අදනම්
කියන්න යන්නේ අකමට වෙච්ච චාටර් සිද්ධි ටිකක්. ආගිය කතා එතකොට පියසේන මාමට වගේම
බාසුන්නහේලට මඩ ගහන එව්වා එතකොට කවි එහෙම කියා කියා හිටියා මිසක් මං ගැන හැඳින්වීමක්
කලේම නෑනේ. ඕන්එහෙනම් කට ඇරගෙන බලන් හිටිය
හැමෝටම.
මෙව්වා
ලියනකොට පිළිවෙල කියන එකට වඩා රසවත් භාවයනේ වැදගත් වෙන්නේ. ඉතිං ඔන්න හොඳ හොඳ
එව්වා එළිවෙන ජාමෙට කියලා 3,2,1 පිළිවෙලට ඉදිරිපත් කරන්නම්කෝ.....
------
ප.ලි.
සිද්ධි දහසකට එකක් විතර තමයි මෙහෙම උණේ. වරදවා හිතන්නෙපා හැමදාම මෙහෙමයි කියලා.
මතකනේ... දාහකට එකයි.
-------
කට්ටි
පැනීමේ 3.
මේක
උනේ ඒලෙවල් කරන කාලේ. ඒ දවස්වල පන්තියටම එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා කම්පියුටරයක්
ගෙදර තියෙන අය හිටියේ නෑ. ඉතිං අපේ සෙට් එකේ හිටපු අයගේ වැඩි හරිය රජයේ
රැකියාවන්වල යෙදුණු දෙමව්පියන්ගේ ළමයි. ඒ කියන්නේ දවල්ට උන්ගේ ගෙවල් සුරපුර වගේ
තමයි. ඒ කාලේ පාඩම් කරන්න, “ජීන් ක්ලූඩ් වෑන් ඩැම්”ගේ, “ආනොල්ඩ්”ගේ නැත්නම් “සිල්වියා
සෑන්ට්”ගේ චිත්තර පටියක් බලන්න එහෙම සෙට් වෙන්නේ ඔය වගේ ගෙයක තමා.
ඉතිං
ඔන්න එදා ඉන්ටවල් එක පහු උනත් එක්කම අපි හය දෙනෙක් විතර බෑග් එල්ලගෙන ඉස්කෝලේ
මැදින්ම යනවා නිකං ගෙදර යනවා වගේ. :D (ඒ කාලේ හොරෙන් යනවා කියන එකත් නෝන්ඩියිනේ.
අනික ඉස්කෝලේ එක මායිමක් වෙච්ච ගඟේ වතුරත් පතල් වලින් එන මඩ වතුරෙන් පිරිලා හින්දා
ඕකෙන් එතෙර වෙන්න කාගේවත් උනන්දුවක් නෑ.)
ඉතිං
ඔන්න ඔහොම යනකොට මෙන්න මූණටම හම්බ වෙනවා කියන්නකෝ අංශ භාර සර්. හුටා..... ඒ මදිවට
අන්තිම පීරියඩ් දෙකත් එයාට. මොකක්ද දන්නවද උණේ?
“පුතාලා
යනවද? හා එහෙනම් මං හෙට උදේ පීරියඩ් එකෙන්ම අලුත් පාඩම පටන් ගන්නම්කෝ”
කියලා සර්
කියපි. දැන් ඉතිං හැමෝම සර්ට බනින්න පටන් ගන්න එපා නොදකින් කියලා. ඒ කියපු
හැටියෙන් (ස්වරයෙන් කියන්නේ ඒකටමද මන්දා) අපිට නොහිතුණු දෙයක් නෑ අප්පා. අයියෝ ඊට
පස්සේ බලපු එකේ සිල්වියා ඇන්ටි වෙච්ච මහන්සිය වතුරේ ගියා කියලා දන්නවනම් ආයේ එයා
රඟපාන්නෙත් නෑ.
මෙන්න
ඊට වඩා චාටර් දෙක.
මේක
ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියන්නම්කෝ..
මේක
උණේ දහය වසරේදී. බදාදට තමයි අපේ ඉස්කෝලේ සමිතිය තියෙන්නේ. ඉතිං එදත් අපේ සෙට් එක (මේක වෙන ඉස්කෝලෙක වෙන සෙට් එකක්) වේලාසන ගෙදර යන්න යනවා. අපේ ඉස්කෝලේ ගේට්ටුවෙන්
එලියට ඇවිත් මහ පාර පැත්තට එනකොට පල්ලමක් තියෙනවා. ඔය පල්ලමේ අන්තිම හරිය එනකොට
අපිට ඇහෙනවා අප්පුඩි හඬක්. නිකං පුරුද්දට වගේ හැරිලා බලනකොටයි දැක්කේ...... අපේ ප්‍රින්සිපල්
තුමා...... අප්පොච්චියේ..... ඉතුරු ටික කියන්නත් ලැජ්ජයි ඕයි...... අපේ එකෙක්
සින්දුවක් කිව්වා. අනිකා කයියක්. මංතුමා තේරවිල්ලක්.
මෙන්න
හම්බ චාටර් එක.
![]() |
මෙන්න අපේ වගේම තව සෙට් එකක්. |
හ්ම්ම්ම්ම්ම්....
දැන් ඔහෙලා හිතන්නෙ අකමගේ කට්ටි පැනිල්ලේ එක්ස්පීරියන්ස් එක කොච්චරක් කල් කියලද?
හුහ් අපි එව්වයේ දීර්ඝ ඉතිහාසයක් තියෙන කොල්ලෝ බොලව්. අනික් එව්වො වගේ නෙවෙයි. පළවෙනි
කට්ටි පැනිල්ල තුන වසරේදී. J හරිය.... තුනවසරේදී.
එක
වසරෙයි, දෙක වසරෙයි උදේ එකොළහ වෙනකොට ඇරුනට තුන වසරේ ඉඳන් හවස එකහමාර වෙනකන් ඉන්න
එපැයි. කොහොමත් මං ඉස්සර ඉඳන්ම හවස් වෙනකන් ඉස්කෝලේ හිටියා අම්මා වැඩ ඉවර
වෙනකන්. මායි තව අපේ පන්තියේ කෙල්ලෝ
දෙන්නෙකුයි ඔහොම ඉතුරු වෙනවා. අපි ඉතිං දන්න සෙල්ලම් දදා ලොකු අයියලා විශේෂයෙන්
අක්කලාගෙන් හුරතල් වෙවී නැත්නම් අම්මත් එක්ක පන්තියට ගිහිං හවස ගත කරනවා.
තුන
වසරට ආවම ඔය මුකුත් කරන්න හම්බ උණේ නෑ. ඔහොම ඉද්දි මායි අරුණයි (කංගාචෝරු - එහෙම
කියන්නේ කංගෙක් චප්ප කරපු හින්දා) තව එකෙක් හරි දෙන්නෙක් හරියි ඉන්ටවල් එකේදී සෙට්
උණා. අරුණයා කිව්වා ගෙදර තැඹිලි තියෙනවා බොමුද කියලා. අපිටත් ඉතිං වචන දෙකක් නෑනේ.
අපේ කල්පනාව තැඹිලි බීලා ඉන්ටවල් එක ඉවරවෙන්න ඉස්සෙල්ලා ආපහු එන්න.
මුන්ගේ
ගෙදරත් වැඩි දුරක් නෑ කියලා කිව්වේ. ඉස්කෝලේ පිට්ටනිය මැදින් ගිහිං වැටෙන් පැනලා
වැට මායිමෙන් තියෙන පාර (පාර?) දිගේ ගිහින් වංගු දාලා එකේක අඩි පාරවල් වලට හැරිලා
ඔන්න උන්ගේ ගෙදරට සැපත් උණා. ඒක පොඩි කටු මැටි ගෙයක්. ගෙදර කවුරුවත් නෑ. කොටුවට
ගිහිං. අපිත් ඉතිං ගේ පිටිපස්සට ගිහින් පිටිපස්සේ හදලා තියෙන වලං මැස්ස උඩ තියාගෙන
අරුණයා කපලා දෙන තැඹිලිවල රහ බලනවා. වැඩි වෙලාවක් හිටියෙත් නෑ. ඉන්ටවල් එක ඉවර
වෙන්න ඉස්සෙල්ලා ඉස්කෝලෙට යන්නත් එපැයි.
