Saturday, January 5, 2013

රෝස සමනළිය

    පුංචි අකමා උදෑසන නිදි ගැට කමින් දෑස හරින්නට විය. එක්වරම හිසට ඉහලින් තිබූ නුපුරුදු සුදු පාට වියමනින් සිටිනා තැන නිශ්චය කර ගැනීමට මද වෙලාවක් ගත විය. නැත. මේ පිට තැනක් නොවේ. ඇඳන්  දෙකක් එකට තබා අකම්, අයියා, අම්මා හා තාත්තා නිදා සිටි ඇඳයි. දින  කීපයකට පෙරාතුව පෝර උර එකට තබා මසා සකස් කල සිවිලිම තවම  දෑසට හුරුවී නැතිකම තිගැස්මට හේතුවයි. අයියා ඇඳේ නැත. වෙනදාත් අයියා මූණ කට සෝදා පැමිණෙන තෙක් අකම් ඇඳේය.  ඒත් වෙනසකි. අප දෙදෙනාම ඇහැරෙන්නේ එකටය. තාත්තාගේ හඩිනි. ඒත් අද ස්වේච්චාවෙන්ම නැගිටින්නට සිදු උණි.  කුස්සියේ උදෑසන යුද්ධය එලෙසමය. නමුත් නුහුරක් දැනෙන්නට විය. 

ම්ම්ම්ම්ම්.........

     තාත්තාගේ කට හඬ වෙනදා මෙන් ඇසෙන්නේ නැත. වෙන දිනයකදී නම් අම්මා උයන විට පොල් ගා දී ඒ අසලම රැඳෙමින් කුමක් හෝ  වැඩයනිරත වෙමින් ආගිය කතාවක් කියවමින් සිටින තාත්තාගේ හඬ අද නැත. රූපවාහිනියේ පිරිත් දේශනාව ඇසෙන්නේ නැත. උදෑසන හය වන තෙක් රූපවාහිනියේ පිරිත් දේශනය ක්‍රියාත්මක වන අප නිවසේ  හයේ සිට හත හමාර වන විට ගුවන් විදුලි  නාලිකා තුනක පුවත් ප්‍රචාරයන්ට සවන් දී අවසානය. අද කිසි ශබ්දයක් නැත. තාත්තා ක්ලීනික් ගිහින්වත්ද?....

ම්ම්ම්ම්......

   ඒත් නෑ. තාත්තා නිවසේ නැති දවස් වල රූපවාහිනිය ක්‍රියාත්මක කර  කුස්සියට යන අම්මාට එය  නිවා දමන්නට මතක් වෙන්නේ වැඩට යාමට සූදානම්ද වූ පසුවය. අද ඒ ශබ්දයත් නැත.


     කම්මැලිකම ඉවත දමා කුස්සියට යන විට ආත්තම්මා (ඇයඅප හැඳින්වූයේ යුනික් නමකින්ය.) ගජ රාමෙට වැඩය. 

"කෝ ආත්තම්මේ අම්මා."

"කුරුල්ලෙක් අරන් එන්න ගියා පුතේ" ආත්තම්මා හිනැහෙමින්ම කියා දැමුවාය. අකමා ෆුල් මඥන්ය.

  එදින පාසැල් දිනයක්ද නැද්ද යන්න හරියටම මතක නැත. ජනවාරි තුන් වනදා යනුවෙන් කැලැන්ඩරයේ සටහන් විය. සවස මා තාත්තත්  එක්ක රෝහලට යනවිට අම්මා ඇඳේ සිට අප සමඟ කතා කළා මතකය.

  දින දෙකක් ගත විය. පෝය දිනයකි. අකම් නින්දෙන් ඇහැරියත්  ඇඳෙන් බැස තිබුනේ නැත. තාත්තා රෝහලේ සිට කඩිමුඩියේ පැමිණියේය. පෙරමග බලා සිටි ආත්තම්මා කුමක්දෝ විමසුවාය.

"දුවෙක්" 
    යන හඬ දෙසවන් තුලට හොඳින් කා වැදුනේ ම වචනයේ උච්චාරණය  වෙනදා අසා තිබුණාට වඩා වෙනස් වූ නිසාමය.

PS. 
Pataloganna epooo...

Meka awurudu bara gaanakata kalin wechcha seen ekaka anniversary ekak.

36 comments:

  1. හොඳයි හොඳයි එහෙනං පුංචි අකමට පුංචි රෝසපාට නංගියෙක්.

