Tuesday, March 12, 2013

බාප්පෙක් වෙලා අවුරුද්දයි.....



         පුංචි දෝණිට බාප්පව මුණ ගැහෙන්න වෙන්නෙ මාස දෙක තුනකට සැරයක් විතර. ඒ බාප්පා දෝණිව බලන්න ගියොත් හරි, දෝණි ගමේ ආවොත් හරි. පහුගිය සෙනසුරාදා දුවගේ අත්තම්මගේ ගෙදර, ඒ කියන්නෙ අම්මගේ මහ ගෙදර කිරිදානයක් තිබුණා අදට යෙදෙන එයාගේ පලවෙනි උපන් දිනේ වෙනුවෙන්. කලින් දවසෙ රෑ ඔන්න බාප්පයි, නැන්දයි, ආත්තම්මයි ගියා දෝණිගෙ අම්මලගේ ගෙදර. 

            කලින් දෝණිව හම්බ උනු හැම පාරම වගේ තමයි මේ පාරත්. බාප්පව දැකපු ගමන් උඩ පැනගෙන ඇවිත් කරේ එල්ලුණා. අනිත් අයට නෝ චාන්ස්. අම්මටවත්... තාත්තට විතරයි ඔන්න පොඩ්ඩක් ලකුණු ටිකක් දාගන්න පුළුවන් උනේ. 

         දැන් කෙල්ල ඇවිදිනවා. මේකි ඇවිදිනකොට අනිත් අය හිනාවෙවී බලන් හිටියට මමනම් හිටියේ මාර බයකින්. ඉස්සා වගේ ඇවිදිනවා නෙවෙයි විසික් වෙනවා. ටිකක් දුර ගිහිං මහා ලොකු වැඩක් කරපු එකෙක් වගේ හිනාවෙනවා. බලන් ඉන්නත් ලෝබයි. 
තාත්තයි, දූයි.
මේ දෝණිගෙ හපන්කම් පෙන්නන්න එවපු පින්තූරයක්.

             ඒ වගේම තමයි ෆොටෝ එකක් ගන්න හැදුවොත් දාන හිනාව. තාම එයාගේ ෆොටෝ එකක්වත් දැකලා නැද්ද කොහෙද. ඒ උණාට ෆෝන් එක දික්කරනකොට හොඳ හිනාවක් දාගෙන කරන වැඩෙත් අමතක කරලා බලන් ඉන්න හැටි.



අතේ තියෙන දේත් අමතක කරන්...
         එදා එන්න එනකොට බාප්පත් එක්ක ආවෙ ගෙදර අයවත් දාලා.  අම්මට "ටටා" කියන්න කිව්වම මූණ දිහා බලලා හොඳ හිනාවක් දාලා බාප්පිත් එක්කම මේකි ආපි. 



"මගේ පුංචි සුදු දුවේ, ඔයා තාම පලවෙනි පියවර තිබ්බා විතරයි. ඔයාට සාර්ථක දිගු ගමනකට ආසිරි!!"

52 comments:

  1. බාප්පෙක් උනහම ඔහොමනං තාත්තෙක් උනහම කොහොමට ඇද්ද කියලා හිතහංකෝ .

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව නෙව. උඹේ පුංචි දෝණි හින්දා උඹත් දැන් රජෙක් නොවැ. ඔය හැඟීම බොක්කෙන්ම එන එකක් මිසක් හිතලා ගන්න අමාරු එකක් බං. දැන් කොහොමද කෙල්ල ඉස්කෝලෙ දෙවනත් කරනවද?

      Delete
  2. ධී...හී... හෙන හුරුතල් පොඩි එකී.... කෝ අකමගෙ පැටවුන්ගෙ පොටෝ කෑලි ටිකකුත් දාන්නකෝ...

    ReplyDelete
    Replies
    1. හුරතල්ද කියලත් අහනවා.

      මගේ පැටවුන්ගේ එව්වා දාන්න නම් ඉතින් බොට බලන් ඉන්න වෙනවා කාලයක්. ඒ කාලේ අඩු කරගන්න ඕනිනම් දන්නා තැනකින් හොඳ කෙල්ලෙක් හොයලා දීපන්කෝ... :D

      Delete
  3. අකං භාප්පේ,
    භාප්පේ භාප්පේ
    භාප්පගේ භල්ලා
    ලභුත් එක්ක භත් ඛාලා
    භොක්කේ භුදී.

    අටමා කිව්වා වගේ තාත්ත කෙනෙක් උනොත් කොහොම හිටීද? :)

    ReplyDelete
    Replies
    1. ++++++++

      හම්මෝ බඩ ^_^

      Delete
    2. "ලිප් භොක්කේ භුදී....."

