Showing posts with label මටත් හිතෙන දේ. Show all posts
Showing posts with label මටත් හිතෙන දේ. Show all posts

Tuesday, May 21, 2013

නුමට රසඳුනක්ද මා ගත වේදනාව.......


කිමද නුඹ මට පැවසුවේ රස කර මුසා
“ආදරෙයි මම නුඹට” පිළිගන්න බෑ සදා
පැන්නත් පහළට මම සුදු සේල විදා
නුඹට රසඳුනකි මා ගත ඉහිරුණු රුධිරය සදා

----------------------------------

සිත හදාගත්තෙ කොහොමද නුඹ
ගල් පව්වෙන් පනින්නට
සුදු සේල ගත දරන්
පනින විට ලස්සනයි නුඹ සිතුවාද........




පළාතම දෙදරමින්
ඳේානා හඬ නගන නුඹ
සිතුවාද මගෙ සවනට එය 
කන්කළු වේ යැයි අද....

කියන් සබඳ
නුඹෙ සිසිල් සුසුම් රළ
මා ගත පුබුදුවාලයි සිතුවේ කෙලෙස
වියරු වූයේ කෙලෙස නුඹ සැහැසි වී මෙලෙස


.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.

Thursday, April 25, 2013

කැමරාකරණයේ නව මානයන් සොයා තරුණ ජවයෙන්...


                 බ්ලොග් ලෝකෙ කැමරා පිස්සෝ කීප දෙනෙක් ඉන්නවා. අයිලාස්, වෙනී වගේම ඩූඩ්, මාරේ වගේ අයත්. පහු ගිය කාලේ ඔය කට්ටියගේ වැඩ කිඩ දකින්න ලැබුණනේ. ඒ අතරින් අයිලාස් තමන්ගේ දැනුම බෙදා දෙනවා. වෙනී අයියා වතුර පෙවී පෙවී වැඩ කෑල්ලක් දැම්මා. ඒ මදිවට සිහින උළෙලටත් දිග හොම්බ අරන් ගිහිං තිබුණනේ.  

                 ඊළඟ කෙනා.... අන්න බුවා. කැමරාවෙන් වැඩ දානවා මදිවට කැමරාව ඉස්සරහට ගිහිනුත් වැඩ දානවා. අර පුංචි ගල් කෑල්ලක් උස්ස ගන්න දඟලපු දැඟලිල්ල කට්ටියම දැක්කනේ. සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරපු “විමතිය ආඩම්බරකම කැටිවූ දෙනෙත්” කියලා දාපු ෆොටෝ එකේ තිබුණු දෙනෙත්වල අපි නම් දැක්කේ “ පුහ්: ” කියන එකද මංදා. එතකොට අපේ මාරේ අයියත් එයාට පුළු පුළුවන් විදියට හිටි පිළිමවල පින්තූර අරන් තිබුණේ. ඒ නැතත් විචාරක හැකියාව. අන්න කරනවනම්. හැලපයියත් වෙනම වර්ගයක කැමරාවකට සම්බන්ධ වෙලා හිටියයි කියලා කියන්නේ. කෙන්ජිත් සාක්ෂි දරනවනේ ඒකට.


            දැන් ඔය මැන්ටල් සෙට් එකෙන් පස්සේ කවුද ඇත්තටම ක්ෂේත්‍රය බාර ගන්න ඉන්නේ? ක්ෂේත්‍රය ගැන උනන්දු තරුණයෝ නැද්ද? ඕක කාලෙක ඉඳන් මගේ හිතේ පැසව පැසව තිබුණු කාරණයක්. අන්තිමේදී තීරණයක් අරන් මං ගියා ඡායාරූපකරණය පිළිබඳව හදාරන්න. කස්ටියටම පහු ගිය කාලේ මාව එච්චර දකින්න නොලැබුණේ ඒ හින්දම තමයි.

          ඒක මං කළා විතරක් නෙවෙයි, අතීතයට බලපාන පරිදි දැනුම යාවත්කාලීන කළා. ඔව් ඔව් බොලං අප්ඩේට් කළා. දැන් කස්ටිය බලයි මූට පිස්සුද කියලා. “එහෙමත් කොරන්න පුලුවනෑ” කියලා කියයි. ඇයි එතකොට ඔහොම එව්වා කරන්න පුළුවන් “උස්සා”විලා  එකේ අයටයි ගෝරමේන්තුවේ අයටයි විතරද?

