Tuesday, May 14, 2013

නිදහස.......


රුදු රුපුන් මැද
දිනූ ඒ  නිදහස
නොබියව යන කලට මහ මග
දැනෙයි එහි අසිරිය තව තව


දැනෙන්නට එහි අගය තව තව
අවැසියි තැබුමට බිම අද
සිතේ ඇති බර පොදිය හනිකට


වසරකට වරක් අපහට
මොනරෙක් දික් කරයි සිත පිනුමට
එනමුදු අද දින
විදුලිය වදියි මොනරෙකුත් තව පැටියෙක් සමගින







ඒ මදිවට දුක් කරදර
කකුලටත් කෙලවිය කොර වන්නට
ගත්තු සීසන් එක
හංගා ප්‍රයිවට් අදියි වාඩිවී අද


තුන් සක් රිය පිහිටෙන්
ගත වෙහෙස අඩු කොරත් සතොසින්
වෙදදුරුගේ පිහිටෙන්
ගත මෙන්ම සිතත් හිල්වෙයි යහමින්


ලබන්නට අවසන් සැනසුමත්
යන්නෙමි නින්දට ට්‍රයි කොරන්
මතක් වනවිට බර මහ මෙරක්
ලැබෙයි එදිනටත් අතට නිදහසක්

32 comments:

  1. අනේ ඔව් ඉඳලා ඉඳලා ඔහොම හරි නිදහසක් හම්බෙන එක හොඳා තමා. :D

    ReplyDelete
    Replies
    1. පල පල යන්න... ඉරිසියා කාරයෝ......

      Delete
    2. මාගේ ඉහත ප්‍රකශය හුදෙක් උඹගේ අහිංසක අත ගැන අනුකම්පාවෙන්ම කළ එකක් මිස ඊරිසියාවකින් කළ එකක් නොවන බව කරුණාවෙන් සළකන්න.. :D

      Delete
    3. මාගේ ඉහත ප්‍රකාශයද හුදෙක් උඹගේ නොහැ...... එක්කො ඕන්නෑ බං. :D

      Delete
  2. ඉතින් කමක් නැහැනේ ලබන අවුරුද්දෙත් මොණරෙක් හමබෙනවනේ ...එතකම් පොඩ්ඩක් ඉවසන්න :D අකම් අපේ පැත්තේ අවනම් පොඩ්ඩකට...

    ReplyDelete
    Replies
    1. පටි තදකරගන්න එකත් පට්ට ආතල් බං. එතකොට අපි පිස්සු බල්ලෝ වගේ බිම තියෙන වතුර වලවල් හොයාගෙන යනවා මිසක් අහසින් වැටෙන වතුර කොහාට ගලන් යනවද කියලා හොයන්න දඟලන්නෑනේ... :D

      මුලින්ම ඔයාට ස්තුති කරන්න ඕනි මගේ කමෙන්ට් නැතත් මේ පැත්තේ එන එකට.
      ඊයේ හවසත් මං ටිකක් බැලුවා බස් එකේදී. අද උදේ මං මේ කමෙන්ට් එක දැකලා ෆෝන් එකෙන්ම පොස්ට් එක කියවලා ඉවර කළා. (මං උදේට කම්පුටර් එක දාන්න බයයි. වැඩට යන්න පරක්කු වෙන හිංදා අන්තිමේදී ඔයා හින්දම කම්පියුටරේ දාගත්තා. :) )

      {ඔයාට මං රහසක් කියන්නද? සෙන්නගේ හිට්ස් ගාන දැන් බෝතලේ පෝස්ට් එකේ ඉඳන් වැඩිවෙලා. හේතුව දන්නවද...? :D)

      Delete
    2. ඔයා හොරා වගේ ඇවිත්, නොකියම ගියා නේද මෙයා.. ??? ආවට තැන්කිව් ඈ.. :D

      උඹැ කොහොමද මගෙ හිට්ස් ගාන දන්නෙ ?? හේතුව කිව්වනම් අපිටත් දැන ගන්න.. !!!

