අද
හවස හතරට විතර ඇති ඒ වෙනකොට. වහලා තිබුණු බැංකුවේ වීදුරු දොර ගාව මං හිටගෙන හිටියේ
කැඳවීමක් ලැබෙනකම්. මට පිටිපස්සේ හිටපු යුවතියක් ඊට පිටිපස්සෙන් තිබුණු පොඩි බිත්තියෙන්
පාරට මුවා වෙලා කොණ්ඩය දිග ඇරලා ආයෙත් කොණ්ඩ කටුව ගහනවා යාන්තමින් වගේ දැක්කා. මං
ඒ දිහා බැලුවා. එහෙමත් නැත්නම් ඉබේටම බැලුණා. ඒ ඇස් මගේ ඇස් තත්පරයකටත් අඩු කාලයක්
ඇතුලෙදි හම්බ උණා. මං ආපහු හැරිලා ඈ දෙස බැලුවේ ඈව හඳුනාගෙන. කවුරු පිළිගත්තත්
නැතත් ඒ කාලය තුල මං දැක්කේ එයාගෙ ඇස් දෙක විතරයි.
මං
ආපහු හැරෙනකොට එයාගෙ කටත් ඇරිලා.
“අකම්
ඔයා.........”
“__රිකා
ඔයා......”
අපි
දෙන්නටම එක පාරටම කියවුණා.
ඇත්තටම
අපි කතා කලේ වීදුරු දොරකින් චායාව දැකලා.
අනික තත්ත්පරයකටත් අඩු කාලයකදී දැකපු චායාවකින්. ඇත්තටම ජීවිතේ කියන්නේ මහා පුදුම
දෙයක්. අපි මේ පිරෙව්වේ අවුරුදු දහතුනක් තිස්සෙ පාළුවෙලා තිබුණු මිතුදමක මතකයක්.
ඔව්.... අවුරුදු දහතුනක්.......
කිලෝමීටර්
සියගානක් බයිසිකලේ රෝද කරකවන එක අපේ වෘත්තියේ අනිවාර්ය අංගයක්. අද මං ගියේ මං
කාලයක් ජීවිතේ අතරමං වෙලා ඉද්දි සිප් සතර හදාරන්න ගිය පාසලක් පැත්තේ. ඒ එනගමන් පාසලට හැරෙන හන්දියේ වෙලා තියෙන වෙනස්
කම් බලාගෙන එදා හිටපු යහළු යෙහෙළියෝ ගැන, ඒ කාලේ කරපුවා, දැන් හම්බ උනොත් කතා කරන
දේවල් ගැන හිත හිතා ආවෙ.
අපි
ඉස්කෝලෙදි කොල්ලෝ තුනයි කෙල්ලෝ තුනයි සෙට් වෙලා හිටියේ. ඕක තමයි අපේ ගැන්සිය. (සෙට්
වෙලා කිව්වේ ලව් එහම නෙවෙයි. හරිය..... හැබැයි ඔතනින් නිලූයි මායි අතරේ මුවින් පිට
නොවුණු මිත්‍රත්වයෙන් එහා ගිය දෙයක් තිබුණු බවනම් කියන්න ඕනි.)
වෙනදනම් ඉස්කෝලේ
ගාවින් එනකොට මුලින්ම මතක් වෙන්නේ නිලූව. ඊළඟට සුළු වශයෙන් තමයි අනික් උන්ව. එත්
අද මට මෙකිවමයි වැඩි හරියක් මතක් උණේ. කතරගම ගිහින් ඇවිත් මගේ අතේ බැඳපු රතු පාට
නූල... ඒ දඟකාර ඇස් දෙක.....
![]() |
තාමත් මගේ ඔටෝග්‍රාෆ් එකේ පරිස්සම් වෙලා තියෙන රතු පාට නූල |
මොනවා උනත්
ටවුන්
එකේදී මෙහෙම අහම්බෙන් මේකි හම්බවෙයි කියලා
හිතුනේම නෑ. මේකිනම් ඒ වගේමයි. ඒ දඟකාර ඇස් දෙක.... මගදිගට එනගමන් හිත
හිතා ආපු එකක්වත් කටේ අහලකවත් නෑ. යාන්තම් වචන දෙක තුනක් හුවමාරු කර ගත්තා. ඒ අස්සේ ඒ.ටී.එම් එක අස්සේ ඉඳන් හැන්ඩ්සම්
කොල්ලෙක් ආවා. කෙල්ලගේ මහත්තයා. පොරත් එක්ක කතා කරන්නනම් උණේ නෑ. ඒත් සුහද ශීලී
හිනාව නම් මගේ හිත පිරෙව්වේ ලොකු සන්තෝෂයකුත් එක්කයි.
