Monday, February 25, 2013

සිංග්ලිෂ්, ණන, ළල අච්චාරුව

         හැම භාෂාවකම සමාන පද ඕන තරම් තියෙනවා. ඒත් රූපමය සමාන පද? එහෙමත් නැත්නම් උච්ඡාරණයෙන් සමාන පද? ඔන්න එහෙනම් දන්නැත්නම් බලා ගන්නකෝ...


මේක දාන්න හේතු උනේ එක ෆීල්ඩ් එකක යෙදිලා ඉන්න කෙනෙක් තවත් ෆීල්ඩ් එකක ඉන්න සෙට් එකක් එක්ක වැඩ කරන්න උන වෙලාවට මුහුණ දෙන අකරතැබ්බ මතක් වෙලා.


---------------------------------------------------------------------------


කී බෝඩ්

ඔෆිස් වල/ කර්මාන්තශාලාවල තියෙන කී බෝඩ් තමයි මේ.  (මේකේ නියම නම කී කැබිනට් කියලා දැනුයි දැනගත්තේ)




ඕන දොරකට




ඊළඟට හැමෝම ගහන කී බෝඩ් එක.



මේ කීබෝඩ් එක නැත්නම් අපි බ්ලොග් ලියලත් ඉවරයි. එව්වා බලලත් ඉවරයි.




-------------------------------------------------------------------------------

වීල්


ඔරලෝසු හදන අයගේ ඉඳන් විවිධ යාන්ත්‍රික උපකරණ හදන අයගේ වීල් එක



එතකොට රියදුරෝ දන්න එක




ඔන්න හෙන්රි අයියගේ නිවැරදි කිරීම


මේක තමයි බජාර් එකේ වීල් එක



වීල් එකේ ක්‍රියා පදය තමයි වීල් කරනවා කියන්නේ. මෙන්න මෙහෙමයි වීල් කරන්නේ.





---------------------------------------------------------------------------

චූ කරනවා


මේක ක්‍රියා පද දෙකක්. පළවෙනි එක ගැන මුකුත් කියන්නේ නෑ.



මේ නංගිත් ඔන්න චූ කරන්න යනවා.




-----------------------------------------------------------------------


              අපි සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී වෙන වැරද්දක් තමා ණන, ළල මාරු වීම. ගොඩක් වෙලාවට අපි ගහන්න යන දේ ටයිප් නොවෙන ප්‍රශ්නෙකුත් තියෙනවා. (ප්‍රශ්නේ?) ඕකට මගේ විසඳුම එක වචනය දෙතුන් ගමනකට ටයිප් කිරීම. ඒත් එව්වා එහෙම කරනකොට කියන්න ආපු දේ මතක නෑ. ලියලා පස්සේ එඩිට් කරනකොට ඒක දාන්න වෙන්නේ දවස් ගානකට පස්සේ. වෙනී අයියත් ඔය ගැන කියලා තියෙන්නේ. ඔතනදි ආපු අදහස් කීපයක් තමයි ඔය ණන, ළල හෝඩියෙන් ඉවත් කිරීම. එහෙම උණොත්.......



කණ


කන
පේනවා නේද පෙරේතකම

----------------------------------------------------------------------

පැල


පැළ


--------------------------------------------------------------------

තණ

තන

පේනවද මේකිගේ තියෙන ආඩම්බරකම.
කොච්චර කිව්වත් අත අහකට ගත්තෙම නෑනේ.




        මේක දැම්මහම මතක් උනේ, ඉස්සර සිරස රේඩියෝ එකේ සූර්ය සිරස කළේ කිංස්ලියි, යුවනියි. ඔය යුවනි කියන නම මං අඳුර ගත්තේ දවස් ගානක් ඕක අහලා. එතකම් මං හිතාගෙන හිටියේ වෙන දෙයක්නේ. යුවනි නංගිගේ (ඒ කාලේ අක්කනේ :D) ෆොටෝ එකක් දාන්න බැරි හින්දා අනිකෙ ෆොටෝ එකත් අයින් කොලා ඕන්.

