Thursday, August 2, 2012

දිනක් ගතවී ගියා

පොඩි එකී ලොකු උනා
කල වයස ලං උනා
සුදුසු නැකතක් බලා
කටයුත්ත ඉටු උනා

විලි රුදා ඇති උනා
මෙලොව එලි දුටි පොඩි එකා
දිනක් ගතවී ගියා
නෑයෝ එයි බැලුමට කියා

පොඩි එකා ලොකු වෙත්ම
එන එවුන් අඩු වේද
ලැබෙන සැලකිලි එහෙම
කුඩම්මටම සම වේද

වැදු එකාමයි දන්නේ
වැදුවේ ඌ නොම පමනක්නේ
බලාපොරොත්තු ගොඩකුත්නේ
ඒ අස්සෙන්ම එලි දැම්මේ

ලොකු උන්ගේ උපදෙසුත්
අවවාද අනුශාසනුත්
මහා මෙරක් සේ දැනුනේ
කුලුදුල්ම හින්දලුනේ

තොපි එකෙක් නාවත් මට
පුළුවන් මූ හදා ගැනුමට
කියන්නේ කෙලෙසින්ද
හිත තුටින් එන කලට

මාමේද බාප්පේ
නැන්දේද පුංචි අම්මේ
අයියේද අක්කේ
නන්ගියේද මල්ලියේ

ඔන්න මන් එනවා
තොපේ අහත් බලන්නට
මේ අහත් බලාලා
ඔවදනක් දී යන්න ...!

4 comments:

  1. හොඳ නැළවිලි ගීයක් සද්දෙට කිව්වාම
    කට්ටිය එයි - අඩුගානෙ බැනලවත් යන්න.....

    ReplyDelete
  2. එහෙම හරි එනවනම් ලොකු දෙයක් නේද...හි.හි..
    පලවෙනි පෝස්ට් ඒක දැම්මට මන් හිතුවේ නෑ කට්ටිය එයි කියලා. ඉතින් පහු වෙනිදා මේ කවිය ෆෝන් එකේ කොටා ගත්තා රෑට දාන්න ඕනි කියල. හැබැයි දෙවෙනි කවිය තිබුනෙ,
    "දිනක් ගතවී ගියා
    එකෙක් නෑ බැලුමට කියා"
    ඒත් දෙයියනේ කොහොමද එහෙම කියන්නේ හිට්ස් 75ක්ම තිබුනනේ.

    දිගටම එන්න සුමිත් අයියේ, හොඳ කියන්න විතරක් නෙමෙයි. බනින්නත්...

    ReplyDelete
  3. වදා ගත්තා නං දැන් හදාගන්නත් එපෑ, නේද AKM?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. වදාලා පස් දිනයි
      තෑගී නම් බොහොමයයි
      හදා ගන්නට නම්
      උපදෙසුත් ඕනෙමයි

      ජනේලෙන් බලන උන්
      සිහිවටන දෙන උන්
      පොඩි එකා වෙනුවෙන්
      දැනගන් මතක් කල බැව්, ආදරයෙන්....

      හෙන්රි අයියට තැන්කෝ මෙහෙ ආවට.

      Delete