හා හා කතා ඕන්නෑ. වැඩ බලමුකෝ......

1). කැපවීම.
යේ.... 

 

              මේ පින්තූරේ ගත්තේ ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිසිම බස් එකක් නොයන පාරක කිලෝ මීටර් හතරක් විතර තියෙන අන්තිම ගමට ගිහිං එතනිනුත් කැලේ අස්සට කිලෝ මීටර් පහක් විතර ගිහිං.

                 බලන්න මේ මූණේ තියෙන හැඟීම්... (ආ.. සොරි වෙන්න ඕනි. මූණ කපන්න උණානේ. ) හොඳ ඡායාරූප ශිල්පියෙක් උණාම කැපවීම තියෙන්න ඕනි. අපිට ඕනි ලොකේෂන් එක හොයාගෙන ගිහිං එතනත් තියෙන භයානක කම්, බාධක මැඩගෙන තමයි ඡායාරූපයක් ගන්න ඕනි. බලන්නකෝ ලෝකෙම දිනුවා වගේ හැඟීමක් ඉස්මතු වෙන්න ඡායාරූප ශිල්පියා අදාල නිරූපකයාව හසුරුවා ඇති ආකාරය හා ඡායාරූපයේ පසුබිම.



2). මාතෘකාවට සුදුසු ඡායාරූපයක් ගැනීම

ලෝක ධර්මතාවය
             
                       බලන්න මේකට යොදාගෙන තියෙන ආලෝකය. ෆ්ලෑෂර් මුකුත් නැතිව ස්වභාවික ආලෝකය ඉහළ සිට පහලට යොමුවන ආකාරයට තමයි යොදාගෙන තියෙන්නේ. මේක අපේ වැඩිවෙන විදුලි බිලටත් එක්තරා ආකාරයකට විසඳුමක්. අනික් එක තමයි ෂටර් ස්පීඩ් එක ගානට මිම්මට හසුරුවා ඇති ආකාරය. ස්වභාවික පරිසරයේ එක පැතිකඩක් පෙන්නන්න හැකිවෙන ආකාරයට අරන් තියෙන අගනා ඡායාරූපයක් තමයි මේ. මේකට “ලෝක ධර්මතාව” කියලා නම දාන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඕනම කේස් එකක් උඩ ඉඳන් පහළට ඇත ඇරලා අත පිහදාගන්න ඉන්න අයව සංකේතවත් කරන්න තමයි මේක අරගත්තේ. බලන්න හිතලා තියෙන දුර.....


3). ක්ෂණික බව
බ්ලො.. බ්ලො.. බ්ලො ග්... ගි.. ග්ලෙන්..න.. යන්.. බ්ලො... වෝ...

            බොර දියේ ජල ක්‍රීඩා කරන අවස්ථාවකදී ඇතිවුණු හදිසි ආපදා තත්ත්වයක්. හොඳ ඡායාරූප ශිල්පියෙක් සතු ක්ෂණික බව වගේම තද හිතත් මෙතැනදී පිළිඹිඹු වෙනවා. එක අයෙක් ගිලෙද්දී ඒ ළඟම ටයරයක ආධාරයෙන් ජල ක්‍රීඩා කරන සගයා ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙන්නත් පෙරාතුව කැමරාව ක්‍රියාත්මක කර ඇති අපූරුව. අනික ගිලෙන එකාව බේරගන්න ගියානම් මෙච්චරක් වටිනා පින්තූරයක් අද කෝ? ඒකයි තද හිතකුත් තියෙන්න ඕනියි කිව්වේ.


4). කාය වර්ධනය  
කොහොමද සයිස් එක

              මේ නිරූපකයාගේ අතක සයිස් එක බලන්න. ඉතියෝපියාවෙන් ආපු එකෙකුට වඩා වෙනස් වෙන්නේ හමේ පාටයි, තියෙන මයිල් ගස් ටිකයි විතරයි. ඒත් ශිල්පියාගේ හැකියාව ඡායාරූපයේ ලස්සනට වඩා මෙතැනදී ඉස්මතු වෙලා තියෙනවා. බලන්න අර පෙන්දට දීලා තියෙන ප්‍රතාපවත් පෙනුම. ඒකටම හරියන්න පසුතලය තෝරාගෙන ඇති අපූරුව. තද වර්ණ භාවිතා නොකර යොදාගත් වර්ණ සංකලනය. 


