Monday, April 15, 2013

සිරි ලක පිරි අවුරුදු සිරි.....


කාලයක් තිස්සේ අකමට ටීවී එක ඇලජික් වෙලා තිබුණේ.  බලන්න මෙලෝ දෙයක් නැති එක ඒකට ප්‍රධාන හේතුවක් උණා. ඔය අස්සෙ "සුජාත දියණි" ආවා. කට්ටිය හැමෝම බැන්නත් මමනම් ඒකෙ අමුතුම  පැත්තක් දැක්කා. ගත යුතු ආදර්ශ බොහොමයක් පිරුණු විශේෂයෙන්ම දෙපිට කැපෙන වචන නැති නාට්‍යයක්. යම් දෙයක් වෙනසක් සහිතව දකින්න පුළුවන්නම් ඒ වෙනස දකින්න නිදහසක් තියෙනවනම් ඒ දේ එයාට රසවත් වෙනවා. “සුජාත දියණි” මට රසවත් උනේ ඒ නිසයි. මට නීරස දෙයක් අනික් කෙනෙකුට රසවත් වෙන්නෙත් ඔය හේතුව නිසාමයි.

ඒත් එකම රිපීට් යනකොටත් එපා වෙනවා. ගොඩාක් ටෙලිවල, ෆිල්ම් වල, නවල් වල දෙවැනි කොටස අසාර්ථක වෙන්නෙත් ඒ නිසයි. “අභීත දියණි”යට වෙලා තියෙන්නෙත් එකම වෙන්න ඇති.

ඉතින් මං කියන්න ආවේ වෙන දෙයක්නේ.......


ගොඩාක් කාලෙකට පස්සේ ජාතික රූපවාහිනියෙන් හොඳ වැඩසටහනක් ඉදිරිපත් කළා අද දවසේ. “සිරි ලක පිරි අවුරුදු සිරි”

සිගරට් නොබොන එකෙක් එකක් බිව්වම ඌට බනිනවා වගේම දවසකට පැකට් එකක් බොන එකෙක් ඒක එක සිගරට් එකකට අඩු කලාමත් හොඳ කියන්න එපායැ. අද දවසේ කඩේ යෑම සාපේක්ෂව අඩුයි. (ආහාර අනුභවයෙන් පස්සේ වෙච්ච කතන්දර ටික ගැන මං කියන්නේ. )

අනික් චැනල් වල නිවේදක නිවේදිකාවෝ කියන්න දේවල් නැතුව එකම දේ කියවද්දී  දැනුණු අජූවනම් කියලා වැඩක් නෑ. ඒ වගේම තමයි වෙළඳ ප්‍රචාරක ආයතනවලට කොන්ද නවාගෙන ගැලපීමක් ඇතත් නැතත් සෑම වචන දහයකට දොළහකටම සැරයක් ඒ ඒ ආයතනයේ නම කියව කියවා දඟලපු දැඟලිල්ල.

ඒ අතින් ජාතිකේ අවුරුදු උත්සවේ ලස්සනට පැවත් උණා. වචන වලින් හිඟ නැති නිවේදකයෝ. නිවේදිකාවෝ. අනාගත නිවේදකයෝ වෙන්න පෙරුම් පුරන අයටත් ආදර්ශයක් වෙන විදියට ලස්සනට වැඩේ කෙරුවා. අන්තිමට තිබුණු අවුරුදු කුමාරි. ෂහ්.... ඒ ගැන නොකියා ඉන්න එක හොඳයි.

අන්තිම..ටම තිබුණු සංගීත සංදර්ශනේ. ෆ්ලෑෂ්බෑක් ලගේ සංගීතය, ශබ්ද, ආලෝකය, අනෙකුත් එෆෙක්ට්ස්, වේදිකාව, කැමරාකරණය, නිවේදනය, මෙහෙයවීම අන්තිම සුපිරියි. ඒ වගේම තමයි මට මෙච්චරක් කල් ප්‍රශ්ණයක් වෙලා තිබුණු ලංකාවෙ ඉහළම ජපන් තාක්‍ෂණය සහිත ජාතික රූපවාහිනිය ඒ උපකරණ වලිනුත් උපරිම ප්‍රයෝජනයක් අරගෙන වගෙයි.

ඉතින් අද මේ පෝස්ට් එක ලිව්වේ වෙන දෙයක් හින්දා නෙවෙයි. අපේ සැළලිහිණියා ආයෙමත් අපේ ගෙදරට ආපු නිසයි. ඉස්සර වගේම. අපි පොඩි කාලේ වගේම.

