බ්ලොග් ලෝකෙ කැමරා පිස්සෝ කීප දෙනෙක් ඉන්නවා.
අයිලාස්, වෙනී වගේම ඩූඩ්, මාරේ වගේ අයත්. පහු ගිය කාලේ ඔය කට්ටියගේ වැඩ කිඩ
දකින්න ලැබුණනේ. ඒ අතරින් අයිලාස් තමන්ගේ දැනුම බෙදා දෙනවා. වෙනී අයියා වතුර පෙවී
පෙවී වැඩ කෑල්ලක් දැම්මා. ඒ මදිවට සිහින උළෙලටත් දිග හොම්බ අරන් ගිහිං තිබුණනේ.
ඊළඟ කෙනා.... අන්න බුවා. කැමරාවෙන් වැඩ දානවා
මදිවට කැමරාව ඉස්සරහට ගිහිනුත් වැඩ දානවා. අර පුංචි ගල් කෑල්ලක් උස්ස ගන්න දඟලපු
දැඟලිල්ල කට්ටියම දැක්කනේ. සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරපු “විමතිය ආඩම්බරකම කැටිවූ
දෙනෙත්” කියලා දාපු ෆොටෝ එකේ තිබුණු දෙනෙත්වල අපි නම් දැක්කේ “ පුහ්: ” කියන එකද
මංදා. එතකොට අපේ මාරේ අයියත් එයාට පුළු පුළුවන් විදියට හිටි පිළිමවල පින්තූර අරන්
තිබුණේ. ඒ නැතත් විචාරක හැකියාව. අන්න කරනවනම්. හැලපයියත් වෙනම වර්ගයක කැමරාවකට
සම්බන්ධ වෙලා හිටියයි කියලා කියන්නේ. කෙන්ජිත් සාක්ෂි දරනවනේ ඒකට.
දැන් ඔය මැන්ටල් සෙට් එකෙන් පස්සේ කවුද ඇත්තටම
ක්ෂේත්රය බාර ගන්න ඉන්නේ? ක්ෂේත්රය ගැන උනන්දු තරුණයෝ නැද්ද? ඕක කාලෙක ඉඳන් මගේ හිතේ පැසව පැසව තිබුණු කාරණයක්.
අන්තිමේදී තීරණයක් අරන් මං ගියා ඡායාරූපකරණය පිළිබඳව හදාරන්න. කස්ටියටම පහු ගිය
කාලේ මාව එච්චර දකින්න නොලැබුණේ ඒ හින්දම තමයි.
ඒක මං කළා විතරක් නෙවෙයි, අතීතයට
බලපාන පරිදි දැනුම යාවත්කාලීන කළා. ඔව් ඔව් බොලං අප්ඩේට් කළා. දැන් කස්ටිය බලයි
මූට පිස්සුද කියලා. “එහෙමත් කොරන්න පුලුවනෑ” කියලා කියයි. ඇයි එතකොට ඔහොම එව්වා
කරන්න පුළුවන් “උස්සා”විලා එකේ අයටයි ගෝරමේන්තුවේ
අයටයි විතරද?
හා හා කතා ඕන්නෑ. වැඩ බලමුකෝ......
1). කැපවීම.
![]() |
යේ.... |
මේ පින්තූරේ ගත්තේ ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිසිම
බස් එකක් නොයන පාරක කිලෝ මීටර් හතරක් විතර තියෙන අන්තිම ගමට ගිහිං එතනිනුත් කැලේ
අස්සට කිලෝ මීටර් පහක් විතර ගිහිං.
බලන්න මේ මූණේ තියෙන හැඟීම්... (ආ.. සොරි වෙන්න
ඕනි. මූණ කපන්න උණානේ. ) හොඳ ඡායාරූප ශිල්පියෙක් උණාම කැපවීම තියෙන්න ඕනි. අපිට
ඕනි ලොකේෂන් එක හොයාගෙන ගිහිං එතනත් තියෙන භයානක කම්, බාධක මැඩගෙන තමයි ඡායාරූපයක්
ගන්න ඕනි. බලන්නකෝ ලෝකෙම දිනුවා වගේ හැඟීමක් ඉස්මතු වෙන්න ඡායාරූප ශිල්පියා අදාල නිරූපකයාව
හසුරුවා ඇති ආකාරය හා ඡායාරූපයේ පසුබිම.