      Delete
    3. හොරා වගේ ඇවිත් බලන්නේ මාතෘකාව විතරයිනේ බං. :D

      ටැබ් එකක කුරුන්ද ඕපන් කරන් ඉන්නවා. ඒත් අප්පා දවසකට එක පොස්ට් එකයි නැත්නම් දෙකයි බලන්න වෙන්නේ. වෙරිමතට වඩා ලොකුයි කියනවනේ නිදිමත. ඔය සමහර තැන්වල දැකල නැද්ද මහ රෑ නිදිමතේ දාපු කමෙන්ට් හින්දා නන්නත්තාර වෙලා ඉන්න රඟ... :D

      හැමදාම ආපු ගමන් බ්ලොග් රෝලේ තියෙන එව්වා ඕපන් කරගන්නවා. නිදා ගන්නකොට ක්ලෝස් කරනවා. කුරුන්ද එදා ඉඳන්ම ටැබ් එහෙක තියෙනවා. ඉතිං බ්‍රව්සරේ ඕපන් කරනකොටම උඹට හිට් එකක් :O හා බොරුනම් ට්‍රැෆික් සෝර්ස් බලහන්.

      Delete
    4. මේ මොකෝ හිට් කවුන්ටරයක් එල්ලගෙන නැත්තේ......

      Delete
    5. හැහ් හැහ්.. ඒකයි මේ රහස... මට හිතුනෙ වෙන දයක්...මම හිතුවෙ ඔය මාතෘකාව පොරවල් "බෝතලේ විස්කි" කියලා වැරදියට කියවලා, කඩාගෙන බිඳගෙන ඇවිත් බලනවත්දෝ කියලා..:D හැක් හැක්.. කිව්වට විස්වාසෙට ගනින්.. ලියපු මටත් දවසක් ඔහොම කියවුනානෙ.. :D

      හිට් කවුන්ටර් ඇවිල්ලා බොලඳ දේවල් කියලා වැටහුනා.. ඉතින් ගලවලා දැම්මා..

      Delete
    6. "බෝතලේ විස්කි" හෙහ් හෙහ් හෙහ්.... එළ නම....

      Delete
  3. ඕව ඔක්කොම හරියයි.

    ReplyDelete
    Replies
    1. අර අරූ ඔව්වා ඔක්කොම විසඳයි නේ...

      මොකක් කිව්වා.. අරූව දන්නෑ...? :o කාලයා බං කාලයා....

      Delete
  4. බාධක මැද ගලන ගග සුන්දරයි කියලා පොඩි ඇලට් එකක් දාගෙන ඉන්න මෙයා...

    ReplyDelete
    Replies
    1. එකනේ අනේ.. ඔයාට විතරයිනෙ තේරුනේ මෙයා....

      Delete
  5. මොකද උනේ කකුලට?

    ReplyDelete
    Replies
    1. එතකොට මේකේ කමෙන්ට් එකක් දැම්මේ මොන සිහියෙන්ද? දැන් හැදෙන කෙල්ලන්ගෙ සිහිය අම්මපා...... :D

      මං ගිය සයිට් එහෙක මැෂින් එකක් වැටුණා සසිනි.

      Delete
  6. එන්නේ අවුරුද්දට එක මොණරයි.. යන්නේ

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්තටම නලින් අයියේ මෙහෙම අමුවෙන් විස්තර කරන්නත් අමාරුයි. කෝ ඉස්සෙල්ලා දාගන්නකො මේක. දැන් මෙහෙමයි. අපි ගම්මුකො රටක ආර්ථික ක්‍රියාවලිය. ඔතනදි උද්ධමනය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සර ෂොපින් එකක සල්ලි ගෙනිහින් ලොරියක බඩු ගෙනාපු විදියටම (ඔය බයිට් එක පොඩ්ඩක් දෙන්නකෝ..) දැන් අපි ලොරියක් සල්ලි ගෙනිහින් (ඉග්:) ෂොපින් එකකට බඩු ගේනවා.

