Showing posts with label oops. Show all posts
Showing posts with label oops. Show all posts

Friday, February 14, 2014

වීරයා මැරිල නෑ….

               වීරයා මැරිල නෑ කියලා වේදිකා නාට්‍යයක් තිබුණා කට්ටියට මතක ඇති. නාට්‍ය කීපයක් සීඩී වලින් බලලා ඒ ගැන ඇල්මක් ඇතිවෙලා තිබුණත් තාමත් සැබෑ කරගන්න බැරි උන ආශාවන්ගෙන් එකක් තමයි වේදිකා නාට්‍යයක් බැලිල්ල. රූපවාහිනියටත් සිනමාවටත් වඩා සුළු සම්පත් කීපයක් භාවිතයෙන් නිර්මානාත්මක විදියට ඊටත් වඩා සජීවීව නාට්‍යයක් ඉදිරිපත් කිරීම ඇත්තටම හැබෑම අභියෝගයක්. ඔය නාට්‍ය කරන/කරවන අය ඉන්නව නේද, ඒ ගොල්ලො එක අතකට බලනකොට අමුතුම අදහස් තියෙන අය. ඒ කියන්නේ නිර්මාණාත්මක පැත්තෙන්. 

             වේදිකා නාට්‍යයක ඩබල් ඇක්ටිං කරන්න බෑ කිව්වට විල්සන් ගුණරත්න ඔය යස අගේට චරිත හතක් කලේ. එක පාර රඟ නොපෑවට එක දිගට චරිත හතකටම පණ පෙව්වනේ. ඊළඟට වසන්ත මොරගොඩ. එයා වේදිකා නාට්‍ය සම්ප්‍රදාය ටීවී එකට ගෙනාවා ස්වර්ණවාහිණියේ නේබර් ටෝක්ස් හරහා. මතකද අර නෝවේ රාජ්‍යයේ ඔස්ලෝ නගරේ තිබුණ සාම සාකච්ඡා ගැන තිබුණු වැඩසටහන. 

නෝවේ à No way à යන එන මං නැති, ඔස්ලෝ à Ox low -àහරක් නීති,  සරලව කිව්වොත් යන එන මං නැති උන් දාන හරක් නීති ගැන තියෙන සාකච්ඡාවක් කියලනේ ඒක අර්ථ ගැන්නුවේ.

         ඔය වචන වලට අමුතු අමුතු අර්ථ දෙන එකත් එක විදියකට නැගලා යන වැඩක්.

Etisalat à Itisalat àIt+Is+a+lat  
මේක කිසිම ආයතනයකට අපහාස කරන්න දාපු දෙයක් නෙවෙයි. මේක මේ විදියට නිර්මාණය කරපු ඒ පුද්ගලයා තුල තිබුණු හැකියාව පෙන්නන්නයි දැම්මෙ.

To Let මැදට “I” අකුරක් දාලා Toilet කරලා තියෙන්නේ.

        මේ ගැන කියනකොට තව ලස්සන වාක්‍යයක් මතක් උණා. ඒ තමයි “Madam Im Adam” ඕක ඉස්සරහට කියෙව්වත් ආපස්සට කියෙව්වත් කියවෙන්නේ ඕකම තමයි.

            ඔය විදියේ ඉංගිරීසි පද හරඹ ගැන අපේ හෙන්රි මහත්තයා තව දුරටත් කියල දෙයිනේ. හැබෑට කෝ මේ අපේ හෙන්රි අයියා...... අප්පට බොල අද දාහතර වෙනිදනේ.... සලංපෙසං එකත් එක්ක බෝඩ් ලෑල්ලකුත් උස්සගෙන පාරට බැහැලා ඇති. මාත් ඔන්න මට පුළු පුළුවන් විදියට සබරගමුවෙ කියල බැලුවෙ නෑ ඇති හැකි සෑම තැනකම “ලදුදෙ භංග වේවා!” කියල ගහල පොඩි සපෝට් එකක් දුන්නා. 
          ඉතිං ඔය වගේ උදව් අපේ සලංපෙසං සාමාජිකයෝ හොඳට හිතේ ධාරණය කරගෙන ඉන්න ඕන. මොකද අපි තාම ඕකෙ යාවජීව සාමාජිකයෝ නොවුණට ඉඳ හිටලා හරි ඇවිත් යන හින්දා ඒ වෙලාවටවත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණොත් වටිනවනේ. නැද්ද මං අහන්නෙ?

ඉතිං එහෙනම් “සලංපෙසං එකට ජයවේවා!!!”

