Thursday, May 23, 2013

දැන් ඉතිං නැගිටියව්!!!

මොකද සර් කට්ටිය පරක්කු. ඔන්න මමනම් කියපු වෙලාවටත් කලින් ආවා”


“කවුරුවත් පරක්කු නෑ ජයේ. යන කට්ටිය ඔක්කොම ඇවිත් ඉන්නේ. අනික් කට්ටිය හැමෝටම ඔලුවේ කැක්කුම් බඩේ කැක්කුම් එහෙම හැදිලා කියලා උදේ ඉඳන් කෝල් ආවනේ. එහෙනම් අපිවත් එකතු වෙලා බස් එක සරසමු.”


       අප්පට සිරි ඒ ගමන බස් එකේ ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයිත් වැඩක් සෙට් වෙලා. රාජ්‍ය ආයතනයක් වෙච්ච එතන වැඩ කරන  පනහක් සීයක් විතර වෙච්චි පිරිසෙන් එදා උදේ ලෙඩක් දුකක්  නොහැදිලා තියෙන්නේ නිලධාරීන් දෙන්නෙකුටත් නිලධාරිනියන් දෙන්නෙකුටත් සේවකයන් දෙන්නෙකුටත් විතරයි. ඒ කියන්නේ ආසන පනස් ගානක බස් එකකටම හය දෙනයි.




        ඔන්න ඔහොමයි නොමිලේ යන්න හම්බවෙන ට්‍රිප් එක යන්නත් කට්ටිය සෙට් වෙලා තියෙන්නේ. මේ අය යන්නෙත් නිකං ගමනක් නෙවෙයි. කම්කරුවෝ සමරන්න. මැයි පළවෙනිදා උදේ හය හමාරට විතර සෙට් වෙච්ච කට්ටිය දැන් හෝ ගාලා බස් එක සරසනවා. කම්කරුවන්ගේ පාටින්... ආ නෑ... නෑ...  පක්ෂේ පාටින්. ඉස්සරහින්ම ගහනවා පාලක පක්ෂේ තඩි බැනර් එකක්. ඔන්න දැන් පිටත් වෙන්නත් කට්ටිය ලෑස්තියි.



“මේ ජයේ, මෙහෙම අමුවෙන් යන්න පුලුවන්ද බං” ඔන්න නිලධාරියෙක් පලවෙනි වෙඩි මුරේ පත්තු කළා.


“කමක් නෑ සර්ලා ගන්න. සර්ලට අද නිවාඩු උනාට අපිට අද වැඩනේ” කොන්දොස්තර දිහා බලන ගමන් මාතලී උත්තරේ දුන්නා.


“එහෙම නෙවෙයි බං අපි ඉන්නෙත් දෙතුන් දෙනයි මේ දවස්වල ලොකු දෙයක් කරන්න තරම් ආර්ථිකෙත් හොඳ නෑ”


           ඔන්න ඔහොමයි කට්ටිය වැඩේට එන්ටර් උනේ. ඉස්සරහා බැනර් එක අකුලලා ඇතුළට දාලා ඔන්න බස් එක ලෝඩ් කරනවා. ඔය විදියට තමයි ගානක් එක්කහු කොරන් බෝතල් එක හමාරක් හතර දෙනෙක් එකතු වෙලා හිස් කරන තැනට වැඩේ සෙට් උනේ.  



           දැන් ඔන්න බස් එකේ යන සෙට් එකට අදාළ ප්‍රධාන කාර්යාලයට කට්ටිය එන්ටර් උණා. ඔතෙන්ට ආවා කිව්වට රට වටේම තියෙන ශාඛා වලට අයිති කට්ටිය ඇවිත් නිසා ටිකක් ඈතින් තමයි බස් එක නවත්තලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ. ඇතුළට යන්නනම් සිහියක් තියෙන්න එපෑ. ගෑනු දෙන්නව යවන්නත් බෑනේ. ඔන්න ඕකටත් අත ගහන්න උනේ ජයේටම තමයි. ජයේත් එක්ක ගිය නිලධාරියාගෙන් ඔන්න ඇතුලේ ඉන්න කට්ටිය කට උත්තර ගන්නවා.


“පිරිමි කීයක් ආවද?”


“දාහතයි සර්”


“එතකොට ගෑණු?”


“අටයි සර්”


“ආ එහෙනම් මේ නවය ගන්නවා උඹලා. මේ බියර් අට දෙනවා ගෑණු සෙට් එකට. එතකොට ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි?”


“ඒ දෙන්නා බස් එකේ” ඒ පාර ජයා මාමා පැනලම උත්තරේ දෙනවා. අතින් පයින් යන එකක්යැ.


