පුංචි දෝණිට බාප්පව මුණ ගැහෙන්න වෙන්නෙ මාස දෙක
තුනකට සැරයක් විතර. ඒ බාප්පා දෝණිව බලන්න ගියොත් හරි, දෝණි ගමේ ආවොත් හරි. පහුගිය
සෙනසුරාදා දුවගේ අත්තම්මගේ ගෙදර, ඒ කියන්නෙ අම්මගේ මහ ගෙදර කිරිදානයක් තිබුණා
අදට යෙදෙන එයාගේ පලවෙනි උපන් දිනේ වෙනුවෙන්. කලින් දවසෙ රෑ ඔන්න බාප්පයි, නැන්දයි, ආත්තම්මයි
ගියා දෝණිගෙ අම්මලගේ ගෙදර.
කලින් දෝණිව හම්බ උනු හැම පාරම වගේ තමයි මේ
පාරත්. බාප්පව දැකපු ගමන් උඩ පැනගෙන ඇවිත් කරේ එල්ලුණා. අනිත් අයට නෝ චාන්ස්.
අම්මටවත්... තාත්තට විතරයි ඔන්න පොඩ්ඩක් ලකුණු ටිකක් දාගන්න පුළුවන් උනේ.
දැන් කෙල්ල ඇවිදිනවා. මේකි ඇවිදිනකොට අනිත් අය
හිනාවෙවී බලන් හිටියට මමනම් හිටියේ මාර බයකින්. ඉස්සා වගේ ඇවිදිනවා නෙවෙයි විසික්
වෙනවා. ටිකක් දුර ගිහිං මහා ලොකු වැඩක් කරපු එකෙක් වගේ හිනාවෙනවා. බලන් ඉන්නත්
ලෝබයි.
![]() |
තාත්තයි, දූයි. මේ දෝණිගෙ හපන්කම් පෙන්නන්න එවපු පින්තූරයක්. |
ඒ වගේම තමයි ෆොටෝ එකක් ගන්න හැදුවොත් දාන හිනාව.
තාම එයාගේ ෆොටෝ එකක්වත් දැකලා නැද්ද කොහෙද. ඒ උණාට ෆෝන් එක දික්කරනකොට හොඳ හිනාවක්
දාගෙන කරන වැඩෙත් අමතක කරලා බලන් ඉන්න හැටි.
![]() |
අතේ තියෙන දේත් අමතක කරන්... |
එදා එන්න එනකොට බාප්පත් එක්ක ආවෙ ගෙදර අයවත්
දාලා. අම්මට "ටටා" කියන්න කිව්වම මූණ දිහා
බලලා හොඳ හිනාවක් දාලා බාප්පිත් එක්කම මේකි ආපි.
"මගේ පුංචි සුදු දුවේ, ඔයා තාම පලවෙනි පියවර තිබ්බා විතරයි. ඔයාට සාර්ථක දිගු ගමනකට ආසිරි!!"
බාප්පෙක් උනහම ඔහොමනං තාත්තෙක් උනහම කොහොමට ඇද්ද කියලා හිතහංකෝ .
ReplyDeleteඒකත් හැබෑව නෙව. උඹේ පුංචි දෝණි හින්දා උඹත් දැන් රජෙක් නොවැ. ඔය හැඟීම බොක්කෙන්ම එන එකක් මිසක් හිතලා ගන්න අමාරු එකක් බං. දැන් කොහොමද කෙල්ල ඉස්කෝලෙ දෙවනත් කරනවද?
Deleteධී...හී... හෙන හුරුතල් පොඩි එකී.... කෝ අකමගෙ පැටවුන්ගෙ පොටෝ කෑලි ටිකකුත් දාන්නකෝ...
ReplyDeleteහුරතල්ද කියලත් අහනවා.
Deleteමගේ පැටවුන්ගේ එව්වා දාන්න නම් ඉතින් බොට බලන් ඉන්න වෙනවා කාලයක්. ඒ කාලේ අඩු කරගන්න ඕනිනම් දන්නා තැනකින් හොඳ කෙල්ලෙක් හොයලා දීපන්කෝ... :D
අකං භාප්පේ,
ReplyDeleteභාප්පේ භාප්පේ
භාප්පගේ භල්ලා
ලභුත් එක්ක භත් ඛාලා
භොක්කේ භුදී.
අටමා කිව්වා වගේ තාත්ත කෙනෙක් උනොත් කොහොම හිටීද? :)
++++++++
Deleteහම්මෝ බඩ ^_^
"ලිප් භොක්කේ භුදී....."