“උතුරේත් අපි අපි දකුණේත් අපි අපි
රට මැද රට වට කොතනත් අපි අපි
නෑදෑයෝ... අපි නෑදෑයෝ.....”
                     තාමත් මතකයි ඒ හඬ.

කරන්න තියෙන්නෙත් එක ප්‍රාර්ථනාවයි.
“සැළලිහිණියෝ, එක එකාට කඩේ යන්නැතුව ආයෙමත් අපේ ගෙදරට වරෙන්......”


ප.ලි: පුංචි ඉල්ලීමකුත් කරන්න තියෙනවා. පුළුවන්නම් අවුරුදු කුමරී තරඟේ අතර තුර ගිය "බඹර කැපීමේ" ගීය හොයාගන්න උදව්වක් කරන්නකෝ....

12 comments:

  1. වටින ම අදහසක්...අනේ ඒත් මං දැන් රූප පෙට්ටිය ගෙදරින්ම ඉවත් කරලා මචං. ආයි ගෙන්න ගන්නේ දරුවො ඉගන ගෙන අහවර වුණාට පස්සේ තමයි.

    ReplyDelete
  2. ඒ කේ එම් ටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  3. මොනව කිව්වත් බලන්න දෙයක් තියෙන්නෙ සැලළිහිණියාගෙ විතරයි...(ඒත් අපේ ගෙදරනම් ටී වී එකක් නෑ)

    ReplyDelete
  4. මම නම් ඉතින් ඔය චැනල් බලන්න ඔහේ නෑනෙ. නමුත් මට මතක් වෙන්නේ අකමා කියන ඔය ගෙඩි පිටින් ජපන් තාක්ෂනයෙන්ම පටන් ගත්ත අපේ ප්‍රධාන රූපවාහිණියෙත් ඔය උදේට පෙන්නන කේක් අත්කම් වැඩ සටහන් වලදිත්, අර මිනිස්සු අතට අරන් පෙන්නන දේට කැමරාව ෆෝකස් කරගන්නත් සෑහෙන වෙලාවක් යනවා. ඒකත් අන්තිමේදි කරනකොට ඒක පෙන්නලා ඉවර වෙන්න ලඟයි. අපි ඉතින් කටවල් දිහා බලං ඉඳලා සැනසෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් පේන්න බැරි දෙයක් තමයි ඕක. ඒ මනුස්සයගෙ මූනට කැමරාව අල්‍ලගෙන ඉන්නෙ නැතුව කරන වැඩේ පෙන්නපංකො.

      Delete
  5. ලංකාවෙ තියන සියලුම නාලිකා වල ඉදිරියෙන් තාමත් සැළලිහිණියා ඉන්න බව අවිවාදිතයි. අප්පිරිය නැතුව බලන්න පුළුවන් ටෙලියක් යන්නෙත් ඒකෙම විතරයි.. සැළලිහිනියව දැන් බලා ගන්නෙ හොඳ දැණුම් තේරුම් තියන පුද්ගලයෙක්නෙ. කඩේ යන එක නැතිම කරලා දැම්මනම් සැළලිහිණියා වටා නැවත මිනිස්සු එක් රොක් වේවි..

    ReplyDelete
  6. සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  7. මට නම් ඔය සේරම චැනල් එකයි.. මම හිතන්නෙ සැලලිහිණිය තමයි අර මැරවින් ඇමතිට පහර දුන්නෙ නේද? කොහොම උනත් හරවත් වැඩසටහන් 2,3 ක් හරි යන්නෙ ඒකෙ තමයි..

    ReplyDelete
  8. අකමටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ජාතික රූපවාහිනියෙ ජනප්‍රිය වෙන වැඩසටහන් ඒ තත්වයෙන්ම දිගටම පෙන්නන්නෙ නැති එක තමයි අවුල.
    ඇත්තටම අර සංගී‍ත සංදර්ශනේ සවුන්ඩ් නං ‍නියමෙට තිබුණ.

    ReplyDelete
  9. මොනවා උනත් බලන්න පුළුවන් සැළලිහිණියා විතරයි. නමුත් සලා කඩේ යන එක නම් නවත්තන්න බැහැ.

    ReplyDelete
  10. සෙන්නාගේ කමෙන්ට් එකෙන් කිවයුතු සියල්ල කියා තිබේ. ඒ අදහස් වලට මමත් සම්පූර්ණයෙන් එකඟයි. බමර කැපීමේ ගීතයේ මතක තියන පද ඔස්සේ සෙවීමක් කරන්න. සමහරවිට හරියන්න පුළුවන්. ජන ගී ඇතුලත් සී.ඩී.තැටි ගුවන්විදුලි සංස්ථාවෙන් මිලදී ගන්න පුළුවන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete