Saturday, May 11, 2013

මනුසත්කම ....



ප.ලි.       මේ පෝස්ට් එක මනුස්සකම ගැන. ඉතිං මේක ලියද්දි තවත් මනුස්සකමින් පිරුණු මහත්මයෙක් ලොකු උදව්වක් කළා . ඒ තමයි අයිලාස්. උදව්වක් ඉල්ලපු ගමන් කිසිම ලොකුකමක් නැතිව නිහතමානීව ඒ ගැන ක්‍රියාත්මක වුණු අයිලාස්ටත් මගේ ස්තුතිය පුද කරන්න මේ පෝස්ට් එකම අවස්තාවක් කර ගන්නවා.  

          පහුගිය සඳුදා....  එදත් මං සුපුරුදු විදියට රාජකාරියට පිටත් උණා. දවසේ වැඩ ටික ශෙඩියුල් කරගෙන බිම් කළුවර වැටෙන්න පෙරාතුව ගෙදර එන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. කොහොමින් කොහොම හරි උදේම ගිය තැන පැයේ වැඩේට පැය තුනක් විතර ගියා. අදාල නිලධාරීන්ගේ පරක්කුවත් එක්ක.

           එතනින් එලියට ආපු ගමන් බැලුවේ උඩ අහස දිහා. ඊළඟට තීරණය කළා යන්න ඕනි තැන් වලට පිළිවෙලට නොයා දුරම තැනින් පටන් ගන්න. මොකද නගරයේ යා යුතු ඉතිරි තැන් දෙකට ගියොත් හවසට නාන්න වෙන්නේ. නාන දුර අඩු කරගන්නත් දවල්ට නගරයේ තියෙන කලබලකාරීත්වයෙන් මිදිලා ගම්බද රාජකාරි කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් හේතුව නිසයි ඒ තීරණේ ගත්තේ.

           LED බල්බ් එකක් හදන්න බඩු ටිකක් ගන්නත් ඔය ගමන ඇතුලෙම ප්ලෑන් කරලා තිබුණේ. (දඹුලු යනකොට තලගොයෙකුත් එලා ගන්න එපැයි.) ආයෙත් හිතුණා ඕකත් උස්සන් ගියාට ආයෙත් මේ ටවුන් එක පහු කරන් නෙව එන්න තියෙන්නේ ඔන්න ඔහේ එන ගමන්ම ගන්නවා කියලා. එහෙම හිතලා කි.මී. තිස්හයක් විතර දුෂ්කර පාරක  (පොඩ්ඩ මිස් උණොත් කෑලිත් නැතිවෙන) ඔන්න ගමනාන්තයට ගියා. 

          එතන එක ළඟ තියෙන බැංකු දෙකක්. මහජන බැංකුවේ හත් අට දෙනෙක් හිටපු හින්දා එතන නම මාර්ක් කරලා ලංකා බැංකුවට ආවා. මොකද හවසට වහින එක ෂුවර් නිසා අපතේ අරින්න කාලයක් නැති හින්දා. ඔය බැංකු දෙකේදීම දොරකඩදී ඔයාලා වෙනුවෙන් ෆොටෝවක් අල්ලන්න හිතුණත් කළේ නැත්තේ ගමට පිටින් එන අය ගැන ගමේ අය වැඩි සැලකිල්ලක් දක්වපු හින්දා. මොකද දන්නවද ෆොටෝ ගන්න හිතුණේ? ගණුදෙනු වෙනුවෙන් එන අය පන්සලකට යනවා වගේ සෙරෙප්පු දොරකඩින් ගලෝලා තමයි ඇතුළට ගිහින් තියෙන්නේ.

                ඔන්න දැන් මං වැඩේට සූදානම්. මේකේ මැනේජර් ගෑණු කෙනෙක්. එයා යටතේ තව ලේඩීස්ලා තුන්දෙනෙකුත් ජෙන්ට්ස්ලා දෙන්නෙකුත් හිටියා. කට්ටියගෙම වැඩ කටයුතු නවත්තලා මුල්ලක තිබුණු මැෂින් එක උස්සලා ගත්තේ එතන හැරෙන්නවත් ඉඩක් නොතිබ්බ හින්දා. ඕක උස්සගෙන හැරෙන කොටම වම අතේ වැලමිට දිගේ විදුලියක් යනවත් ඒත් එක්කම “දඩ බඩාන්” සද්දෙකුත් ආවා.ඒත් එක්කම කකුල දික් කරනවත්, දැවිල්ලකුත්. මුකුත්ම හිතා ගන්න බැරුව ඉන්නකොට තමයි ටික ටික වෙච්ච දේ මතක් උණේ. වැලමිට පාටිශන් එකේ ඇලුමිනියම් බාර් එකේ වැදුනත් එක්කම අත හිරි වැටීමත් එතකොටම මැෂින් එක අත ඇරීමත් තමයි උණේ. මැෂින් එකට වෙන හානිය වලක්වගන්න කකුල දාලා.