2). මාතෘකාවට සුදුසු ඡායාරූපයක් ගැනීම
ලෝක ධර්මතාවය |
බලන්න මේකට යොදාගෙන තියෙන ආලෝකය. ෆ්ලෑෂර් මුකුත්
නැතිව ස්වභාවික ආලෝකය ඉහළ සිට පහලට යොමුවන ආකාරයට තමයි යොදාගෙන තියෙන්නේ. මේක අපේ
වැඩිවෙන විදුලි බිලටත් එක්තරා ආකාරයකට විසඳුමක්. අනික් එක තමයි ෂටර් ස්පීඩ් එක
ගානට මිම්මට හසුරුවා ඇති ආකාරය. ස්වභාවික පරිසරයේ එක පැතිකඩක් පෙන්නන්න හැකිවෙන
ආකාරයට අරන් තියෙන අගනා ඡායාරූපයක් තමයි මේ. මේකට “ලෝක ධර්මතාව” කියලා නම දාන්නත්
විශේෂ හේතුවක් තියෙනවා. ඕනම කේස් එකක් උඩ ඉඳන් පහළට ඇත ඇරලා අත පිහදාගන්න ඉන්න අයව
සංකේතවත් කරන්න තමයි මේක අරගත්තේ. බලන්න හිතලා තියෙන දුර.....
3). ක්ෂණික බව
![]() |
බ්ලො.. බ්ලො.. බ්ලො ග්... ගි.. ග්ලෙන්..න.. යන්.. බ්ලො... වෝ... |
බොර දියේ ජල ක්‍රීඩා කරන අවස්ථාවකදී ඇතිවුණු
හදිසි ආපදා තත්ත්වයක්. හොඳ ඡායාරූප ශිල්පියෙක් සතු ක්ෂණික බව වගේම තද හිතත්
මෙතැනදී පිළිඹිඹු වෙනවා. එක අයෙක් ගිලෙද්දී ඒ ළඟම ටයරයක ආධාරයෙන් ජල ක්‍රීඩා කරන සගයා
ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙන්නත් පෙරාතුව කැමරාව ක්‍රියාත්මක කර ඇති අපූරුව. අනික
ගිලෙන එකාව බේරගන්න ගියානම් මෙච්චරක් වටිනා පින්තූරයක් අද කෝ? ඒකයි තද හිතකුත්
තියෙන්න ඕනියි කිව්වේ.
4). කාය වර්ධනය
කොහොමද සයිස් එක |
මේ නිරූපකයාගේ අතක සයිස් එක බලන්න. ඉතියෝපියාවෙන්
ආපු එකෙකුට වඩා වෙනස් වෙන්නේ හමේ පාටයි, තියෙන මයිල් ගස් ටිකයි විතරයි. ඒත්
ශිල්පියාගේ හැකියාව ඡායාරූපයේ ලස්සනට වඩා මෙතැනදී ඉස්මතු වෙලා තියෙනවා. බලන්න අර
පෙන්දට දීලා තියෙන ප්රතාපවත් පෙනුම. ඒකටම හරියන්න පසුතලය තෝරාගෙන ඇති අපූරුව. තද
වර්ණ භාවිතා නොකර යොදාගත් වර්ණ සංකලනය.
5). උපරිම ප්‍රයෝගයෙන් නරඹන්නා මඥ්ඥන් කිරීම.
ට්‍රිබල් ඇක්ටිං |
කැමරාවක විවිධාකාරයේ ප්‍රයෝග/ පහසුකම් ලබාදෙන්නේ
ඒවා ඕෆ් කරලා තියාගන්න නෙවෙයිනේ. ස්වීප් පැනරෝමා තාක්ෂණය යොදාගෙන එකම කණ්ඩායම ට්‍රිබල්
ඇක්ටිං කරන ආකාරය ඉදිරිපත් කරන්න තරම් ඡායාරූප ශිල්පියා සතු ප්‍රයෝග පිළිඹඳ
දැනුම... පුදුමත් හිතෙනවා නේද?
6). දුර්ලභ ඡායාරූප ගැනීමේ හැකියාව.
පුහ්: මුගේ බරත් බරක්ද? |
බලන්න නිරූපකයා සැහැල්ලුවෙන් තවත් අයෙක් අත උඩ
තියාගෙන ඉන්න ආකාරය. මේ වගේ නිර්මාණයක් කරන්න තරම් අත්දැකීම් වලින් වගේම දැනුමෙනුත් සන්නද්ධ වෙලා ඉන්න ඕනි. මේ වගේ එව්වා ආවට ගියාට කබ්බන්ට ගන්න බෑ.