ඔන්න
ඉතිං අපි ආපහු අර පහු කරපු වංගු කෙලින් කර කර ආපහු එනවා. ටික දුරක් එනකොට මෙන්න
ඇහෙනවා බෙල් අටක් වදිනවා. අපිත් ෆුල් හොල්මන්. ඉක්මණට දුවලා ගියා ඉස්කෝලේ ගාවට.
මෙන්න යකෝ මුන් ගෙදර යන්න ලැස්ති වෙනවා ඈතටම පේනවා. යකෝ අපි ගියාට ආතල් එකක් ගන්න
රැඳුනෙත් නෑ. අනික අච්චර ඉස්කෝලේ ගාව තිබුණු ගෙදරට එක බෙල් එකක්වත් ඇහුනෙත් නෑ.
මේක හරි අසාධාරණයිනේ අප්පා... කියලා හිත හිතා අපි වැටෙන් පැනලා පිට්ටනිය මැදින්
ඇවිත් පන්තිය ගාවට කිට්ටු කළා.
අපේ
පන්තියේ හිටියෙත් ඉස්කොලෙන්ම සැරම ටීචර්. එයාගෙ වේවැල දැකපු ගමන් අපි සෙට් එකම
පිට්ටනිය පැත්තට දුවනවා.
ශිෂ්‍ය
නායක අයියලා අපේ පස්සෙන් පන්නනවා.
එයාලා
අපේ පස්සෙන් පන්නනවා.
අපි
දුවනවා.
ඒ අස්සේ මං දුවන ගමන් ඉකි ගහනවා. (අනිත් උන් නම්
කොහොමද දන්නෑ)
මං
ඉකි ගහනවා.
ඒ අස්සේ අඬනවා.
අයියලා
පස්සෙන් එනවා.
මං
දුවනවා.
කොහොමත්
අපේ සෙට් එකෙන් අන්තිමටම තමයි මාව අල්ලගන්න පුළුවන් උණේ. ඉස්කෝලේ කට්ටියම ගාථා
කියන එක පැත්තක දාලා දැල් වල එල්ලිලා බලන් ඉන්නවා. ශික් විතරක්. උන්ගේ කැත විතරක්! කූඩුවේ
දාපු වඳුරෝ වගේ.
අන්තිම කතාව නියමයි. එක නම් මැවිලත් පෙනුනා වගේ.
ReplyDeleteඒකෙ මං නළුවෙක් උනාට දැන්නම් මාත් ඒ සිද්ධියේ හොඳ රසිකයෙක්.
Deleteමදාරා මේ පැත්තේ ආවෙ අදමයි නේද? දිනේශ්නම් ඇවිත් තියෙනවා. එක්කො මේ.... අනේ මන්දා උඹලා දෙන්නා. :D
පට්ටම කතාව ඒ. කේ. එම්. .. මමත් ඔහොම කට්ටි පැනල තියෙනව අනන්තවත්...අහු වෙලා තියෙනව ඉහේ කෙස් ගානට..
ReplyDeleteමගේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්න ..
ඔය ඉන්නේ.... මං තනිවෙලා නෑ වගේ. :D
Deleteඅන්තිම එකනං නියමයි අකමො.
ReplyDeleteඅපිත් ඔහොම දෙතුං පාරක් ඉස්කෝලෙන් පැනල තියෙනව. හැබැයි ඒ ලෙවල් වලදිනං හොරෙන් පනින්න ඕන උනේ නෑ. ලැබ් එකේ ඉන්න සර්ලත් දන්නව මුං ටික වේලාසනින් යනව කියල.
ඒ ලෙවල් වලදී වැදගත් විදියට තමයි හොරෙන් ගියේ ප්‍රසා අයියේ. අපේ ලැබ එකේ ඉන්න කට්ටියනම් දන්නවා අපි ලැබ් එකට එනකොට ඒ වෙලාවේ අපිට තියෙන්නේ ඉංග්‍රීසි කියලා.