    තාත්තා ක්ලිනික් ගිහින්වත්ද?
    ඈ අකමො ඔය වැඩේට පිරිමි ක්ලිනික් යනව ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. patala ganna epo..
      Punchi akama iskole giye awurudu bara ganakata kalin..

      Oya 90 dashakaye una siddiyak.

      Delete
    2. පටලගෙන නෑ අකමො. ඒක දැනගෙන තමයි කොමෙන්ට් කළේ.

      Delete
    3. ඒකනේ... මන් හිතුවේ පටලාගෙන කියලනේ. රෑ අම්මව හොස්පිට්ල් එක්කගෙන ගිහින් තියෙන්නේ තාත්තනේ. ඒ ඇඳේම හිටපු මං හොඳට දොයි.

      බබාලා හම්බ වෙන්න ඉන්න කොට තාත්තලත් ක්ලීනික් යන්න ඕනි. හා බොරුනම් කාගෙන් හරි අහල බලන්න.

      ....//හොඳයි හොඳයි එහෙනං පුංචි අකමට පුංචි රෝසපාට නංගියෙක්.//.... දැන්නම් ජැනට් ඇන්ටිගේ පිහිටෙන් තමා....

      Delete
  2. පුංචි අකමාට නංගියෙක් ගෙනත් දීලාලු..ඉස්සර.. හි හි හී...රෝස සමනලියෙක්...

    ReplyDelete
    Replies
    1. හි හි හී... නෙවෙයි හලෝ...

      ඔහෑ.. ඔහෑ.. ඔහෑ...
      බලන්නකො මට නිදාගන්නවත් නෑනේ.

      හැබැයි ඉතින් ගෙදරට හම්බ වෙන කෑම, ත්‍රිපෝෂ වලටනම් එපා කිව්වේ නෑ. හි හි හී...

      Delete
  3. හි හි.. අකමත් දැන් අයියෙක් ඈ..
    මාතෘකාව දැක්කම හිතුවෙ පෙම් පලහිලව්වක් කියලා.. බැලින්නං සහෝදර ප්‍රේමයක්නේ..

    ReplyDelete
    Replies
    1. පුංචි අකමා අයියෙක් උනානේ බණ්ඩෝ....

      මේක ලිව්වේ හදිස්සියේ. වැඩට යන්න ලැස්ති වෙන ගමන්. පබ්ලිශ් කරන්න ඉස්සෙල්ලා කියවන්නත් බැරි උණා. ඉතින් නම තෝර ගන්නැ එකත් කලබලෙන් කලේ කියන එක කියන්නත් දෙයක්යැ. මුලින්ම හිතට ආපු එක කොටලා දැම්මා.

      Delete
    2. හුටා.. කොමෙන්ට් කියවද්දියි මීටර් උනේ නංගාගේ උපන් දිනේ කියලා..
      සුභ උපන් දිනයක් වේවා අකමගේ නංගට..

      (දවසක් පරක්කුයි ඈ. ගනන් ගන්න එපා)

      Delete
    3. පරක්කු උනත් සුභ පැතුමක්නේ මචං. බොහොම ස්තුතියි!

      Delete
  4. අපේ පවුලේ අයට, ඔය කෙලි පැටික්කිව ඇත්තෙන්ම දැකගන්න වාසනාව ලැබුන බව කියන්නෙ ආඩම්බරෙන්.

    ඉතින් අකමො, අද නංගිගෙ උපන්දිනේද? එක පාරටම බ්‍රේක් ගහලා තියෙන නිසා හිතාගන්න අමාරුයි.

    අම්මවත්, නංගිවත්, අයියාවත් ආදරෙන් මතක් කල බව කියාපං.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔන්න හෙන්රි අයියේ එක පාරටම බ්‍රේක් ගහන්න හේතුව බණ්ඩාට කිව්වා.

      අද නංගිගේ උපන් දිනේ. ඔන්න අම්මටයි, නංගිටයි කිව්වා.

      Delete
  5. මට ටියුබ් ලයිට් පත්තු වෙන්න විනාඩියක් විතර ගියා. කොමෙන්ට් ටික බැළුවමයි තේරුනේ..
    අවුල උනේ මොකාටද මේ "අකමා" කිව්වෙ කියලා :P

    එහෙනම් සුභ පැතුම් කිව්වා නංඟි බබෙක්නේ..