5). උපරිම ප්‍රයෝගයෙන් නරඹන්නා මඥ්ඥන් කිරීම.
ට්‍රිබල් ඇක්ටිං

           කැමරාවක විවිධාකාරයේ ප්‍රයෝග/ පහසුකම් ලබාදෙන්නේ ඒවා ඕෆ් කරලා තියාගන්න නෙවෙයිනේ. ස්වීප් පැනරෝමා තාක්‍ෂණය යොදාගෙන එකම කණ්ඩායම ට්‍රිබල් ඇක්ටිං කරන ආකාරය ඉදිරිපත් කරන්න තරම් ඡායාරූප ශිල්පියා සතු ප්‍රයෝග පිළිඹඳ දැනුම... පුදුමත් හිතෙනවා නේද?


6). දුර්ලභ ඡායාරූප ගැනීමේ හැකියාව.
පුහ්: මුගේ බරත් බරක්ද?

           බලන්න නිරූපකයා සැහැල්ලුවෙන් තවත් අයෙක් අත උඩ තියාගෙන ඉන්න ආකාරය. මේ වගේ නිර්මාණයක් කරන්න තරම් අත්දැකීම් වලින් වගේම දැනුමෙනුත් සන්නද්ධ වෙලා ඉන්න ඕනි. මේ වගේ එව්වා ආවට ගියාට කබ්බන්ට ගන්න බෑ.


7). අර්ථාන්විත ඡායාරූප
වැහි දිය මහ බිම තෙමුවට.....

            මේකේ මොන අර්ථයක්ද? මහ වල් ෆොටෝ එකක්. දැක්ක ගමන් ඕනි එකෙක් කියයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. ඉහළින් වැටෙන පොද වැස්සට නොතෙමෙන්න හිස ආවරණය කරන් ඉන්න ගමන් පහළින් ඉන්න පොඩි පොඩි සත්තුන්ට සුපිරි වැස්සක පහස ලබාදෙන ආකාරය රූපයට නගා ඇති ආකාරය.නොතෙමෙන්න ආස ඒත් තෙම්මන්න ආස බලවත් උදවියව මෙතනින් නිරූපණය වෙනවා නේද?



         හ්ම්ම්ම්.... අදට ඇති. මගේ පහු ගිය කාලේ තිබුණු නිහැඬියාව  අර්ථාන්විතයි නේද?


(මෙහි පලවන ඡායාරූප අතුරින් සියල්ලටම පාහේ අකමා සම්බන්ධ අතර පහකම නිරූපණ ශිල්පියෙක් ලෙසද කටයුතු කළ බව ආදරයෙන්  ආඩම්බරයෙන් කියමි.)

Friday, March 8, 2013

ඇයි එකක්? ඉල්ලන්නකො එකසිය අසූදෙකක්....

             ධර්මද්වීපය කියල නම වැටිලා තිබුණු අපේ රටේ ඉස්සර ගෑණු කෙනෙකුට පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට යනකන් ඕන රෑක යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට හේතුව ඒ කාලේ හිටපු අයගෙ හැදියාව. ඒ විතරක් නෙවෙයි, කාන්තාව පිළිබඳ තිබුණු ගෞරවාන්විත හැඟීම.
         ඉස්සර හිටපු මිනිස්සුන්ගෙ ජීවන රටාව බොහොම සරල එකක්. ඉර ඇහැරෙන්න ඉස්සරින් නැගිටලා උයලා පිහලා, වැස්සිගෙන් කිරි ටිකක් දොවාගෙන හේන් ගොවිතැන් බතක් කරගෙන හිටපු මිනිස්සු හවහට පන්සල පැත්තෙ ගිහිං කරුවල වැටුනායින් පස්සේ නින්දට ගියේ ඒ බව මොනවට පැහැදිලි කරමින්. ඒ සමාජෙදී මවට, දියණියට එහෙමත් නැත්නම් ස්ත්‍රියට ලැබුණේ උතුම් තැනක්.