Deleteඅපිත් එක පාරක් හොරෙන් පැන්න ඒත් මට අහුවුනේ අනිත් උන් පැනල එනකන් සික්ක එක්ක කතා කර කර ඉන්න ඉහි ඉහි.... අපේ ඉස්කෝලෙ ඔය වගේ දෙවල් කරන්න බෑ අප්පා... අකමට හිතාගන්න පුලුවන් ඇති ඉස්කෝලෙ....ගැහැණු පමනි...
ReplyDeleteමං මේ ළඟදිත් ගියා ඔයාලගේ ඉස්කෝලෙට. කොල්ලෙක් දැකලා නෑ වගේනේ දැල්වල එල්ලිලා බලන් ඉන්නේ. ලැජ්ජාවේ බෑ. හැදිච්ච කොල්ලෙකුටවත් පාඩුවේ යන්න බෑනේ අප්පා... :D
Deleteගෑණු පිරිමි කියා කියලා ඉස්කෝල වෙන් කරන එක දැන්වත් නවත්තුවානම් හොඳයි කියලා හිතෙනවා. ඔව්වා හණමිටි අදහස් අප්පා....
ඉස්කෝලෙන් පනින්න නම් අපිත් පාවිච්චි කලේ ඔය තියරිය තමයි.. හොරෙන් පනිනවට වඩා අවසර අරන් යනවා වගේ කෙලින්ම ගිහින් තියනවා. හුඟක් වෙලාවට ප්‍රින්සිපල් නැති දවස් වලට තමයි ඕක කරන්නේ. වයිස් ප්‍රින්සිපල් ගෙන් ශේප් එකක් දා ගන්න පුළුවන් අහු වුනත්.
ReplyDeleteඑදා අවුල උණේ අපි දෙන්නෙක්ම ප්‍රිෆෙක්ට්ලා වීම. අනික අපි ඒ වෙනකොට හොඳට කාඩ් එක තියාගෙන හිටියේ. හැදෙන්නැති එකාගේ ලොකු වැරදි උනත් පේන්නැති උණාට කාඩ් තියන් ඉන්න එකා කරන පොඩි දේත් ලොකුවට පේනවනේ. වෙලාවට බැජ් එක ගැලෙව්වේනම් නෑ.
Deleteඅපෙ ඉස්කෝලේ පනින්න තියන හැම අස්සකටම මුල්ලකටම දැඩි රැකවල් දාලා තිබුනේ.. ඉතින් පැනලා යනවනම් ගේට් එකෙන්ම තමයි. ගෙදර යනවා වගේ අවුලක් නැතුව එකා එකා ගියාම ලස්සනට යන්න පුළුවන්. උසස් පෙළ කරන කාලේ නම් උදේ රැස්වීමට ඉඳල නෑ මයේ හිතේ දෙතුන් ගමනකට වඩා.
ReplyDeleteදහය එකොළහ පන්ති වලදී බැජ් එකට පින් සිද්ධ වෙන්න රැස්වීමෙන් බේරුණා. උ.පෙ වලදී ඉස්කෝලේ ඉස්සරහ කඩේ, ඉස්කෝලේ පිටිපස්සේ එහෙම තමයි. :D
Deleteකොච්චර කට්ටි පැනලා තිබුනත් අකමෝ අන්තිම එක තරම් වටින්නෑ වෙන මොකවත්. මට මැවි මැවී පේනවා අකමා අඬ අඬා දුවන හැටි..අර අයියලා පස්සෙන් පන්නන හැටි....හි හි හී
ReplyDeleteශික් අප්පා.. මං ඒ දවස්වලම ට්‍රේනිං නැවත්තුවානේ. නැත්නම් මේ වෙනකොට හන්ඩ්‍රඩ් මීටර්ස් වලින් ඔලිම්පික් ගිහිල්ලා.
Deleteනියම කතා තුන. උඹ දාලා තියෙන පිළිවෙලත් හොඳයි. ඒ ඔක්කොටම එහා අම්මත් ඒ ඉස්කෝලෙ උනාම ඕනෙ නෑ නේ? :D
ReplyDeleteඅම්මගේ ප්‍රතිචාරයනම් මතක නෑ. ඒත් අහුවෙලා අපේ මිස් ගාවට අරගෙන ආවම අත් දෙක ඉස්සරහට දාගෙන නාරං, පේර, සියඹලා අතුවල රස බලපු හැටිනම් මතකයි.
