Monday, December 3, 2012

පිස්සු කෙල්ල

"ගුඩ් මොර්නින්ග්! කම්මැලියා නොවී නැගිටිනවා අද වැඩ ගොඩක් තියෙනවා කරන්න"

     මොන මල වදයක්ද මේ? ඇයි යකෝ දවස් හයක් දඟලලා දඟලලා ගෙදර ඉන්න දවසෙත් යන්තම් එලිය වැටීගෙන එනකොට චරු චුරු ගාන්න ගත්තම.

"කෑ නුගහ ඉන්නවකෝ. තව ටිකකින් එන්නම්"



   සීට් එක තව ටිකක් හොඳට පෙරෝගෙන බිත්තිය පැත්තට හැරිලා ආයෙමත් නිදා ගන්න හදන ගමන් කියලා දැම්මා..

"හුහ්....."

      ගස්සාගෙන යන හැඩ බලන්න ආස හිතුනත් කම්මැලිකම ඊට ටිකක් විතර වැඩි හින්දා එහෙම්මම දොයිය ගන්න ඇස් පියා ගත්තා.

    වෙලාවකට පවු කියලත් හිතෙනවා. හැමදාම ගේ අස්සේ කොටුවෙලා ඉඳලා මන් ගෙදර ඉන්න වෙලාවේ එපායැ  හුරතල් වෙන්න. 

       ඇඳෙන් බහිද්දී ගලවන් වැටෙන්න ගිය සරම හොඳට තද කරලා ඇඳ ගන්න ගමන් මන් කුස්සියට ගියා. මෙන්න මේකි හද හදා හිටපු තේකත් පැත්තකට දාලා ඇවිත් මගේ පපුවට තුරුළු වෙනවා. හතර විලි ලැජ්ජාවේ බෑ. ආ... ලජ්ජා වෙන්නේ මොකටද. අම්මලා එහෙම අයියලාගේ ගෙදර ගිහින්නේ. අනික මගේ ගෑනි මට නැතුව වෙන මොන බැල්ලිගෙ පුතෙකුට තුරුළු වෙන්නද?

      ඔන්න එහෙම හිතලා කෙල්ලගේ නළලට කිස් එකක් දීලා, පස්සට පොඩි තට්ටුවකුත් දාලා මූණ හෝදගන්න ගියා. ඒ ගිහින් එනකොටත් මේකි මන් ළඟ.

"මොකෝ අද මේ දාන්ගලේ. අම්මලා නැති හින්ද නේ."

"යනවා යන්න. පොඩ්ඩක් ලඟට ආවම මූ හිතන දුර. ඕන්නෑ."

      උණුහුමෙන් ගැලවෙන්න හදපු කෙල්ලව ඇදලා  අරගෙන කිස් එකක් එහෙම දීලා ශේප් කරගත්තා. නැත්නම් ඉතින් අද දවසත් ඉවරයි.

       කාලා, බීලා ඉවරවෙලා ටිකක් වෙලා ටීවී එකත් බලලා පත්තරේ දිග අරගත්තේ බලන්න. දහයට විතර ඇති. මේ පිස්සි තාමත් මගේ වටේ කැරකෙනවා. මගේ අවධානය ගන්න ට්‍රයි කරනවා. මොන රෙද්දක්ද? උදේම තුරුළු කර ගත්තේ?

"සුදු මහත්තයෝ..., අද අපි කොහේ හරි යමු" 

        බල බලා හිටපු පත්තරේ පාත් කරන ගමන් මේකි අහනවා.

 "ඇයි ඕයි, තමුසෙගෙ අතිජාත මිත්තරයත් එක්ක පෙරේදා නේද ෂොපින් ගියේ. ඉන්න දෙනවකො අදවත් මට. අර සක බඹරෙත් එක්කම යනවකෝ අදත්. එතකොටවත් මට මගේ පාඩුවේ නිවාඩුව ගත්තැහැකි."

      හුටා... මල කෙලියයි. තව පොඩ්ඩෙන් මට ඇත්තටම යන්න වෙනවා මේකිත් එක්ක. ෂොපින් නෙවේ. බෙල්ලට පත්තුවක් බඳින්න වෙද මහත්තයෙක් ගාවට.

