෆේස් පැත්තට” අනික් නිලධාරියාගෙන් කදිම පිළිතුරක්.



              ඔය විදියට දවල් කෑමත් (මේකට පෙටි කෑෂ් වලින් සල්ලි අරන් ආවද නැත්නම් උදේම හම්බ උණාද කියලනම් අහගන්න බැරිඋණා.) සප්පායම් වෙලා ලස්සන ට්‍රිප් එකකුත් ගිහින් රෑ අට විතර වෙනකොට වන්දනා නඩේ සාදුකාර දීගෙන ගෙදරටත් ඇවිත්.



(මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. දාන්නනම් හිටියේ පළවෙනිදා :D )

36 comments:

  1. ඕක තමයි ඉතින් වෙනවා ඇත්තෙ නේද ? අනේ රෙද්දෙ මැයි දිනේ බල්ලෙකුට වැඩක් නෑ.. පාටත් නෑ ඉරිත් නෑ..

    ඔය මාතලී කිව්වම මතක් වුනේ.. මම දවසක් එකෙක්ට අපේ ඩ්‍රයිවර් ගැන කියද්දි මාතලී කියලා කියලා මූ මට කිව්වනෙ "කට්ටිය හිතන් ඉන්නෙ තමුන් දෙවිවරු කියලා නේද ?" කියලා.. කට උත්තරත් නැතුව ගියා..

    පළවෙනිදා දාන්න හිටියනම් ඇයි අද දැම්මෙ.. ඔහොම්මම තව ටික දවසක් ඉවසුවනම් අහවරයිනෙ..

    ReplyDelete
    Replies
    1. .....//ඕක තමයි ඉතින් වෙනවා ඇත්තෙ නේද ?//....
      ඇයි සෙන්න දැක්කේ නැද්ද ..//මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. //.. කියල තියෙනවා.

      එකත් ඇත්ත නේන්නම්. එලවන්නේ මාතලීලනම් යන්නේ දෙවිවරු වෙන්න එපායැ. :D

      එන පළවෙනිදා නෙවෙයි දාන්න හිටියේ. ඊටත් පස්සේ එන එකේ. මැට්ටා. ග්ර්ර්ර්ර්....

      Delete
    2. දැන් නාකියි බොල ඔය පොඩි අකුරු පේන්නෑ..

      Delete
    3. :D
      හතලිස් ඇඳිරිය වෙන්ටැ.

      Delete
  2. ඒ සෙල්ලං දැන් හරියන්නේ නෑ. දඩාවතේ යන බල්ලෝ අල්ලන්න වෙනම සෙට් එකක් දාලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ යන උන්ගේ ආතල් එක. :(

      එක අතකින් ඔච්චර වියදම් කරන එකේ කෙලෙහි ගුනේවත් දක්කන්නැත්නම් උන්ව බල්ලෝ දාලා හරි අල්ලලා ගෙදරම යවන්න එපැයි. නැද්ද මං අහන්නේ?-

      Delete
  3. අනේ මන්දා බන් දියසෙන් කුමාරයා එනකම් වත් අපි ඇදන් යන්න එපැයි මේ රට..මම නම් මටම බැන බැන මොනවා මොනවා හරි කරනවා .. එපාම වෙලා ඉන්නේ..ඒත් හිත හදන් පැත්තකට වෙන්න හිතෙන්නේ නැහැ කොච්චර උනත්..

    ReplyDelete
    Replies
    1. ඔය දියසේන කුමාරයත් ඇවිල්ලා අර එළුවගෙ ලබ්බ වගේ තමා.. :D

      Delete
    2. සහන්, මම මේකට "දැන් ඉතිං නැගිටියවූ!!" කියලා දැම්මෙත් ඒකමයි. මෙව්වා එදත් අදත් පවතින ඇත්ත. හැමෝම දන්නවා ඒක. ඒත් ටීවී එකේ පෙන්නනකොට "අනේ... අච්චර හිටියා.. මෙච්චර හිටියා..." කියා කියා බොරුවම පිළිගන්නෙත් අපි.

      ඉතිං දැන්වත්...දැන්වත්... දැන්වත් නැගිටිමු!

      @ සෙන්නා;
      උඹලා සීයාගෙන් කතා අහගෙන ඇවිල්ලා අපිත් එක්ක ගම් කෙටුවට එව්වා ඔට්ටු නෑ. :D
      දන්නැති උන් වෙනුවෙන් කෙටියෙන්වත් කිව්වනම්....

      Delete
    3. මට කම්මැලියි බන්.. :D

      Delete
    4. "දැන් ඉතිං නැගිටියව්!!" මේ කියපු කට ගලක උලා ගන්න ඇත්නම්....... :D

      Delete
  4. අපරාදේ මේක දාන්න තිබුණේ එදානේ... ඇත්තටම වෙන්නේ මේකම තමයි.. හැම පැත්තෙම..හැබැයි රතු මල්ලිලා නම් පොඩ්ඩක් වෙනස් මෙයිට වඩා.. උන් විනයක් තියාගන වැඩේ කරන්නේ..

