ඔන්න ඉතින් මමත් හා හා පුරා කියලා බ්ලොග් ලෝකයට එකතු උනා......
න්‍යාය පත්‍රයට අනුව මුලින්ම තියෙන්නේ බ්ලොග් ලෝකෙට එන්න පාර කැපුනු හැටි පැහැදිලි කරන එක තමයි ඕන්.
කාලෙකට ඉස්සර කෆීර් 2ක් හැප්පුනු සිද්ධිය නෙට් එකේ සර්ච් කරනකොට තමයි මුලින්ම මාරයා මහත්තයා මුණ ගැහුනේ. හැබැයි ඉතින් දෙයියනේ කියලා නිව්ස් එක බැලුවා, ඒත් එක්කම තිබුන මාරයා
පැවිදි වීමේ පොස්ට් එක බැලුවා එච්චරයි. ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ ඇඩ් කරලා තියෙන ලිස්ට් එකෙන් ගිහින් ප්‍රසාගේ ෆන් ලෝකය බැලුවා. ඊට පස්සෙනේ යකෝ දන්නේ මේ ඔක්කොම ලියන්නේ එකෙක් නෙවෙයි කියලා. (මාරයාගෙ
ප්‍රොෆයිල්
එක හරහා ගිය හින්දා රැවටුනා නේ.) ෆන්ලෝකය ඉවර කළා, ඊට පස්සේ බ්ලොග් ගඩොල් ඉවර කළා. රත්ගමයාටත් ඒ සෙතේමයි. ආයේ අවා මාරයා ඉන්න ඉසව්වට. එයාවත් ඉවර කලා බුදු ගේමක් දීලා. ඇයි දෙයියනේ මන් නිවාඩු පාඩුවේ පෝස්ට් එකක් දෙකක් කියෝනකොට මෙහෙන් පෝස්ට් තුන හතරක් දාලනේ.
බෝලකලුවලානේ දුමී (නම හැදීමේ ගෞරවය බ්ලොග් කලාවේ දෑවෙන්තයෙකුට හිමි වන අතර භාවිතය පමණක් අහිංසක මම විසින් සිදුකරන ලදී.) ගේ ඉසව්වෙත් පදිංචි වෙලා ඔක්කොම කියෙව්වා. අපි හැමෝගෙම ආදර ගෞරවයට පාත්‍ර උනු ඔබා මාමාගේ බ්ලොග් එකත් කියෝලා ඉවර කලා. ඇත්තටම මන් ඒ දවස්වල ඉඳලම හීන මැව්වේ ඔබා මාමා මගේ පෝස්ට් එකේ කොමෙන්ට් එකක් දානවා දකින්නයි. අන්තිමේදී ඒක හීනයක්ම උනා. ඔබාල, මාරයල කින්ඩි දාන්නේ මොකාටද කියල බලනකොට මෙන්න ඉන්නවා වෙනී අයියා. වෙනී අයියාගේ කතා සේරම ලස්සනට ලියලා තියෙනවා. (අහල පහල හින්දා කිව්වා නෙවෙයි ඕන්. පොඩි මෑන්, ඔබ නොදුටු ලොවක්, සෑම් ලගේ බ්ලොග් අකුරක් නෑර කියෝලා ඉවර කලා. අද දවස ඇතුලත ඕන මැන්ටලෙත් කියෙව්වා.
මීට අමතරව විචාරක, සත්සමුදුර වගේම තව ගොඩක් ඒවා වෙලාවක් ලැබුනු විගස ගිහින් බලනවා. ප්‍රසන්න අයියගේ එකත් බැලුවා හරිද?.
මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න ගොඩක් කල් හීන මැව්වා. ඒ හීනේ හැබෑ උනා. මෙතනින් එහාට
තියෙන්නේ. දෙයියනේ කියල සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් පවත්වා ගෙන යෑම තමයි. ප්‍රසන්න අයියා විතයි අද වෙනකන් අති සාර්ථක බ්ලොග් එකක් කරලා තියෙන්නේ. ට්‍රයි එකක් දීල බලන්න ඕනි ඒ රෙකොර්ඩ් එක මට ගන්න.
හා හා වැඩි කතා ඕනි නෑ. හෙට උදේට වැඩට යන්නත් එපායැ. ඕන් මන් පටන් ගත්තා එහෙනම් ඈ.
