අප වෙසෙන පෙදෙසේ අප තරමක් වත්කමක් ඇති, ඇති හැකි
නම්බුකාර පවුලක් වීමු. අපට මේ ලේන් එකේ ඇති පිළිගැනීම ඉහලය. ඇත්තටම අපට එය
ආඩම්බරයකි. අප නිවසට ඉදිරිපස නිවසේ අයද එසේමය. අප වැනිම ඇති හැකි අයවලුන්ය.
අපේ ලේන් එකේ සිදුව ඇති දියුණුවට අප නිවෙස් දෙකේ සෘජු දායකත්වය
නොලැබුනේනම් මෙලෙස කිසිදා දියුණු නොවන්නේමය. පාරට කාපට් වැටුණේ, පාර අයිනේ වැඩ සිටි බෝ සමිඳුන් පෙරදැරි කරගෙන
පන්සලක් ඉදි වූයේ, පාරේ කෙරවල තිබු භූමිය ක්‍රීඩා පිටියක්
බවට පත් වූයේ අප දෙපලගේ එකමුතුව හරහා ගමේ අය එක් කර සිදුකළ ක්‍රියාකාරකම් නිසාමය.
එනිසාම ගමේ හැම වැඩකම මුල් තැන අපට ලැබුණි. යම් නිවසක අඬ දබරයක් වීනම්, සොරෙකු කෙසෙල් කැනක් කැපුවෙනම්, එය විසඳීමේ භාරකාරත්වය අනිවාර්යයෙන්ම අප නිවෙස්
දෙකින් එකකට ලැබුණි.එසේ වීමට ප්‍රධාන හේතුව අදාළ පාර්ශ්වය සෘජුවම පැමිණ තම දුක්
ගැනවිල්ල පවසා පිළිතුරක් බලා පොරොත්තු වීමයි. නමුත් යම් ආකාරයකින් හෝ ඉදිරි නිවසේ
අය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව යෑමට අපවත්, අප දුන් උපදෙසකට පිටින් වෙන උපදෙසක් දීමට ඔවුන්වත් ඉදිරිපත් නොවූයේ
අප දෙගොල්ලන්ගේ එකිනෙකා කෙරෙහි ඇති අන්‍යෝන්‍ය බැඳීම, විශ්වාසනීයත්වය, පිළිගැනීම හා හිතවත්කමේ බල මහිමයෙනි.
![]() |
මේ ඉන්නේ තලගොයෙකි |
පාරේ කෙලවර ඇති විශාල බක් මී ගසේ මීයක් බැඳ තිබෙන්නේ කලක සිටය. මෙම
ගස පිහිටියේ සැමටම පොදු වූ, එනම් කාගේවත් පෞද්ගලික දේපලකට අයත්
නොවූ භූමි භාගයකය.
මෙම මීයේ රස බැලීමට මාගේ
මලණුවන් හට දොළදුකක් පහල වන්නට විය. මෙය තරමක් බැරෑරුම් ප්‍රශ්ණයකි. සැමට පොදු වූ
දෙයක් තනිව භුක්ති විඳීමට නොහැක්කේමය. අයියා වශයෙන් මලයාගේ දොළ සපුරාලීමද කල
යුතුය. කලයුත්තේ එක් දෙයකි. ඉස්සරහා ගෙදර අය මුලින් ශේප් කිරීමය. පසුව පාරේ වෙසෙන
සෙසු නිවැසියන් ශේප් කර ගැනීමය. ගැහැණුන් ස්වභාවයෙන්ම සුකුරුත්තන් දේට ආසය. එම
නිසාම එම නිවසේ ප්‍රායෝගික ගෘහ මූලිකයා වන ගෙහිමි කාන්තාව හට මීයෙන් කොටහක් දීමට
තීරණය කළෙමු. පසුව මීය නිය පොත්තෙන් හූරා අනෙක් නිවැසියන්ට බෙදා දීමෙන් ඔවුන්ගේද
කටවල් වැසීම පහසුය. නමුත් දොළ ඇත්තේ මල්ලීටය. එනිසාම කුට්ටියෙන් භාගයකට වඩා තමන්
සතුවන ලෙස මීය බෙදා ගැනීම අප සතු රාජකාරියකි.
නමුත් කිසිදු රාජකාරියක් ගැහැණුන් සමඟ
පිළිවෙලකට සිදුකළ නොහැකිය. ඉදිරි නිවසේ උන් මීය කඩනවාට විරුද්ධය. කළ හැක්කක්
නොමැත. මේ හඬ යටපත් කළ යුතුමය. එනිසාම වෙහෙසූ සිතට පොටක් පෑදුණි.
"ගෑණි වල්"
ලොකුවට ප්‍රචාරයක් යැව්වෙමු. උන් කොරය. ලේන් එකේ මා හට ඇති බලතල අනුව
මා හිතවතුන් කීප දෙනෙකුට මෙම සිද්ධියේ ඇත්ත නැත්ත පිළිබඳව අපක්ෂපාතීව කරුණු රැස්
කිරීමට අවසර දුනිමි. ඔවුන්ද පත්තිනි අම්මාගේ සියළු වග තුග සොයා ගත්තෝය. ඇත්තටම
ගෑණි වල්ය.