Deleteමහප්රාණෙන්ම දීලා තියෙන්නේ.. :D
ඇත්තමයි, අටමා කිව්වට පස්සෙනෙ ඒක මතක් උණෙත්. මම ඔයාගෙ ඔය හැඟීම දැකලා තියෙනවා ඔයාගෙ දුවට ඔයා කරන රිප්ලයි වලින්. ඒක ආදරෙන් දෙන ඔවදනක් එක්කම පිය සෙනෙහස කැටි වෙච්ච වචන පොදියක්. මට පේන හැටිද මංදා. ඒත් මං අනිවාර්යයෙන්ම බලන කමෙන්ට් අතරින් එකක් ඒක.
මොකද රජෝ.... මං හිතුවා එක එක ජරාවල් (ජරා-වල්) කනකොට ඔහොම බඩේ රුදාවල් හැදෙයි කියලා. :)
Deleteමම තාම මාම කෙනෙක් උනේ නෑ බොලවු.. මමත් තව ටික කාලෙකින් මාමා කෙනෙක්...
ReplyDeleteවෙන්ට මාමා....
Deleteමගෙන් ඔන්න උණුසුම් සුභ පැතුම් මචෝ. එතකොට අපි බලමුකෝ ඒ මාමගෙ සතුටත්...
බාප්පාටත් ළගදීම දරු සුරතල් බලන්න ලැබේවා එතකොට ඉතිං අපිට හැකි තරං පොටෝ, කතා දෙයි වගේ අකමා. පොඩි කෙල්ලට සුභ අනාගතයක්.. ඇයි බාප්පට ඌටත් සුභ අනාගතයක්...
ReplyDeleteඇයි යකෝ. මුන් ඔක්කොටම අහුවෙලා තියෙන්නෙ මාවමනේ. හරියට මැක්කා වගේ. උඹට හැකි තරම් ෆොටෝ කතන්දර දෙනවා මං කෙල්ලව බලන්න ගිය හැටි, බහ දීපු හැටි, දින නියම කරපු හැටි, පෝරුවට නගින හැටි, හනිමූන් එකට පිටත් වෙන හැටි, ....
Deleteබොහොම ස්තුතියි! සුභ පැතුමට.
අකම් බාප්පගෙ පොඩි කෙළිගෙ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
ReplyDeleteඅකමටත් ළඟදිම දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා !
ස්තුතියි! ස්තුතියි!! බොහොම ස්තුතියි!!!
Delete(අර දෙවැනි එක දැක්කමනම් බයත් හිතෙනවා.)
ඔය අස්සේ තව අතුරු කතාවකුත් තියෙනවනේ ප්‍රසා අයියේ. යනකොට රෑ වෙලා. ටවුන් එකේ එක පොට් එකක් දිහා ඇහැ ගහගෙන ගියා. වහලා. උදේනම් කොහොම හරි අල්ලගන්නවා කියලා හිතාගෙන ආවා. හතහමාරට විතර. ඒත් ඒ සෙතේමයි. ආයෙත් ට්‍රයි අගේන්... :)
උදේට පොට් එක අරිනකොට අටට විතර වෙනව. ආවට පස්සෙ මම අහවලා කියල කියහං මල්ලියෙ හොරෙංම ඇවිල්ල යන්නෙ නැතුව. :D
Deleteපළවෙනි දවසේ විතරයි මුට්ටිය දැම්මේ. එදා ඔයා හිටියෙත් නෑනේ. අනිවා එනවා. :D
Deleteහලී...........හුරතල් :)
ReplyDeleteකෙලි පොඩ්ඩට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රාජ ආශිර්වාදය....
Deleteදැන් රජාත් රජකම බාර ගන්න සූදානම් උනානම්.. (රජෙක් වෙන්නනම් බිසවක් අනිවාර්ර්යයිනේ..)
පුංචි කෙළි පැටික්කියකගේ හිනාව බාප්පා වුණු ඔබට මේ තරම් සිතුවිලි ගෙනෙයිනම්... කෙල්ලො දෙන්නෙකුගෙම තාත්තා වුණු මට උන් ගැන දැනෙන හැගිම කියන්න ආයි වචන නෑ.. දැසට කඳුළක් නැගෙනවා අකම්.
ReplyDeleteමාත් එච්චර දුර හිතුවේ නෑ අයියේ. මට දැනුණු දේ ලිව්වා. ඒත් ඔයාලා හිතන්න දෙයක් එකතු කළා. ඇත්තටම තාත්තා කෙනෙකුට කොච්චර දෙයක් දැනෙනවා ඇද්ද? අජාසත්ත උණත් පිය පදවියේ උතුම් බව අන්තිමේදී හරි දැනගත්තනේ.
Deleteකෙල්ලො දෙන්නෙක්ගෙ තාත්තා උණු ඔයා කොච්චර වාසනාවන්තද..... ස්තුතියි නලින් අයියේ කමෙන්ටුවට.