අන්තිමට කියන්න තියෙන්නෙත් ඉතිං “වීරයා මැරිල නෑ” කියලම තමයි.


Thursday, June 13, 2013

දඩ කොළයයි මළකෙළියයි.....


              ඔන්න ඉතින් මන්තුමා පස්වෙනි වතාවටත් මාර්ග නීති කඩකිරීමේ වරදට දඩයක් කෑවා. ඔතන පස්වෙනි වතාවට කිව්වට ඇත්තටම පොලිස් පොතේ ලියවුනේ දෙවතාවයි. පලවෙනි එක ලියාගත්තේ පොලිස් කාරයෙකුට පගාවක් දීලා. (අපි එහෙමයි ඈ...) ඒ දවස්වල දඬුමොනරේ කෙලින් කරගන්න පුළුවන් වෙලා දවස් හයයි. මාමගේ පොඩි දුවගේ බිග්ගර්ල් පාටි එක සෙට් උනේ ඒ දවස්වල. ඔය වගේ තැනකට බයික් එකේ වටිනාකම ආයෙ කියන්න දෙයක් නෑනේ. ඉතින් නීතියෙන් බේරෙන්න හිතාගෙන දඩ කොලෙකුත් ලියාගෙන තමයි ඒ දවස්වල රන් කෙරුවේ. අන්තිමේදී ඒක එක්ස්පයර් වෙන්න කලින් කි.මී. දෙසීයක විතර රවුමකුත් ගහලා තමයි ආවෙ. (ඒ ගොන්කම් මතක් වෙනකොටත් මයිල් ඉස්මයිල් වෙනවා අප්පා.....)


මේකත් මංතුමාගේ ෆෝන් කට්ටෙන් අල්ලපු ෆොටෝවක් නෙව....


          ඊළඟ දෙපාරම හෙල්මට් නැතුව. මන් සාමාන්‍යයෙන් හෙල්මට් නැතුව කොහෙවත් යන්නෑ. අඩුම ගානෙ හංදියේ කඩේටවත්. එදා කරුමෙට හන්දියට යනකොට කඩේ වහලා. ඉතින් ළඟම තියෙන හන්දියට යන්න ගියා.  ඊළඟ සුභ මුහුර්තිය එළඹුණේ රෑක. මගදී යාළුවෙක් හම්බ උණා. යන්න බස් එකක් නැතුව. ඉතින් මනුස්ස කමට උදව්වක් කරන්න ගිහිං ඒකත් කෑවා. ඒත් කරුමේ කියන්නේ ඔය දෙකම පොලිස් පොතේ ලියලා නෑනේ. දඩ කොලේ ලියාගෙන ගෙවලා ඇවිත් බැලුවම පොතේ නම නෑ. ඉතින් ගෙවාපු රිසිට් එක කුණු කූඩෙට දාලා ලයිසොන් එක අරං ආවා.



                    හතරවෙනි අවස්ථාව ගැනනම් කලින් කියල තියෙනවනේ. ඕක තමයි හරියටනම් පළවෙනි මාර්ග නීති කඩ කිරිල්ල. අනික පොතේ ලියවුනු පළවෙනි වතාව. අවුරුදු හයක ලයිසන් ඉතිහාසයේ.කිලෝමීටර් වලින් ගත්තොත් ලක්‍ෂ දෙහෙක විතර (බයික් එකේ විතරක්). 



             පහුගිය තිස් වෙනිදා මහ වැස්සෙම ඉර කපලා අහු වුණා. ඕක ගෙවන්න අද ගියාම දවස් දාහතර පහු වෙලාලු. උන් දවස් ගනින්නේ වැරැද්ද කරපු දවසත් එක්කළු. හුටා... දැන් පලකෝ උසාවි. පන් හය දාහකට කෙලෝ ගන්න. කෝකටත් ශේප් න්‍යාය හොඳයි නේද කියලා මුකුත් කරන්න බැරිද කියල ඇහුවම OIC මහත්තයගෙන් අහලා බලන්න කිව්වා.


ගියා උන්දැ ළඟට.

“මල්ලි, මේක උසාවි යන කේස් එකක්. ම්ම්ම්... අපි මොකද මේ ගැන කරන්නේ....” කියලා ඇදලා එහෙම,

“හරි කමක් නෑ. ඔයාට උදව්වක් විදියට මන් මේකේ දිනේ වෙනස් කරලා දෙන්නම්. ඔයා දඩ කොලේ ගෙවලා එනගමන් බොක්ස් ෆයිල් එකක් අරං එන්නකෝ..” කියලා ගන්න ඕනි කඩෙත් කිව්වා.