  "ඔය විදියත් ලස්සනයි. ලබන සතියෙනේ අපි සූ යන්න හිටියේ. දැන් ආයේ අමුතුවෙන් යන්න ඕනි නෑනේ. ඔහේටත් ඕනිනම් කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලා ගන්නකෝ"

   ශික්... කොච්චර ට්‍රයි කලත් කියන්න ඕනි දේ නෙවෙයිනේ මේ වාචාල කටින් පිට වෙන්නේ.දැන් ඉතින් යාලු වෙන්න..... හම්බෝ....

       අද මේකි කොච්චර වාර ගානක් මන් වටේ කැරකුනාද? වෙනදට වඩා. ඇස් වලින් කතා කලාද? මොනා කරන්නද? මේකි ඇවිස්සුවේ නැත්නම් කෑවේ නෑ වගේනේ.

     දවල්ට බත් කටක් කවාගන්න හිටියා මදැයි. අන්තිමේදී මටමයි කවන්න උනෙත්. ඒත් මූණ හරි නෑ. කාලගුණේ කියන්නේ නිකන්යැ. 

"කෙල්ලේ, මේ සැටිය සාලේ මැද්දෙන් තියෙන එක කැතයි. චේන්ජ් එකකටත් එක්ක අයිනට අල්ලමු"

      කිසි හා හූවක් නැතුව මේකි මන් කියන දේ කරනවා. හැමදාමත් මෙහෙම ඉන්නවනම්.. හිතුනත් කියන්න ගියේ නැත්තේ සෙටිය අල්ලලා ඉවර වෙලා එතන තිබුන මල් පෝච්චිය අරගෙන අලුත් තැනින් තියන්න ගෙනියන ගමන් හින්දයි. 

        හවස් වෙනකොට මේකි මාත් එක්ක ආයෙත් තරහා වෙලා. මටත් මොකද. ආතල් එකේ හවසත් ඇලට් එකක් දැම්මා. වෙනදනම් කොහෙද? අර වැඩෙයි, මේ වැඩෙයි, පාත්තිවලට පෝර ගේන්නයි, කේක් එකේ පිටි අනන්නයි සමහර වෙලාවට කන්න ගෙනාපු යෝගට්, කිරි, අලි ගැට පේර එහෙම අරගෙන මේකිගේ මූණේ උලන්නයි කොච්චර වැඩද අප්පා....

        ඒ නින්දත් කැඩුනා සද්දෙකින්. නැගිටලා බලනකොට අල්මාරිය ඇරගෙන රෙදි ටික පටෝනවා බෑග් එකකට. දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද? අම්මලත් නැති එකේ ශේප් කර ගන්නේ කොහොමද? ඒ වෙලාවේ තමයි වාසනාව පෑදුනේ.

හෝන් සද්දෙකුත් එක්ක ගේට්ටුව අරින සද්දේ.

      අජියගේ වැන් එකේ අපිට ඒ කාලේ බකප් එක දුන්නු සෙට් එකම. පිටිපස්සෙන් මේකිගේ අතිජාත යාළුවො සෙට් එකත් බට්ටා කාර් එකක. වෙලාව හරියටම තුනහමාරයි.

       මන් හොරෙන් කෙල්ල දිහා බැලුවා. මේකිගේ කට හායි ගාලා ඇරිච්ච ගමන්මයි. දන්නවනේ අපේ සෙට් එක. කෑ ගහගෙන හූ තියාගෙන පලාතම දෙවනත් කරගෙන එනවා. රනයා කොහෙන්ද මන්දා හොයා ගත්ත බොක්ස් ගිටාර් එකක් ගගහා. හසියා බොන්ගොවක් අරගෙන. අනික් උනුයි, එනියනුයි (හරිද මන්දා) අතින් කටින් එල්ල ගෙන.

"හැපී බර්ත්ඩේ ටූ යූ"
                                     ගාගෙන එනවා.

      විනාඩි දෙක තුනකින් කට්ටිය සෙට්ල් වෙනකොට මන් කාමරේට රිංග ගත්තා. කේටරින් එකේ අයියට කෝල් එකක් ගන්න තමයි රිංගුවේ.

"අයියේ, එහෙනම් පහට එනවනේ. මන් කියපුවා අනිවා හදන්න ඕනි. හරිනේ එහෙනම්. මන් තිබ්බා."

කියලා අනිත් පැත්ත හැරෙනකොට...... 