Deleteඅම්මගේ ප්‍රතිචාරය අමතක උණේ මෙමරි ෆුල් උණ නිසාද නැත්නම් මං ස්ටක් වුණු හින්දද කියලනම් දන්නෑ.
ඉන්ටවල් එක ඉවර වුන ගමන් ගෙදර යන්න හදන්නෙ ඇයි බන් ?
ReplyDeleteඅපේ ගේ තිබුනෙත් අල්ලපු වැටේ.. ඉන්ටවල් එකට ගෙදර ගිහින් තේ එකක් එහෙම බීලා එනවා ඉස්සර..
මම නම් වැඩිය කට්ටි පැනලා නෑ.. මුළු කාලෙටම දෙතුන් පාරක් පැනලා ඇති..
ඒ කාලේ ආයේ එන්නෑ කියලා හිතුවනම් හැමදාම ඉස්කෝලේ යනවා සෙන්නා...
Deleteමං හැමදාම හිතන්නේ මට කාල තරණය කරන්න පුළුවන්නම් කියලා. එහෙනම්.... හ්ම්ම්ම්.....
ගෙදර වහලේ උළු එහෙම යහතින් තිබුනද සෙන්නා. :D
හොකෑස්...මට මතක් උනේ ඉස්කෝලෙ තාප්ප වලින් පැන්න හැටි.
ReplyDeleteදාමුකෝ බලන්න ඒ ගැනත්
Deleteකට්ටි පැනීමේ 3.-- ඒ කාලේ සනී ලියොන් අක්කිගෙ ෆිලුම් බැලුවෙ නැතෑ ?
ReplyDeleteඒ කාලේ තෝරන්න තරම් ගොඩක් තිබුණේ නෑ. ඉන්ටනෙට් කියන්නෙත් අධි සුඛෝපභෝගී දෙයක්. තිබුණත් ස්ලෝ. තිබුණ දෙයින් සැනසුනා මලයෝ.
Deleteමම කට්ටි පැනලා තියෙන්නේ දවස් 10ක් වගේ. මට හොඳම විනෝදෙ තිබුනේ ඉස්කෝලේ ඇතුලේ. මගේ තමවා අවුරුදු තුනම් හොඳම පැමිණීම තිබුනේ..
ReplyDeleteහොඳ ළමයා. :D
Deleteවිනෝදය විවිධාකාරයිනේ අසර්. කට්ටියක් පන්තියේ, කට්ටියක් පිට්ටනියේ, කට්ටියක් සංගීත කාමරේ, බෑන්ඩ් එකේ, ලැබ් එකේ, එතකොට ස්කූල් බස් එකේ, ෆිල්ම් හෝල් එකේ.
හැබැයි අධ්‍යාපනේට තැනක් නොදුන්නා කියන්නත් බෑ.
හප්පේ මමත් ඔය වැඩේට සෑහෙන්න දක්ෂයි කොච්චර දක්ෂද කියනවනම් ඉස්කෝලේ විනය භාර ශිෂ්‍ය නායකයා විදියට පත්වීමකුත් දුන්නා සම්මාන විදියට.
ReplyDeleteකාලා වරෙන්කෝ.
Deleteඅපේ පැත්තේ පතල් බලාගන්න දෙන්නේ (මැනේජර්කම දෙන්නේ) හොඳ හොරෙක්ට. විසෙන් විස නසන්නේ ඔහොමනේ. ඉතිං කෝරළේ මහත්තයගේ වැයික්කියේ අපරාධ අඩු උනැයි. එතකොට කිකිළියෝ ටික.....?
ඔන්න මහ වැස්සක් දවසක තාප්පේ අයිනේ තිබ්බ තඩි මාර ගහක් තාප්පෙන් බාගයක් කඩාගෙන බිමට පාත් වුනාලු....