            එතනම හිටපු තවත් කොස්සෙක් මට තවත් දඩ කොලයක් දුන්නා. “මල්ලි ඕකත් එක්ක මේකත් ගෙවාගෙන එන්නකෝ..” කියලා. රුපියල් හයසීයකුත් දුන්නා ඉතුරු සල්ලි ගෙනත් දෙන්න කියලා. තව ලියුමකුත් දුන්නා රෙජිස්ටර් කරන්නෙයි කියලා. වෙලාවට ඒකෙ මුද්දර ගහලා තිබුණේ.



           ඉතිං දඩ කොළ දෙකත් ගෙවලා, ලියුමත් රෙජිස්ටර් කරලා, 230ක් දීලා බොක්ස් ෆයිල් එකත් අරගෙන මන් ගියා පොලීසි. ඔතන හිටියේ මට දඩ කොළේ ලියලා දීපු WPC දැරිවි විතරයි. ඔන්න එයාට කොනක ඉඳන් රිසිට් ටික දුන්නා. 


“මල්ලිට වැඩ ගොඩක් හම්බ වෙලා වගේ”

              ලතාවකට ගස්සලා පද්දලා කියනකොට ඉතුරු වැඩ ටික අමතක වෙන එක අහන්නත් දෙයක්යැ.  550හේ දඩ කොළ දෙකට අරුන්දගෙන් හයසීයි මගෙන් පන්සීයයි. එතකොට එතනින් පනහකුයි බොක්ස් ෆයිල් එහෙකුයි ලාභයි නෙව. එකම අවුල උනේ ගෙවාපු දඩ කොළේ ෆොටෝ කොපියක් ගහගන්න බැරි උන එක විතරයි.




මේ ඔය වගේ තව එකක්. මං හෙව්වෙනම් අර ගුටිකන මූණක් තියෙන එකා මඩකලපු පැත්තේ ගිහින් වෙච්ච ඇබැද්දිය. හම්බ උනේ මේක විතරයි.

මේ අනික් සිද්ධිය.

Thursday, May 23, 2013

දැන් ඉතිං නැගිටියව්!!!

මොකද සර් කට්ටිය පරක්කු. ඔන්න මමනම් කියපු වෙලාවටත් කලින් ආවා”


“කවුරුවත් පරක්කු නෑ ජයේ. යන කට්ටිය ඔක්කොම ඇවිත් ඉන්නේ. අනික් කට්ටිය හැමෝටම ඔලුවේ කැක්කුම් බඩේ කැක්කුම් එහෙම හැදිලා කියලා උදේ ඉඳන් කෝල් ආවනේ. එහෙනම් අපිවත් එකතු වෙලා බස් එක සරසමු.”


       අප්පට සිරි ඒ ගමන බස් එකේ ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයිත් වැඩක් සෙට් වෙලා. රාජ්‍ය ආයතනයක් වෙච්ච එතන වැඩ කරන  පනහක් සීයක් විතර වෙච්චි පිරිසෙන් එදා උදේ ලෙඩක් දුකක්  නොහැදිලා තියෙන්නේ නිලධාරීන් දෙන්නෙකුටත් නිලධාරිනියන් දෙන්නෙකුටත් සේවකයන් දෙන්නෙකුටත් විතරයි. ඒ කියන්නේ ආසන පනස් ගානක බස් එකකටම හය දෙනයි.




        ඔන්න ඔහොමයි නොමිලේ යන්න හම්බවෙන ට්‍රිප් එක යන්නත් කට්ටිය සෙට් වෙලා තියෙන්නේ. මේ අය යන්නෙත් නිකං ගමනක් නෙවෙයි. කම්කරුවෝ සමරන්න. මැයි පළවෙනිදා උදේ හය හමාරට විතර සෙට් වෙච්ච කට්ටිය දැන් හෝ ගාලා බස් එක සරසනවා. කම්කරුවන්ගේ පාටින්... ආ නෑ... නෑ...  පක්ෂේ පාටින්. ඉස්සරහින්ම ගහනවා පාලක පක්ෂේ තඩි බැනර් එකක්. ඔන්න දැන් පිටත් වෙන්නත් කට්ටිය ලෑස්තියි.



“මේ ජයේ, මෙහෙම අමුවෙන් යන්න පුලුවන්ද බං” ඔන්න නිලධාරියෙක් පලවෙනි වෙඩි මුරේ පත්තු කළා.