    එහෙම්මම ලන්ච් රූම් එකට ආවා.  කකුලේ දැවිල්ලත් එක්ක උනේ මොකක්ද කියල හිතාගන්නත් බැරුව හිටියේ. මොකද මේ තමයි මගේ රාජකාරි දිවියේ ප්‍රථම අනතුර. කකුලේ තැල්මට මොකක් හරි කරන්න කියලා සපත්තුව ගැලෙව්වා. ටිකක් වෙලා අල්ලාගෙන ඉඳලා මේස් එකත් ගැලෙව්වා. එතකොටයි දැක්කේ. සුලඟිල්ල අඟල් තුන්කාලක් විතර පැලිලා. කට ඇරිලා. හැබැයි ලේ බින්දුවක්වත් නෑ.
එතකොටම මැනේජරුත් ආවා. මැඩම් ඉක්මනට තුවාලේ පිහදාලා රෙදි පටියකිනුත් බැන්දේ එපා කියද්දීම. ඊළඟට එතන හිටපු තරුණ මහත්මයෙක් එක්ක බෙහෙත් දාන්නත් ගියා. ඒක බොහොම පොඩි තැනක්. මැහුම් ඕන්නෑ කියලා බෙහෙත් දාලා දුන්නා. ඊළඟට තමයි වැඩේට බැස්සේ.

           ඇත්තටම මේක වෙන තැනකදී උනානම් ලැබෙන ප්‍රතිචාරය හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා කියලා හිතෙන්නේ ලැබිලා තියෙන අත් දැකීම් එක්ක.  එදාම අඳුරගත්ත ඒ සෙනෙහෙබර මිනිසුන් වෙනුවෙන්, විශේෂයෙන් ලොකුකම් මුකුත් නැති මැඩම් හා ඒ තරුණ නිලධාරියා වෙනුවෙන් මගේ ස්තුතිය පල කරන්න තමයි මේක ලිය උණේ.

              ඔච්චර දුර ආපු එකේ තව කිලෝමීටර් දහතුනක් විතර ඈතින් තියෙන තැනකටත් ගිහින් ඒ පැත්තෙන්ම නගරයට එන්න කියලා පිටත් උණා. හ්ම්ම්ම්.... මගදීම වැහි දෙයියෝ වැඩියා. පාලු පාරේ ළඟම තියෙන පුංචි ලෑලි කඩේක නැවතුණා. ඒ කඩේ හිටපු ඇන්ටිත් ගොඩාක් හොඳින් සැලකුවා. එළියේ තියෙන පොඩි පුටුවේ වාඩි වෙලා හිරිකඩින් කකුල බේර ගන්න දඟලනකොට කඩේට ඇවිත් හිටපු පණ්ඩිත ආච්චියෙක්.. (ආච්චියෙක් කිව්වට අවුරුදු දාහතරක පහළොවක විතර කෙල්ලෙක්) “මෙන්න නැන්දේ තුවාලෙකුත් තියෙනවා” කියලා කියපි. නෝන්ඩි එකයි.


           මුලදී අප්සෙට් ගියත් පස්සේ තේරුනේ ඒක ඒ පැත්තේ එහෙමත් නැත්නම් එයාගේ හැටි කියලා. එහෙම කියපු ගමන් අර ඇන්ටිගේ සැලකිල්ල දෙගුණ තෙගුණ උණා. එතන ඉඩ මදි නිසා ගේ ඇතුළට එන්නත් ආරාධනාවක්. ඊළඟට මං ගත්තු ෂොපින් දෙකටත් සල්ලි එපා කිව්වා. (අපේ පැත්තෙනම් ඉන්නේ පණ අදින එකාටත් වතුර පොදක් විකුනන්න බලන් ඉන්න පොරවල්නේ) එදා එයාලට සතුටු දවසක්. ඒ ගෙදරට අලුත් ත්‍රීවීල් එකක් ගෙනාවේ මං ඉද්දැද්දීමයි. ඒ ඇන්ටිගේ පුතත් අවු:20ක් විතර ඇති. හොඳට ඉගෙන ගත්තු ඒ සමාජයට වඩා ඉස්සරහින් ඉන්න කොල්ලෙක්. ඒ හිටපු පැය තුන හමාරට එයත් මාත් එක්ක පුදුම විදියට ලෙන්ගතු කමකින් කතා කළේ.”මහත්තයා””සර්” කෑලි අත ඇරියෙම නෑ. පස්සේ දැනගත්තු විදියට සර්ප වෙදමහත්තයෙකුගේ ගෙයක් ඒක. 
ඕක තමයි එකම දවසකදී අවස්ථා දෙකකදී මං අත් දැකපු මනුස්සකම. නගරෙත් ගමෙත් අතර වෙනස සල්ලිද? මනුස්සකමද?  

ඔන්න එදා දවසේ ඊළඟ විශේෂත්වය තමයි ගෙදරට එන්න තියෙන කිලෝමීටර් හැටක් විතර වුණු දුර එකම එක තැනකදී විතරක් ඇරෙන්න සම්පූර්ණයෙන්ම කෑෂ් බාර් එක උඩ කකුල තියාගෙන ආපු එක. 

56 comments:

  1. මම මේ කල්පනා කලේ, මුල ඉඳන්ම තේරුම් ගන්න උත්සහ කළේ.. අකමගෙ රස්සාව මොකක්ද කියලා ! එක සැරයක් මම හිතුවා වතු සුපිරින්ටන්ඩන්ට් කෙනෙක් කියලත්..