බුදු අම්මෝ..... 

එහෙම ඇස් දෙකක්.

         ලොකු කරගත්ත ඇස් දෙකෙන් කටින් පිට කරන්න බැරි දාහක් දේ ඇසිල්ලකින් මට කියපු මේකි මගේ පපුව අස්සේ ඔලුව ඔබා ගත්තා.

මේන් මේකි අඬනවා.......

46 comments:

  1. අම්මපා අපේ මිනිහට ඕවා අමතක වෙන නිසා මම අනිවර්යයෙන්ම සතියකට විතර කලින් මතක් කරනවා.. නැත්තම් නිකම් දුක හිතෙන්නෙ මටමයි... හි හි...

    ඒත් දැං මං එයාට මට සර්ප්‍රයිස් දෙන එක තහනම් කරලා තියෙන්නේ.. එයා මට සර්ප්‍රයිස් දෙන්න ගියාම හැමදාම මං අඬලා තමයි නවතින්නේ.. ඒවා ගොඩක් වෙලාවට මට ඕනේ කරන හෝ මං ආස කරන ජාතිවල ඒවා නොවෙන නිසා.. දුක තමයි.. ඒත් අඬනවට වඩා ඒක සැපයි....

    මේක මරුවට ලියලා තියෙනවා.....

    //වෙලාවකට පවු කියලත් හිතෙනවා. හැමදාම ගේ අස්සේ කොටුවෙලා ඉඳලා මන් ගෙදර ඉන්න වෙලාවේ එපායැ හුරතල් වෙන්න. //

    හැම එකාටම මේ ටික තේරෙනවනම්.. එහෙනං ගෑණුන්ගේ ජීවිත කොච්චර සතුටුදායක වෙයිද...

    අම්මලගේ ප්‍රශ්න නම් නෑ.. ඒක තමයි මට තියෙන ලොකු සැනසිල්ල... හි හි..

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ක්‍රමයක් හිරු. කොහොමත් දෙන්න තියෙන තෑග්ග තමන්ට වැඩදායක එකක් කරගන්න එක.

      සතියට දවස් හයක් වැඩට ගිහින් හැමදාම රෑ හත පහුවෙලා (ෆීල්ඩ් යන දවසට වෙලාවක් කියන්න බෑ. සතියකට දවස් දෙක තුනක් ඒකත් සෙට් වෙනවා) ගෙදර ඇවිත් කම්පීතරේ දාන්න හදනකොට මොකක් හරි කිව්වොත්?

      එතකොට,
      ...//හැම එකාටම මේ ටික තේරෙනවනම්.. එහෙනං පිරිමින්ගේ ජීවිත කොච්චර සතුටුදායක වෙයිද//...

      (මොකද මන්දා මට හරහටම පෙන්නේ...හි හි..)

      Delete
    2. හි හි.. ඕකට මම පෝස්ට් තුනක්ම ලිව්වා අකම්.. කියෙව්වේ නැද්ද.....

      ගිහින් බලන්න මගේ එකේ ඇති අතිශයින්ම පිරිමින්ට පමණයි කියලා ලියපු කොටස් තුනක කතාවක්... එත‌ෙකාට තේරෙයි එහෙම කියන්නේ ඇයි කියලා... හි හි...

      Delete
    3. ඒනන් එකත් බලමුකෝ... උඹයි මාරයයි දාන වේගෙට ඒවා බලන්න සතියක විතර නිවාඩුවක් දාන්න එපායැ.
      :P

      Delete
  2. ඔය බර්ත්ඩේ තියෙනවා නේද අකමා. ඕක මතක තියාගෙන ඉන්න එක මට නම් හෙන ගේමක්. දැන් නම් නවීන තාක්ෂණික මෙවලම්වලට පින්සිද්ද වෙන්න වැඩේ ගොඩ.
    මෙතනදි නම් උඹත් ගොඩනෙ.

    මට නම් හෙන වාසියක් තියෙනවා මගේ ප්‍රියම්බිකාවගෙ උපන්දිනය සම්බන්දයෙන්. මට ජීවිතේට ඕක අමතක වෙලා නෑ. හේතුව එදා ජේසුස් වහන්සෙගෙත් උපන්දිනය වීම.

    මගෙ යාලුවොත් ඒක නිසාම ගොඩ යනවා පොරවල් වගෙ එදාට විෂ් කරලා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හා හා ළඟදීම කේක් එකක්.....