               බෞද්ධයෝ වෙච්චි අපේ ලෝකේ උතුම්ම පුද්ගලයා වුණු බුදුන් වහන්සේ ළඟට දෙවැනි බුදුන් කියලා විරුදාවලි ලබන්න තරම් කාන්තාව වැදගත් තැනැත්තියක් උණා. එහෙනම් ඇයි මේ කාන්තාවන්ට එක දවසක් හරි දෙන්න කියලා ඉල්ලන්න තරම් කාන්තාව මෙච්චර අසරණ වෙලා. අපි කවදාවත් කාන්තාවට දවසක් විතරක් දුන්නෑ. සම තැන දෙන්න ගියෙත් නෑ. එහෙනම්....? නිසි තැන, නිසි ගරුත්වය තමයි දුන්නේ. ස්ත්‍රිය කියන්නේ මව් පදවියක් දැරිය හැකි ගෞරවණීය තැනැත්තියක්. ඒ නිසයි එයාලට නිසි ගරුත්වය ලැබුණේ. 

           රජෙක් උණත් මඩ නාගෙන ඉන්නවනම් කවුරුවත් ගරු කරන්නේ නෑ නේද? එහෙනම් රජා දැනගන්න ඕනි නේද මඩ නොනා ඉන්න. පාරේ යන හිඟන්නෙකුට “උතුමාණෙනි” කියලා දන බිම ඔබන්න තරම් පුද්ගලයෙක් ඉන්නවද මේ ලෝකේ? ඒත් ඒ හිඟන්නම හොඳට ඇඳ පැළඳ ගෙන සැප වාහනෙකින් ඇවිත් බැස්සොත්.......

එකක් ඇතිද...?

“හෝව්... හෝව්...” බනින්න ඉස්සෙල්ල මේ ටිකත් කියවන්න.

    
             බලු බෙට්ටත් මාකට් කරන්න පුළුවන් විවෘත ආර්ථිකයක් තියෙන කාලේ නාරි දේහයට ලංසුවක් තැබීම පුදුමයට කාරණයකුත් නෙවෙයි.  කට්ටියක් නාරි දේහේ විකුණන් කනකොට තව කට්ටියක් විකිණෙන්න ගත්තා. අදටත් ඔසරියක් ඇඳන් යන කෙනෙක් දිහා බලන ගෞරව සම්පන්න ආකාරයෙන් නෙවෙයි හිරට හිරේ තදවුණු කලිසමක් ඇඳලා යන කෙල්ලෙක් දිහා බලන්නේ. බටහිරයන්ට ඕනි උනේ කාන්තා ශරීරයට ගරු කරන්න නෙවෙයි, ඒකෙන් රස විඳින්න. පංච කල්‍යාණි තරඟ තියපු අපිට ගෑණුන්ගේ ඇඳුම් ගලෝලා බිකිනියකට බස්සලා මිස් ක්වීන් තියන්න ඕනි උණා. 

         බටහිරයන්ගේ දේ අමු අමුවෙම අනුකරණය කරපු අපි උතුම් ස්ත්‍රිය බඩුවක්, කෑල්ලක් දක්වා ගෙනාවා. බටහිරයන්ට අනුව සෙක්ස් ඩෝල් කෙනෙක් වෙච්චි ගෑණිගේ සංකල්පය මෙහාටත් ගෙනාවා.

         මෙව්වයින් හෙම්බත් උණු බටහිර ස්ත්‍රීන් එක දවසක් හරි ඉල්ලද්දී දේශපාලන වාසි ගන්න එහෙමත් නැත්නම් මාකටිං පාරක් දාලා බඩු ටිකක් විකුණගන්න ඉන්න වෙළෙන්දෝ එකතු වෙලා මෙහාටත් ඒ ක්‍රමේ හඳුන්වලා දුන්නා. වැඩිහිටි, ළමා, පෙම්වත් දින අස්සේ කාන්තාවන්ටත් දිනයක්.  
          එදාට විතරක් බෝඩ් ලෑලි උස්සන සංවිධාන සාක්කුව පුරෝගෙන අයින් වෙනවා. දේසපාලුවෝ කතිර ටිකක් එකතු කරගන්නවා. වෙළෙන්දෝ බඩු ටිකක් විකුණා ගන්නවා. සෙක්ස් ඩෝල් එක අට වෙනිදත් විකිණෙනවා.

            කාන්තාවන්ට එක දවසක් දුන්නොත් ඉතුරු ඔක්කොම දවස් නිල වශයෙන් නැතත් පිරිමින්ගේ වෙනවා. ඒක හරිද? ඒ නිසා අකම්ගෙන් තුන්සිය හැට පස් දවසෙම නිසි තැන එයාලට හම්බ වෙයි. ඒත් මාර්තු අට වෙනිදා ඕනිමනම් අර ගනිල්ලා. ඒකට අකමැත්තකුත් නෑ.