    ReplyDelete
    Replies
    1. "අකමා" නිකන් "නිකමා" වගේ නේ. එක අතකට එකත් හරි. ගෙදර දොරේ වැඩ දාහක් තියෙද්දී කම්පීතරේමනේ ඉන්නේ. හි හි...

      ඔන්න නංගිට කිව්වා.

      Delete
  6. අපිට කොයින්ද නංගියො ? හිටියෙ අක්කලා දෙන්නෙක් නොවැ !

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්ද අක්කලා....

      පවුලේ බාලයා වෙන එක කොච්චර ශෝක්ද? බර ටිකක් හරි අඩුයි නෙව. බඩ පිස්සා කියන්නෙත් ඕකටනේ.

      Delete
  7. අවුරුදු ගානක් ගිහිල්ලත් මේ අයියට නන්ගිව රෝස සමනලියෙක් වගේ පේන එක කොච්චර හොදද.... මගේ නන්ගිවත් ගෙදර ගෙනාපු දවසේ ඉදන් මට දෑනුන දේවල් ආයේ මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඒක වචනවලට පෙරලන්න බැරි හැගීමක්. එහෙම නේද නදිනි. පුන්චි කාලේ කොච්චර සුන්දරද?

      Delete
    2. ඔව්.. ඒක හරි අමුතු හෑගීමක්... මට එයා ඉපදුන දවසේ ඉදල ඕනි උනේ එයා ඉක්මනට ලොකු වෙන්න.. මට වඩා අවුරුදු 6 ක් බාල උනත් දෑන් අපි දෙන්න එකම ඈදුම අදින්න තරම් එයා ලොකුයි .. අනික කොල්ලන්ගෙන් බේරගන්න බෑරි තරම් ලස්සන කෙල්ලෙක්... හෑබෑයි ඉතින් මෙහෙම අය්යල නන්ගිලට ආදරේ කරනව දෑක්කහම ඉතින් කුලියට හරි අය්යෙක් ගන්න හිතෙනවා...

      Delete
    3. ඔය කාලෙට අයියලනම් වැහි වැහැලා නදිනි. :)

      Delete
  8. අකමාගේ රෝස සමනළීට සුභ උපන් දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුභ පැතුමට රෙහානි.

      Delete
  9. උඹ පලිය දැම්මෙ නැත්නම් මම හිතාගත්තෙ අකමා කියන්නෙ චූ කොල්ලෙක් කියලා..

    නංගිට සුබ උපන්දිනයක් කිව්වා කියහන්..

    ReplyDelete
    Replies
    1. මන් කියන්නෑ බොට...


      සුභ පැතුමට ස්තුතියි. හෙට උදෙන්ම කියන්නම්...

      Delete
  10. කමෙන්ට් වලින් තමා තේරුම් ගත්තෙ ටියුබ්ලයිට් උනාබං..!
    නංගිට සුබ උපන්දිනයක් වේවා..! මේ තාමත් රෝස පාටද ඈ..!:)))))

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ. ලාබෙට ගන්නැතුව හොඳ ස්ටාටර් එකක් ගත්තනම් ගොඩ කියලා.

      සුභ පැතුමට ස්තුතියි!

      (මේකප් එකේ ප්‍රමාණය අනුව පාට වෙනස් වෙනවා බන්)

      Delete
  11. සුබ උපන්දිනයක් අකම්ගේ නංගිට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! සංජය.

      Delete
  12. අකම් නගා ට සුබ උපන් දිනයක් වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! චන්දන.

      Delete
  13. මාත් ආවයි කියන්නේ මේ පැත්තට...මේ ආවමද මන්දා....ආයේ එන්නම් ඈ....

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. දිගටම එන්න හොඳේ...

      තරුවත් සමන් දෙව් අඩවියේ පොරක් කියලා දැනගන්න ලැබුණා. සන්තෝසයි.

      Delete
  14. උඹ නම් හරිම එකෙක් තමා.. මම මේක දැක්කෙ නැත්තම් නංගගෙ උපන් දිනේ කියලා දන්නෙ නෑ.

    පහුවෙලා හරි රෝස සමනලීට සුබ පතනවා ඔන්න..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... තැන්කෝ.. තැන්කෝ...

      Delete
  15. මට නම් ආපු දවසේ ඉඳලම වදයක් විතරයි අපේ මල්ලි... හි හි..

    අකම්ගේ නංගිට සුබ උපන් දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. හිටපියකෝ මේක පෙන්නන්න මල්ලිට.

      සුභ පැතුමට ස්තුතියි!

      Delete