ReplyDeleteමේක දැකපු ඉස්කෝලෙ එවුන්ට පෙනුනේ ඉස්කෝලෙන් පනින්න ඉනිමං තිබ්බා වගේලු
කොහොමෙන් හරි කට්ටියගේ ඇස් වහලා ඉවරවෙලා හතර දෙනෙක් ගියාලු තාප්පේ ගාවට එහාපැත්තට පනින්න
මුල්ම එකා ගියාලු ගහ දිගේ
හරියටම තාප්පේ උඩදි ඌ එකපාරට වගේ ගල් ගැහිලා බලන් ඉඳලා ආයෙම වෙනසක් නැතිව එහා පැත්තට පැන්නලු
දෙවෙනියත් ඒ විදියටම එහා පැත්තට පැන්නලු එකම අංග චලනයන්ලු තියෙන්නේ පැනපු දෙන්නගෙම
තුන්වෙනියත් එහෙම්ම පැන්නලු ඒත් මුංගේ කිසි කතා බහක් නැති නිසා හතර වෙනියට සැකයක් හිතිලා එතනින් මාරු වෙන්න ගියාලු
හතර වෙනියා එන්නැති බව තේරුණු නිසාද කොහෙද කලින් බැහැපු තුන් දෙනා කෑ ගහන්න ගත්තලු
//අඩෝ වරෙන් ඩෝ ඉක්මනට පරක්කු වෙනවා සර්ලා එන්න කලින් පැනපිය අපිවත් මාට්ටු නොකර//
හතර වෙනියගෙත් සැක හිඳිලා ඌත් නැග්ගලු ගහ දිගේ
හරියටම තාප්පේ උඩට ආවාම ඌ දැක්කලු ඉස්කෝලේ ප්‍රින්සිපල් හිනා වෙවි පහලට වරෙන් කියලා අතින් සංඥාවක් දානවා
ඌට තේරුණාලු කලින් හැමෝම තාප්පේ උඩදි ගල් වුනේ ඇයි කියලා
පහලට බැස්ස ගමන් ඌ අනික් එවුන්ගෙන් ඇහුවලු
//ඇයි හු**නෝ සර් ඉන්න බවක් නොකිව්වේ කියලා//
එතකොට අනිකා කිව්වලු
//ඉතින් හු*** සර් කතාකලාම නොයා පුළුවන්ද?? සර්ම තමා උඹටත් එන්න කියන්න කිව්වේ//
:D :D :D
Deleteමෙන්න කමෙන්ට් එක. හතර වෙනියාට වෙච්ච දේනම් එළ. (එහෙම උණේ නැත්නම් අද කමෙන්ට් එකත් නෑනේ.)
Deleteමදෑ ඉඳලා ඉඳලා ඉනිමගක් හම්බ උණා.
//ඉස්කෝලේ එක මායිමක් වෙච්ච ගඟේ// ඉස්කෝලේ පැල්මඩුල්ල පැත්තේද බං..
ReplyDeleteරෙහානියත් නිවිති වැවිච්ච ගලක් ගැන කියලා තිබුණේ. සහනුත් මලින් පිරී ගිය වලක් ගැන කියලා තිබුණේ. උඹේ ඉසව්ව ගැනත් පොඩි හැකයක් තියෙනවා. තහවුරු කොරගන්නකම් හිටපන්කෝ.....
Deleteඅයියෝ සංසාරෙ.. මැවිලා පේනව කට්ටිය ඉකි ගහ ගහ අඬ අඬා දුවන හැටි අනිත් උන් පස්සෙන් එලවනකොට... අර දැල්වල එල්ලිලා හිටපු අය සිද්දියට පස්සෙ මොකවත් කියන්න හෙම නැතුව ඇති නේද... මරු කතා තුන අකමො...
ReplyDeleteඅර ගැමිය කියල තියෙන කතාවත් මරු...
අන්තිමට දාන දේනේ කට්ටියම අල්ලගන්නේ. ඉතිං දැල් සිද්ධිය දැම්මේ හැමෝම ඒක අල්ලගෙන මාව අතඇරලා උන්ට හිනාවෙයි කියලා. ඒකත් හරිගියේ නෑ කියන්නකෝ.
Deleteඔයාදැලේ එල්ලිලා හිටපු හැටි මතක් වෙලා තමයි දැල් කතන්දරේ ලිව්වේ.
ගැමියාගේ කමෙන්ට් එක තමයි කමෙන්ට් එක. හෙහ් හෙහ් හෙහ්...