Sunday, March 3, 2013

සීයගෙ සීය


සීයයි සීයයි සීයාට            සීයයි
සීයගෙ සීයත්, සීයම       ගැහුවයි
සිව්දෙස සීපද සීයට     මතකෙයි?
සීයක් කිව්වොත් සීයට      සීයයි






මෙන්න තව එකක්......


පාප්ප අරගෙන බාප්පා                   ආවයි
පප්පගෙ රූපේ තාප්පෙ           ඇලෙව්වයි
"හප්පා" කිය කිය පොඩ්ඩා     නැලෙව්වයි
පීප්පෙ ඉඳගෙන ආප්ප                කැව්වයි







Wednesday, February 27, 2013

විසිඅටත් නැති උනානම්........


 ඇත්ත වශයෙන්ම නෝනාවරුනි, මහත්වරුනි,

              අද මම මේ අවස්ථාව අවස්ථාවක් කර ගන්නවා අපිව බේරාගත්තු උත්තමයන්ට ස්තුති කරන්න. මහා කෙරුමක් කොලා කියලා දවසකට පැයක් හමාරක් කට්ට එහාට මෙහාට කොරපු උන් ගැන මතක් වෙනකොට මට පට්ට විදියට හිනා යනවා අපෙ හාමුදුරුවනේ. අන්තිමේදී එව්වත් ආයේ අකුලා ගන්න උනානේ. හුහ්! එව්වයැ වැඩ. අපේ උත්තමයන් මාසෙකට කොරාපු වැඩ මුන් අහලවත් නැතුව ඇති.



           අපේ චාමික මලයා කියාපු හින්දා මාත් පොර වගේ කියන්නේ. ජුලියස් සීසර් උත්තමයා නැත්නම් අපි කොහොමද අප්පා ජීවත් වෙන්නේ. (ඇඩෙනවා ඕයි!) දවස් විසිහතක් වෙලා තිබුණු පුංචි මාසෙට තවත් දවසක් එක්කහු කොරලා යාන්තම් දවස් 28ක් අපිට හදලා දුන්නු එහෙව් උන්ට පිං දීලත් මදි. 



          ඇත්තටම සහෝදරවරුනි, ඇයි මේ අය 28 කැලැන්ඩරේට දැම්මේ? පුළුවන්නම් අර මල්ලි නැගිටලා කියන්න බලන්න. කෝ... කියන්න. ආ... බෑනේ.. මෙහෙව් දවසක වැදගත්කම රෝමේ ආදී කාලීනයොත් දැනන් උන්නු එකේ බොලා දන්නේ නෑ. ලැජ්ජයි ඕයි. 



             දැන් බලන්න මගේ ආච්චියේ, විසිඅටේ වැදගත්කම දැන් හැදෙන උන් දන්නැති හැටි. කඩේ පිලේ රස්තියාදු ගහනවා ඇරෙන්න මුන් මේ ලෝකෙ දෙයක් දන්නවයැ. අනේ මයේ අප්පේ, {ඉග්!!} (ඉකි ගහමින්) මට ...... --පොඩ්ඩකට සමාවෙන්න හොටු පොඩ්ඩක් හූරලා එන්නම් නැන්දේ.....-- ආ හරි..  අනේ මයේ අප්පේ, මට මතක් වෙන්නේ බොලාලා මාස් කන්නේ වී ගොයිතැන් කරලා කපලා ගත්තු වී ටික ගෙට ගන්න ඉස්සෙල්ලා මුරුගසන් වරුසාවට අහු වෙච්ච දවසේ දීපු අදෝනාව. ඉතිං තොපිලට පොඩ්ඩක් හරි තේරෙන්න ඕනි මං ගැන. සීසර් උත්තමයා නැත්නම් මටත් ඒ සන්තාසියම තමයි යකුනේ. {ඉග්!!}



           මාසයක් කඹුරපු මට පඩි දවසත් නැති කලානම් උගෙ අම්මට.. !@#!@%^@$@#@$##^^&*$@#$ 
        (සභාවේ ගාලගෝට්ටිය මැද අකමාගේ කට වැසූ හැඩි දැඩි පිරිසකගේ කර මතින් වේදිකාවෙන් නික්මෙන අකමා ගෑණු දැරිවියෝ දැක්කෙ නැත්තේ ආවේගශීලී වචන ඇඟේ ඇනෙන විටම උන් පැන දිව් බැවිනි)

ප.ලි.