    අයිලාස් කරපු උදව්ව මොකක්ද ?

    මනුස්සකම පිරිච්ච මිනිස්සු ගැන කියවනකොටත් හිතට සනීපයි..ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මම අහන්ඩ ආපු එකම අහන්ඩ ඔට්ටු නැ හරිද.

      Delete
    2. SD කෙනෙක් වෙන්න මගේ මේ හයේ හතරේ ශරීර කූඩුව ලොකු වැඩියි කිව්වා නෙව. ඇනෝ අකමා... ඒ සංකල්පයටත් මං ගොඩක් කැමතියි සෙන්නා. ඒත් බ්ලොග් ලෝකෙදි මිතුරු වෙච්ච යාළුවෝ අතරේ හැංගිලා ඉන්න කැමැත්තකුත් නෑ. ඔයාලා හැමෝම පෞද්ගලිකව අඳුනගන්න කැමතියි. ඒ ඇරෙන්න ලොකු කමක් නම් නෑ.

      අපේ අයියා කෙනෙක් ඡායාරූපකරණය පිළිඹඳ පාඨමාලාවක් හදාරලා පොඩි ගානක් හොයාගෙන කැමරාවක් ගන්න සෙට් උණා. ඉතිං එයාගේ වැඩේට හරියන්න කැමරාවක් තෝරන්න උනේ මටයි. මොඩ්ල් එකක් සිලෙක්ට් කරගත්තත් ඒක ඇත්තටම වැඩේට හරියනවද කියන එක ගැන සැකයකුත් තිබුණා. ඉතිං අයිලාස්ගෙන් විශේෂඥ උපදෙසක් බලාපොරොත්තු උණා. ඒ වගේම ඒක හිතුවටත් වඩා හොඳින් ලැබුණා. ඒක මට ලොකු උදව්වක්.

      Delete
    3. @අටමා; මං සෙන්නට කියන්නද වරකට එක බැගින් ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නෙයි කියලා. :D එක්කො උඹ වෙනත් එව්වා ටිකක් හොයන් වරෙන්.

      Delete
    4. බොල අටමෝ, ඕක තමයි බොල අපායට ගියත් කලින් පල කියන්නෙ.. :D ( අපාය කිව්වෙ අකමගේ බ්ලොග් එකට නෙමේ ඕන් හරිය )

      Delete
    5. අනේ මලයෝ මේ මම උඹට කතාකරලා කැමරා ගැන ටිකක් කියල දුන්න එක මහා ලොකු උදවුවක් නෙවේ බන්.

      Delete
    6. ඒ ඔයාටනේ....
      ඒත් ඔයාගෙන් අහන්නැතුව අපි අරක ගත්තනම් සදා අනාථයි නේද? අර අයියා මගේ අම්මා මුත්තවත් මතක් කරයි වැඩේ කරගන්න බැරි වෙනකොට. අනික එයා ඒ ගාන යට කරන්න හැදුවෙත් ගොඩක් අමාරුවෙන්.

      ඉතිං ඒ උදව්ව ලොකුද පොඩිද?

      Delete
  2. අර උඹේ කකුලෙ ෆොටෝ එකේ හරි අපූරු ගඟක් හරි, පොකුනක් හරි තියනවා.. දකිනකොටත් ආසයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.... එතන හරි අපූරු පරිසරයක්නේ.... මගේ ඇහැත් එක පාරට එතනට ගියා...

      Delete
    2. මේ වියළි කලාපයේ තියෙන වාරි ඇළක්. පාරේ වම පැත්තෙන් කුඹුක් ගස් පේළියක්. දකුණු පැත්තෙන් කට කපලා පිරිච්ච ඇළ. සමහර වංගුවලදී ඇලයි පාරයි වෙන් වෙන්නේ දශමෙන්. මාළුත් ඕසෙට. මාර කූල් පැත්තක්. වැරදිලාවත් හිතෙන්නෑ වියලි කලාපේ කියලා. උඹ දන්නවනේ මටත් ඇළක් දොළක් ගඟක් දිය ඇල්ලක් පේන්න බැරි විත්තිය.

      Delete
    3. @ සමනළී; යනකොට හිතන් හිටියේ එන ගමන් නවත්තලා ෆොටෝ එකක් දෙකක් ගන්න ඕනි කියලා. ඒත් එන කොට පාරේ දකුණු පැත්තට වෙන්න බයික් එක නවත්තන්න බැරි ප්‍රශ්නයක් තිබුණා ඇළ හින්දා. අනික් පැත්තේ නවත්තලා පාර පනින්නත් අමාරුයි ඊටත් වඩා බයික් එක ස්ටාර්ට් කරන්න කොහොමවත් බෑ. ඒ හින්දා එහෙම්මම ආවා.

      Delete
    4. හැබෑම නේන්නං ..තඩිම තඩි ඇළක් තියෙනවා නේන්නං..හරි ලස්සන පරිසරයක් අකම් ...