අන්තිමේදී
මාත් මෙලෝ දෙයක් හිතන්නැතුව හරකා වගේ කොල්ලා ඉස්සරහම මේකිගෙන් නම්බර් එක ඉල්ලුවා. මූණේ
තිබුණු හිනාව පොඩ්ඩක් විතර අඩු උන වගනම් මට දැනුණා.
කෙල්ලේ,
ඔයා
මොන වගේ තත්ත්වයක ඉන්නවද කියලා මං දන්නෑ. සමහර විට සැකයකට භාජනය වෙලා. තමන්ගේ
ගෑණිව සැක කරන උන් ඕන තරම් ඉන්නවා. සමහර විට කොල්ලා වැරදි ඇති. සමහර විට ඔයා වැරදි
ඇති. අවුරුදු දහතුනක් කියන්නේ මිනිහෙක් පුදුම විදියට වෙනස් කරන්න පුළුවන්
කාලයක්නේ. සමහර විට
මනස්ගාත ඔලුවේ පුරෝගෙන තත්පර ගානක සිද්ධියකට අර්ථ කථන දෙන්න යන මං වැරදි ඇති.
හෙට උදේම කතා කරලා බලන්න ඕනි අපේ සෙට් එක ගැන තොරතුරු එහෙම.
එතකන්,
උඹලා
දෙන්නට ජයෙන් ජය!
ප.ලි.
මගේ ඔටෝග්‍රාෆ් එකේ සටහන් කරපු උඹේ සටහන මට හොයාගන්න බැරි උණා. සමහර විට මං උඹව හොයන්නේ වැරදි නමකින්ද දන්නෑ. නම වරදුනානම් සමා වෙයන්.
eka nam maarama kathawak.
ReplyDeleteJeevithe langin aesuru karapu aya kohedi hari, kohoma hari hambenawa. Meka punchi lokayak.
එකනම් ඇත්ත. හම්බ උණේ නැත්නම් හොයාගෙන හරි යනවා. සමහර අය හම්බ වෙන්නේ නොහිතපු වෙලාවල. එහෙම අහම්බෙන් හම්බ උනාම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.
Deleteමේ දවස් වල මං කතා දෙක තුනක්ම කියෙව්වා මේ වගේ අහම්බෙන් ඉස්කෝලේ කාලේ යාළුවො හම්බ වුන.... ඒ වගේ අවස්ථාවකදී ඇති වන සතුට නම් ආයේ කියන්න වචන නෑ.....
ReplyDeleteම්ම්ම්... නම්බර් එක ඉල්ලපු එක වැරද්දක් හැටියට මට නම් පේන්නේ නෑ. කොහොමත් පරණ යාලුවෙක් හම්බ වුනාම ඉතිං තියෙන ජොලියේ හැටියට මොනා කියෝනවද කියල දන්නෙත් නෑනේ. හැබැයි හැම මනුස්සයම එක වගේ නැතිනිසා ඔයා කිව්වා වගේ සැක කරන්නත් බැරි නෑ....
පහු ගිය සති දෙක තුනේම ජංජාලෙන් ඈත් වෙලා ඉන්න උණු හින්දා මට ඒ කතා මග ඇරෙන්න ඇති. කමෙන්ට් නොකලත් ඔක්කොම බලන්න ඕනි.
Deleteනම්බර් එක ඉල්ලපු එක අපේ පැත්තෙන් සාධාරණයි. ඒත් ඒක එයාගේ පැත්තෙන් කොහොම බලපායිද දන්නෙනෑනේ.
අකම්ට තිබුනේ තමන් කවුද කියන එක හදුන්වල දීලම නම්බර් එක ඉල්ලා ගන්න...එතකොට සැකය නැතිකරගන්න හේතුවක් තියෙනවනේ ..
