අද පොඩි රස කතාවක් ලියන්නයි යන්නේ. මේක ලුණු ඇඹුල් ඇතුව අහන්න ලැබුණු සත්‍යම සත්‍ය, ඇත්තම ඇත්ත එකක්. මේකේ කතා නායකයා පියසේන මාමා. ඔය කවුරුත් දන්න ඇම්ඩන්, උඩු රාවණ වගේ පොරක්. හැබැයි ඉතින් එහෙම කිව්වට එහෙමමත් නෑ. හැමෝටම වෙන දෙයක් මේකේ පොතේ ගුරා නොහොත් කතාව කියන්නාගේ හැකියාව මත අර අහිංසකයා උඩු රාවණ වෙලා ඉවරයි. හැබැයි ඉතින් මේකත් අර වගේ මෙගා ටෙලියක වගේ කොටස් බර ගානක් තියෙන සීරියස් එකක්. කතා නායකයා ගැන කිව්වනේ. දැන් ඉතින් මේවා අපිට කියපු එකා ගැන කිව්වේ නැත්නම් අර කතෘ අයිතිය ගත්තේ නෑ වගේ වෙනවනේ. මේවා කියන්නේ කන්දේ අයියා. පොර නැති මගුලක්,ට්‍රිප් එකක්, මල ගෙයක් උනත් අර මිනිහෙක් මැරිච්ච මල ගෙයක් වගේම තමයි. හිතාගත්තහැකිනේ තරම.
පියසේන මාමා මූ ගැන දන්නවනම්.... ග්ර්ර්ර්ර්.... බව්ව් වව්ව් බව්ව්........
හා හා එහෙනම් කතාවට යමුකෝ.
මේක වෙලා තියෙන්නේ රත්නපුර- බලන්ගොඩ පාර කාපට් කරලා ඉවර උණු දවස්වල. ඉතින් දන්නවනේ වංගු කෙලින් කලාම ඉතුරු වෙන ඉඩට වෙන දේ. ඔය සමහර අය සුනාමි දවසේ මුහුදේ ඉඩම් අල්ලන්නත් ගිය එකේ මේක කියන්නත් දෙයක්යැ. දැන් ඉතින් පාර අයිනේ පොඩි පෙට්ටි කඩ ඉදිවෙනවා ගජරාමෙට. ඇයි යකෝ අනිත් උන්ට හොඳනම් මට විතරක් නරක වෙයි යෑ කියලා පියසේන මාමත් ගියා පුත්තු දෙන්නත් එක්ක පොඩි කඩ කෑල්ලක් අටෝ ගන්න. මන් ඉතින් මුලින්ම කිව්වනේ පියසේන මාමා මොන වගේ කෙනෙක්ද කියලා. හැම එකාම පාරේ රිසවේෂන් එකට ඉඩ තියලා කඩ හදනවා.
"හුහ් එතකොට පාරට දුර වැඩියිනේ."
කියලා ඔන්න මෑන්ස් ටිකක් ඉඩ තියෙන තැනක් බලලා පාරට හේත්තු කරලා නොවුනත් ටිකක් විතර කිට්ටුවෙන් ඔන්න හදනවා කඩ පොඩ්ඩ. මේ වෙනකොට කණු හිටෝලා වහල ගහන්න හදනවා. ඔය අස්සේ ආවා කැබ් එකක්. කළු අකුරින් ගහලා තියෙනවා RDA කියලා.
"ලොකු උන්නැහේ මේක ටිකක් පාරට වැඩියි වගේ නේද?"
කැබ් එකෙන් බැහැගත්තු කලිසමක් ගහගත්තු තරුණ මහත්තයා ලොක්කා ලඟට එන ගමන් ඇහැව්වා.
අපේ ලොක්කා ටිකක් කතාවටත් දස්සයා. පොර ඉතින් කැහැපොට ගහපු සරම එහෙම කඩලා (වැරදියට හිතනවා නෙවේ ඕන්. දන්නැති ගෑල්ලමයි එහෙම ඉන්නවනම් අපේ මහත්තයගෙන් අහගන්න) බොහොම ගරු සරුව බුවා ගාවට ගිහින් කට ඇරියා.
"අපොයි මහත්තයෝ, පාරට වැඩියි වගේද? මන් අරුන්ගෙන් අහලා (එහා පෙට්ටි කඩේට ඇත දික් කරලා) උන් කියපු ගානම තිබ්බා"
"නෑනේ ලොකු උන්නැහේ. බොරුනම් අපි බලමු"
ඔන්න ලොක්කත් ටේප් එක අරගෙන පාර මැද ඉඳන් මනිනවා.
"මේ බලන්න ලොකු උන්නැහේ අඩි පහක්ම පාර පැත්තට ඇවිත්නේ. අපිට බොරු කරන්න බෑ. දැක්ක ගමන් කියන්න පුළුවන් මේක රිසිවේෂන් එකේද නැද්ද කියලා. ලොකු උන්නැහේ පිළිගත්තේ නැති හින්දයි මැනලම පෙන්නුවේ."
