ඊයේ උදේ මන් වැඩට යද්දි බස් එකේ නන්ස්ටොප් ඒකක් දාලා තිබුනා. ඇත්තටම ඒක ඇහුවේ අවුරුදු දහයකට විතර පස්සේ. අපි ඉස්කෝලේ යන කාලේ සෙනිත්ලගේ ගොඩක් හිට් වෙච්ච එකක්. ඒකත් එක්ක මගේ හිත අපි දහයේ එකොලහේ පන්ති වලදී පිස්සු කෙලපු කාලය දක්වාම ඇදිලා ගියා. හ්ම්ම්...
ඒ කාලේ වයස ගෙවෙනවා තේරුනේ නැති හැටි, ඉක්මනට ලොකු වෙන්න රස්සාවක් කරලා හම්බ කරන්න හිතපු හැටි මතක් වෙනකොට ගිහින් කනට දෙකක් ගහල එන්න හිතෙනවා.
ඉතින් ඒ දවස්වල මම ඕලෙවල් කරපු ඉස්කෝලේ (9-11) ටිකක් දුප්පත් එකක්. අපේ සෙට් එකේ මම, දිනේශ්, සුමිත් වගේම රුවන්, මිලින්දත් හිටියා. මේ කතාවෙ කතා නායකයා රුවන්. ඌට සංගීත පිස්සුවක් ගහල තිබුන. ඩ්‍රම්ස් තමයි ප්ලේ කලේ. මන් ගාව තිබුනෙ ප්ලාස්ටික් කවකටු පෙට්ටියක්. තව එකෙකුට ඔක්ස්ෆර්ඩ් එකක් තිබුන. ඒක යකඩ. ඕවා තමයි ස්නෙයාර්ස්. ලී කකුල් තියෙන, හයිය, ඒ උනාට උඩ ලෑල්ල නියම පදමෙට තියෙන ඩෙස් එකක් තට්ටු කරලා බලල ගන්නවා ෆුට් එකට. පියන බාගෙට ඇරපු යකඩ කවකටු පෙට්ටියක් හරි ඩෙස් එකට අඟලක් විතර උඩින් තව එකෙක් අල්ලන් හිටපු පෑනක් හරි තමයි සිම්බල් එක. කාගේ හරි පෑන් දෙකක් තමයි ඩ්‍රම්ස්ටික්. ඔන්න ඔහොම තමයි අපි දුක් මහන්සියෙන් ඩ්‍රම් එක හදාගත්තෙ.
අපිට ඉන්ටවල් එකේදී කෑම ගැන කිසිම සිහියක් නෑ. ඇත්තම කිව්වොත් ගොඩක් කට්ටිය කෑම ගෙනාවේ නෑ. ලොකු කමටවත්, උස්සන් එන්න බැරි කමටවත් නෙමෙයි. ගේන අපිත් ප්‍රිෆෙක්ට් බල තල භාවිතා කරලා හතර වෙනි පීරියඩ් එකේ අන්තිමට කැන්ටිමට ගිහින් හරි පන්තියේදී හරි ගේම දෙනවා. ඉතින් ඉන්ටවල් වෙලාව අපි උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තා.
සන්ෆලවර් රැල්ල, ප්‍රොමිසස් රැල්ල වගේම තව තව රැලි ආවේ ඒ කාලේ තමයි. සෙනිත්, ප්‍රොමිසස් නන්ස්ටොප් වල හින්දි ඉංග්‍රීසි සින්දු ඇරෙන්න අනිත් ඔක්කොම එක අකුරක් නෑර අපිට කටපාඩම්. අතුල ශ්‍රී ගමගේ, කපුගේ, හෙන්රි කල්දේරා, සනත් නන්දසිරි, විජය බණ්ඩාර වැලිතුඩුව, ආත්මා, මාලිනි බුලත්සිංහල, දයාරත්න රණතුංග, අසංග, ප්‍රියා, ටී එම් වගේම අමරදේවත් අපේ සින්දු කොපි කරලා තමයි සන්ෆලවර් එක්ක ගැහුවේ. (අමරදේව මාස්ටර් විතරයි කොපි කලේ නැත්තේ). "යෝවද තම්පව".... අප්පේ, ඒක අපි කිව්වේ ඉස්කෝලේ අරිද්දිනම් නෙවෙයි ඕන්.
ඉතින් රුවන්ගේ මුල පිරීම යටතේ අපේ සහය ගායනයෙන් වගේම තට්ටු බට්ටු වලිනුත් හෝල් එකම දෙවනත් වෙනවා. හැබැයි අපි කියපු සින්දු වලට උපරිම සාධාරණයක් කලා. ඒක හින්දම ඉහලින් කිසිම බාධාවක් අවෙත් නෑ. අනික දහය එකොලහ පංති වලදි මිලින්ද ඇරෙන්න අපි ඔක්කොම සිස්ස නාකියෝ. අනික දිග කලිසම් ගහපු අයියලා. ඉතින් දොළහේ දහතුනේ ඉන්න එව්වොත් අයියලද?
බස් එක ටිකට් නැතුවම මගේ මතකය අරගෙන ගිය දුර..... ඊයේ රෑම මන් සෙනිත්ලගේ නන්ස්ටොප් එක බාගන්න දැම්මා. අද උදේ තමයි ඇහුවේ.
"සන්ෆ්ලවර් සමඟ කපුගේ" තමා තාමත් හිට් එක!!
ReplyDeleteඇයි "සන්ෆලවර් සමඟ හබරකඩ පඥානන්ද" හි හි.. ඒ තමයි ඒ දවස්වල අපේ ප්‍රින්සිපල් හාමුදුරුවෝ.
ReplyDeleteආදරයෙන් සාදරයෙන් මේ පැත්තට සතුටින් පිලිගන්නවා. ආවට ගොඩාක් ස්තුතියි.
උඹ මාවත් ගෙනිච්චා දශක කීපයක් ආපස්සට ටිකට් නැතුව. අපි හයි හැට් එක හැදුවෙ බෙදුම් කටුව ඩෙස්ක් එකට ඇනලා දිගෑරලා අනිත් උල උඩට හරවලා පැතලි වෙන්න තලපු මැද්දෙන් හිලක් විදපු ටොනික් පියන් දෙකක් දාලා! :)
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
සුලඟේ ලෙලෙනා.. මලසේ දඟ පා...
Deleteඅප පාසල් ගිය කාලයේ...
මේ පැත්තේ ආවාට ගොඩක් ස්තුතියි හෙන්රි අයියේ. ඔයාලගේ කමෙන්ට් තමයි අපිව ඉස්සරහට ගෙනියන්නේ.
හම්! සෙනිත්ලා නියම ගුරූප් එකක්! ආපු දවස්වල උංට මාර මාකට් එකක් තිබ්බා! ඒත් දැන් නං කස්ටිය හොයා ගන්නවත් නෑ! නේද?? ඉස්කෝලේ කාලේ නං උපරිම ෆන් මචං! උපරිමයි!
ReplyDeleteමේ පැත්තට ගොඩ උනාට ස්තුතියි.
Deleteසමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ
පරණ මතකය හුඟක් දුර අරගෙන ගිහින් වගේ....
ReplyDeleteඒ කාලෙට යන්න තිබුනනම්..... මතක් වෙනකොටත් ඇඬේනවා අප්පා....
Delete