24 comments:

  1. >>මේ කීබෝඩ් එක නැත්නම් අපි බ්ලොග් ලියලත් ඉවරයි. එව්වා බලලත් ඉවරයි.<<

    බය වෙන්ඩ දෙයක් නෑ.. :D

    [hi="green"]සිරසෙ හිටියෙ, කිංග්ස්ලියි, සුරංගියිනෙ.. කවුද යුවනි කියන්නෙ ? - Thanks Dude :D [/hi]

    ReplyDelete
    Replies
    1. ඈහ්... මේකෙ ඒවා වැඩ කරන්නැද්ද ? හදපන් හදපන් ඉක්මනට..

      Delete
    2. ඒ දෙන්නා තමයි නැගලා ගියේ. චාමික රොෂානුත් හිටියා. යුවනි කියලා කෙල්ලෙකුත් කාලයක් හිටියා. හැබැයි මං ඉස්කෝලේ යන අතරදී බස් එකේදී තමයි අහන්නේ. කොච්චර කාලයක් හිටියද කියන්නනම් දන්නෑ. සමහර විට ටෙම්පරි එකක්ද දන්නෑ. :D

      ඒ මක්කෙයි බං. අලුත් දෙයක්නම් හදන හැටිත් කියලා දුන්නනම්... එතකොට කස්ටියට වැඩ දාන්නත් පුළුවන් නෙව.

      Delete
    3. චාමික රොෂාන් තාම ඉන්නවද ? මම මාර ආසයි උගෙ වොයිස් එකට, එතකොට තව හිටියා නිහාල් කියලා පොරක් ඌත් මරු.. සිරස ආපු කාලෙ මරු බන්.. දැන්නම් බල්ලෙකුට වැඩක් නෑ..

      වහාම ඩූඩ්ගෙ බ්ලොග් එකේ කමෙන්ට් බොක්ස් එක යට බලනු.

      Delete
    4. චාමික නේද දැං සිරස ටීවී එකේ උදේට පත්තර කියවන්නෙ.

      Delete
    5. හුටා! හදන්න ඉස්සෙල්ලම කමෙන්ට් එක බලපු හින්දම හොඳයි. නැත්නම් ඇස් පොඩි කර කර බලන්න එපැයි. :D

      මෙන්න සෙන්නට උත්තරේ අපේ ප්‍රසා අයියගෙන්.
      මං දැන් අවුරුදු දහයකින් විතර රේඩියෝ එකක් ඇහුවේ නෑ සෙන්නා. මගදී ඇහුණා මිසක්. ටී වී එකත් කාලෙකින් උවමනාවෙන් බැලුවේ නෑ. සුජාත දියණි ඇරෙන්න.

      Delete
  2. මේ ළඟදි ඉරිද ලක්බිමේද කොහෙද තිබ්බ මොළෙන් කියවන්නෙ වචනෙක මුල අකුරයි අග අකුරයි විතරයි කියල. ඒ දෙක නියම තැන තියෙනවනං මැද අකුරු බලන්නෙ නැතුව වචනෙ කියවන්න මොළේට හැකියාවක් තියෙනවලු.
    ඔය නණලළ නං මහ ඇණයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්තක් වෙන්න ඕනි. මටත් ඔය කණපිට ගහපු අකුරු එහෙම කියවන්න පුළුවන්. හොඳම සීන් එක කියන්නේ සමහර ඒවා කණපිට ගහලා තියෙන්නේ කියලා කවුරු හරි කිව්වොත් උගෙන් අහනවා "බොට පිස්සුද?" කියලා. :D

      අනික යම් දෙයක් විමසිල්ලෙන් හොයන්න ඕනිනම් තමන්ට හුරු අතට නැතුව අනෙක් අතට හොයන්න ඕනිලු. (දකුණේ සිට වමට බැලීම) මේ ගැන විචාරකට කියලා දෙන්න පුළුවන් ඇති අපි හැමෝටම වඩා හොඳට.

      නණලළ නැති උනත් ඇණයක්.

      Delete
  3. අපේ ඔෆිස් එකේ පොරක් ඉන්නවා.. උට ඔය ණන, ළල අච්චාරුව පේන්න බෑ..ඔක්කොටම ලියන්නේ දන්තජ අකුරු..

    ReplyDelete
    Replies
    1. අන්න බුවාලා. වචන දෙකේ පොරක් නම් නෙවෙයි වගේ. අපිත් වෙලාවකට ඔහොම්මම තමයි. කොයි වෙලාවේ හම්බ උනත් "ගුඩ් මෝර්නින්"

      Delete
  4. මම හිතන්නෙ අකමා රියැදුරෝ දන්න වීල් එක කියලා උඹට දාන්න තිබ්බේ ස්ටියරිං වීල් එකක්.