“ඒ දෙන්නට මේ දෙක” මල්ලට තවත් බෝතල් දෙකක්.



          දැන් ඔක්කොම බෝතල් එකොළහයි, බියර් අටයි. ඒ වෙනකොටත් උදේ ගත්තු දෙකෙන් කට්ටිය දොයි. 


“ඒක නෙවෙයි ජයේ, මං මේ කල්පනා කළේ හොඳ සිහියෙන් හිටියත් කොළඹ යන එන එක අමාරු එකේ මේ ලක්ෂ ගානක් සෙනග අස්සේ මුන් මෙහෙම අත ඇරියොත් අපි ඔක්කොම අමාරුවේ”


“ඔහොම්මම අල්ලපන් බං ගෝල්ෆේස් පැත්තට” අනික් නිලධාරියාගෙන් කදිම පිළිතුරක්.



              ඔය විදියට දවල් කෑමත් (මේකට පෙටි කෑෂ් වලින් සල්ලි අරන් ආවද නැත්නම් උදේම හම්බ උණාද කියලනම් අහගන්න බැරිඋණා.) සප්පායම් වෙලා ලස්සන ට්‍රිප් එකකුත් ගිහින් රෑ අට විතර වෙනකොට වන්දනා නඩේ සාදුකාර දීගෙන ගෙදරටත් ඇවිත්.



(මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. දාන්නනම් හිටියේ පළවෙනිදා :D )

Tuesday, May 21, 2013

නුමට රසඳුනක්ද මා ගත වේදනාව.......


කිමද නුඹ මට පැවසුවේ රස කර මුසා
“ආදරෙයි මම නුඹට” පිළිගන්න බෑ සදා
පැන්නත් පහළට මම සුදු සේල විදා
නුඹට රසඳුනකි මා ගත ඉහිරුණු රුධිරය සදා

----------------------------------

සිත හදාගත්තෙ කොහොමද නුඹ
ගල් පව්වෙන් පනින්නට
සුදු සේල ගත දරන්
පනින විට ලස්සනයි නුඹ සිතුවාද........




පළාතම දෙදරමින්
ඳේානා හඬ නගන නුඹ
සිතුවාද මගෙ සවනට එය 
කන්කළු වේ යැයි අද....

කියන් සබඳ
නුඹෙ සිසිල් සුසුම් රළ
මා ගත පුබුදුවාලයි සිතුවේ කෙලෙස
වියරු වූයේ කෙලෙස නුඹ සැහැසි වී මෙලෙස


.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.

Tuesday, May 14, 2013

නිදහස.......


රුදු රුපුන් මැද
දිනූ ඒ  නිදහස
නොබියව යන කලට මහ මග
දැනෙයි එහි අසිරිය තව තව


දැනෙන්නට එහි අගය තව තව
අවැසියි තැබුමට බිම අද
සිතේ ඇති බර පොදිය හනිකට


වසරකට වරක් අපහට
මොනරෙක් දික් කරයි සිත පිනුමට
එනමුදු අද දින
විදුලිය වදියි මොනරෙකුත් තව පැටියෙක් සමගින







ඒ මදිවට දුක් කරදර
කකුලටත් කෙලවිය කොර වන්නට
ගත්තු සීසන් එක
හංගා ප්‍රයිවට් අදියි වාඩිවී අද


තුන් සක් රිය පිහිටෙන්
ගත වෙහෙස අඩු කොරත් සතොසින්
වෙදදුරුගේ පිහිටෙන්
ගත මෙන්ම සිතත් හිල්වෙයි යහමින්


ලබන්නට අවසන් සැනසුමත්
යන්නෙමි නින්දට ට්‍රයි කොරන්
මතක් වනවිට බර මහ මෙරක්
ලැබෙයි එදිනටත් අතට නිදහසක්

Saturday, May 11, 2013

මනුසත්කම ....



ප.ලි.       මේ පෝස්ට් එක මනුස්සකම ගැන. ඉතිං මේක ලියද්දි තවත් මනුස්සකමින් පිරුණු මහත්මයෙක් ලොකු උදව්වක් කළා . ඒ තමයි අයිලාස්. උදව්වක් ඉල්ලපු ගමන් කිසිම ලොකුකමක් නැතිව නිහතමානීව ඒ ගැන ක්‍රියාත්මක වුණු අයිලාස්ටත් මගේ ස්තුතිය පුද කරන්න මේ පෝස්ට් එකම අවස්තාවක් කර ගන්නවා.  