      Delete
    5. //මේ වියළි කලාපයේ තියෙන වාරි ඇළක්.// ඒ ඇල අයින ඔස්සේ මම ද ඇවිද ගොස් ඇත්තෙමි :D

      Delete
    6. @සහන්; වතුර ටිකනම් නිල කැටේට තිබුණා සහන් පුදුම ආසාවක් ඇති උණේ. ඔය ඇළම නොවුණත් ඔය පළාතෙම ඇළක් ගැනත් ලියන්නම්කෝ....

      @ චන්දන;

      තනියෙන්ද...? :D

      මේක ලියද්දි කීප වතාවක්ම ඔයා ගැන ලියන්නත් හදලා නිකං හිටියා නෙව.

      Delete
  3. මමත් කාලයක් ඇඹිලිපිටියෙ මූලය ආයතනයක වැඩ කරා, එතනදිත් ඔහොමයි මිනිස්සු එන්නෙ සෙරෙප්පු ගලවලා, වැහි දෙයියො නම් රත්නපුරේ අපිට ගොඩාක් හුරුපුරුදු කෙනෙක්නෙ නේද?
    තාමත් මනුස්සකම දන්න මිනිස්සුත් ඉන්නවා අපි අතරේ...

    ReplyDelete
    Replies
    1. ඇඹිලිපිටියේ වෙනස හොඳින්ම අත් දැකපු එකෙක් මම. '97 '98 විතර තිබුණු නගරයයි දැන් තියෙන නගරයයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. (බිල්ඩින් වලට අමතරව)

      රත්නපුරේ හඳුන්වන්නේ "පොඩි එකාගේ පස්ස පැත්ත වගේ" කියලනේ. කොයි වෙලාවෙද කියල ෂුවර් නෑ.

      ගොඩක් අය මනුස්සකම වහගෙන ඉන්නේ ඕනි වෙලාවට විතරක් එලියට ගන්න. ඒකෙ දොසක් කියන්නත් බෑ.

      Delete
    2. දිල් අක්කේ කොහොමද තොරතුරු..ආයි කාවවත් ඇන්දුවේ නැද්ද

      Delete
    3. කවුද අප්පේ මේ ඇනෝ.... මටනම් හිතෙන්නේ අපි අතරම ගැවසෙන කෙනෙක් වගේ. නදිනිට දිල් කෑල්ලක් තියෙනවයි කියල දන්නේ අදනේ... :D

      Delete
  4. කවුරු කොහොම කිව්වත් මනුස්සකම් මුදලට යට වෙලා අද තියෙන්නෙ මුදල් විතරයි කියලා මට පිලි ගන්න බැරි වෙලා තියෙන්නෙත් අකමා ඔන්න ඔය වගේ සිදුවීම් රාශියකට මමත් මූන පාන නිසයි..
    නගරයේ සහ ගමේ කියලා වෙනසක් නෑ..ඕක ඕනිම පුද්ගලයකුගේ විපතකදි ඉස්මතු වෙන මානුශික ගුණාංගයක්..ඔතනදි ඒ මනුස්සකමට ඉස්මතු වෙන්න අපිත් ඉන්න දැන ගන්ඩෝනි.
    බහුතරයක් තමන්ට විපතක් උනහම තමන් අවට ඉන්න අය බල්ලට දාලා රටේ ලෝකෙ නැති යාළුවොත්ට කෝල් කර කර දඟලනවා..ඔයි ලොකු එකට නම් උදව් කරන්න එන අය කැමති වෙන්නෙ නෑ..
    හැබැයි අරෙහෙම කෝල් කරන එකේ පුරුද්ද ආවෙත් ඔය කොයි තැනත් ඉන්න කපුටො වගේ සුළුතරයක් නිසාමත් තමයි..
    හැබැයි බහුතරයක් මනුස්සයො !

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ දුප්පත් අයියා කෙනෙක් ඉන්නවා. කාමර දෙකක් එක්ක පුංචි ගෙයක් හදාගෙන තාම කපරාරු කරලවත් නෑ. අඩුම ගානේ ජනෙල් වත් දාලා නෑ. එයාගේ රෝගී තත්ත්වයක් හින්දා බෙහෙත් ගන්න යන්න ඉන්නකොට මං එයාව ස්පිරිතාලේටම එක්ක ගියා. මොකද එයාට හරියකට ඇවිදින්නවත් අමාරු නිසා. වෙනස තියෙන්නේ එයාගේ අහල පහල ඉන්න ඔක්කොම නෑයෝ සුපිරි ලෙවෙල් එකෙන් යාන වාහන තියාගෙන බිස්නස් කරගෙන ඉන්න අය. කොච්චර උණත් මේ අයියා ගමේ හැමෝමත් එක්ක හිතවත්.

      එයාගේ අම්මා නැති උණා ටික දවසකට කලින්. ඒ වෙනකොට මේ අයියා කොළඹ නවත්වලා තිබුණේ ඔපරේෂන් එකකට. මළගේ තිබුණේ ඒ අයියගේ සහෝදරියකගේ ගෙදර. (අල්ලපු වත්තේ) ගමේ අපි ගියාම ඒ අක්කත්, වාහනවලින් යන අය පිළිගන්න බෑනලත් ලැස්ති වෙලා හිටියා. අන්තිමේදී හදිස්සියට එකතු උණු යට වඩා ලොකු උනේ යාන වාහන වලින් ආපු අය. ඒකත් එයාලගේ කැමැත්ත කියමුකෝ. අම්මා මැරෙන්න කිට්ටු වෙනකන්ම (අර අයියා ස්පිරිතාලේ නවත්තනකන්ම) බලා ගත්තේ එයා. අන්තිම දවස් දෙකේ බලාගත්තු අය තමයි ඔක්කොම කරපු අය විදියට හැසිරුනේ.