    ReplyDelete
    Replies
    1. පරණ කළාමත් ගතියක් තියෙනවනේ... :D

      සහන්ට දීපු උත්තරේ මෙතනටත් ගැලපෙනවා නලින් අයියේ. දැන් ඉතිං නැගිටියව්!!

      උන් ගැනත් කාලයක් බලාපොරොත්තු තියන් හිටියා. අන්තිමේදී බලනකොට ඔක්කොම එක බෝට්ටුවේ. වෙනස් වෙන්න ඕනි පාටවත්, දියවන්නා මැඩියොවත් නෙවෙයි. අපියි. අපි අපිමයි වෙනස් වෙන්න ඕනා.

      Delete
  5. Replies
    1. හොක් හොක්.. ලිස්සලම ගියා නේ....

      Delete
  6. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. අබ සරණයි!!!


      @ ගයනි;
      ඔයා මේ දැම්මේ අද වෙසක් නිසානම් ඔයාටත් එසේම වේවා! කියලා පතනවා...

      Delete
  7. හැම එකාම තනව තමන් කරන්නේ බොරුව කියල.

    ReplyDelete
    Replies
    1. හැම එකාම දන්නව කරන්නේ බොරුව කියලා. හැම එකාම දන්නව මෙහෙම ගියොත් රට වල පල්ලට කියලා. ඒත්.... හැම එකාම නිහඬ......



      (මේ එක පාටක් පක්ෂයක් අරමුණු කරගෙන ලියපු එකක් නෙවෙයි. කොයි එකා ආවත් ඔච්චර තමයි කියලා හිතාගෙන තමයි අකුරු කරලා දැම්මේ.)

      Delete
  8. කෙන්ජිටත් පවුලේ සැමටත් බ්ලොග් හිත මිතුරියන් සැමටත් පින් සිතුවිලි වර්ධනය වෙන සුභම සුභ වෙසඟක්ම වේවා!!!...

    ReplyDelete
  9. සමහර එවු‍වො අරං ගියාට බස් ‍එකේ ආපහු එන්න ඒ බස්එක නෑ. කට්ටිය ගිහින් දාල බස්එක ඇවිල්ල.
    යකෝ ඔච්චර දේවල් දෙනවද ඕකට යනවට, එහෙනං කටිට්ය කියන්නෙ මාලුපාං ගෙඩියයි කිරි පැකට් එකයි විතරයි දෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. නිවාඩු දවසේ ගෙදරට වෙලා චූන් එකේ ඉන්න තියෙන එකේ අපේ මිනිස්සු යැයි රට හදන්න මාළු පාන් ගෙඩියකට. එව්වා එහෙම වෙලා තියෙන්නේ සිරි ලංකාවේ ප්‍රසන්න අයියේ අපේ රටේ නෙවෙයි. අනික ඕවට ගියා කියලා කාටවත් සත පහකටවත් වැඩක් තියෙනවායැ ගොඩ වැඩිකරගන්න ඉන්න එව්වන්ට අර. ඉතිං උන් එපායැ වියදම් කරන්න. අනික උනුත් වියදම් කරනවයැ අමාත්‍යාංශයෙන්නෙ එව්වත්.

      යන අය දාලා එන කතාවනම් දන්නෑ හරියටම. සමහරවිට මග ඇරෙනවා වෙන්නැති. ඒ නැතත් අහලා තියෙනවනේ "කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල...." කියලා.

      Delete
  10. දැන් ඉතින් නැගිටියව්...අන්තිම සටනට සැරසියව්...

    ReplyDelete
    Replies
    1. ගනින් අර කඩුව
      ගෙනෙන් ඔය කැත්ත

      ------
      හැමදාම එකම තැටිය තමා යන්නේ සිරා....

      Delete
  11. සොරි අකමෝ පොඩ්ඩක් පරක්කුවෙලා ඇහැරුනේ...

    ReplyDelete
    Replies
    1. එතකොට දවස් විසිගානක් පරක්කු වෙච්ච මම මොනවද කියන්න ඕනි? :P

      Delete
  12. සමාවෙයන් මලේ එන්න පරක්කු උනාට.

    නියම වැඩේ, ඕක තමයි හැමදාම මැයි දිනේට වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ආයේ ඕකේ සමාව ඉල්ලන්න දෙයක් තියෙනවායැ. අපි හැමෝම වැඩ රාජකාරි කරන ගමන්ම නෙව බ්ලොගක් බලන්නේ. අනික පරක්කු උණා කියලා මේක පිළුණු වෙනවයැ.

      හැමදාම ඔහොම තමයි අයිලාස්. ඕක කවදා හැදෙයිද මන්දා....