ඇයද නොසැලුණි. ඔවුන්ද ගමේ බලවත්ය.ඇගේ පැත්තෙන්ද ඇයගේ නිර්දෝෂී භාවය
පෙන්නුම් කිරීමට උත්සාහ ගත්තාය. ඒත් එතකොට කොහෙද සාධාරණේ තියෙන්නේ. එයා වල්ද නැද්ද
කියලා එයාගේ හිතවතුන් දෙන තීන්දුව අපි ඇත්තටම පිළිගන්නේ කොහොමද? හුහ් අපි අහුවෙයි ඕවට. අප පවුලේ කිසිවෙක් එම
සාකච්චාවට සහභාගී වීමෙන් වැළකී සිටියෙමු.
මේ අතර නිවැසියන්ද අය පිලිබඳ තීන්දුවක් ගැනීමට
ගියහ. නිකම්ම සිටියොත් හරියන්නේ නැත. පොඩි එකාට යමක් උගන්නා තැබුවෙමු.
"අපේ අම්මි
අර අංතල් අපේ ගෙදර අපු වෙලේ, අංතල්ගේ අතින් අල්ලන් හිටියා. එතතොට අංතල් තිව්වා, ඔයා හරිම ලත්තනයි තුදූ.... කියලා"
පොඩි එකා නියමෙට ගේම දුන්නේය. අපට ඒ සඳහා වැය
වූයේ ටොපියක් පමණි. එබස් අසා ඔහුගේ අයියා තම අම්මාට එරෙහිව අත ඉස්සුවේය. සහෝදරියන්
මවගේ පැත්තේය. දැන් ගමේ උන්ගේ ප්‍රශ්ණ විසඳීමට තබා තම ප්‍රශ්නවත් විසඳීමට බැරි ලෙස
උන් කොරය.
දැන් ලේන් එකේ පොරවල් අපිය. ඉදින් අපම මීය ගැන
තීරණයක් ගත යුත්තේමය. අප නිවසේ සියල්ලන්ම එම තීරණය ගන්නා දිනයේ නිවසේ සිටීම
අනිවාර්ය කළෙමු. අඩුම තරමේ එම අවස්ථාවේ ටොයිලට් එකට යාමවත් තහනම්ය.
තීරණය එළි දැක්විණි. ඉස්සරහා ගෙදරට ඥාතීත්වයක්
ඇති පවුලකින් කසාද බැඳී එකියක් හා තවත් දෙදෙනෙක් මීය කැඩීමට විරුද්ධය. නමුදු අප නව
දෙනාගෙන් හයක්ම මීය ලෙවකන්නට කැමතිය. නොහොත් තුනෙන් දෙකක් අපටය. අප ගොඩය.
මේ විස්මිත තීන්දුවෙන් උද්දාමයට පත් ලේන් එකේ නිවැසියන් එම පවුලේ
ගෙහිමි කාන්තාව පිළිබඳවද තීරණයක් ගන්නා ලෙස අපෙන් ඉල්ලා සිටියෝය. බෑ කියන්නටද
බැරිය. අප පළාතේ උන් අපවම මේ සඳහා තෝරා ගැනීමට හේතුව වූයේ ප්‍රදේශයේම පවු නොකළ
පිරිසකට සිටින්නේ අප පවුලේ අයම පමණක් වීම නිසාය. ඉදින් පවු කාරයාට පළමු ගල ගැසීමේ
වාරය අපටම උදා විය.
අප්පට සිරි මේක තමා මම දැක්ක හොදම නිර්වචනය ඔය සීන් එකට
ReplyDeleteමොකක්ද බන් ඇත්තටම ඔය සීන් එක? අපේ ලේන් එකේ තලගොයිනම් දැන් බේතකටවත් හොයා ගන්න නෑ. දැන් ඔන්න කබරගොයිත් අඩු වෙනවා. ඒ අස්සේ උඹ මේ සීන් ගැන කියෝනවා. අනේ මන්දා. ෆුල් මඥං.
Deleteස්තුතියි අදහසට.
නියමයි මේකනම්......
ReplyDeleteඅහන්නත් සතුටුයි. ස්තුතියි ඔබට.
Delete(සිකුරාදා පහු උනා. කෝ අර වෙච්ච පොරොන්දුව?)
ඉස්සරහ ගෙදර ගෑනි වල්????????????????
ReplyDeleteඔය අපේ ගෙදර කට්ටියම කියන්නේ. ඇත්තම වෙන්න ඇති.
Deleteඅපේ ගෙවල් කිට්ටුව එකෙක් වෙඩි පත්තු කරනවා.
ReplyDeleteමම : මොකද අන්කල් වෙඩි ගහන්නෙ
අන්කල් : අපේ ජානාධිපතිතුමා දෝසාභියෝගෙ දින්නනෙ.
මම : ඒ කිව්වෙ?