7). අර්ථාන්විත ඡායාරූප
![]() |
වැහි දිය මහ බිම තෙමුවට..... |
මේකේ මොන අර්ථයක්ද? මහ වල් ෆොටෝ එකක්. දැක්ක
ගමන් ඕනි එකෙක් කියයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. ඉහළින් වැටෙන පොද වැස්සට
නොතෙමෙන්න හිස ආවරණය කරන් ඉන්න ගමන් පහළින් ඉන්න පොඩි පොඩි සත්තුන්ට සුපිරි වැස්සක
පහස ලබාදෙන ආකාරය රූපයට නගා ඇති ආකාරය.නොතෙමෙන්න ආස ඒත් තෙම්මන්න ආස බලවත් උදවියව
මෙතනින් නිරූපණය වෙනවා නේද?
හ්ම්ම්ම්.... අදට ඇති. මගේ පහු ගිය කාලේ තිබුණු
නිහැඬියාව අර්ථාන්විතයි නේද?
(මෙහි පලවන ඡායාරූප අතුරින් සියල්ලටම පාහේ අකමා
සම්බන්ධ අතර පහකම නිරූපණ ශිල්පියෙක් ලෙසද කටයුතු කළ බව ආදරයෙන් ආඩම්බරයෙන් කියමි.)
ඔය, කාට හරි අකරතැබ්බක් වෙනකොට ඒ මිනිහට උදව් නොවී, කැමරාව මානන කැමරා ශිල්පීන් ගැන මට පුදුම ආදරයක් තියෙන්නෙ.. හම්බුනොත් මතක් කළා කියහන්..
ReplyDeleteඒක ගත්තේ අපේ අයියනේ සෙන්නා මං එයාට කියන්නම් මතක් කළා කියලා. :D
Deleteඔය ඇලේ ගැඹුරුම තැන තව පොඩ්ඩක් ගැඹුර වැඩි කරලා කට්ටියට පෙන්නපු අවස්තාවක්... :)
ඔයා කියන කතාව හරියටම හරි සෙන්නා. මතකයිනේ අර රාජාලියගෙයි ළමෙකුගෙයි පින්තූරේ.
Deleteඒ වගේම තමයි අනික් ක්ෂේත්රත් සෙන්නා. රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක් මවාපාලා බෙහෙත් ගෙන්වන ජාවාරම් කාරයෝ. ඒවට නතු උන දොස්තරවරු. ඉඩකඩම් උකස් කරලා හරි සල්ලි හොයන්න පුළුවන් අයටනම් ලෙඩා බේර ගන්න පුළුවන්.
මැරෙන්න පණ අදිද්දීත් ගමන යන්න ඉස්සෙල්ලා හයර් එක ඉල්ලන කුලී රථ.
බලන් යනකොට හැම ක්ෂේත්රයකම මේ වගේ දේවල් කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ කොටලා පොවන දැනුම නෙවෙයි. මනුස්සකම.
රාජාලියෙකු ළමයෙකුයි ගැන උඹ කියන පින්තූරෙ සුප්‍රකට එකක් නෙ මචං. නමුත් ඒක සෙන්නා කියන අදහස පසුබිම් වෙලා නැහැ. ඒ පින්තූරය ගත්තු ජයාරූප ශිල්පියා අප්‍රිකාවේ ළමුන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. ඒ විතරක් නොවෙයි අප්‍රිකාවේ දරුවන්ගේ අන්ත අසරණ දිළිදු ජීවිත ගැන වෙහෙසීමෙන්ම අවසානයේ සියදිවි නසාගත්තා ඔහු.
Deleteරාජාලියගෙයි ළමෙකුගෙයි පින්තූරේ විශිෂ්ට නිර්මාණයක්. ඒ ෆොටෝ එකෙන් අප්‍රිකාවේ පසුබිම මනාව පෙන්වනවා. එයින් කිසිම විදිහකින් අපිට කියන්න බෑ රාජාලියාට ලමයව කන්න ඉඩදීලා ඒ ශිල්පයා බලාගෙන හිටියා කියලා.
Delete@ රතු & අයිලාස්;
Deleteඔය පින්තූරේ වටිනාකම ගැන මිසක් ජීවිතය ගැන "කෙවින් කාර්ටර්" කියන ඡායාරූප ශිල්පියා එච්චර තැකීමක් කරලා නෑ. ඕක අරගත්තයින් පස්සේ ළමයා ගැන බලන්නැතුව එතනින් ගියා කියලා තමයි කියවෙන්නේ. ඊට පස්සේ ඒ ගැන ඇති වෙච්ච පසු තැවීම නිසා
දිළිඳු දරුවන් ගැන වෙහෙසී කටයුතු කළත්, කළකිරීම හේතුවෙන් දිවි නසා ගත්තායයි කියවෙනවා.