      ඔහොම වෙනකොට තමයි ඕන කෙනෙක් අසරණ වෙන මළ ගෙදරකට උණත් මිනිස්සු යන්න අකමැති වෙන්නේ.

      Delete
  5. හැමපලාතකම හැම තැනකම මිනිස්සු සහ නොමිනිස්සු ඉන්නවා ඒකෙ වෙනසක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් රොබින්, ඔය සංයුතියේ වෙනසක් වෙනවා හැබැයි පළාතෙන් පළාතට. ලැබෙන අත්දැකීම් අනුව. දැන් දවසකට මිනීමැරුම් කීයක් වෙනවද? ඒත් ඒවයින් කම්පා වෙන්නේ කීයෙන් කී දෙනාද? තමන්ගේ වේදනාව ඇරෙන්න අනික් අයගේ වේදනාවක් නොදකින්න තරම් වෙනස් උණු අයත් ඉන්නවා.

      Delete
  6. ඔය වගේ දේවල් වලට මුදල් වල බලපෑමක් නෑ. ඒ මිනිස්සුන්ගෙ මනුස්සකම තමයි ඔතන බලපාන්නෙ. හැම ගමකම හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නව.

    සමහර අවස්ථාවල ඔය වගේ උදව්වක් ලබාගත්ත මනුස්සය ආයෙ පාරක් තමංට උදව් කරපු මනුස්සය මුණගැහුනම නොදැක්ක වගේ යනව. ඒ වගේ වෙලාවට උදවු කරපු මනුස්සයගෙ හිතට එන කලකිරිම නිසා ආයෙ ඒ වගේ උදව්වක් නොකරන්නත් පෙළඹෙන්න පුලුවං.

    ඔය 'පාවහන් ගලවා ඇතුලුවන්න' කියල ගහල තිබ්බ මේ පැත්තෙ තියෙන ප්‍රසිද්ධ ගාමන්ට් එකක අන්තිමට මිනිස්සුංගෙන් බැණුම් අහලම ඒ බෝඩ් එක 'පාවහන් ගලවන්න එපා' කියල වෙනස් උනාලු.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා කියපු කතාවනම් හරියටම හරි. පාළු පාරකදී වාහනෙ කැඩුණු විදියට රඟපාලා කොල්ලකන වාහන ගැන දන්නවනේ. ඔය හින්දම ගොඩක් වෙලාවට පාලු පාරකදී පයින් යන කෙනෙක්ටවත් උදව්වක් කරන්න පෙළඹෙන්නෑ.

      Delete
  7. ගොඩක් මිනිස්සුංගෙ මනුස්සකම් නැතිවෙලා නෙවෙයි. ඒත් දැන් රටේ ලෝකෙ සිද්ධවෙන සමහර දේවල් නිසා මිනිස්සු තමන්ගෙ මනුස්සකම පෙන්නන්න බයයි.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය වගේ පරිප්පු කාලා තියෙනවා පරිකල්පන. විශේෂයෙන් මං දැන් වැඩ කරන ආයතනයේදී.

      අනතුරකදී ලෙඩෙක් රෝහලට ගෙනියද්දි ලෙඩා මැරුණොත් දුක් විඳින්න වෙන්නේ උදවු කරපු මනුස්සයාටයි. විශේෂයෙන් පාරේ යන වාහනයක් නවත්තලා ලෙඩාව නැග්ගුවත් වාහනේ ආපු අය විතරක් ඉතුරු කරලා අනික් අය ඔක්කොම මාරු වෙනවා. අර මනුස්සයා තමන්ගේ වාහනෙන් කරපු අනතුරක් ගානට තමයි නීතියෙන් වැඩ සිද්ධ වෙන්නෙත්. ඒ අතින් නීතියෙනුත් මනුස්සකම් මග අරින්න උදව් කරනවද කොහෙද?

      Delete
  8. මුලින්ම ඔය රෝහලක ICU එක්කට වගේ විශේෂ තැනකට ඇර වෙනත් ආයතනවලට යන්න සපත්තු ගලවන එක අපේ මිනිස්සුන්ගේ දීන කම මිසක් වෙන මොකක්ද? පෞද්ගලික වාසස්තානයක නම් ඒක වෙනම කතාවක්.

    ඉතින් බං තුවාලේ පරිස්සම් කරගනින්. අනික ඩොකා දීපු ඇන්ටිබයොටික් ඔක්කොම නියමිත විදියට අරගෙන ඒත් හරි නොගියොත් තව පාරක් පලයං ඩොකා ලඟට.

    එහෙම මිනිස්සු ඉන්නවා බං. ඒක ගැන නම් තවම සතු‍ටු වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි. හොඳ මිනිස්සු ප්‍රමාණාත්මකව වැඩියි නරක උන්ට වඩා.