          පහුගිය සඳුදා....  එදත් මං සුපුරුදු විදියට රාජකාරියට පිටත් උණා. දවසේ වැඩ ටික ශෙඩියුල් කරගෙන බිම් කළුවර වැටෙන්න පෙරාතුව ගෙදර එන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. කොහොමින් කොහොම හරි උදේම ගිය තැන පැයේ වැඩේට පැය තුනක් විතර ගියා. අදාල නිලධාරීන්ගේ පරක්කුවත් එක්ක.

           එතනින් එලියට ආපු ගමන් බැලුවේ උඩ අහස දිහා. ඊළඟට තීරණය කළා යන්න ඕනි තැන් වලට පිළිවෙලට නොයා දුරම තැනින් පටන් ගන්න. මොකද නගරයේ යා යුතු ඉතිරි තැන් දෙකට ගියොත් හවසට නාන්න වෙන්නේ. නාන දුර අඩු කරගන්නත් දවල්ට නගරයේ තියෙන කලබලකාරීත්වයෙන් මිදිලා ගම්බද රාජකාරි කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් හේතුව නිසයි ඒ තීරණේ ගත්තේ.

           LED බල්බ් එකක් හදන්න බඩු ටිකක් ගන්නත් ඔය ගමන ඇතුලෙම ප්ලෑන් කරලා තිබුණේ. (දඹුලු යනකොට තලගොයෙකුත් එලා ගන්න එපැයි.) ආයෙත් හිතුණා ඕකත් උස්සන් ගියාට ආයෙත් මේ ටවුන් එක පහු කරන් නෙව එන්න තියෙන්නේ ඔන්න ඔහේ එන ගමන්ම ගන්නවා කියලා. එහෙම හිතලා කි.මී. තිස්හයක් විතර දුෂ්කර පාරක  (පොඩ්ඩ මිස් උණොත් කෑලිත් නැතිවෙන) ඔන්න ගමනාන්තයට ගියා. 

          එතන එක ළඟ තියෙන බැංකු දෙකක්. මහජන බැංකුවේ හත් අට දෙනෙක් හිටපු හින්දා එතන නම මාර්ක් කරලා ලංකා බැංකුවට ආවා. මොකද හවසට වහින එක ෂුවර් නිසා අපතේ අරින්න කාලයක් නැති හින්දා. ඔය බැංකු දෙකේදීම දොරකඩදී ඔයාලා වෙනුවෙන් ෆොටෝවක් අල්ලන්න හිතුණත් කළේ නැත්තේ ගමට පිටින් එන අය ගැන ගමේ අය වැඩි සැලකිල්ලක් දක්වපු හින්දා. මොකද දන්නවද ෆොටෝ ගන්න හිතුණේ? ගණුදෙනු වෙනුවෙන් එන අය පන්සලකට යනවා වගේ සෙරෙප්පු දොරකඩින් ගලෝලා තමයි ඇතුළට ගිහින් තියෙන්නේ.

                ඔන්න දැන් මං වැඩේට සූදානම්. මේකේ මැනේජර් ගෑණු කෙනෙක්. එයා යටතේ තව ලේඩීස්ලා තුන්දෙනෙකුත් ජෙන්ට්ස්ලා දෙන්නෙකුත් හිටියා. කට්ටියගෙම වැඩ කටයුතු නවත්තලා මුල්ලක තිබුණු මැෂින් එක උස්සලා ගත්තේ එතන හැරෙන්නවත් ඉඩක් නොතිබ්බ හින්දා. ඕක උස්සගෙන හැරෙන කොටම වම අතේ වැලමිට දිගේ විදුලියක් යනවත් ඒත් එක්කම “දඩ බඩාන්” සද්දෙකුත් ආවා.ඒත් එක්කම කකුල දික් කරනවත්, දැවිල්ලකුත්. මුකුත්ම හිතා ගන්න බැරුව ඉන්නකොට තමයි ටික ටික වෙච්ච දේ මතක් උණේ. වැලමිට පාටිශන් එකේ ඇලුමිනියම් බාර් එකේ වැදුනත් එක්කම අත හිරි වැටීමත් එතකොටම මැෂින් එක අත ඇරීමත් තමයි උණේ. මැෂින් එකට වෙන හානිය වලක්වගන්න කකුල දාලා.