මේ ගැන චාමිකයා දාලා තියෙනවා. ඒකෙම තවත් අසරණ දරුවෙකුගේ දුක හිතෙන පින්තූරයකුත් තියෙනවා. ඒත් පින්තූරේ විස්තරේ කියවපු බ්ලොග් එකනම් මට හරියටම මතක නෑ.
ඔය වෙනීල, අයිලාස්ල කව්ද බං මේ අකම්පාතයාගේ පිංතුර එක්ක බලන කොට. හිටහං බොට සම්මාන හෙම ලැබේවි. සතියක විතර ට්‍රිපක් ගිහිල්ල වගේ... වාසනාවන්.. හැක්..
ReplyDeleteඅඩේ උඹේ නමත් අර (මැන්ටල්) ලිස්ට් එකට දාන්න හිටිය බැරි උණානේ. සමා වෙන්ඩෝනෙ.
Deleteහෙන්රි අයියටනම් වෙනී අයියගෙන් සම්මානයක් හෙම ලැබුණනේ. මං මේ බයේ බං ඉන්නේ මටත් වෙනීගෙන් සම්මානයක් ලැබෙයි කියලා.
මචෝ ෆොටෝවේ යටින් තිබුණ දිනේ බැලුවේ නැද්ද? අතීතයට බලපාන පරිදි දැනුම යාවත්කාලීන කොලා කියලත් මං කිව්වේ...
සිංහලෙන් කියන්න එපායැ.. තෝ කියන්නේ මැග්නිෆයි ග්ලාස් වලින් බලන්න කියලද.. හැක්.... හරි දැං තමා දැක්කේ. ඒකනේ මම ඒත් පුදුම උනා මේකා කොල්ලෝ ටිකක් එක්ක ළගදි කොහේ හරි ගියා කියල හිතල.. අනේද කියන්නේ හීනෙන් තමා දැන් නෙ...හික්
Deleteමං කියන්නෑ තොට... :D
Deleteමට උඹේ වයසට එන්න තව අවුරුදු හතලිහකවත් යයි. එතකොටනම් අපි දෙන්නම එකම වයසේ.
මමත් උන්ට තමා ඉස්සෙල්ලම ගරු කරන්නෙ... උන් ඊට පස්සෙ පත්තර වලට ඕව විකුන විකුන සල්ලි ගන්නව... හරි ආදරෙයි....
ReplyDeleteඕනම දේක සීමාවක් තියෙනවා ජීසු.
Deleteආයේ වැඩිය හිතන්න ඕනි නෑ. අපි සින්දුවක් කියලා ෆන් එකක් ගත්තා කියලා හිතමු. ඔතන අමරදේව මාස්ටර් හිටියනම් එයාට අර ෆන් එක තියෙයිද? අර කතාවක් තියෙන්නේ අහුබුදු ශූරීන්ගේ ගෙදරට ආමි ඒකෙන් පැනලා (කලබල කාලේ) "අපි ආමි" කිව්වම, "වැරදියි වැරදියි පුතා, අපිනම් ආමු වෙන්න ඕනි" කියලා කියල තියෙන්නේ.
ඒ වගේ තමයි. ෆොටෝවේ කොලිටිය ගැන උපරිමෙන් හිතන පිස්සොත්...
(උඩ නම් කියපු අයට අපහාසෙකට නෙවෙයි ඒ නම් භාවිතා කළේ. එහෙම උනානම් සිය දහස් වාරයක් සමා වෙන්ඩ ඕනා)
අපි ආමු නෙමෙයි පුතා.
Deleteඅපි ආවෙමු.
@ රතු, නිවැරදි කළාට ස්තුතියි. මේ නිවැරදි කිරීමෙන් මම ඇතුළු තව එකෙක් හරි වැරදි හදාගනියිනේ.
Deleteමලු....හි හී ..
ReplyDeleteකොහේද බොල හැංගිල ඉන්නේ.. තාම අන්න සිරිපාල ගල් හංගනවා.. හික්...
Delete@ රෙහානි; අප්පට තිලි. මේකිත් ඇවිල්ලා තියෙන්නේ.... මං ඊයේ රෑත් ඒ පැත්තෙ ගිහිං බැලුවා බ්ලොග් රෝලේ අප්ඩේට් නොවුණට අලුත් පෝස්ට් එකක්වත් තියෙයිද කියලා.