උණුසුම් සුබ පැතුම් ! ලියන්න , අපි එන්නම් කියවන්න ..
ReplyDeleteටැංකෝ කිව්වා එහෙනම් ඕන්. යෝධයෙක්ගේ ආගමනය සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.
Deleteවිලි ලැජ්ජාවෙ බැරුවා.. යෝධයෙක්ය කීවහම.. අපොයි මන් තාම සුහුඹුල් පොඩි එකෙක් බ්ලොග් කෙරුවාවට නම්.. වයසින් නම් නාකියි ( ලෝකයා කියන විදියට )
Deleteපිස්සුද වෙනී අයියේ, ඔය ලෝකයා කියන දේවල් කවුද ගණන් ගන්නේ. ඕකගේ පණ්ඩිත කතා හින්දනේ ඕකට ලෝකයා කියල කියන්නෙත්.
Deleteඔයාගේ කතා වල තියෙන සරල ගැඹුරු බොක්කටම වදින්න ලියන්න පුළුවන් කම ආයේ ඉතින් අපිට තියෙනවා කියලැයැ.
කමෙන්ට් කරන කොට වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න සහ ෆලෝ කරන්න ඕනි විජට් එක ඇඩ් කරන්න මුලින්ම.. ඊට පස්සෙ ඉතින් ඔය තව තව සැරසිලි හිතේ හැටියට එකතු කර ගන්න !
ReplyDeleteඋපදෙස් හරිම වටිනවා අපි වගේ අයට. තව අපි නොදන්නා දේවල් කොච්චර තියෙනවද මේ (බ්ලොග්) ලෝකේ. අහගන්න එන්නම්කෝ.
Deleteඔය සිංහල දෙමල ඉංග්‍රීසි ප්‍රසන්නයා වගේ නැතුව සාර්ථක බ්ලොග් අඩවියක් කරගෙන යනන් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා :-D
ReplyDeleteකොච්චර උනත් උන්දැ බ්ලොග් අප්ඩේට් නොකලට හැමෝගෙම බ්ලොග් වලට දෙන තල්ලුව අගේ කරන්නත් ඕනි. "ම"ගේ ප්‍රාර්ථනාවට වගේම මේ පැත්තේ ආපු එකටත් ලොකුම ලොකු මෙව්වා එකක් මගෙන්.
Delete@ ම, ඇයි මගේ එක සාර්ථක නැද්ද? :D
Deleteත්රීබාශා අයියේ, උඹ තරම් සාර්ථක පොරක් කොහෙවත් නෑනේ. අඩුම පොස්ට් ගානකට වැඩිම හිට්ස් හා කමෙන්ට්ස්. ජෙලස් අප්පා.
Deleteඅපරාදේ කියන්න බැහැ බ්ලොග් බර ගානක් කියවීම හරහා සෑහෙන්න දේවල් ටිකක් ඉගෙන ගෙන වැඩේට අත ගැහුව වග හොඳටම පේන්න තියෙනවා... ලින්ක් දාලා තියෙන්නේ හතර අතටම...
ReplyDeleteසාමාන්‍යයෙන් අළුතින් බ්ලොග් ලියන්න එන කෙනෙකුට අපි දිරිමත් වෙන්න කතා කරන්න ඕන තමයි...ඒත් කියන්න කණගාටුයි අද මට මුලින්ම කරන්න වෙලා තියෙන්නේ එයිට ප්‍රති විරුද්ධ දෙයක්.. ඒ තමා මොන දේ කලත් අපේ ලට පට ලියන දෙමළ න යන්නේ ප්‍රසන්නයා අභිභවා යෑමට හැකියාවක් ඇත්තෙක් ආයේ බිහි වෙන්නේ නැහැ කියන එක... ඒ හින්දා ඒකට උත්සහ නොකර මෙන්න මේක ලියාගෙන යං...:D (වැරදි ණයන්නේ එකාව ආදර්සෙට නොගෙන දිගට ලියං යම)
ම්ම්ම්... මන් දැන් එකෙකුට කිව්වා යෝධයෙක් කියලා. බොට මක්කෙයි කියන්නේ. මාර අයියේ, ඔයාගේ 1 තමයි මන් දැනුවත්ව බ්ලොග් 1ක් කියල හා හා පුරා කියෙව්වේ. ඒත් දෙවෙනි පාරට ආපුවම තමයි දන්නේ ඇත්තටම ඔය බ්ලොග් ලෝකේ ඇසු පිරූ තැන් ඇති මහා වෘක්ෂයක් කියලා. ඔයාගේ පැමිණීම වගේම උපදෙසුත් සාදරයෙන් පිලිගන්නවා.