    ඉතින් මොකක්ද බොල අයිලාෂ් ලොක්කා කලේ? උමත් පඳුරු තලන්න ගත්තද රවියයි, හැලපයයි වගේ? :D

    ReplyDelete
    Replies
    1. දීන කමද ලොකුකමක් නැති කමද කියලා මටත් හිතාගන්න බෑ.

      එදා ෂොපින් දෙකක් දාගෙන කකුල උස්සගෙන ඇවිල්ලත් තෙමිලා තිබුණා.ගෙදර එනකොට රෑත් වෙලා.පස්සේ හැමදාම යන ඩොකා ගාවට ගියා. එයා එදා නෑ. ඒ වෙනුවට වෙන්න ඩොකෙක් හිටියේ. ඒ වෙනකොට වෙන තැන් වහලා හින්දා බෙහෙත් දාන්න ලැස්ති උණා. බලනකොට හාවෙන්න කියලා බෙහෙත් දැම්මට තිබුණටත් වඩා කට ඇරිලා. පස්සේ මහුමක් දැම්මා අමුවෙන්ම. හිරි වට්ටන්නෙත් නැතුවම. හැබැයි ඩොකත් එදා පුදුම උණා. මං කකුල පොඩ්ඩක්වත් හොල්ලන්නැතුව මීක් සද්දයක්වත් නැතුව කාගෙන හිටපු හැටි දැක්කම. :D
      බෙහෙත් බෝන්නනම් අකමැත්තක් නෑ. ඒත් බොන්න ඕනි වෙලාවට මතක් වෙන්නැති එක තමයි අවුල.

      පහුවෙනිදා උදේ මාතර යන්න සෙට් උණා. ලංකාවට ආපු අළුත්ම මොඩ්ල් එකක් ඉන්ස්ටොලේෂන් එකකට. සංචාරයට කැමැත්තයි බයික් එකයි හින්දා වෘත්තිමය අත්දැකීමක් ලබා ගන්නත් දෙපාරක් හිතුවේ නෑ. සම්පූර්ණ ගමනට 300KM විතර ගියා. හැබැයි බයික් එකේ පිටි පස්සේ ගියෙ. ඔන්න ඔහොමයි හෙන්රි අයියේ ඇම්ම සනීප කරගත්තේ. :D

      අයිලාස් කොරපුවා උඩින් දැම්මා. පඳුරු තලන්න.. ඇට මැස්සෙක්වත් තලාගන්න බැරි මම....?

      Delete
  9. මෙහෙමයි මචන් හොඳ මිනිස්සු ගමේ වේවා , නගරයේ වේවා ඉන්නවා.නරක මිනිස්සුත් ගමේ වේවා නගරයේ වේවා ඉන්නවා. ඒ වගේම මචන් හදවත අතට දීලා කතා කරන මිනිස්සුන්ව විස්වාස කරන්න එපා.ඒ අය තමයි තනිකර බොරු කාරයෝ. අනිත් දේ තමයි මචන් හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා හොයන්න >>>>> හොයාගත්තට පස්සේ " අනේ මෙයා නම් හොඳයි ආශ්‍රය කරන්න " කියලා යන්නත් එපා. අනිවාර්යෙන් රැවටීමක් වෙනවමයි.හොඳම දේ හැමෝ එක්කම අතේ දුරින් ඉන්න එක. ඔතොකොට කව්රු හොඳ උනත් නරක උනත් අපිට අවුලක් නැහැ.අපි අපේ පාඩුවේ , එයාල එයාලගේ පාඩුවේ.

    ( මේක දැක්කම නම් silentsahan හෙන ආඩම්බර කාරයෙක් කියලා හිතෙයි.ඒත් මම මේ කිව්වේ ඇත්ත ලෝකය ගැන.ඇත්ත කතා කරන අයට වෙන දේත් දන්නවා.ඒත් ඇත්ත කියන්නම එපැයි කව්රු හරි.හනේ පනේ ගාලා වැඩක් නැහැනේ බන් ගෑණු වගේ ...)

    ReplyDelete
    Replies
    1. මගෙත් තියරිය ඕක තමයි. ඒත් ප්‍රැක්ටිකලි සුපුරුදු ගොනාම තමයි. :D ඒත් දැන්නම් ටිකක් තැලිලා පදම් වෙලා වගේ. ඒත් එක්කම හිතෙනවා ඉස්සරට වඩා මං නපුරු වෙලාද කියලත්.....

      මං කලින් කිව්වනේ පණ්ඩිතයෙක් අඳුර ගත්තා කියලා. :D

      Delete
    2. පොඩියකට වරෙන්කො මචන් ළඟට .. කෝ ආආආන්න හරි තව ටිකක් .. කෝ කණ ලන් කරහන්කෝ දැන් හෙමීට ...

      "ඒත් ප්‍රැක්ටිකලි සුපුරුදු ගොනාම තමයි." ඔය කතාව ඉන්නවා වගේ ගොනෙක් මෙහෙත් ඉන්නවා..:D

      Delete
    3. මං හිතුවේ කන අත ගාලා....

      (උඹ බය වෙන්න එපා අර රහස මං කාටවත් කියන්නෑ. එක ජාතියේ එකෙක් තව එකෙක්ව පාවලා දෙන්නෑනේ....)