ReplyDeleteඒ වෙලාවේ ඒකි එයාට මං ගැන කිව්වා. අපි කතා කරකර හිටපු කාලය විනාඩි දෙකක්වත් නෑ. සිකුරුට්ටා දොර ඇරන් හිටියේ ඒ වෙලාවේ. ඉතින් ඇතුලට යන්න හදිස්සියේ මං හිටියේ. ඒ නිසා සුහද සාකච්චාවකට වෙලාවක් තිබුණේ නෑ.
Deleteනොම්බරේ ඉල්ලගත්තට කමක් නෑ... හෙටම කතා කරන එක ගෑන නම් පොඩ්ඩක් හිතල බලන්න... ඒ හස්බන්ඩ් සෑක කරන කෙනෙක් නම් දෑන් ඔයා කතා කරනකන් බලගෙනයි ඈත්තෙ...දවස් දෙක තුනක් ගිහින් කතා කරන එක තමයි ඈගට ගුන.... අනික ඔය නූල් කෑලිත් තියාගෙන ඉන්නේ නිකන්ම නිකන් යාලුවෙක් නිසා නෙමෙනෙ.... ඔයාටත් නොදෑනි ඔයාගේ හිත දුවන්න ගත්තොත් ලේසි වෙන්නෙ නෑ... ඒ නිසා පරිස්සමින්...
ReplyDeleteඋදේ නවයට විතර ගත්තා ඒත් ආන්සර් කලේ නෑ. ඊට පස්සේ අත ඇරලා දැම්මා.
Delete.....//අනික ඔය නූල් කෑලිත් තියාගෙන ඉන්නේ නිකන්ම නිකන් යාලුවෙක් නිසා නෙමෙනෙ//....
එයා මගේ හොඳ යාලුවෙක් විතරයි සහෝ. මං ඉස්සෙල්ලත් කිව්වනේ එහෙම දෙයක් තිබුණානම් තිබුණේ නිලූ එක්ක විතරනේ. නිලූවනම් මං තාමත් හොයනවා. ඒකිනම් බැඳලා දැන් අවුරුදු දහයක් විතර වෙනවා.
ඇත්තටම හිතට වදින්න ලියල තියෙනව සහෝ.... මටත් ලගදි යාලුවෙක් අහබුවෙන් වගේ හමු වෙලා උගේ වෙඩින් එක කිවුව ඇත්තටම මට ගොඩාක් සතුටුයි...... කියා ගන්න බැරි සතුටක්......
ReplyDeleteඒ තත්ත්වෙට මුහුණ දීපු කෙනෙක් හමු වීමත් සතුටක්. ඒ වෙලාවෙ දැනෙන හැගීම් විස්තර කරන්න වචන නෑ. එහෙම නේද?
DeleteRed lights spell danger...
ReplyDeleteya, I think so....
Deleteචතුරිකාතේ නෙතු අකම්ගේ අඩවියට එන්නට පතමි. හෘදයාංගම ලියවිල්ලක්... කාලය මැව් වෙනසක අරුමේ...
ReplyDeleteචතුරිකා...? ඇයි මධුරිකා, සාගරිකා... :D
Deleteමේකත් එක්ක පරණ තිබුණු යාලු මිත්‍ර කම විතරයි බන් අලුත් කර ගන්න ඕනි උනේ...
....// කාලය මැව් වෙනසක අරුමේ...//.... සහතික ඇත්ත.
හොදා හොදා බල්නටකෝ ට්‍රයි කොරල.. ඒත් අර සිරාගේ යාළුවා වගේ කරන්න එපා හරි නේ...
ReplyDeleteහොඳා හොඳා...
Deleteමොකක්ද බන් ඇර සිරාගේ යාළුවා කරපු දේ. මට ඒක මිස් වෙලා වගේ...
සියල්ල යහපත් විදියට සිදුවේවා....ඒ පවුලත් රැකේවා අකම්ගේ සිතුම් පැතුම් යනාදියත් ඉටුවේවා...බලගන පරිස්සමෙන්...
ReplyDeleteමේ මක්කැයි නලින් අයියේ මේ.... :D
Deleteමටත් ඕනි ආයේ අපේ O/L බැච් එක සෙට් කරගන්න. ඒකෙ පළවෙනි මුල්ගල තමා මේක.
ඉතින් මම මේ දවසක් පරක්කු කරලා කමෙන්ට් කලේ ඒ කෙල්ලට කතා කරාද කියල දැනගන්න. ඉතින් මොකෝ වුනේ..