අන්කල් : අයියෝ ළමයො ඒකවත් දන්නෙ නැද්ද? අර හොර නඩුකාරියෙක්ව එලෙව්වා. ඒකටයි දෝසාභියෝගෙ කියන්නෙ.
මම : හ්ම්ම්. කීයක වෙඩි ගෙනාවද?
අන්කල් : මේවා මහත්තය (පළාතෙ මන්ත්‍රී) දුන්නෙ.
අපේ කස්ටිය ඔය චන්ද රැස්වීම් වලට යන්නේ කොච්චර කැපවීමෙන්ද? ඇත්තටම ඔය අංකල් ගැන මම හරියට පැහැදුනා. (බත් පැකට් එකටයි, ගල් බෝතලේටයි රැස්වීම් වලට යන්නේ අපේ රටේ නෙවෙයිනේ...)
Deleteමාව කරකෝලා අතෑරියා වගේ උනා.. හි හි... නියම කතාව අකමෝ..
ReplyDeleteකිරි කිරි බෝලේ කරාද උදේ පාන්දරම? හි හි...
Deleteමුලින් මම බැලුවා මොන මගුලක්ද මේ කියලා!!!
ReplyDeleteපස්සෙනෙ තේරුනේ.. මීය කඩයි එහෙනම්...
ඔය කැඩුවේ යස අගේට. අන්න ගෑනිවත් පැන්නුවා. යසයි ඕකිට.
Deleteඔව් ඔව් අරූ තලගොයෙක් තමයි. ගනිං ඔය කැත්ත.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මන් ගින්දර ටිකක් සූජානම් කොරන්ඥම්.
Deleteමේ වගේ සිද්දියක් කොහෙද රටකත් උනාලු නේද?
ReplyDeleteඑංගලන්තෙ එංගලන්තෙ...
Deleteඑංගලන්තෙ එහෙම උනත්
ලංකාවේ එහෙම වෙන්නේ නෑ.....
..හෑ ..........ෆුල් මන්ඥන් !
ReplyDeleteමටනම් අඥකොරොස්!
Deleteඇත්තටම ගෑණි වල්ද අකමො ?
ReplyDeleteඔය අපේ ගෙදර ඔක්කොම කියන්නේ....
Deleteඑතකොට දැන් අපි ලේන් එකේ පොරවල්....මරු අකමා....
ReplyDeleteඔයාලත් ලේන් එකේද? අනේ මන්දා....
Deleteලිපිය නම් නියමයි මචන්..මේ පැත්තේ අවමද මන්ද ..
ReplyDeleteඔය සීන් එකේ මචන් පොඩි එකාගේ වචන ටිකෙන්
තමා ගේමම ගොඩ ගියේ වැඩේ 100% පිරිසිදුව ..
පොඩි උන් බොරු කියන්නේ නැහැ කියන කතාව
ගොතපු අපේ ආදී මුතුන් මිත්තන්ට ප්‍රණාමය ...
වෙලාවට ටොපි කොලය එකෙක්වත් දැක්කේ නෑ මන් හිතන්නේ. අපේ මුතුන් මිත්තන්ට ප්‍රණාමය..
Deleteමට තේරෙන්නෑ බං...
ReplyDelete
Deleteඇයි උබ කියල පිට ලේන් එහෙක එකෙක්ද
ඩෝ නොතේරෙන්න මේ ලේන් එකේ වෙච්චා ?
@ දේශකයා: චිප් චිප් පොඩි උන්.
Delete@ silentsahan: අපි මූව ගෙනත් හරහට අරං නලෝමුද?
අපේ ලේන් එකෙත් ඔහොම සීන් එකක් වුණානෙ මචං, ඉස්සරහ ගෙදර ශිරාණි ඇන්ටි වල් කියලා මාර කේස් එකක් ගියා. මම ඒත් බැලුවා ඒ සීන් එකවත්ද මේ උඹ ලියලා තියෙන්නේ කියලා.
ReplyDeleteමචං, ඇත්තටම අර ෆොටෝ එකේ ඉන්නෙ නම් කබරගොයෙක්.
ඒ වෙන එකක් වෙන්න ඇති බං.
Deleteස්ස්ස්ස්... කෑ ගහන්න එපා. කවුරු හරි ඇහුවොත් තලගොයෙක් කියලම කියහන්.
හුටා....කමෙන්ට් කියෙව්වාම ටියුබ් ලයිට් ගතිය ගියේ.. ;)
ReplyDeleteදැන් සීඑෆ්එල්ද? :)
Deleteහුටා....දැන්නේ තේරුණේ.....
ReplyDeleteමොකක්ද පිසාචයෝ....
Deleteමොකෝ මේ වැටවල් දෙකක්ම බැඳලා.
ReplyDeleteමීය කඩාගෙන නවතියිද බං.. අර වට පිට උන්නු එවුන්ගේ බෙල්ල නොකඩා
ReplyDeleteපොඩ්ඩක් හිටහන්කෝ නියපොත්තෙන් හූරලා බෙදලා දෙනකන්. ඊට පස්සේ වෙන දෙයක් බලමුකෝ..
Delete