    අනික ත්‍රී වීල් එකේ රෝද දෙකක්ම හැලිලා අන්තිමට වීල් කියන්න ගත්තා නේද? උඹට පුලුවන් ගූගල් එකේ තනි රෝදෙක කෙනෙක් නැගලා යන ෆෝටෝ එකක් හරි ටයරි එකක් ඇතුලේ එකෙක් රිංගගෙන යන ෆෝටෝ එකක් හරි දාලා වීල් එකේ යන්නෙ මෙහෙමයි කියන්න.

    මේ පෝස්ට් එක ඉම්පෲව් කරන්න අදහස් හොඳේ.

    අර වැඩ දාන හැටි චන්දනගෙ මුරණ්ඩු හුරු හු‍ටුවේ කමෙන්ට් වල තියෙනවා. අනේ බං මොනවා කරන්නත් ඉස්සෙල්ල ටෙම්ප්ලේට් එක බැකප් කරලා සේව් කරලා හිටහං.

    ReplyDelete
    Replies
    1. ස්ටියරින් වීල් එකට දාන්න නමක් සෙට් උණේ නැති නිසා නිකන් හිටියා.

      ඔය තියෙන්නේ අදහස්නේ.... හැමෝගෙම අදහස්, විවේචන සතුටින් භාරගන්නවා ඇරෙන්න අහිතක් නෑ.

      ඔයාගෙන් චන්දන හරහා නොනිමි ලෝකයටත් ගියා. බැකප් කතාව ඇහුවමයි දෙලෝ රත් උණේ. ඉක්මණටම අරන් තියාගන්න ඕනි.

      Delete
    2. අරන් තියාගන්න ඕනෙ කියන්නෙ මොකද බං? ඒකට තප්පර ගානයි යන්නෙ.

      Delete
    3. හෙහ් හෙහ් හෙහ්.... බ්ලොග් එහෙක බැකප් එකක් අරන් නැති නිසා ගැත්තාට සමා වුව මැනවි. දැන්වත් ඔය මළ පැත්තකින් තිබ්බනම්.... [hi="purple"](මට මළ,මල දෙකේ ෆොටෝ දාන්න බැරිවෙලා නෙව..)[/hi]

      Delete
  5. AKM, භාෂාව පිළිබඳව මෙවැනි ලිපි නිතර ලියනවානම් මමත් හරිම ආසයි බලන්න.

    දකුණේ සිට වමට නිරීක්ෂනයෙදී වේගය අඩු නිසා හොඳට නිරීක්ෂණය (ස්කෑන්) වෙනවා.

    දන්තජ අකුරු වලින්ම ලියමු කියන යෝජනාව ගෙනාවෙත් එහෙම කලෙත් මහාචාර්ය සිරි ගුණසිංහ මහතා ඔහු තමන්ගේ නම් ලිව්වෙත් ගුනසිංහ කියලයි.

    'ඔහු පැන පැන පැණ විමසයි' වැනි වාක්‍යයකදී, 'වේගයෙන් ආ බස් රථය ඇලට ඇළවිය' වැනි වාක්‍යයකදී ණනළල වැදගත් වෙනවා නියම අර්ථය දනවන්නට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔතනදි වේගය වගේම යන්තම් කොනක් දැකපු ගමන් "ආ මේකයි" කියලා ඒක අත ඇරලා දාන එකත් (ප්‍රසා අයියා කිව්වා වගේ) බලපානවා නේද?

      ලස්සන උදාහරණ දෙකක්. ඕවා දැක්කම මට හිතෙන්නේ [hi="yellow"][co="red"]භාෂාව අතින් අපි කොච්චර පෝසත්ද?[/co][/hi] කියලා තමයි. මං කලිනුත් කමෙන්ට් එකක කිව්වා දෙමළ අයට "හ"යන්න කියන්න බැරි උන් දුප්පත් හින්දා කියලා.

      "Wicharaka" කියන එකම කී විදියකට උච්ඡාරණය කරන්න පුලුවන්ද ඉංග්‍රීසියෙන්. ඒත් ඇත්තටම තියෙන්න පුළුවන් එක උච්ච්හාරණයක් විතරයි නේද?

      "Madanayaka" කියන නමම බලන්නකෝ. වැරදියට උච්ඡාරණය කලොත්?