මේ තරම් වයසේ ඉන්න දරුවො ඇවිදින හැටි බලන් ඉන්න මම නම් හරිම ආසයි..හරි වේගෙන් ඇවිදින්නේ..එහෙට මෙහෙට විසි වෙවී...
ReplyDeleteපුංචි දෝණි පැටියට සුබ අනාගතයකට මගෙනුත් සුබ පැතුම් !
අප්පා... අඩි දෙක තුනක් තියලා ගිහිං නැවතිලා දාන හිනාව. මහා ලොකු හපන් කමක් කළා වගේ. අනේ හැමදාමත් ඔය වයසේ ඉන්නවනම්...
Deleteසුභ පැතුමට ස්තුතියි ලිහිණි.
චූටි දූට සුභ උපන් දිනයක් වේවා!!! එයාලට ගොඩාක් ආදරේ කියල දැනෙන අයට තමයි පුංචි අය ගොඩාක් ලං වෙන්නෙ. බාප්පටත් ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා කියල පතනවා...
ReplyDeleteපොඩි උන්ට අමුතු ඉවක් තියෙනවා නදිනි. ලොකු උනාම අපිට මිනිස්සු තේරුම් ගන්න බැරි උණාට.
Deleteකෙල්ලෙක්වත් නැති මට මෙහෙම කියන්නේ. දුක නැද්ද ආආ? නදිනිටත් එසේම වේවා! කියලා ප්‍රාර්ථනා කරන්නම්කෝ....
අඩේ අකමා මගේ උණුසුම් සුභ පැතුම්! ඇස් වහක් කටවහක් නැහැ පොඩි ඒකි හුරතල් බං.
ReplyDeleteබොහෝම ස්තුතියි! කෝමා.
Deleteඅද හවසත් අයියලා එයාලගේ ගෙදර යනගමන් ඔෆිස් එකට ඇවිත් ගියා. ඒකි මගෙ අතේමයි. අපේ ඔෆිස් එකේ අක්කගේ පුතත් මෙයාට වඩා මාසයයි වැඩිමල්. එයා ගාවටවත් ගියේ නෑ.
පොඩි ළමයි ඇවිදිනකොට මටත් බය හිතෙනවා වැටෙයි කියලා.
ReplyDeleteපුංචි දුවට සුභ උපන්දිනයක්
උන් ඇවිදිනවා නෙවෙයි පැතුම්. විසික් වෙනවා. වෙලාවකට ඇඟේ ලේ වතුර වෙනවා. යන වේගෙට වැටුනොත් එහෙම... තව ටික දවසක් යනකොට බේරෙන්න බැරිවෙයි. ගේ පුරා ඇවිදලා මදි උනාම මිදුලටත් බහියිනේ.
Deleteසුභම සුභ පැතුම් අපගෙන්..
ReplyDeleteයකෝ මාත් බාප්පෙක් වෙලා දැන් අවුරුදු 4ක් විතර !
බොහොම ස්තුතියි! සෑම්.
Deleteසැමාට නිදහසේ කොට්ටක්වත් පනින්න දුන්නෑනේ ඒ කොලු පැටියා. මූ මට මොකක් කොරයිද දන්නෑ. :D
අකම් උඹගෙ පොඩි එවුන්ගෙ පින්තූරත් ඉක්මනටම දාන්න ලැබේවා
ReplyDeleteහොඳ කෙල්ලෙක් හොයලා, කසාදයක් කොරලා, තව මාස නවයකුත් ඉඳලා එනකොට... හා හා කියනවනම් ඉක්මන් කොරන්නම්කෝ.....
Deleteකෙල්ලනේ වරෙල්ලා..... මෙහෙ වේකන්සියක් තියෙනෝ....
මචං හැලපේ, දැනට උඹ අර රොසන්ටාගේ පෝස්ට් එකට දාපු පින්තූරෙ බලාගත්තත් හරි.
Deleteමේ හෙන්රි අයියේ, එන්න එපා මට කින්ඩි දාන්න හරිය...? :D
Deleteමට මේක කියවනකොට අපේ බාල මාමායි මායි ගැන මතක් උනා... මං ඒ ගැන මගේ බ්ලොගේ කතා වගයකුත් ලිව්වා... කවදා හරි ඔය දෙන්නත් එහෙමම වේවි... ඒ බැඳීම මැරෙණ තුරුම තියේවි....
ReplyDeleteමියුරු, මම ඔයාගේ පැත්තෙ එන්න ගත්තේ ළඟදී ඉඳන්. ඒ ගැන දැන් දුක් වෙනවා මග ඇරුණු එක ගැන. පරණ එව්වත් ඔක්කොම බලන්න ඕනි නිවාඩු පාඩුවේ.
