යකෝ මගේ ඉඩම
දෙන්න බෑ මැදින් පාර
ඕක විතරයි තියෙන්නෙ මට
ඉන්නකන් සැනසෙන්න
හතර පෝයට ගන්න සිල්
මදි බව නිර්වාණයට
අවබෝධ කර ගත්තෙ
තොපි කියන්නත් පෙර
මාරයා ශේප් කරගන්න
සදෙව් ලොවේ දොර අරින්න
දෙන්න තියෙන කොමිස් එක
ඔය ඉඩම බව දැනගන්න
තොපි එනවා ඒකත්
වෙන්කර මැදින් යන්න
වලත්ත පර හැත්ත
මාරයාව නම් කොහොම හරි ශේප් කරලා දෙන්නම්ය කියලා කියන්න උපාසකම්මට !
ReplyDeleteඒකනේ වෙනී අයියෙ, පාර දෙන පිනෙන් ඒක කරගන්න පුළුවන් වෙන බව මුන්දැට තේරෙන්නෙ නැති එකනෙ අවුල.
Deleteමේ පැත්තේ ආවට ගොඩක් පින්.
ෂේප්-කොමිස් වගේ වචන මේ වගේ කවියකට ගැලපෙන්නෙ නෑ.
ReplyDelete//දෙන්න තියෙන කොමිස් එක//..... දෙන්න තියෙන අල්ලස වුනානම් හොඳයි.
හොඳ නිමිත්තක්....
ලියන දේ දෙතුන්වතාවක් කියවලා සංස්කරණය කරලා පබ්ලිෂ් කරන්න...
සුමිත් අයියෙ මේ පැත්තේ ආවට ගොඩක් පින්. ඔයා කියපු දේ හරියටම හරි. අද උදේ වැඩට යන්න ලැහැස්ති වෙන ගමන් දැම්මේ. ඒ ගැන කියපු දේත් හරි. මීට පස්සේ කලබලේට නොදා ඉන්නම්. ඒත් තියෙන ලොකුම අවුල මට ඔච්චර දේවල් තේරෙන්න මන් කවී ගැන දන්න එකෙක් නොවුණු ඒකනේ.
Deleteඕක මොකක්ද බං, මාත් කවි ගැන මෙලෝ සංසාරයක් දන්නෙ නෑ. හැබැයි ඔහොම උපාසකම්මලා නම් එමටයි!
ReplyDeleteමාරයා මොකෝ දන්නෑ කිව්වෙ!:D
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
කොහෙද මුන් එක්ක නොබෙදපු ඉඩමවත් දෙන්න තිබුනානම්...
Deleteආවට ගොඩක් පින්.