      Delete
    4. >> ඒ වගේම මචන් හදවත අතට දීලා කතා කරන මිනිස්සුන්ව විස්වාස කරන්න එපා.ඒ අය තමයි තනිකර බොරු කාරයෝ. <<

      මේ ටික පට්ට ඇත්ත.. ඒ වගේම තමන්ව ගොඩාක් වර්ණනා කරන උන්ගෙනුත් පරිස්සම් වෙයල්ලා.. උන් තමා නියම සර්පයො..අත්දැකීමෙන් කියන්නෙ.

      Delete
    5. @ සෙන්නා

      ඒ කිව්වේ සුට්ටන්ම සුට්ටන් නයි පැට්ටාගේ සිට තඩි " ප " යන්න ඇති මුචලින්දයන් දක්වා දිවෙන සරුපයන් ගැනද සෙන්නා...?

      ඇත්තට අර අයිලෂ් උන්නැහේගේ පින්තූරේ උඩිම්ම දාගෙන අපි මේ කියන කතා එක්ක පාඨකයා වැරදි අවබෝදෙකට යන්නත් පුළුවන් :P

      Delete
    6. ඔය සුට්ටන් නයාගෙත්, තඩි මුචලින්දයගෙත් තියෙන්නෙ එකම විස බන්..

      අපි මේ මනුස්සකම ගැන නොවැ කතා කරන්නෙ..ඉතින් අමනුස්සයො ගැන කතා නොකර මනුස්සයො ගැන කිව්වට මනුස්සයින්ගෙ අගේ තේරෙන්නෑනෙ බන්.. ( ආන්න බලහන් අමනුස්සයින්ගෙ තියන එක හොඳ ලක්ශණයක්.. උන් මනුස්සයින්ව අඳුන ගන්න උදව් වෙනවා ) මනුස්සයෙක් වෙච්ච අයිලාශ් අයියට ඕවා අදාල නෑ..

      Delete
    7. මෙතන අන්තිමේදී නැටි දෙකක් විතරක් ඉතිරි වෙයිද බන්ස්ලා. :D

      Delete
  10. හොද මිනිස්සු අපි අතර තවමත් ඉන්නවා... ගම්වල ඒ අතර බහුතරයක් ඉන්නවා කියල හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. මං අර රොබින්ට කිව්වා වගේ සංයුතියේ වෙනසක් තමයි තියෙන්නේ. හැබැයි එදානම් මට මනුස්සකම, ලෙන්ගතුකම උපරිමයෙන්ම දැනුණා.

      Delete
  11. එහෙම එකක් නෑ බං කොහෙත් හොඳ මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා.. මේවා මේ හදාගත්ත මායාවල්... උඹ දැකලා තියෙනවද නගරෙක් ඇක්සිඩන්ට් එකකින් පස්සෙ කවදාවත් වාහනයක් ගිනි තියනවා...

    ReplyDelete
  12. හොඳ නරක දෙපිරිසම ඔය තැන දෙකේම ඉන්නවා අඩු වැඩි වශයෙන්. හැබැයි වාහනේ ගිනි තියන්න එන්නැත්තේ එකමුතුකමක් නැති හින්දදෝ කියලත් හිතෙනවා.

    එදා මට ලැබුණු සැලකිලිත් එක්ක මං වෙනදා නොදැකපු අමුතු මිහිරියාවක් ගමෙන් දැක්කා.
    මං අර කඩේ (යට පින්තූරෙ තියෙන්නේ එකේ කෑල්ලක්) ඇන්ටිත් එයාගේ පුතත් සහෝදරයත් මාත් එක්ක කතා කරපු විදිය ගොඩක් ලෙන්ගතුයි.

    මගේ රැකියාවත් එක්ක මහ පාරේ බයික් එකේ තමයි වැඩි හරියක් ගතවෙන්නේ. මං කීප වතාවක්ම අත් දැකලා තියෙනවා වැස්සේ හෙවනකට ඉන්නකොට "මල්ලි මං දැන් කඩේ වහන්න ඕනි" කියන අය.
    මේ ළඟකදී ත්‍රීවීල් එකේ බ්‍රේක් බයින්ඩ් වෙලා අහල පහල එක ගෙයක් විතරක් තියෙන තැනකදී නන්නත්තාර උණු වේලාවකදී ඒ ගෙදර අයියා ඇවිත් ත්‍රීවීල් එක පාරෙන් අයිනට තල්ලු කරලා දුන්නා. පස්සේ එයාලත් කොහෙද යන්න තියෙනවා කියලා මග ඇරියා.

    තවත් දවසක රෑ නවයට විතර බයික් එකේ පැච් එකක් ගිහිං අතරමං උණු වෙලාවක පොඩි ටයර් කඩයක් ගාවට එනකොට එක වහලා. මං එතනට බයික් එක තල්ලු කරන් එනකොට එතන හිටපු මනුස්සයෙක් මං දිහා බලන් ඉඳලා බයික් එකේ නැගලා යනවා දැක්කා. පහු වෙනිදා උදේ තමයි දැනගත්තේ ඒ වින්කල් බාස් කියලා. එදා ත්‍රීවීල් පාක් එකේ අයියා කෙනෙක් උදව් කළේ නැත්නම් මං රෑ එළිවෙනකන්ම ටයර් කඩේ පිලේ.