ReplyDeleteකතා කළා අසර්. ඒත් ආන්සර් කලේ නෑ. ආයේ ට්‍රයි කරන්නත් මොකක්ද වගේ හිතුණා.
Deleteඒ සිද්ධියෙන් මමද ඒකිද මන්දා ඇත්තටම අසරණ උණේ. :(
ආයෙ කථා කරන්න යන්න එපා...එයාගෙ සහකරුවා කුමන ආකාරයේ කෙනෙක්දැයි නොදන්න නිසා...ඔබේ හදිසි හමුවීම, දුරකථන ඇමතුම් මේ දේවල් ඇගේ විවාහ ජීවිතයට බලපාන්න පුලුවන් ඇය තේරුම් ගත්තෙ නැති සැමියෙකු නම් ඇයට ඉන්නෙ...
Deleteඔව් සිරා, මං ඒ සිද්ධිය අමතක කරලා දැම්මා. මං බලාපොරොත්තු උනේ පරණ මිතුදමක් අලුත් කරගන්න. එයාගෙ මාර්ගයෙන් ඈත් උණු අනිත් යාලුවන්ට ළං වෙන්න. එදා ඒකි හම්බ උණු වෙලාවේ මට මාර සතුටක් ආවේ. ඒකිටත් එහෙම්මම තමයි කියලයි ඒකිගේ ඇස් කිව්වේ. ඒකි පව් බං.
Deleteමට තෙරුනේ නෑ බන්...
ReplyDeleteසබඳ, අකම් තෙමේ යට ගිය දවසැක ජීවන කර්මාන්තය පිණිස වීදියක් වීදියක් නුවරක් නුවරක් පාසා වීදි සංචාරය කරන කල්හි.....
Deleteමටත් තේරෙන්නෑ බොලව් බොලාට තේරෙන විදියට ලියන්න. :D
මේකයි සෙන්නා සිද්ධිය. මං ඒකිගෙන් නම්බර් එක ඉල්ලනකොටම ඒකිගේ මූණේ එච්චර වෙලා තිබුණු සන්තෝෂය අඩු වෙලා මූණ අඳුරු උණා. අපි අතරේ තිබුණු සම්බන්ධයත් එක්ක බැලුවම එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ. ඒකට තියෙන්න පුළුවන් ලොකුම හේතුව තමයි ඒකිගේ හස්බන්ඩ්. හැබැයි මම එහෙම කියන එක සාධාරණද කියලනම් කියන්න මං දන්නෑ.
අවුලක් නැතිව සියලුදේම සිදුවෙයි කියල හිතනවා.
ReplyDeleteදැන් හිතෙනවා ප්‍රසා අයියේ එදා අපි හමු නොවුණානම් කියලා. එදා ඒකි මොනතරම් ප්‍රශ්ණ වැලකට මුහුණ දෙන්න ඇද්ද කියලා මේ වෙච්ච දේවල් දිහා බලනකොට මට හිතෙනවා.
Deleteහ්ම්මම්ම අවුලක් නොවේවා වගේ පතනවා වගේම. මතකය අවුස්සපු කතාවක්. දැන් ඉතින් අනිත් බ්ලොග් කියවන්න කලින් මනෝපාරක් ගහන්නම වෙනවා.. ;)
ReplyDeleteඅවුරුදු දහ තුනක මතකය.......
Deleteඒ කාලේ කරපුවා කියපුවා මතක් වෙනකොට පිස්සු වගේ බං. ඒවා මතක් කර කර මනෝ පාරක් ගහන එකත් පට්ට සැපයි.
අපි දැන් මැන්ටල් තරුවෝ. :D
කෙල්ලගේ ප්‍රතිචාරය අනුව මට හිතෙන්නෙත් අකම හිතපු දේ හරි කියල ..ඒ නිසා ආයෙත් කතා නොකර ඉන්න එක හොඳයි .
ReplyDeleteඅපි ජීවත් වෙන ලෝකෙ මහ අමුතුයි රෙහානි. කොල්ලෙකුයි කෙල්ලෙකුයි කතා කර කර ඉන්නවා දැක්කොත් දකින අය ඒක අර්ථ දක්වන්නෙ අහවල් වැඩේ කරලා එන අය විදියට. මට ඇත්තටම ඒකි ගැන දුකයි. ඉස්සර කිරිල්ලියක් වගේ හිටපු එකෙක් ඒකි.
Delete