      මහප්‍රාණෙන්ම දීලා තියෙන්නේ.. :D

      ඇත්තමයි, අටමා කිව්වට පස්සෙනෙ ඒක මතක් උණෙත්. මම ඔයාගෙ ඔය හැඟීම දැකලා තියෙනවා ඔයාගෙ දුවට ඔයා කරන රිප්ලයි වලින්. ඒක ආදරෙන් දෙන ඔවදනක් එක්කම පිය සෙනෙහස කැටි වෙච්ච වචන පොදියක්. මට පේන හැටිද මංදා. ඒත් මං අනිවාර්යයෙන්ම බලන කමෙන්ට් අතරින් එකක් ඒක.

      Delete
    3. මොකද රජෝ.... මං හිතුවා එක එක ජරාවල් (ජරා-වල්) කනකොට ඔහොම බඩේ රුදාවල් හැදෙයි කියලා. :)

      Delete
  4. මම තාම මාම කෙනෙක් උනේ නෑ බොලවු.. මමත් තව ටික කාලෙකින් මාමා කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. වෙන්ට මාමා....

      මගෙන් ඔන්න උණුසුම් සුභ පැතුම් මචෝ. එතකොට අපි බලමුකෝ ඒ මාමගෙ සතුටත්...

      Delete
  5. බාප්පාටත් ළගදීම දරු සුරතල් බලන්න ලැබේවා එතකොට ඉතිං අපිට හැකි තරං පොටෝ, කතා දෙයි වගේ අකමා. පොඩි කෙල්ලට සුභ අනාගතයක්.. ඇයි බාප්පට ඌටත් සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ. මුන් ඔක්කොටම අහුවෙලා තියෙන්නෙ මාවමනේ. හරියට මැක්කා වගේ. උඹට හැකි තරම් ෆොටෝ කතන්දර දෙනවා මං කෙල්ලව බලන්න ගිය හැටි, බහ දීපු හැටි, දින නියම කරපු හැටි, පෝරුවට නගින හැටි, හනිමූන් එකට පිටත් වෙන හැටි, ....

      බොහොම ස්තුතියි! සුභ පැතුමට.

      Delete
  6. අකම් බාප්පගෙ පොඩි කෙළිගෙ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක‍ වේවා!

    අකමටත් ළඟදිම දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ස්තුතියි!! බොහොම ස්තුතියි!!!

      (අර දෙවැනි එක දැක්කමනම් බයත් හිතෙනවා.)

      ඔය අස්සේ තව අතුරු කතාවකුත් තියෙනවනේ ප්‍රසා අයියේ. යනකොට රෑ වෙලා. ටවුන් එකේ එක පොට් එකක් දිහා ඇහැ ගහගෙන ගියා. වහලා. උදේනම් කොහොම හරි අල්ලගන්නවා කියලා හිතාගෙන ආවා. හතහමාරට විතර. ඒත් ඒ සෙතේමයි. ආයෙත් ට්‍රයි අගේන්... :)

      Delete
    2. උදේට පොට් එක අරිනකොට අටට විතර වෙනව. ආවට පස්සෙ මම අහවලා කියල කියහං මල්ලියෙ හොරෙංම ඇවිල්ල යන්නෙ නැතුව. :D

      Delete
    3. පළවෙනි දවසේ විතරයි මුට්ටිය දැම්මේ. එදා ඔයා හිටියෙත් නෑනේ. අනිවා එනවා. :D

      Delete
  7. හලී...........හුරතල් :)

    කෙලි පොඩ්ඩට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ ආශිර්වාදය....
      දැන් රජාත් රජකම බාර ගන්න සූදානම් උනානම්.. (රජෙක් වෙන්නනම් බිසවක් අනිවාර්‍ර්යයිනේ..)

      Delete
  8. පුංචි කෙළි පැටික්කියකගේ හිනාව බාප්පා වුණු ඔබට මේ තරම් සිතුවිලි ගෙනෙයිනම්... කෙල්ලො දෙන්නෙකුගෙම තාත්තා වුණු මට උන් ගැන දැනෙන හැගිම කියන්න ආයි වචන නෑ.. දැසට කඳුළක් නැගෙනවා අකම්.

    ReplyDelete
    Replies
    1. මාත් එච්චර දුර හිතුවේ නෑ අයියේ. මට දැනුණු දේ ලිව්වා. ඒත් ඔයාලා හිතන්න දෙයක් එකතු කළා. ඇත්තටම තාත්තා කෙනෙකුට කොච්චර දෙයක් දැනෙනවා ඇද්ද? අජාසත්ත උණත් පිය පදවියේ උතුම් බව අන්තිමේදී හරි දැනගත්තනේ.