      ...//ඕක මතක තියාගෙන ඉන්න එක මට නම් හෙන ගේමක්//... මටත් එහෙම්මමයි.
      ගිය සතියේ ලොකු නංගිගේ (මාමගේ දුවගේ) බර්ත් ඩේ එක. පුදුමේ කියන්නේ එදාම කාලෙකට පස්සේ හදිස්සියේ අපි කට්ටියම එහෙ ගියා. අවුල තියෙන්නේ අපිටත් දවස් දෙක තුනකට පස්සේ තමයි මතක් උනේ. එයාලා හිතන්න ඇත්තේ ඒකට ආවා කියලා.

      කෝ ගිය ට්‍රිප් වල විස්තර? එක්කෝ දැන්ම ඕනි නෑ. මේ දවස් බොගේට වැය කරනවා කියන්නේ අපරාධයක්.

      Delete
  3. අලේ...මේක කියවගෙන යද්දී මගෙ මූනෙනෙ මනමාල හිනාවක් ඇදුනේ...බැන්ඳට පස්සෙ වෙන දේවල් හැබෑට...හි හි හි

    ලව් කරද්දී නම් ඔය අංකවලට තියෙන වටිනාකම... උපන්දිනේ විතරක්ද...අහපු දවස...හා කියපු දවස..ඉස්සරවෙලාම කිස් කරපු දවස...ඔය ඔක්කොම මතකයි..බැන්ඳට පස්සේ..ඒකෙත් හැටි...

    ReplyDelete
    Replies
    1. ජීවන බර ලිහිණියෝ ජීවන බර

      හෝටලේ ගාන ගෙවන්න ඕනි, රත්තරන් බඩුවල ගාන ගෙවන්න ඕනි, ගත්ත ණය ගෙවන්න ඕනි. ඒ අස්සේ පොඩි එකෙක් ගැන හිතන්න ඕනි. කාර් එකක් ගන්න ඕනි. අලේ මන්දා.....

      අප්පේ තියෙන හිනාව. "බැන්දාම ඔහොම තමයි" කියලා "සුදු අසුපිට නැගලා" සිංදුවෙ එඩිට් කරපු වර්ශන් එකකුත් තියෙන්නේ.

      Delete
  4. අඩේ උඹ වැඩේ ගානට සැට් කොරලා නෙව... මටනම් ඕවා මලාට අමතක වෙන්නෑ බන්.. ඔන්න අදත් යැව්වා ඇනිවසරි ගිෆ්ට් එකක්.. සප්‍රයිස්.. සප්‍රයිස්..

    ReplyDelete
    Replies
    1. අඩේ මේ තනිකඩ මට එක එක කතා හදන්න එන්න එපා හරිද?

      ...//ඔන්න අදත් යැව්වා ඇනිවසරි ගිෆ්ට් එකක්.. සප්‍රයිස්.. සප්‍රයිස්..//...

      ඇත්තටම සෙන්නෝ ඔයාගේ එක වටිනා කියන ඇනිවසරි ගිෆ්ට් එකක් අපිත් බුක්ති විඳිනවා.(හරසුන් ලිපි නැති) ඒ පිනම ඇති බොලව් උඹලා දෙන්නාගේ ජීවිතය සාර්ථක වෙන්න.

      හැපීම හැපී වෙඩින් ඇනිවසරි එකක්ම වේවා! (දැන් බොට මක්කෙයි ලැබුණේ?)

      Delete
    2. සිරාවට උඹ තනිකඩද ? මම හිතුවෙ ඇත්ත කතාවක් ලියලා කියලා.. එහෙමනම් පට්ට, එළ, විශිෂ්ට නිර්මාණයක් නොවැ..

      නෑ නෑ ඒ ගිෆ්ට් එක ගැන නෙමේ බන් කිව්වෙ.. වෙනම තෑග්ගක්...

      මට හම්බුනෙ හිතේ සතුට.. සන්තුෂ්ඨී පරමඃ ධනං කිව්වලුනෙ...

      Delete
    3. ....//මට හම්බුනෙ හිතේ සතුට.. සන්තුෂ්ඨී පරමඃ ධනං කිව්වලුනෙ...//....

      සහතික ඇත්ත සෙන්නෝ....