      ඒත් තේරුන්නෑ නේද? කොහෙද ඉතිං සිහියෙන් ඉන්න මනුස්සයෙකුට එපෑ කියන්න. ඔය ගෑරුප්පු දෙක මෙහාට දෙන්න. හා පටන් ගන්න නලින් අයියා.. කමෝන්...

      "රන් මසු නෑ කියා
      මා දිළිඳුයි කියා
      කීවා.....
      මට තව මතකයි ඒවා..."

      Delete
    2. සෙන්නා සැන්ඩි පොඩ්ඩක් වැඩි කරලා ගන්න. හදිස්සියක් නෑ. හිමීට යමු..

      Delete
  7. කකුල තවමත් සනීප නැද්ද?දැන් කාලේ ලංකාවේ ආර්ථිකය හැටියට නම් මොණරෙක් වැඩි වෙලා මදි නේද? එහෙම හරි හම්බවෙනවනේ කියල හිත හදාගමු..

    ReplyDelete
    Replies
    1. හෙට මැහුම් කපන්න හිතන් ඉන්නේ. මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා. මැහුම් දැම්මෙත් හිරිවට්ටන්නැතුව. :(

      එහෙම කතා කරන්නෙපා නදිනි. මට ඔය සොච්චම වැඩි උණත් එකයි නැතත් එකයි. ඔයා දන්නවද මගේ ආදායම. පොඩ්ඩක් හිටු ඒක පුද්ගල ආදායම් වාර්තාව බලලා එනකම්. මට ඉලක්කම් ටිකත් මතක නෑනේ....

      Delete
    2. බාප්පොච්චිගෙ ඊමේල් ලිපිනය එවන්න ඇහැකිද?

      Delete
  8. කොරාට දුක හිතිලා.. හැක්.. ඇත්තට දන්නෑ නේ උඹ තුවාල වෙච්චි විත්තියක්. මොකෑ උනේ...

    ReplyDelete
    Replies
    1. හිතේ දුකට කවි සීපද කියවෙනවා......

      දැන්ද අහන්නේ. හැබෑවටම උඹ මේ පැත්තේ ඇවිත් නෑ නොවැ. මැෂින් එකක් වැටුණනෙ දේශකයෝ...

      Delete
  9. දැන්වත් කකුලට පොඩ්ඩක් වත් ගුණයක් නැද්ද අකමා. මම කල්පනා කලේ ඇඟිල්ල පැලිලත් ලේ ආවේ නැත්තෙ ඇයි කියලා.

    ReplyDelete
    Replies
    1. වෙච්ච වැඩේට බය‍උන පාරට ලේ ගල් වෙලා. :D

      Delete
    2. වෙන්න ඇති ප්‍රසන්න. බය වෙච්ච පාරට ඇ‍ඟේ ලේ වතුර වුනා නම් හරි ඔරේඤ්ජං බාරලි වුනා නම් හරි එක්කො අවර්ණ දියරයක් නැතිනම් කහ පාට දියරයක් ගලන්න එපායැ.

      Delete
    3. එක තැනක ඉන්න නැති හින්දද මන්දා දැන්නම් දැක්කම තමයි තුවාලයක් තියෙනවයි කියලත් මතක් වෙන්නේ. එකටත් හරියන්න කකුල... කෙන්ඩයි, කලවයි නෑ වගේ කොර ගහලම.
      මටත් හිතාගන්න බැරි ඒකමයි හෙන්රි අයියේ. ඕක ගැන කාගෙන් හරි අහලා බලන්න ඕනි.

      හා ඔය තියෙන්නේ ප්‍රශ්නෙට උත්තරෙයි පැහැදිලි කීරීමුයි ඒවා ස්ථීර කීරීමුයි.

      "ඇඟේ ලේ නෑ" කියන එක වෙන්න බැරිකමක් නැද්ද හැබෑටම.

      Delete
  10. මොකක්ද බන් කකුලට වුන කිවුවේ..

    ReplyDelete
    Replies
    1. කලින් පොස්ට් එක බලන්නකෝ අසාර්. ඇඟිල්ලක් පැළුනා. :(

      Delete