Deleteඔන්න ඔයාගේ උපදෙස් ඉහලින්ම පිලි අරන් දෙමළ න යන්නේ ප්‍රසන්නයා අභිභවා යෑමට කෙසේ වෙතත් සම කරන්නනම් තව ටිකකින් පුළුවන් වෙනවා.
සුබ පැතුම් ඒ.කේ.එම්.හොද සාර්ථක බ්ලොග් එකක් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteතැන්කෝ.. ඔයාලගේ දිරිමත් කිරීම් අපි වගේ අලුත් එවුන්ට ගොඩක් වටිනවා.
DeleteAll the best AKM...!!!
ReplyDeleteමේ නිකම් අපිව කෝචෝක් එකට ගන්නෙපා ලකී අයියා ඉංගිරීසි කෑලි දාලා. (හි හි බැන්නත් කමක් නෑ මේ පැත්තේ ආවානේ.)
Deleteලකී අයියේ ඔයාගේ සුභ පැතුම් සමඟ ආගමනයත් සාදරයෙන් පිලිගන්නවා.
අනේ අප්පේ කෝචෝක් එකකට නෙවෙයි බං...මම උඹගෙ බ්ලොග් එක මුලින්ම කියෙව්වෙ සිංහලෙන් කොටන්න පුලුවන් තැනකින් නෙවෙයි..ඒත් ඉතින් පස්සෙ කොටන්න හිටියොත් අමතක වෙන නිසා සුද්දගෙ බාසාවෙන් කෙටුවෙ..
Deleteසොරි ලකී අයියේ, මන් කියපුවා සීරියස් ගන්න එපා. බ්ලොග් ලෝකෙදි මන් දැකපු හිතේ කහටක් නැති අවංක පුද්ගලයෙක් ඔයා. හැමෝටම ඒකාකාරී කමෙන්ට් දාන්න කම්මැලි හිතුන හින්දා වෙනසකටත් එක්ක රිප්ලයි කලේ.
Deleteනැවත වරක් "ලකී අයියේ ඔයාගේ සුභ පැතුම් සමඟ ආගමනයත් සාදරයෙන් පිලිගන්නවා."
සුබ පැතුම් ඈ... දිගටම ලියන්න... අපි එන්නම් කියවන්න... ජය...!
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. දිගටම එන්න හොඳේ. පුළුවන් හෙම වෙලාවේම පෝස්ට් 1ක් දාන්න හිතාගෙන තමයි ඉන්නේ.
Deleteසුභ පැතුම්. මම හැම කෙනෙක්ටම කියන්නෙ දෙයක් ආරම්භ කරනවට වඩා අමාරුයි පවත්වාගෙන යන එක කියල. හොඳ දෙයක් දෙන්න. ජය !
ReplyDeleteමුලින්ම ස්තුතිය පිලිගන්නකෝ.
Deleteබලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්නේ දිගටම ලියන්න කියලා. ඔයාලගේ කමෙන්ට් තමයි අපිව දිරිමත් කරන්නේ. ඒ වගේම තමයි ළමයින්ටත් සුදුසු විදියට තමයි (නොතේරෙන්න කවියක් කිව්වට) දෙන්න හිතාගෙන ඉන්නේ.
සුභ පැතුම්!
ReplyDeleteආදරයෙන්, සාදරයෙන් පුංචි පැලට පිලිගන්නවා. ආයෙත් එන්න හොඳේ.
Deleteසුභ පැතුම් මගෙනුත්!
ReplyDeleteපිළිගත්තා සහෝ. මගේ හද පතුලෙන්ම අරන් තියා ගත්තා. ස්තුතියි මේ පෙත්තේ ආවට.