      මේක තමයි මගෙන් ඔය දෙන්නට දෙන තෑග්ග.

      Delete
  5. හි හි... මේක කියෙව්වම මටත් මාර ජොලියක් ගියා. අද නියම දවසක්.. එයයි මමයි මුලින්ම අතින් අල්ල ගෙන ගිහින් අදට අවුරුද්දයි.. ඒ අල්ලපු අත ගැලවෙන්න ගිහින් යන්තම් ෂේප් කරගෙන තාම දවස් ගානයි..

    ජය..

    ReplyDelete
    Replies
    1. ෂා... නියම දවසක්නේ...... මේ පොස්ට් එක එහෙනම් බොලා වෙනුවෙන්ම ලියපු එකක් කියලා හිතා ගන්කෝ...

      ගැලවෙන්න ගිය අත ගැන පොඩි ඉඟියක් කලින් ආවා නේද? ඔහොම තමයි කඳු තියෙනවා පල්ලම් තියෙනවා මේ ජීවිතේ. ඉවසීමයි කාලයයි තමයි හැමදේටම බෙහෙත.

      දැන් ඔය අල්ලපු අතේ ඇඟිලි ගැට ගහන්නේ කවද්ද?

      බොලා දෙන්නටම ජයෙන් ජය!

      Delete
    2. බණ්ඩට ජය වේවා.. මම හිතුවා කොල්ලා ෂුවර් එකට වැඩේ ගොඩ දාගන්න ඇති කියලා... හි හි

      Delete
    3. ගොඩ දාගත්තා ගොඩ දා ගත්තා.. හිරුගේ පොස්ට් එකත් හරිම කාලෙට වැටුනනේ.. ඒ සේරටම පින්සිද්ද වෙන්න දැන් බණ්ඩ ගොඩ..

      Delete
  6. සර්ප්‍රයිස් පාටියක් දීලා වගෙයි...මන් හිතුවෙ මහ දවල් 18+ කතාවක් වත් කියවන්න වෙයිදෝ ලියලයි...

    ReplyDelete
    Replies
    1. සිකේ..... හිතන දේ වල්.......

      ජයෙන් ජය!

      Delete
  7. ෆෝන් වල රිමයින්ඩර් අරව මේව තියෙන හින්ද දැංනං ඕව අමතක වෙන එක අඩුයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඔයින් එකක් දාගෙන යන්තන් වෙලක් මැද්දේ තියෙන ගොඩකට ගියා. පුරාවිද්‍යා මහත්තැන් කෙනෙක්ගේ නමක් යටින් තියෙන ප්‍රින්ටර්ස් බෝඩ් ලෑල්ලක් යටින් අස්සට රිංගලා පොටෝ කොපියක් ගහන්න ඇහුවා. පලවෙනි බැරියර් එකෙන්ම ටෝනර් එක ඉවරයි කියලා හැරෙව්වනේ බොලවූ.

      Delete
    2. අඩේ මුං සී.අයි.ඩී. වැඩත් කරනවද?
      හොරෙං එන්නැතිව අර මාරය වගේ නම කියල එන්න තිබුණනෙ.

      Delete
    3. මාරයියා ආපු වෙලේ හාරපු වලේ ඉතුරු ටික හෑරුවොත් කියලා බය හිතුනා බොලවූ.

      මුට්ටිය දැම්මේ ප්‍රසා අයියේ, මුට්ටිය. දැන් ඉතිං ඒකත් ගොඩ එකේ නිවාඩු පාඩුවේ එන්නම්කෝ... හෙහ්.. හෙහ්..

      Delete
  8. චැක් අන්තිමට ගත්තු සැප ගියා බං... හැපි බර්ත්ටේ ටුටුට

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල අන්තිමට ගත්තු සැප? අරකි ඇඬුවේ සතුට වැඩි කමට.

      දැන් ඔය මොන ටුටුටද අරක කිව්වේ... මන් තාම තනිකඩයි බොලං.

      Delete
  9. අදමයි මේ පැත්තට ආවේ,

    සුපිරියි ඈ, ඔහොම ප්‍රියම්භිකාවක් ලබන්නත් ඉතින් ලක් එක තියෙන්න ඕනි

    ReplyDelete
    Replies
    1. එන්න එන්න සාදරෙන් පිලිගන්නවා..

