Thursday, June 13, 2013

දඩ කොළයයි මළකෙළියයි.....


              ඔන්න ඉතින් මන්තුමා පස්වෙනි වතාවටත් මාර්ග නීති කඩකිරීමේ වරදට දඩයක් කෑවා. ඔතන පස්වෙනි වතාවට කිව්වට ඇත්තටම පොලිස් පොතේ ලියවුනේ දෙවතාවයි. පලවෙනි එක ලියාගත්තේ පොලිස් කාරයෙකුට පගාවක් දීලා. (අපි එහෙමයි ඈ...) ඒ දවස්වල දඬුමොනරේ කෙලින් කරගන්න පුළුවන් වෙලා දවස් හයයි. මාමගේ පොඩි දුවගේ බිග්ගර්ල් පාටි එක සෙට් උනේ ඒ දවස්වල. ඔය වගේ තැනකට බයික් එකේ වටිනාකම ආයෙ කියන්න දෙයක් නෑනේ. ඉතින් නීතියෙන් බේරෙන්න හිතාගෙන දඩ කොලෙකුත් ලියාගෙන තමයි ඒ දවස්වල රන් කෙරුවේ. අන්තිමේදී ඒක එක්ස්පයර් වෙන්න කලින් කි.මී. දෙසීයක විතර රවුමකුත් ගහලා තමයි ආවෙ. (ඒ ගොන්කම් මතක් වෙනකොටත් මයිල් ඉස්මයිල් වෙනවා අප්පා.....)


මේකත් මංතුමාගේ ෆෝන් කට්ටෙන් අල්ලපු ෆොටෝවක් නෙව....


          ඊළඟ දෙපාරම හෙල්මට් නැතුව. මන් සාමාන්‍යයෙන් හෙල්මට් නැතුව කොහෙවත් යන්නෑ. අඩුම ගානෙ හංදියේ කඩේටවත්. එදා කරුමෙට හන්දියට යනකොට කඩේ වහලා. ඉතින් ළඟම තියෙන හන්දියට යන්න ගියා.  ඊළඟ සුභ මුහුර්තිය එළඹුණේ රෑක. මගදී යාළුවෙක් හම්බ උණා. යන්න බස් එකක් නැතුව. ඉතින් මනුස්ස කමට උදව්වක් කරන්න ගිහිං ඒකත් කෑවා. ඒත් කරුමේ කියන්නේ ඔය දෙකම පොලිස් පොතේ ලියලා නෑනේ. දඩ කොලේ ලියාගෙන ගෙවලා ඇවිත් බැලුවම පොතේ නම නෑ. ඉතින් ගෙවාපු රිසිට් එක කුණු කූඩෙට දාලා ලයිසොන් එක අරං ආවා.



                    හතරවෙනි අවස්ථාව ගැනනම් කලින් කියල තියෙනවනේ. ඕක තමයි හරියටනම් පළවෙනි මාර්ග නීති කඩ කිරිල්ල. අනික පොතේ ලියවුනු පළවෙනි වතාව. අවුරුදු හයක ලයිසන් ඉතිහාසයේ.කිලෝමීටර් වලින් ගත්තොත් ලක්‍ෂ දෙහෙක විතර (බයික් එකේ විතරක්). 



             පහුගිය තිස් වෙනිදා මහ වැස්සෙම ඉර කපලා අහු වුණා. ඕක ගෙවන්න අද ගියාම දවස් දාහතර පහු වෙලාලු. උන් දවස් ගනින්නේ වැරැද්ද කරපු දවසත් එක්කළු. හුටා... දැන් පලකෝ උසාවි. පන් හය දාහකට කෙලෝ ගන්න. කෝකටත් ශේප් න්‍යාය හොඳයි නේද කියලා මුකුත් කරන්න බැරිද කියල ඇහුවම OIC මහත්තයගෙන් අහලා බලන්න කිව්වා.


ගියා උන්දැ ළඟට.

“මල්ලි, මේක උසාවි යන කේස් එකක්. ම්ම්ම්... අපි මොකද මේ ගැන කරන්නේ....” කියලා ඇදලා එහෙම,

“හරි කමක් නෑ. ඔයාට උදව්වක් විදියට මන් මේකේ දිනේ වෙනස් කරලා දෙන්නම්. ඔයා දඩ කොලේ ගෙවලා එනගමන් බොක්ස් ෆයිල් එකක් අරං එන්නකෝ..” කියලා ගන්න ඕනි කඩෙත් කිව්වා.



            එතනම හිටපු තවත් කොස්සෙක් මට තවත් දඩ කොලයක් දුන්නා. “මල්ලි ඕකත් එක්ක මේකත් ගෙවාගෙන එන්නකෝ..” කියලා. රුපියල් හයසීයකුත් දුන්නා ඉතුරු සල්ලි ගෙනත් දෙන්න කියලා. තව ලියුමකුත් දුන්නා රෙජිස්ටර් කරන්නෙයි කියලා. වෙලාවට ඒකෙ මුද්දර ගහලා තිබුණේ.



           ඉතිං දඩ කොළ දෙකත් ගෙවලා, ලියුමත් රෙජිස්ටර් කරලා, 230ක් දීලා බොක්ස් ෆයිල් එකත් අරගෙන මන් ගියා පොලීසි. ඔතන හිටියේ මට දඩ කොළේ ලියලා දීපු WPC දැරිවි විතරයි. ඔන්න එයාට කොනක ඉඳන් රිසිට් ටික දුන්නා. 


“මල්ලිට වැඩ ගොඩක් හම්බ වෙලා වගේ”

              ලතාවකට ගස්සලා පද්දලා කියනකොට ඉතුරු වැඩ ටික අමතක වෙන එක අහන්නත් දෙයක්යැ.  550හේ දඩ කොළ දෙකට අරුන්දගෙන් හයසීයි මගෙන් පන්සීයයි. එතකොට එතනින් පනහකුයි බොක්ස් ෆයිල් එහෙකුයි ලාභයි නෙව. එකම අවුල උනේ ගෙවාපු දඩ කොළේ ෆොටෝ කොපියක් ගහගන්න බැරි උන එක විතරයි.




මේ ඔය වගේ තව එකක්. මං හෙව්වෙනම් අර ගුටිකන මූණක් තියෙන එකා මඩකලපු පැත්තේ ගිහින් වෙච්ච ඇබැද්දිය. හම්බ උනේ මේක විතරයි.

මේ අනික් සිද්ධිය.