Delete@ දේශා; මං දවල් මේල් වලට ලොග් වෙලා බැලුවම මේ කමෙන්ට් එක දැකලා මඥන් උණා. මූට වැරදිලාවත් අහක යන කමෙන්ට් එකක් දැම්මද කියලා. ඔය වයසට වැරදීමුත් වෙන්න පුලුවන්නේ. දැන්නෙ අවස්ථා සම්බන්ධය දැක්කේ...හික්ස්..
මරු පින්තූර ටික අකමො.
ReplyDeleteඅර ගිලෙන්න යන එකා බේරගන්නෙ නැතුව ෆොටො ගහන එකට 'ලංකාව' වගේ මාතෘකාවක් නරකද? මොකද ලංකාවෙ වැඩි හරියක් කරන වැඩේනෙ ඕක. :D
වැදගත් අදහසක්. ඒත් ඔය වගේ සිද්ධි වෙන්නේ වෙන රටක නේද? කොහෙද.... ම්ම්ම්...
Deleteඑංගලන්තේ, එංගලන්තේ.
ඔබත් ගන්නන් වාලෙ පින්තුර ගන්නෙ නැතිව ඉගෙන ගත්ත එක ලොකු දෙයක්.
ReplyDeleteහෙන්රි,රාජ්,චන්දන ඇතුළු තවත් අය පින්තුර සමග ලියන ලිපි කියවද්දි පුදුම සතුටක් දැනෙන්නෙ.
චිත්‍රපට කැමරාකරණය,නිශ්චල චායාරූප ශිල්පය මෙන්ම කලු/සුදු ඩෙවලොපින්/ප්‍රින්ටින් කලා විනෝදයට.
ඉස්සර පින්තුරු වලට කොච්චර පිස්සෙක්ද කියනව නම් ලංකාවෙ කොහේ ගියත් දවසෙ ගත්ත පින්තුර එදා රාත්‍රියේම ප්‍රින්ට් කරල බලන උණක් තිබුනෙ.
ඔබගෙ නව පිම්මට ජය...!!!
අනේ කෙන්ජි මම මේ සම්බන්ධයන් කිසිම පාඨමාලාවක් හදාරලා නෑ ඔය කිව්වට. ඒත් මගේ ආසම විෂයක්. ගොඩක් වෙලාවට ෆොටෝ එකක් ගන්න ගියාම අනික් අය හිතන්නැති (ප්‍රොෆෙෂනල් අය ගැන නෙවෙයි කියන්නේ) අලුත් විදියකට ෆොටෝ ගන්න ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම අනික් අය හිතන්නැති තාක්ෂණික කරුණු ගැනත් අවධානය යොමු කරනවා. ඒකට සමහරවිට ඉවහල් වෙන්න ඇති අපේ අයියා කෙනෙක් මේ ගැන හැදෑරීම.
Deleteමගේම කියලා කැමරාවක් හිමිකරගන්නකම් ෆෝන් ඒකෙන් ගන්න පින්තූර වලින් තමයි සැනසෙන්නේ. :(
කෙන්ජි මටත් ඔය වැඩේ හොදට පුලුවන්... හයිපෝ බාත් වල නාල එන්නේ ඒ දවස්වල.
ReplyDeleteහවසට නලින් අයියා ෆුල් නෙගටිව් වෙලා ඉන්න හින්දා ඒකත් මරු ඈ... :D
Deleteඅත්දැකීම් පිළිඹඳ සුන්දර මතක සටහනක් නලින් අයියගෙන්.ඕවා හින්දා තමයි අපි මේ තරම්වත් සතුටින් ඉන්නේ කියලා හිතෙනවා නලින් අයියේ...
සුන්දර පිංතුර සෙට් එකක්.අකම්
ReplyDeleteහ්ම්ම්ම්.. සුන්දර මතක සටහන් සමුදායක්.
Deleteමම ආසම අර උඩම පින්තූරේට, මුට්ටිය ඔලුවේ දාන් හිටියත් ලස්සන පින්තූරෙ. මට ඒක දැක්කම හිතෙන්නෙThe crucifix at the waterfall වගේ නමක්.
ReplyDeleteඅන්තිම පින්තූරේ Waterworks of Robin Hood කියලමයි මට හිතෙන්නෙ.
මොකද බොල හැම එකාම මුට්ටි ඔලුවේ දාගෙන ඉන්නේ? හැටි විතරක්.