    එහෙම්මම ලන්ච් රූම් එකට ආවා.  කකුලේ දැවිල්ලත් එක්ක උනේ මොකක්ද කියල හිතාගන්නත් බැරුව හිටියේ. මොකද මේ තමයි මගේ රාජකාරි දිවියේ ප්‍රථම අනතුර. කකුලේ තැල්මට මොකක් හරි කරන්න කියලා සපත්තුව ගැලෙව්වා. ටිකක් වෙලා අල්ලාගෙන ඉඳලා මේස් එකත් ගැලෙව්වා. එතකොටයි දැක්කේ. සුලඟිල්ල අඟල් තුන්කාලක් විතර පැලිලා. කට ඇරිලා. හැබැයි ලේ බින්දුවක්වත් නෑ.
එතකොටම මැනේජරුත් ආවා. මැඩම් ඉක්මනට තුවාලේ පිහදාලා රෙදි පටියකිනුත් බැන්දේ එපා කියද්දීම. ඊළඟට එතන හිටපු තරුණ මහත්මයෙක් එක්ක බෙහෙත් දාන්නත් ගියා. ඒක බොහොම පොඩි තැනක්. මැහුම් ඕන්නෑ කියලා බෙහෙත් දාලා දුන්නා. ඊළඟට තමයි වැඩේට බැස්සේ.

           ඇත්තටම මේක වෙන තැනකදී උනානම් ලැබෙන ප්‍රතිචාරය හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා කියලා හිතෙන්නේ ලැබිලා තියෙන අත් දැකීම් එක්ක.  එදාම අඳුරගත්ත ඒ සෙනෙහෙබර මිනිසුන් වෙනුවෙන්, විශේෂයෙන් ලොකුකම් මුකුත් නැති මැඩම් හා ඒ තරුණ නිලධාරියා වෙනුවෙන් මගේ ස්තුතිය පල කරන්න තමයි මේක ලිය උණේ.

              ඔච්චර දුර ආපු එකේ තව කිලෝමීටර් දහතුනක් විතර ඈතින් තියෙන තැනකටත් ගිහින් ඒ පැත්තෙන්ම නගරයට එන්න කියලා පිටත් උණා. හ්ම්ම්ම්.... මගදීම වැහි දෙයියෝ වැඩියා. පාලු පාරේ ළඟම තියෙන පුංචි ලෑලි කඩේක නැවතුණා. ඒ කඩේ හිටපු ඇන්ටිත් ගොඩාක් හොඳින් සැලකුවා. එළියේ තියෙන පොඩි පුටුවේ වාඩි වෙලා හිරිකඩින් කකුල බේර ගන්න දඟලනකොට කඩේට ඇවිත් හිටපු පණ්ඩිත ආච්චියෙක්.. (ආච්චියෙක් කිව්වට අවුරුදු දාහතරක පහළොවක විතර කෙල්ලෙක්) “මෙන්න නැන්දේ තුවාලෙකුත් තියෙනවා” කියලා කියපි. නෝන්ඩි එකයි.


           මුලදී අප්සෙට් ගියත් පස්සේ තේරුනේ ඒක ඒ පැත්තේ එහෙමත් නැත්නම් එයාගේ හැටි කියලා. එහෙම කියපු ගමන් අර ඇන්ටිගේ සැලකිල්ල දෙගුණ තෙගුණ උණා. එතන ඉඩ මදි නිසා ගේ ඇතුළට එන්නත් ආරාධනාවක්. ඊළඟට මං ගත්තු ෂොපින් දෙකටත් සල්ලි එපා කිව්වා. (අපේ පැත්තෙනම් ඉන්නේ පණ අදින එකාටත් වතුර පොදක් විකුනන්න බලන් ඉන්න පොරවල්නේ) එදා එයාලට සතුටු දවසක්. ඒ ගෙදරට අලුත් ත්‍රීවීල් එකක් ගෙනාවේ මං ඉද්දැද්දීමයි. ඒ ඇන්ටිගේ පුතත් අවු:20ක් විතර ඇති. හොඳට ඉගෙන ගත්තු ඒ සමාජයට වඩා ඉස්සරහින් ඉන්න කොල්ලෙක්. ඒ හිටපු පැය තුන හමාරට එයත් මාත් එක්ක පුදුම විදියට ලෙන්ගතු කමකින් කතා කළේ.”මහත්තයා””සර්” කෑලි අත ඇරියෙම නෑ. පස්සේ දැනගත්තු විදියට සර්ප වෙදමහත්තයෙකුගේ ගෙයක් ඒක. 
ඕක තමයි එකම දවසකදී අවස්ථා දෙකකදී මං අත් දැකපු මනුස්සකම. නගරෙත් ගමෙත් අතර වෙනස සල්ලිද? මනුස්සකමද?  

ඔන්න එදා දවසේ ඊළඟ විශේෂත්වය තමයි ගෙදරට එන්න තියෙන කිලෝමීටර් හැටක් විතර වුණු දුර එකම එක තැනකදී විතරක් ඇරෙන්න සම්පූර්ණයෙන්ම කෑෂ් බාර් එක උඩ කකුල තියාගෙන ආපු එක.