"පිස්සුද මහත්තයා. මහත්තයට වරදිනවයැ. ඔය ගානම තමයි මාත් මැන්නේ. බලන්න මහත්තයෝ අර වගේ කාලකන්ණි බල්ලො ටිකක්. එකෙක් හැදෙනවට තියෙන ඉරිසියාව. මට කිව්වේ ඔය ගාන තිබ්බහම ඇති කියලනේ. දැන් ඉතින් හිනා වෙවී බලන් ඉඳියි අපි මේක ගලෝනකොට"
මෙලෝ සංසාරයක් නොදන්න ඈතින් පේන කඩේ ඉන්න උන් දිහා අත දික් කරගෙන අපේ පියසේන මාමත් නෙලනවා.
"අපි එහෙනම් හවස එන්නම් ලොකු උන්නැහේ" කියාගෙන කැබ් එකේ ආපු මහත්තැන් යන්න ගියා.
ආ.... මට කියන්න බැරි උනා. මේ සිද්දිය වෙනකොට උදේ 10.00ට විතර ඇති. පාරේ තත්ත්වය බලන්න හැමදාම වගේ RDA එකේ වාහනයක් උදේ ගිහින් හවස එනවා.
"කොල්ලෝ, ඔය අලවන්ගුවත් අරන් මෙහෙට වරෙන්."
පියසේන මාමා පොඩි පුතන්ඩියාට කතා කළා. දැන් ඉතින් කට්ටියම බලන් ඉන්නවා ඇති කඩේ කඩන්න වෙන්නැති කියලා. හුහ්... එව්වා හඳේ.
"කොල්ලො ටේප් එක අරගෙන මෙතන ඉඳන් (කඩේ ඉස්සරහා කණු දෙක පෙන්නලා) අඩි පහක් මැනලා වලවල් දෙකක් හාරපන්."
දැන් කොල්ලට මඥන්. අඩි පහක් පස්සට ගන්න කිව්වම දැන් අඩි පහක් ඉස්සරහට. වාද කරන්නත් බෑ. තාත්තනේ. ඔන්න ගොනාසේ වල හාරනවා.
"හරි තාත්තේ"
වලවල් දෙක හෑරුවයින් පස්සේ ලොක්කට සිග්නල් එකක්.
"හා දැන් එහෙනම් වහපන්" ඔන්න තාත්තා.
"#@$%^%^&^&*%^" මෙන්න පුතා.
(සද්දෙනම් පිටවෙලා නෑ. පිට උනානම් කොල්ලගේ පිංකම් ගෙදර අපිටත් යන්න තිබුනා)
ඇයි යකෝ. අවුරුදු ගානක් (පරම්පරාම කීයක්ද?) වාහනවලට තැලිලා තැලිලා අඩිය අඟල වෙලා තිබුණු තැනක දවල් 11ට විතර දාඩිය පෙරාගෙන හාරපු වල වහන්න කිව්වම. එකක්නම් මදෑ. දෙකක්ම.
මොනා කරන්නද ඉහලින් අණක් ආවම කොරන්නත් එපැයි.
ඔන්න ඉතින් කඩේ වහල ගහනවා. ඉනි කපනවා. වැඩ ගොඩයි. ඒ අස්සේ ඈතින් කැබ් එක එනවා පේනවා පියසේන ලොක්කට. දිව්වා පාරට සරමේ කැහැපොටත් කඩාගෙනම. පාරට පැනලා අත දැම්මා.
"ඔන්න මහත්තයෝ මහත්තයා කියපු වැඩේ තිතටම කළා. අපි ඉතින් මහත්තේලගේ වචනෙට ගරු කරන්න එපායැ. බලන්න මහත්තයෝ බැහැලා" පියසේන මාමත් දෙනවා හිටගෙන.
"හරි ලොකු උන්නැහේ අන්න එහෙම තමයි ඉන්න ඕනි. එහෙනම් ඉතින් ඕක ආයේ මනින්න දෙයක්යැ. බලපු ගමන් තේරෙනවා. මොකෝ අපි අද ඊයෙයැ මේ රස්සාව පටන් අරන්" මහත්තයා ඊට එහා.
"එහෙම බෑ මහත්තයෝ., කොල්ලො මේ ටේප් එක අල්ලපන්"
පුතාවත් අල්ලගත්තු පියසේන මාමා කඩේ එළිපත්තේ ඉඳන් වපු වලවල් දෙකට ටේප් එක ඇල්ලුවා.
"අඩි පහයි මහත්තයෝ"
අනේ ඉතින් එදා ඉඳන් ඒ කඩේ දිහා නෙවෙයි ඒ මහත්තයා බැලුවේ.
බලපු අනිත් කෙනා ගැන ඊළඟට... අදට මේක ඇති.