      කෙල්ලො දෙන්නෙක්ගෙ තාත්තා උණු ඔයා කොච්චර වාසනාවන්තද..... ස්තුතියි නලින් අයියේ කමෙන්ටුවට.

      Delete
  9. මේ තරම් වයසේ ඉන්න දරුවො ඇවිදින හැටි බලන් ඉන්න මම නම් හරිම ආසයි..හරි වේගෙන් ඇවිදින්නේ..එහෙට මෙහෙට විසි වෙවී...

    පුංචි දෝණි පැටියට සුබ අනාගතයකට මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. අප්පා... අඩි දෙක තුනක් තියලා ගිහිං නැවතිලා දාන හිනාව. මහා ලොකු හපන් කමක් කළා වගේ. අනේ හැමදාමත් ඔය වයසේ ඉන්නවනම්...

      සුභ පැතුමට ස්තුතියි ලිහිණි.

      Delete
  10. චූටි දූට සුභ උපන් දිනයක් වේවා!!! එයාලට ගොඩාක් ආදරේ කියල දැනෙන අයට තමයි පුංචි අය ගොඩාක් ලං වෙන්නෙ. බාප්පටත් ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා කියල පතනවා...

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට අමුතු ඉවක් තියෙනවා නදිනි. ලොකු උනාම අපිට මිනිස්සු තේරුම් ගන්න බැරි උණාට.

      කෙල්ලෙක්වත් නැති මට මෙහෙම කියන්නේ. දුක නැද්ද ආආ? නදිනිටත් එසේම වේවා! කියලා ප්‍රාර්ථනා කරන්නම්කෝ....

      Delete
  11. අඩේ අකමා මගේ උණුසුම් සුභ පැතුම්! ඇස් වහක් කටවහක් නැහැ පොඩි ඒකි හුරතල් බං.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! කෝමා.

      අද හවසත් අයියලා එයාලගේ ගෙදර යනගමන් ඔෆිස් එකට ඇවිත් ගියා. ඒකි මගෙ අතේමයි. අපේ ඔෆිස් එකේ අක්කගේ පුතත් මෙයාට වඩා මාසයයි වැඩිමල්. එයා ගාවටවත් ගියේ නෑ.

      Delete
  12. පොඩි ළමයි ඇවිදිනකොට මටත් බය හිතෙනවා වැටෙයි කියලා.
    පුංචි දුවට සුභ උපන්දිනයක්

    ReplyDelete
    Replies
    1. උන් ඇවිදිනවා නෙවෙයි පැතුම්. විසික් වෙනවා. වෙලාවකට ඇඟේ ලේ වතුර වෙනවා. යන වේගෙට වැටුනොත් එහෙම... තව ටික දවසක් යනකොට බේරෙන්න බැරිවෙයි. ගේ පුරා ඇවිදලා මදි උනාම මිදුලටත් බහියිනේ.

      Delete
  13. සුභම සුභ පැතුම් අපගෙන්..

    යකෝ මාත් බාප්පෙක් වෙලා දැන් අවුරුදු 4ක් විතර !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! සෑම්.

      සැමාට නිදහසේ කොට්ටක්වත් පනින්න දුන්නෑනේ ඒ කොලු පැටියා. මූ මට මොකක් කොරයිද දන්නෑ. :D

      Delete
  14. අකම් උඹගෙ පොඩි එවුන්ගෙ පින්තූරත් ඉක්මනටම දාන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. හොඳ කෙල්ලෙක් හොයලා, කසාදයක් කොරලා, තව මාස නවයකුත් ඉඳලා එනකොට... හා හා කියනවනම් ඉක්මන් කොරන්නම්කෝ.....

      කෙල්ලනේ වරෙල්ලා..... මෙහෙ වේකන්සියක් තියෙනෝ....

      Delete
    2. මචං හැලපේ, දැනට උඹ අර රොසන්ටාගේ පෝස්ට් එකට දාපු පින්තූරෙ බලාගත්තත් හරි.

      Delete
    3. මේ හෙන්රි අයියේ, එන්න එපා මට කින්ඩි දාන්න හරිය...? :D

      Delete
  15. මට මේක කියවනකොට අපේ බාල මාමායි මායි ගැන මතක් උනා... මං ඒ ගැන මගේ බ්ලොගේ කතා වගයකුත් ලිව්වා... කවදා හරි ඔය දෙන්නත් එහෙමම වේවි... ඒ බැඳීම මැරෙණ තුරුම තියේවි....

    ReplyDelete
    Replies
    1. මියුරු, මම ඔයාගේ පැත්තෙ එන්න ගත්තේ ළඟදී ඉඳන්. ඒ ගැන දැන් දුක් වෙනවා මග ඇරුණු එක ගැන. පරණ එව්වත් ඔක්කොම බලන්න ඕනි නිවාඩු පාඩුවේ.