      එහෙම කෙනෙක් ලැබුණොත් ආයේ ලොවෙත් නෑ බන්. මේ වගේ කෙනෙක් ගැන මන් කලිනුත් කියල තියෙනවා.
      නුඹ මගේ රැජින වේවා!

      එහෙනම්,
      සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි! උඹට

      Delete
  10. හඃ හා.. උඹ වැඩේ ගානට සෙට් කරලා. හැපී බර්ත් ඩේ කිව්ව කියාපන් අපිත්!!
    පහු වෙලා නම් තමයි. මෙහෙම විශේෂ පෝස්ට් දානකොට පින්තුරෙට කේක් ගෙඩියක් වත් දාපන්කෝ. එහෙම නම් දැක්ක ගමන් ඇවිල්ල ඇති. :)

    ReplyDelete
    Replies
    1. අපොයි මේකත් හොයා ගන්න වින්ද දුකක්. මට කේක් අමතක උනානේ....


      ...//හඃ හා.. උඹ වැඩේ ගානට සෙට් කරලා. හැපී බර්ත් ඩේ කිව්ව කියාපන් අපිත්!!//....
      හිටහන් මන් කියන්න එකෙක් හොයාගෙන එනකන්. හික්.. හික්...

      ජයවේවා!

      Delete
  11. හරිම ලස්සනයි... මේ වගේ අත්දැකීමක් ගන්න... ඉක්මනට කසාදයක් බැද ගන්න හොද කෙල්ලෙක් හොයා දිපල්ලකො...

    ReplyDelete
    Replies
    1. බොට?.. කෙල්ලෙක්.... හම්බවෙන පලවෙනි එක මගේ වේකන්සියට. එතනින් එහාට ඕන එකක්..

      සිරා උඹට ඉතා ඉක්මනින් හොඳ කෙල්ලෙක් ලැබේවායි! සිරාවටම ප්‍රාර්ථනා කරනවා.

      Delete
  12. අදමයි මේ පැත්තේ ආවේ.... අම්මෝ මෙහෙම දේවල් මතක තියාගන්න රිමින්ඩර් තියන එක කොයි තරම් වටිනවද කියලා හිතෙනවා අනේ.. බට් තාම නම් මගේ මයින්ඩ් ගොඩාක් හොද . මුළු පවුලේම උපන්දින ඒ ඒ අය බැදපු දවස් එක එක අනිවසරි ඒ අයටත් මතක් කරලා දෙන්නේ මමනේ.....

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඒ.කේ.එම්. අඩවියට.

      ඔය තියෙන්නේ හොඳ රිමයින්ඩර් එකක්. මටනම් ඕකේ අනිත් පැත්ත. ඔය එක එක මෙවලම් පාවිච්චියේදී අපේ හැකියාවන් යටයනවා දේව්. ඒ නිසා දැන්ම රිමයින්ඩර් ගැන හිතන්නෙපා.

      දැන් කාලේ හැමෝම කැල් පාවිච්චි කරනවා. විස්සයි, විස්සයි එකතු කරන්නත්. ඒත් පොලට ගිහින් බලන්නකෝ. ආච්චිලා සීයලා කොහොමද මොලෙන් වැඩගන්නේ කියලා. මටත් දෙයියනේ කියලා අපේ ඔෆිස් එකේ එවුන් කැල් එකෙන් ටයිප් කරන කොට උත්තරේ දෙන්න පුළුවන්.

      ජයවේවා!

      Delete
  13. වැඩේ කියන්නේ මට මගේ එකවත් මතක නෑ අම්මා මතක් කලාමයි මීටර් වෙන්නේ
    එල ඈ සුපිරියට ගියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. හා හා පරිස්සමින්, අඩුම ගානේ කෙල්ලගේ එකවත් මතක තියාගන්න. අපි හිතුවේ නැති උනාට ඔය වගේ පොඩි පොඩි දේවල් ඇති ජීවිතේ වෙනස් පාරක ගෙනියන්න.

      ජයවේවා!

      Delete
  14. අද තමයි මේ පැත්තේ ආවේ. සරලව සියල්ල නොසඟවා ලියන ඔබේ ශයිලිය අගය කරනවා.