Delete-----
බොහෝම ස්තුතියි පැතුමට. ඒ වගේම ඔයාගේ මාමා කොච්චර වාසනාවන්තද කියලත් හිතෙනවා. දැන් කාලේ සම්බන්ධකම් දැක්කම.
බාප්පේ උඹේ කෙල්ලට වාසනාවන්ත අනාගතයක් (සුභ අනාගතයක් කියන්න බයයි) වේවා.
ReplyDeleteබ්ලොග් ලෝකේ හැමෝටම ඉක්මනින්ම බාප්පා, තාත්තා විදිහට ප්‍රමෝෂන් එක ලැබීම දැකගන්න වාසනාව ලැබේවා..
බොහෝම ස්තුතියි! අයිලාස්.
Deleteහැමෝටම එසේ වේවා!! (එතකොට ඔබතුමා කෙමති මොන පෝස්ට් එකටද?)
මොකද බන් ඔබතුමා කියන්නේ.. කියපන්කො මේවගෙන් කැමති එකක්
Deleteසියේ, ලොකු අප්පොච්චි, බාප්පේ, මාමේ,අයියේ,මල්ලි,පුතේ එහෙමත් නැතිනම් මචං කියලා හරි. එතකොට බොක්කටම වදිනවා බන්.
මටනම් පොස්ට් දෙකම ලැබිලා තියෙන්නේ.
සීයා පෝස්ට් එකට උසස් වීමට වරම් ලැබේවා!! :D
Delete(මෙන්න එකෙක් ගහන්න පන්නනෝ..... බේරගනියෝ.......)
ඔය බාප්පලා මාමලා වෙලා මදි අකමෝ..... තාත්තෙක් වෙයන්..
ReplyDeleteමාසයකට විතර පස්සේ බ්ලොග් කියවන්නට අවේ. පහුගිය දවස් ටිකේ එක එක වැඩ නිසා මේ පැත්ත පලාතක එන්න වෙලාවක් තිබුනේ නෑ.
උඹත් ඉතින් මාමා කෙනෙක්නේ.....
Deleteකාලෙකින් නැත්තේ මොකද කියලා මං ඒ පැත්තෙත් හොයලා බැලුවා. දැන් කලබල ගතිය අඩු ඇතිනේ..
මාම...
Deleteකවුද බොට කිව්වේ මම මාම කෙනෙක් කියලා... :D
ඇයි බං අර උඹේ ඇහැට රොඩ්ඩක් දාපු අක්කා... තාමත් අයියව කඩේ යව යවාද ඉන්නේ. :D
Deleteමගෙනුත් සුභ පැතුම් මචං.
ReplyDeleteපරක්කු වුනාට සමාවෙයන්.
බොහොම ස්තුතියි! සුභ පැතුමට.
Deleteමොන පිස්සුද අසර්... ආපු එකම මදෑ. අනික මටත් ඔය සන්තෑසියම උණා නෙව. ඩුඩ්ගෙ ඩෙනිමෙ පෝස්ට් තුනක් තියෙනවා කියවන්න. සෙන්නගේ එකක් දාලා මාසෙකට කිට්ටුයි. අනිත් එව්වටත් එහෙම්මමයි. මම ඔයාගෙ පැත්තෙ ආවෙත් පෝස්ට් එක දාලා කොච්චර කාලෙකින්ද?
අනේ සෝයි කෙලි පොඩ්ඩ..... මගෙනුත් චුටි දෝණිට සුභම සුභ පැතුම්!!
ReplyDeleteමාත් පුංචි කෙනෙක් අනේ දැන් සෑහෙන කාලෙක ඉදන්..... :)
බොහොම ස්තුතියි! සමනළී...
Deleteඔය ඉන්නේ සතුට බෙදා හදා ගන්න පුළුවන් තව කෙනෙක්. ඔයා පුංචි කෙනෙක් උණේ කොළු පැටියෙකුටද? කෙලි පොඩ්ඩියෙකුටද?
කොළු පැටියෙක්.... එකෙක් නෙමෙයි දෙන්නක් ඉන්නවා දැන්..... :)
Deleteඩබල් පුංචි අම්මා.... :D
Deleteඋඹ වාසනාවන්තයි බං. මගේ සුභ පැතුම්!
ස්තුතියි.....ස්තුතියි...... :D
DeleteAKM අයියා .. අපිටනම් බාප්පල වෙන්න පින නැතිය. කාලෙකට පස්සේ ලොකු මාම වෙන්නනම් පුළුවන් වෙයි :D මතක් වෙද්දීත් බයයි වගේ :p කොච්චර බාරදුර රාජකාරියක්ද. (අප්පේ අපේ මාමගේ තියෙන ගණන් :p )
ReplyDelete