      -----
      බොහෝම ස්තුතියි පැතුමට. ඒ වගේම ඔයාගේ මාමා කොච්චර වාසනාවන්තද කියලත් හිතෙනවා. දැන් කාලේ සම්බන්ධකම් දැක්කම.

      Delete
  16. බාප්පේ උඹේ කෙල්ලට වාසනාවන්ත අනාගතයක් (සුභ අනාගතයක් කියන්න බයයි) වේවා.

    බ්ලොග් ලෝකේ හැමෝටම ඉක්මනින්ම බාප්පා, තාත්තා විදිහට ප්‍රමෝෂන් එක ලැබීම දැකගන්න වාසනාව ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! අයිලාස්.

      හැමෝටම එසේ වේවා!! (එතකොට ඔබතුමා කෙමති මොන පෝස්ට් එකටද?)

      Delete
    2. මොකද බන් ඔබතුමා කියන්නේ.. කියපන්කො මේවගෙන් කැමති එකක්
      සියේ, ලොකු අප්පොච්චි, බාප්පේ, මාමේ,අයියේ,මල්ලි,පුතේ එහෙමත් නැතිනම් මචං කියලා හරි. එතකොට බොක්කටම වදිනවා බන්.

      මටනම් පොස්ට් දෙකම ලැබිලා තියෙන්නේ.

      Delete
    3. සීයා පෝස්ට් එකට උසස් වීමට වරම් ලැබේවා!! :D



      [hi="orange"](මෙන්න එකෙක් ගහන්න පන්නනෝ..... බේරගනියෝ.......)[/hi]

      Delete
  17. ඔය බාප්පලා මාමලා වෙලා මදි අකමෝ..... තාත්තෙක් වෙයන්..

    මාසයකට විතර පස්සේ බ්ලොග් කියවන්නට අවේ. පහුගිය දවස් ටිකේ එක එක වැඩ නිසා මේ පැත්ත පලාතක එන්න වෙලාවක් තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. උඹත් ඉතින් මාමා කෙනෙක්නේ.....

      කාලෙකින් නැත්තේ මොකද කියලා මං ඒ පැත්තෙත් හොයලා බැලුවා. දැන් කලබල ගතිය අඩු ඇතිනේ..

      Delete
    2. මාම...

      කවුද බොට කිව්වේ මම මාම කෙනෙක් කියලා... :D

      Delete
    3. ඇයි බං අර උඹේ ඇහැට රොඩ්ඩක් දාපු අක්කා... තාමත් අයියව කඩේ යව යවාද ඉන්නේ. :D

      Delete
  18. මගෙනුත් සුභ පැතුම් මචං.

    පරක්කු වුනාට සමාවෙයන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! සුභ පැතුමට.

      මොන පිස්සුද අසර්... ආපු එකම මදෑ. අනික මටත් ඔය සන්තෑසියම උණා නෙව. ඩුඩ්ගෙ ඩෙනිමෙ පෝස්ට් තුනක් තියෙනවා කියවන්න. සෙන්නගේ එකක් දාලා මාසෙකට කිට්ටුයි. අනිත් එව්වටත් එහෙම්මමයි. මම ඔයාගෙ පැත්තෙ ආවෙත් පෝස්ට් එක දාලා කොච්චර කාලෙකින්ද?

      Delete
  19. අනේ සෝයි කෙලි පොඩ්ඩ..... මගෙනුත් චුටි දෝණිට සුභම සුභ පැතුම්!!

    මාත් පුංචි කෙනෙක් අනේ දැන් සෑහෙන කාලෙක ඉදන්..... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! සමනළී...

      ඔය ඉන්නේ සතුට බෙදා හදා ගන්න පුළුවන් තව කෙනෙක්. ඔයා පුංචි කෙනෙක් උණේ කොළු පැටියෙකුටද? කෙලි පොඩ්ඩියෙකුටද?

      Delete
    2. කොළු පැටියෙක්.... එකෙක් නෙමෙයි දෙන්නක් ඉන්නවා දැන්..... :)

      Delete
    3. ඩබල් පුංචි අම්මා.... :D
      උඹ වාසනාවන්තයි බං. මගේ සුභ පැතුම්!

      Delete
    4. ස්තුතියි.....ස්තුතියි...... :D

      Delete
  20. AKM අයියා .. අපිටනම් බාප්පල වෙන්න පින නැතිය. කාලෙකට පස්සේ ලොකු මාම වෙන්නනම් පුළුවන් වෙයි :D මතක් වෙද්දීත් බයයි වගේ :p කොච්චර බාරදුර රාජකාරියක්ද. (අප්පේ අපේ මාමගේ තියෙන ගණන් :p )

    ReplyDelete