    ඔය ආදරය දිගටම පවත්වාගෙන යාම තමයි ලොකුම සටන. ඒ නිසයි දයාරත්න රණතුංග කියන්නේ 'පුංචි පුතේ නුඹ ආ පසු අම්ම හුඟක් වෙනස් වෙලා - එදා වගේ නෑ මාත් එකක බොළඳ වදන් දැන් කියන්නේ නෑ' කියලා.

    අවුරුදු 31 කැ මගේ විවාහ ජීවිතයේ අත්දැකීම් වලින් තමයි එහෙම කිව්වේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා විචාරක මහත්තයෝ,

      ඔය කතාව අද අපේ ඔෆිස් එකේ අක්කත් කිව්වා. එයාගේ බබාට මාස 10යි. එයා කියනවා ඉස්සර එයාගේ මහත්තයා එන්න රෑ උනාම නිදි මරාගෙන බලාගෙන ඉන්නවලු. දැන්නම් එන වෙලාවවත් දන්නේ නෑලු සමහර දවස් වල කියලා.

      අවුරුදු31ක්! හොඳ අත්දැකීම් සමුදායක්ම ඇති එහෙනම්. හිච්චි කොල්ලන්ට උපදෙස් ගොඩක් ගන්න පුළුවන් වගේ.. :D

      ගෙවුණා වගේම ඉතා සාර්ථකව ජීවිතේ විඳින්න වාසනාව ලැබේවා!

      Delete
  15. හම්බෝ..... මටත් ඉක්මනටම කසාද බඳින්න ඇත්නම් කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හා හා හා කොල්ලෝ... කලබොල වෙන්න එපා. හොඳ කෙල්ලෙක් හොයනවා කියන එකත් ලේසි නෑ.

      හොයාගෙනනම් ඉන්නේ,
      අපි පොඩි කාලේදී බලන් ඉන්නේ ලොකු වෙනකන්. එතකන් ඉන්න බැරි උන් ඉස්කෝලෙන් කට්ටි පැනලා ඉක්මනට ලොකු වෙන්න යනවා. පස්සෙනේ තේරෙන්නේ කරපු ගොන්කම්.

      මේ පැත්තට ගොඩ වැදුනාට ස්තුතියි. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  16. මට කියවද්දී හිතුනේම නෑනේ අන්තිමට ඔහොම සීන් එකක් ඇත්තේ කියලා! එළ ඈ පෝස්ටුව!

    ReplyDelete
  17. පට්ට මචන්... නියමෙට ලියල තියෙනව.... මචන් උබ ලියපු දෙබස් ඇත්තම දෙබස්ද???

    ReplyDelete
    Replies
    1. යකෝ කෙල්ලෙක්වත් නැති මට බැඳපු ගෑනියෙක්....?

      නෑ මචං මේක නිර්මාණයක්. ස්තුතියි අගය කිරීමට.

      Delete
  18. සිරා මචන් අදයි කියෙව්වේ..

    ඒත් අවුල බන් සමහරුන්ට මතක තියා ගෙන ඉඳලා විශ් කරාමත් කියන්නෙ

    "ඕක මහලොකු දෙයක්ද? ෆෝන් එකේ රිමයින්ඩර් කියලා එකක් තියෙන්නෙ. හිතුවද මම දන්නෙ නෑ කියලා " කාට කියන්නද?

    ReplyDelete
    Replies
    1. බොරුවට නෝක්කඩුවක් පෙන්නනවා ඇති. ඒත් ඔයා විශ් නොකර හිටියනම් අහන්නේ "අඩුම ගානේ රිමයින්ඩර් එකක්වත් තියා ගත්තේ නැද්ද?" කියලා.

      හා බොරුනම් මේ අවුරුද්දේ විශ් නොකර ඉන්නකෝ බලන්න.

      අලුත් අවුරුදු සුභ පැතුම් වගේ දේවල් වලටනම් ඔහොම කිව්වත් හරි. මොකද ඒවා යවන්නේ ෆෝන් බුක් එකේ පිළිවෙලට මිසක් නම් මතක් කර කරයැ. සමහර අයව මතක් වෙන්නෙත් නම දැක්කම. :D

      Delete
  19. උපන්දින මතක තබා ගැනීම ගැන කිව්වොත් ....මට මේ බ්ලොග් එකත් එකත් පොලවේ ගහන්න හිතෙනවා...ඒ තරම් සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ඒ සුන්දරකම බොක්කටම වැදිලා වගේ... :D

      Delete