පියසේන මාම ගේ මොලේ තමයි මොලේ.. :)
ReplyDeleteදවසක් ඇලේ ඔබාගෙන හිටියයි කියල කියන්නේ... :)
Deleteපුදුම වැඩේ කියන්නෙ අපේ ගමෙත් ඉන්නවනෙ ඔය වගේම "පියසේන මාමෙක්" මිනිහා කරන්නෙ දැනී නොදැනී මායිම් ගල් තල්ලු කරන එක.
ReplyDeleteතව මායිම් අයිනට වෙන්න මඤ්ඤොක්කා හිටෝනවා. ඊට කිට්ටුවෙන් කාගෙ හරි හරකෙක් දිගෙලි කරලා තිබුණොත් මඤ්ඤොක්කා කරටි දෙක තුනක් කඩාගෙන ගිහින් මැල්ලුම් කාලා හරකා අයිතිකාරයාගෙන් අලාබෙ ගන්නවා.
ඒ වගේ තක්කඩි වැඩකදි කුණකට්ටෙක් දෂ්ඨ කරලා දැන් ඇස් පේනවා ටිකක් හොරයි.
කොයි ගමෙත් ඉන්නවා සුමිත් අයියේ. ඒත් අර කන්දේ අයියා වගේ අය අඩු හින්දා තමයි අවුල.
Deleteපියසේන මාමා දේශපාලනේට ආවෙ නැතෙයි...
ReplyDeleteඅම්මපා. මිනිහට ඒක අමතක වෙන්න ඇති. ආවනම් පටන් ගන්නේ කන්දේ අයියගෙන්.
Deleteරාජකීය මොළයක් නෙව...
ReplyDeleteආයෙත් අහලා
Deleteඅඩේ එහෙමත් සීන් එකක් තියෙනවද? ඔය ඉඩම් ව්ලට නම් මිනිස්සුන්ගෙ තියෙන්නෙ පුදුම මරාගැනිල්ලක් තමයි. එකෙක් අපේ පාර අල්ලගන්න හදලා ඒක බේරාගන්න මට උසාවිත් ගිහින් නීතිඥයෝ පොහොසත් කරන්නත් වුනා අවුරුද්දක් විතර.
ReplyDeleteඅනිත් ඒක ඒවට තියෙන මොලේ බලපංකෝ.
මෝඩ තකතීරු,අමන, වංචාකාර වැඩ කරන නූගත් මිනිස්සු තමයි ඇමතිලා වෙන්නේ. උගත් අය තමයි නීතීඥයෝ වෙන්නේ. එකෙක්ගෙන්වත් අපිට වැඩක් නෑ.
Deleteදැන් අර ඩෙනිමක කියනවා ගෙදරට හොරු පනින්නේ නැත්තේ අහල පහල උන් බලාගන්න හින්ද කියලා. දැන් තමයි තේරෙන්නේ අහල පහල උන් තමන්ගේ ගෙයක් වගේ ඔයාලගේ ගේ පරිස්සම් කරන හැටි. හි හි...
සුපිරි මොලයක්නේ. මානසික අල්ලස් දෙනව කියන්නෙ ඕකට.
ReplyDeleteඅන්න බර වචනේ. ඕකේ සැහැල්ලු එක තමයි අන්දනවා කියන්නේ.
Deleteහොර වැඩට ලංකාවේ අයට ගහන්න එකෙක්වත් නැ.. හි හි.... පියසේන මාමාත් හොරා.. මහත්තයා ඊට වඩා හොරා .. හි හි
ReplyDeleteඇයි බං මං.
Deleteඅන්න මාමලා
ReplyDeleteඅනේ වාසනාවන්. එහෙව් මාමලා ලබන්න ලේලියෝ දෙන්නටයිනේ චෑන්ස් එක.
Deleteපියසේන මාම නියම මීටරයක් තමයි.
ReplyDeleteදැං අර ආර් ඩී ඒ මහත්තුරු අනික් පැත්තෙං ආපු හින්ද වෙන්න ඇති කඩේ පාරට වැඩියි කියල පෙනුනෙ නැත්තෙ.
ඔය මන් කිව්වේ. (ටියුබ් ලයිට් නම් රන් කිරි කටගෑමේ පොස්ට් එකේ ඔයාගේ කමෙන්ට් එකේ රිප්ලයි බලලා එන්න. ඒක දාල එනකොට තමයි මේක දැක්කේ.)
Deleteහැමදාම වගේ ඒ මහත්තුරු පාරේ තත්ත්වය, අනවසර ඉදිකිරීම් එහෙම හොයාගෙන යනවා. ඒත් අරකනම් අහුවෙලා නෑ.
මාම තමයි මාම..මෙහෙම මොල නේන්නම් රටට තියෙන්නෙ ඕනි..තාමත් ඉන්නව නම් ඔය මාමා අපිත් දන්නවා ඇති..ගෙදර යන්නෙ ඔය පාරෙ නොව !
ReplyDeleteඉන්නවා නේන්නම්. හැබැයි දැන්නම් ඒ කඩේ නෑ. ඒ මාමගේ කොයි ජොබ් එකත් එහෙමයි.
Delete