ඇත්තෙන්ම පින්තූර වගේම ඒවගෙ විචාර ටිකත් පට්ටයි.
මුට්ටි ඔලුවේ දාගෙන ඉන්නේ අවුරුදු කාලේ නිසා මුට්ටි බිඳීමේ තරගෙට පෙනිසිටින්න.
Deleteඇත්තමයි දැන්නෙ දැක්කේ පලවෙනි පින්තූරේ නිකන් ඇණ ගහලා වගේනේ පේන්නෙ.. :D
Deleteඅන්තිම එක :)
අපි හැමෝම මුට්ටි දාගෙනනේ ඉන්නේ. මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි....
පට්ට පට පට ඈ..
@ අයිලාස්; පින්තූරේ ඉන්න සෙට් එක පෝලිමට තිබ්බනම් කනා මුට්ටි එල්ලන්න යන ලණු වල වියදමවත් ශේප් වෙනවා.. :D
Deleteඅපි නම් කොහෙද මෙච්චර අර්ථාන්විත පින්තූර ගන්නෙ..සීන් එකක් දුටුවද ගත්තා ! පස්සෙ තමයි ඉතින් අර්ථ දක්වන්නෙ..එන එන විදියට..
ReplyDeleteවැල යන අතට මැස්ස ගැහීම... :D
Deleteඅර තනුව පුරවන්න පද ලියනවා වගේ. අන්තිමට පෙරලි පෙරලි අඬන්න ඕනි ඒවටත් ෆාස්ට් බීට් දාලා.
ආ.. කියන්න අමතක උණා. මේක කාටවත් කියනවා හෙම නෙවෙයි. මෙව්වට නම් දැම්මෙත් ඔහොම්මම තමයි.
Deleteලෝක ධර්මතාවය කියලා නම්කරපු ෆොටෝ එක නියමයි.
ReplyDeleteඕක ගත්තේ K530i ෆෝන් එකකින්. ෂටර් ස්පීඩ් ලයිට් ගැනනම් මෙලෝ රෙද්දක් හිතුවේ නෑ. අනික ඕක ගත්තේ මමමද කියලවත් මතක නෑ. දැන් අවු:5ක් විතර වෙනවා අරගෙනත්.
Deleteඒත් ඒක ලස්සනට වැදිලා තියෙනවා. මාත් ආසම ෆොටෝ එකක්.
කැමරා පිස්සුව කාලයක් තදින්ම තිබුණනෙ අකමෝ,මුල් කාලෙ නම් සාක්කුවෙන් ඒකට ඉඩක් තිබුණෙ නෑ.
ReplyDeleteපස්සෙදි කැමරා අරගෙන ඇතිවෙන්නම පින්තූරත් අරන් ලෙඩේ හොඳකරගත්තා,ඒ කාලෙම විවිධවර්ගයේ පාඨමාලා කීපයකුත් හැදෑරුවා,තාමත් ඉතිං ලාවට පිස්සුව තියනවා ඒක නං හොඳවෙන්නෙ නෑ.
නමුත් දැන්නම් විනෝදයට පින්තූර ගන්නව ඇරෙන්න පර්යේෂණාත්මක දේවල් කරන්න ඉඩක් නෑ.
ප්‍රොෆයිල් පික් එක වෙනස් වෙලා වගේ.... හැබැයි කලින් එක මීට වඩා ගති.
Delete---------------------
රීල් කැමරා පාවිච්චි කරලා තිබුණත් ඒවයේ කොලිටි එක අඩු හින්දත් (ලෝකල් සෙකන්ඩ් හෑන්ඩ් එව්වයේ) වියදම වැඩි හින්දත් එපා වෙලා තිබුණේ. අනික හරිම අමාරුවෙන් රීල් එකකටයි බැටරි කෑලි තුන හතරකටයි සල්ලි හොයා ගත්තත් සුද්ද කරන්න සල්ලි නැතිව මාස තුන හතරක් රීල් එක පල් කරපු කාලෙකුත් තිබුණා.
කැමරාවක් මගේම කරගන්න සිහිනය තාමත් නැතිවෙලා ගිහිං නෑ හැලපයියේ.. අර උණ කියන දේ නිසා ටී ෂර්ට් වල මඩ ගාගෙන බිම පෙරලිගෙන ගත්තු ෆොටෝත් තියෙනවා.
--------------
ඔයාගෙ පිස්සුව වැඩිවේවා!! කියලා මං සුභ ප්‍රාර්ථනා කරන්නම්කෝ..