    ReplyDelete
  13. ඔය වගේ අත්දැකීම් ලබපුවාම...ජීවිතේ කොච්චර සුන්දරද කියලා හිතෙනවා නේද..මම පුද්ගලිකව මට පුලුවන් විදියට හැමෝටම උදව් කරන නිසාමදෝ මට යන යන තැන ඔය වගේ මිනිසුන් තමයි හමුවෙන්නෙ...තුවාලේ ඉක්මනින් සුව වෙන්නට පතමි.

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා සුන්දර අය කවදාවත් තනිවෙන්නෑ. දැන් ඉන්න තැනත් සුන්දර ඇති. එහෙම නේද?

      Delete
  14. ශෝයි... කකුල තුවාල වෙච්ච එක නෙවෙයි, මනුස්සකම දන්න මිනිස්සු තාමත් ඉන්න එක..

    ReplyDelete
    Replies
    1. හැමෝම කියනවා වගේ තාමත් ඒ අය ඉන්නවා යසිත්. ඒත් හොඳ වැඩකට උණත් ඉදිරිපත් වෙන්න යනකොට දෙපැත්තක් බලනවා ඒ අය උණත්. ඒකයි අවුල.

      Delete
  15. මනුස්සකම් දන්නා මිනිස්සු ගමේද නගරේද කියල නැහැ අකම ...ඕන තැනක ඉන්න පුළුවන්...හැබය වැඩිය නැහැ

    ReplyDelete
    Replies
    1. මට හම්බ වුණු මිනිසුන් පිරිසක් ගැන මං කිව්වේ රෙහානි. නගරේදී ඔහොම අය සාපේක්‍ෂව අඩුයි.

      Delete
  16. අර කකුලෙ තුවාලෙ පෙන්වන පින්තුරෙ තිබෙන පසුබිම් පරිසරය දැක්කම,
    බොලාට වෙච්ච් තුවාලෙ වේදනාවෙන් කියපු කතාව සහ ලෑලි කඩේ කතාව කියෙව්වම,
    පරිසරය සහ මනුස්සකම ගම්බද හෝ ඉතිරි වෙලා තියෙන එක ගැන දැනෙන්නේ පුදුම සතුටක්.
    සිංහරාජේත් විකුණන් කන අය ඉන්න රටේ තව ටික දොහකින් අපිට ඉතිරි වන්නේ ඔය පින්තුරු ටික විතරද කියල හිතෙනවා.
    ඉක්මනින් මලයට සුවය ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඕවා ගැන හිතෙනකොට කකුල විතරක් නෙවෙයි අප්පා හිතත් කකියනවා.

      Delete
  17. මාර ලස්සන් පැත්තක් නෙ මචන්,,,,,

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ ඔය පැත්ත ඔයිට වඩා වෙනස්. අමාරුකම දන්නා මිනිස්සු ගස් වවලා පරිසරය සශ්‍රීක කරගන්නකොට සශ්‍රීක පැතිවල ඉන්න උන්.......

      Delete
  18. මනුස්සකම් දන්න මිනිස්සු හැම තැනම ඉන්නව.
    ඒත් වැඩිය නෑ.
    ඒ වගේම සමහර වෙලාවට උදව්වක් කළාම වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනව.
    ඒ නිසා මිනිස්සු බයයි උදව් කරන්න

    එක පාරක් අපේ මාමා පර්ස් එකක් අහුලල
    ඒකේ තිබිච්ච සතයක් වත් අඩු නැතිව දුන්නෙ
    අයිතිකාරය ඇඟට කඩන් පැනල
    ඉතිං ඊලඟ වතාවෙ නම් මාමා සද්ද නැතිව ඉඳීවි මොකටද නිකන් බැනුම් අහන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. අද කාලේ වැඩි ඔය වගේ අය. ඒත් ඔයාගෙ මාමා වගේ අයත් නැතුවම නෙවෙයි. හැබැයි හොඳ අයට හොඳ වැඩ කරන්න ඉඩ දෙන්නේ එක වතාවක් දෙවතාවක් විතරයි. හැබැයි ඒවයින් නොසැලී ඉන්නවනම් තමයි වඩා වටින්නේ.

      Delete
  19. හ්ම්ම් මනුස්සකම්...අද තඹ සතේකට ගණන් ගන්නේ නැති "මනුස්සකම්", කලාතුරකින් මිනිස්සුන්ගේ ආත්මවලට නෑකම් කියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් එහෙම අය මාත් දැකලා තියෙනවා. හිතේ කිසිම කහටක් නැති අය. වෙලාවකට හිතාගන්නත් අමාරුයි.

      Delete
  20. තුවාල තෙමාගන්න එකනං හොද වැඩක් නෙමෙයි පුතා

    ReplyDelete
    Replies
    1. ඒකටනම් දෙන්න තියෙන දස වධ ඔක්කොම දුන්නා. :D
      ස්තුතියි උපදෙසට.

      ඔයා මේ පැත්තට අළුත් නේද? සාදරයෙන් පිළිගන්නවා ඒකේඑම් අඩවියට.

      Delete