Deleteසමන් දෙවිහාමුදුරුවන්ගෙ පිහිටයි. ඒ වුනාට උඹ අර සිංහල දෙමල ඉංග්‍රීසි ප්‍රසන්නයාව නම් අනුගමනය කරන්න එපෝ.
ReplyDeleteඑහෙනං ජයවේවා කිව්ව. ඔහොම යං.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
අනේ ප්‍රසන්න අයියේ, මම එහෙම මෙහෙම ලියන්න කියල කිව්වේ නෑ ඕන්.අල්ල ගන්නවානම් දාපු අයව අල්ල ගන්නවා හොඳයි ඕන්.
Deleteඅහම්බෙන් වගේ අද උදෙන්ම බස් එකේදී අහන්න ලැබුනේ "සකල සතම බොදු බැතියෙන්..." සින්දුව. ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවට වගේම දිරිමත් කලාට. දිගටම ලියන්න ඕනි. මේක සමන් දෙවි අඩවියනේ. කියා කියා කරන්න ගියොත්.. (දෑතින්ම කට වහ ගත්තෝ)
මම දැනගෙන හිටියෙ නෑ බ්ලොග් එකක් තියෙන බව....ෂාඃ නියමයිනෙ.....
ReplyDeleteරත්තපුරේනෙ නේද.....එහෙනම් අපිට අපිටමත් පොදු වූ කතාත් ඇති. දිගටම කරගෙන යන්න.
ජය වේවා.....!!!
මිනිපුරේට වගේම මිනීපුරේටත් අනන්‍ය උනු කතා තියෙනවනේ.
ReplyDeleteආවට ගොඩක් ස්තුතියි සුමිත් අයියේ, සමන් දෙවි හමුදුරුවන්ගේම පිහිටයි.
අලුත් කෙනෙක්! නියමයි! සුභ පැතුම්! මගේ බ්ලොග් එකේ තිබ්බ කමෙන්ට් එකන් තමා ඕං මං පාර හොයා ගත්තේ! දිගටම ලියන්න! අපි එනවා හැමදාම! ෂුභ පැතුම්!
ReplyDeleteසුබ පැතුම් වලට ගොඩාක් ස්තුතියි. ඔයාලට කියවන්න පුළුවන් තරම් අලුත් දේවල් දෙන්න උත්සහ කරනවා.
Deleteආයෙත් කිව්වා සුබ පැතුම් වලට ගොඩාක් ස්තුතියි.
බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් :)
ReplyDeleteගොඩාක් ස්තුතියි! හසිත. ඔයාලගෙ ආශිර්වාදේ තමයි අපිව ඉස්සරහට ගෙනියන්නේ.
Deleteඋඹ රන් කිරි කට ගාලා තියෙන්නේ නියම විදියට. අපි බං මෙලෝ හසරක් නොදැන වැට පැන්නේ.. උඹට දුර යන්න පුළුවන් බවට ඒක හොද සලකුණක්. ජයෙන් ජය...
ReplyDeleteබොහොම ස්තුතියි දේශකයා. අපි කරන්නේ ඔයාලා එලි කරලා දුන්නු පාරේ යන එක විතරයි.
Deleteනිව්ටන් එයාගේ ජීවිත කාලය පුරාම ලබාගත්තු දැනුම දැන් ඒ ලෙවල් කරන එකෙක් උනත් දන්නවා. ඒත් දෙන්නගෙන් ශ්‍රේෂ්ඨ කවුද? නිව්ටන්නේ.
අදයි මේක දැක්කෙ මලේ.
ReplyDeleteපරක්කු වෙලා හරි සුබ පැතුම්. දිගටම ලියන්න.
යකෝ මේකෙ කොමෙන්ට් වැඩි හරියක් තියෙන්නෙ මට බැනලනෙ. :D
අනිත් හැමෝටම වඩා වෙනස් විදියට හිතලා කමෙන්ට් දාන එක තමයි අයියගේ මන් දැකපු වටිනාම දේ.
Deleteඉරිසියාකාර යක්කු ඔය මොන මොනා කිව්වත් අයියා ඕවට සැලෙන්නෙපා අයියා. පල ඇති රුකටනේ ගල් ගහන්නේ.
අපි ඉතින් අහල පහලනේ. වෙලාවක සෙට් වෙමු. ජයවේවා!