Friday, December 21, 2012

සී යූ! බයි බායි!!!

අනේ ඉතින් මන් මොනා කියලා කියන්නද?


     මන් මේ බැක්පැක් එකත් දාගෙන කන්දක් උඩට  යනගමන්.

එහෙනම්,


එහෙදිනම් එහෙමයි! 
මෙහෙදිනම් මෙහෙමයි! 

ආයේ
හම්බවෙනකම් බායි!!!


26 comments:

  1. කොමෙන්ට් දැම්මට වැඩක් නෑ ලෝක විනාසෙ උනාට පස්සේ කවුරු බලන්නද.. ඒ නිසා කොමෙන්ට් නොකර මාරු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. මාත් රිප්ලයි නොකරම මාරු වෙනවා.

      Delete
  2. Replies
    1. ඒකත් හොඳ අදහස. කසාද බැන්දම, ජම්බු ගහෙන් වැටුනම කට්ටියකට නව දිවියක්. උපන් දිනෙන් පස්සේ, අලුත් කැලැන්ඩරයක් එල්ලුවම ඒත් නව යුගයක්. මෙතෙන්දිත් ඔක්කොම අත ඇරලා මොලේ හිස් කරගෙන ඉඳලා ආයෙත් ජීවත් වෙන්න පුළුවන් කියලා දැනුනම ඒත් නව යුගයක්. ඒකෙත් හැටි බලමුකෝ.....

      Delete
  3. එහෙනං එහෙදි හම්බවෙමු.

    ReplyDelete
    Replies
    1. සැක්... අපි තාම මෙහෙනේ....
      බලමුකෝ බලමුකෝ.... තව පැය ගානක් ඉතුරුයිනේ..

      Delete
  4. තව පැය කීපයයි. ඉක්මන් කරපන්..

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. මං මේ ඉක්මනින් ආයෙමත් බාර් එක පැත්තට යනගමන්. ඊයේ මග බලාගෙනම ඉඳලා ගෙනාපු බෝතල් දෙක ඉවර උනානේ.
      දැන් ඔය පැත්තේ කොහොමද?

      Delete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ ශ්‍රී මුඛයෙන් එවන් වදනක් ඇසීමත් සතුටක් දේවයන් වහන්ස. දැන් ඔබ වහන්සේ කොතනෙයි ඉන්නේ?

      Delete
  6. හික්...ඔය මගුල වුනේ නැති නිසා මෙහෙදීම හම්බවෙතහැකි නේ..... :D

    ReplyDelete
    Replies
    1. හම්බවෙමු හම්බවෙමු.
      බලන්නකෝ මෙයා ලයිව් ඇඩ්වෙන්චර් සීන් එකක් බලා ගන්න බැරි උනානේ. :(

      දැන් මන් කොයි හන්දියට ඇවිල්ලද සමනළී කියල කෑ ගහන්න ඕනි?

      Delete
  7. ඉන්න තැනකින් එනඩෝ....හි හී

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ ආවෝ.... හි හි

      Delete
  8. තාම ලෝක විනාසෙ උනේ නැද්දෝ ???

    ReplyDelete
    Replies
    1. ඒක තමා බන්. මගේ විනාසෙනම් සිද්ධ උණා. අතේ තියෙන ඔක්කොම වියදම් කරලා බඩු ලිස්ට් එක කම්ප්ලීට් කර ගත්තා. ඉතුරුවයින් හොඳ,වයින් දෙකක් ගත්තා. දැන් හුළං.

      Delete
  9. වැඩේ අප්සැට් වුනා නේද අකමා. කාර්මික දෝශයක්ය කියන්නෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක තමා හෙන්රි අයියේ. ඕකත් හදලා තියෙන්නේ අර බාස් කෙනෙක්මද දන්නෑ. මෙච්චර කාර්මික දෝෂ වෙන්නේ.

      Delete
  10. මාත් මොකවත් කොටන්නේ නැතිව කියවල විතරක් යන්නම්.

    ReplyDelete
    Replies
    1. මෙහේදීම හම්බ උනාම කිසි ගතියක් නෑ වගේ නේද අසර්?

      Delete
  11. අපි ආයෙත් හමු වුනා එහෙනං... ජනවාරි 27 ගම්පහ ගෙට්ටුවට ආවොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුරට මට එන්න තියෙන අවස්තාවනම් අඩුයි සිරෝ. උඹලව හම්බ වෙන්න බැරි වෙන එක ගැනනම් දුකයි. ඒ දුක වැඩි කරන්න ඒ ගැන පොස්ට් කට්ටියගෙම බ්ලොග් වල වැටෙයි කියලා හිතනවා.

      ගෙට්ටුවට ජයවේවා!

      Delete
  12. හප්පේ තාම විනාස උනේ නැහැනේ දැන් කන්දෙන් බැස්සනම් කාරිය.

    ReplyDelete
    Replies
    1. එහෙයි කෝරලේ මහත්තයෝ. මන් මේ බහිනවා... දැන්ම බහිනවා..

      Delete
  13. ඔන්න මාත් ආව මේ පෑත්තෙ.... විනාස උනේ නෑනේ මේ මගුල.... තව කොයි කාලයක් ඉන්නද මන්ද....

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.. ඔන්න ඔයාවත් ඉතාම සාදරයෙන් ආදරයෙන් පිළිගත්තා මගේ අඩවියට.

      ඒක තමයි. බලන්නකෝ මේක තාම නෑනේ. :D

      ලෝක විනාසේ ටික ටික අපි ගාවට එනවා නදිනි. අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ක්ෂණික දේවල් වලටනේ.

      Delete