      Delete
    2. අපේ භාෂාව ලොව විශිෂ්ඨතම භාෂාවක් වන්නේ අපේ භාෂාවෙන් ඕනෑම ශබ්දයක් ලිවීමට හැකි තරම් අක්ෂර මාලාවක් තිබීමයි. 'කෝකිලවදනී' කියලා ලස්සන ද්‍රවිඩ නමක් තියනවා කාන්තාවන්ට දාන. කොච්චර ලස්සනද බලන්න. කොකිලාවකගේ මෙන් හඬක් සහිතව කතාකරන්නී කියන එකයි තේරුම. නමුත් ද්‍රවිඩ අයම ඒ නම උච්ඡාරණය කරන්නේ 'කෝහිලවදනී' කියලා. සිංහලෙන් නම් අසභ්‍ය අදහසකුත් ගන්න පුළුවන්. 'ආනෝල්ඩ් ශ්වාසෙනෙගර්' කියන නම ඉංග්‍රීසි කාරයෝම උච්ඡාරණය කරන්නේ විවිධ ආකාරයට. නමුත් සිංහල දන්නා ඕනෙම කෙනෙක්, මීට කලින් ඒ නම ලියලා තියන හැටි දැකලා නැතත්, දැන් ලියලා පෙන්නන්න කිව්වත්, උච්ඡාරණය කරලා පෙන්වන්න කිව්වත්, එකම ආකාරයට කරනවා.

      හැකිනම් පසුව තවත් මෙවැනි ලිපියක් ලියන්න.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. ඔබේ එකතු කිරීම ඇත්තටම මේ ලිපිය සම්පූර්ණ කිරීමක්. ඉල්ලීම හැකිතාක් ඉක්මණින් ඉටු කරන්නම්කෝ....

      Delete
  6. යුවනි කියන නම අපිත් අල්ල ගත්තේ හෙන ගේමක් දීල බං.. :D

    අකුරු හරියට ගහන්න ඕන බං පුළු පුළුවන් හැටියට වත්. වැඩේ කියන්නේ මට නම් දැන් ඕවා අමතකයි. මමත් අර උඹ කිව්ව ක්‍රමයට වචන කඩල තමයි ගහන්නේ. තව සොෆ්ට්වෙයාර් දෙකක් පාවිච්චි කරනවා මන්. එකක් උඹල අපි හැමෝම පාවිච්චි කරන ගුගල් ඉමි. අනෙක මෙතනින් ගත්තේ. බ්‍රව්සර් ප්ලගින් එකක්.

    http://code.google.com/p/easysinhala/ ඉමි එකෙන් බැරි ඒවා ඕකෙන් පුළුවන්. ඈ… වගේ එකක් නම් ae. ඇ …නම් කැපිටල් ඒ. සංඥක nn

    ReplyDelete
    Replies
    1. මරු නම නේ.... :D

      මාත් දන්න දන්න විදියට තමයි අකුරු ගලපන්නේ. ගොඩක් එව්වා මතක නෑ. භාවිතයක් නැති උණාම ඔක්කොම අමතකයි බං. :(

      අරක අරන් බලන්න ඕනි. ඔපෙරා එකටත් හරි ඇති නේද? ක්‍රෝම් එකේ ප්‍රොසෙස් වැඩියි බං. ඒක හින්දා අත ඇරලා තියෙන්නේ.

      Delete
    2. ඔපෙරා වල නම් බැලුවේ නෑ මචං. ෆයර් ෆොක්ස් වලට නම් හරි.

      Delete
    3. එහෙනම් බලමුකෝ....

      Delete
  7. මමත් හැම වෙලාවේම ට්‍රයි කරනවා හරි එක ලියන්න මොකද ලියන ජෙදෙට අදාළ නොවෙන වචනයක තේරුමක් එන්න ඉඩ තියෙනවා අකුරක් වැරදුනොත්. එත් ඇතැම් වෙලාවට හරි අකුර මතක නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. මේ ලියපු එකේම මගේ වැරදි කීයක් ඇද්ද අසර්. මතක නැතිවීම එකක්. දැනගෙන නොලියා ඉඳීම තව එකක්. ලියන්න (කොටන්න) අමාරු එක වෙනම දෙයක්.

      ඒ හින්දා ඔක්කොම කොටලා ඉවර වෙලා පොඩි එඩිට් පාරක් දැම්මනම් වටිනවා.

      Delete