      Delete
  13. මට මේක මිස් වුනානේ. ඇත්තටම මැයි පළවෙනිදා දාන්න තිබ්බ කතාව උඹ වෙසක් එකට දාලා තියෙන්නේ.

    ඔයිට ආසන්න සිදුවීම් තමයි ඇත්තටම වෙනවා ඇත්තෙත්. මම නම් ජීවිතේට මැයි දිනයකට වත් ඔය පෙලපාලියක වත් ගිහින් නෑ බං. අඩු ගානේ දේශපාලන ‍රැස්වීමකට වත් ගිහින් නෑ ඒ අරමුණින්.

    ReplyDelete
    Replies
    1. මේක මිස් උනාය කියලා ආයේ අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් තියනවායැ. පිට පිට ඔයාගේ පොස්ට් තුනකම මගේ කමෙන්ට් රිප්ලයි නැති වෙච්ච කොට. :P

      ඕක තමයි හෙන්රි අයියේ අපේ රටේ දේශපාලන රැස්වීම් වලත් ඕලු ගෙඩි පුරවන න්‍යාය.

      .........//අඩු ගානේ දේශපාලන ‍රැස්වීමකට වත් ගිහින් නෑ ඒ අරමුණින්.//.....
      අපි නොදන්නවයැ ඒ වග.

      Delete
    2. අනේ නෑ අකමා. මම උඹේ බ්ලොග් එක කියවන්නේ උඹ මගේ බ්ලොග් එක කියවන නිසා නෙවෙයි. මම කමෙන්ට් කරන සමහර බ්ලොග්වල අයිති කාරයෝ මගේ බ්ලොග පැත්ත පලාතේ එන්නේ නෑ. නමුත් මම ඒවා කියවනවා මම උන් ලියන දේට කැමති නම්.
      ඒ වගේම මම නිතිපතා යන බ්ලොගයක වුනත් මට දිරවන්නේ නැති මාතෘකා තියෙනකොට මම යනවා යන්න.

      :)

      Delete
    3. "අකමෝ... උඹට පේන්නෙ අපේ ඇහේ තියෙන පොල් කෙන්ද විතරයි නේ. :D ගිහින් බලාපිය උඹේ මෙන්න මේ පොස්ට් එකයි ඊට කලින් එව්වයි."....

      ඔන්න ඔහොම දාන්න එපායැ දානකොට. :D

      පහුගිය දවස් ටිකේ මට ටිකක් වැඩ වැඩි උණා. ඒකයි පරක්කු වෙලා ඔයාගේ පොස්ට් තුනකම එකපාර කමෙන්ට් කළේ. ඔයත් ඉතිං දවස පුරාම කම්පියුටරේ ඉස්සරහා වාඩිවෙලා ඉන්න පොරක් නෙවෙයිනේ. වැඩ අස්සේ හම්බවෙන පොඩි ඉස්පාසුවකනේ එන්නේ. ඔය වගේ මිස්ටේක් සිද්ධ වෙනවා. ඔව්වා ගණන් ගන්න එපා.

      ...//මම උඹේ බ්ලොග් එක කියවන්නේ උඹ මගේ බ්ලොග් එක කියවන නිසා නෙවෙයි.//....
      මේකනම් සහතික ඇත්ත. මොකද ඔයාගේ බ්ලොගේ අවුලක් වෙච්ච වෙලාවේ මං එහෙම දෙයක් දැනගත්තෙත් ඒක හදාගත්තයින් පස්සේ. වෙන එකෙක්නම් ඒ වෙලාවෙ නැති එකා දැන් ඕන් නෑ කියලා මාව කපලා දාලා ගොඩක් කල්.

      Delete
  14. සල්ලි, අරක්කු, කෑම පැකට්, බෙදනවා මමනම් ඇස් දෙකෙන්ම දැක්කා මෙවර. එතැන කුලියට ගත් (බලහත්කාරයෙන් ගත්?)ලංගම බස් 11 ක් තිබුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔය උඩ පින්තූරෙත් තියෙන්නේ ලංගමේ පෝලිමක්.ඔව්වට යන සමහරක් බලෙන් සහභාගී කරගත්තු කොට්ඨාශයක්. (ඔබතුමාගේ දියණියත් ගියාදැයි නොදනිමි.)

      Delete
  15. වෙරි මතීන් පෙලෙන උන්
    දැන් ඉතීන් නැඟිටියව්
    අන්තිම ෂොට් එකට
    සැරසියව්

    ReplyDelete
    Replies
    1. කන්ට දෙනවනම් අපිට
      බොන්න දෙනවනම්
      මොන කෙන් ගෙඩියද
      තව ඕනි කියන්නේ....

      කියන දෙයක් ඒ විදියට කොරාඥන්
      අපේ කටේ ලෝදිය ටික වැටෙනවානම්...

      Delete