     අද අකමගේ පඩි දවසනේ..... ආදී කාලේ වගේ මාසේ දවස් විසි හතකින් ඉවර උණානම්......
මේකත් බලලා හිටියනම්....................                                                                                     
                       ඔන්න සෙන්නෝ උඹට ෆුල් මාක්ස් :D

Monday, February 25, 2013

සිංග්ලිෂ්, ණන, ළල අච්චාරුව

         හැම භාෂාවකම සමාන පද ඕන තරම් තියෙනවා. ඒත් රූපමය සමාන පද? එහෙමත් නැත්නම් උච්ඡාරණයෙන් සමාන පද? ඔන්න එහෙනම් දන්නැත්නම් බලා ගන්නකෝ...


මේක දාන්න හේතු උනේ එක ෆීල්ඩ් එකක යෙදිලා ඉන්න කෙනෙක් තවත් ෆීල්ඩ් එකක ඉන්න සෙට් එකක් එක්ක වැඩ කරන්න උන වෙලාවට මුහුණ දෙන අකරතැබ්බ මතක් වෙලා.


---------------------------------------------------------------------------


කී බෝඩ්

ඔෆිස් වල/ කර්මාන්තශාලාවල තියෙන කී බෝඩ් තමයි මේ.  (මේකේ නියම නම කී කැබිනට් කියලා දැනුයි දැනගත්තේ)




ඕන දොරකට




ඊළඟට හැමෝම ගහන කී බෝඩ් එක.



මේ කීබෝඩ් එක නැත්නම් අපි බ්ලොග් ලියලත් ඉවරයි. එව්වා බලලත් ඉවරයි.




-------------------------------------------------------------------------------

වීල්


ඔරලෝසු හදන අයගේ ඉඳන් විවිධ යාන්ත්‍රික උපකරණ හදන අයගේ වීල් එක



එතකොට රියදුරෝ දන්න එක




ඔන්න හෙන්රි අයියගේ නිවැරදි කිරීම


මේක තමයි බජාර් එකේ වීල් එක



වීල් එකේ ක්‍රියා පදය තමයි වීල් කරනවා කියන්නේ. මෙන්න මෙහෙමයි වීල් කරන්නේ.





---------------------------------------------------------------------------

චූ කරනවා


මේක ක්‍රියා පද දෙකක්. පළවෙනි එක ගැන මුකුත් කියන්නේ නෑ.



මේ නංගිත් ඔන්න චූ කරන්න යනවා.




-----------------------------------------------------------------------


              අපි සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී වෙන වැරද්දක් තමා ණන, ළල මාරු වීම. ගොඩක් වෙලාවට අපි ගහන්න යන දේ ටයිප් නොවෙන ප්‍රශ්නෙකුත් තියෙනවා. (ප්‍රශ්නේ?) ඕකට මගේ විසඳුම එක වචනය දෙතුන් ගමනකට ටයිප් කිරීම. ඒත් එව්වා එහෙම කරනකොට කියන්න ආපු දේ මතක නෑ. ලියලා පස්සේ එඩිට් කරනකොට ඒක දාන්න වෙන්නේ දවස් ගානකට පස්සේ. වෙනී අයියත් ඔය ගැන කියලා තියෙන්නේ. ඔතනදි ආපු අදහස් කීපයක් තමයි ඔය ණන, ළල හෝඩියෙන් ඉවත් කිරීම. එහෙම උණොත්.......



කණ


කන
පේනවා නේද පෙරේතකම

----------------------------------------------------------------------

පැල


පැළ


--------------------------------------------------------------------

තණ

තන

පේනවද මේකිගේ තියෙන ආඩම්බරකම.
කොච්චර කිව්වත් අත අහකට ගත්තෙම නෑනේ.




        මේක දැම්මහම මතක් උනේ, ඉස්සර සිරස රේඩියෝ එකේ සූර්ය සිරස කළේ කිංස්ලියි, යුවනියි. ඔය යුවනි කියන නම මං අඳුර ගත්තේ දවස් ගානක් ඕක අහලා. එතකම් මං හිතාගෙන හිටියේ වෙන දෙයක්නේ. යුවනි නංගිගේ (ඒ කාලේ අක්කනේ :D) ෆොටෝ එකක් දාන්න බැරි හින්දා අනිකෙ ෆොටෝ එකත් අයින් කොලා ඕන්.