“කමක් නෑ සර්ලා ගන්න. සර්ලට අද නිවාඩු උනාට අපිට අද වැඩනේ” කොන්දොස්තර දිහා බලන ගමන් මාතලී උත්තරේ දුන්නා.


“එහෙම නෙවෙයි බං අපි ඉන්නෙත් දෙතුන් දෙනයි මේ දවස්වල ලොකු දෙයක් කරන්න තරම් ආර්ථිකෙත් හොඳ නෑ”


           ඔන්න ඔහොමයි කට්ටිය වැඩේට එන්ටර් උනේ. ඉස්සරහා බැනර් එක අකුලලා ඇතුළට දාලා ඔන්න බස් එක ලෝඩ් කරනවා. ඔය විදියට තමයි ගානක් එක්කහු කොරන් බෝතල් එක හමාරක් හතර දෙනෙක් එකතු වෙලා හිස් කරන තැනට වැඩේ සෙට් උනේ.  



           දැන් ඔන්න බස් එකේ යන සෙට් එකට අදාළ ප්‍රධාන කාර්යාලයට කට්ටිය එන්ටර් උණා. ඔතෙන්ට ආවා කිව්වට රට වටේම තියෙන ශාඛා වලට අයිති කට්ටිය ඇවිත් නිසා ටිකක් ඈතින් තමයි බස් එක නවත්තලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ. ඇතුළට යන්නනම් සිහියක් තියෙන්න එපෑ. ගෑනු දෙන්නව යවන්නත් බෑනේ. ඔන්න ඕකටත් අත ගහන්න උනේ ජයේටම තමයි. ජයේත් එක්ක ගිය නිලධාරියාගෙන් ඔන්න ඇතුලේ ඉන්න කට්ටිය කට උත්තර ගන්නවා.


“පිරිමි කීයක් ආවද?”


“දාහතයි සර්”


“එතකොට ගෑණු?”


“අටයි සර්”


“ආ එහෙනම් මේ නවය ගන්නවා උඹලා. මේ බියර් අට දෙනවා ගෑණු සෙට් එකට. එතකොට ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි?”


“ඒ දෙන්නා බස් එකේ” ඒ පාර ජයා මාමා පැනලම උත්තරේ දෙනවා. අතින් පයින් යන එකක්යැ.


“ඒ දෙන්නට මේ දෙක” මල්ලට තවත් බෝතල් දෙකක්.



          දැන් ඔක්කොම බෝතල් එකොළහයි, බියර් අටයි. ඒ වෙනකොටත් උදේ ගත්තු දෙකෙන් කට්ටිය දොයි. 


“ඒක නෙවෙයි ජයේ, මං මේ කල්පනා කළේ හොඳ සිහියෙන් හිටියත් කොළඹ යන එන එක අමාරු එකේ මේ ලක්ෂ ගානක් සෙනග අස්සේ මුන් මෙහෙම අත ඇරියොත් අපි ඔක්කොම අමාරුවේ”


“ඔහොම්මම අල්ලපන් බං ගෝල්ෆේස් පැත්තට” අනික් නිලධාරියාගෙන් කදිම පිළිතුරක්.



              ඔය විදියට දවල් කෑමත් (මේකට පෙටි කෑෂ් වලින් සල්ලි අරන් ආවද නැත්නම් උදේම හම්බ උණාද කියලනම් අහගන්න බැරිඋණා.) සප්පායම් වෙලා ලස්සන ට්‍රිප් එකකුත් ගිහින් රෑ අට විතර වෙනකොට වන්දනා නඩේ සාදුකාර දීගෙන ගෙදරටත් ඇවිත්.



(මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. දාන්නනම් හිටියේ පළවෙනිදා :D )

Thursday, April 25, 2013

කැමරාකරණයේ නව මානයන් සොයා තරුණ ජවයෙන්...


                 බ්ලොග් ලෝකෙ කැමරා පිස්සෝ කීප දෙනෙක් ඉන්නවා. අයිලාස්, වෙනී වගේම ඩූඩ්, මාරේ වගේ අයත්. පහු ගිය කාලේ ඔය කට්ටියගේ වැඩ කිඩ දකින්න ලැබුණනේ. ඒ අතරින් අයිලාස් තමන්ගේ දැනුම බෙදා දෙනවා. වෙනී අයියා වතුර පෙවී පෙවී වැඩ කෑල්ලක් දැම්මා. ඒ මදිවට සිහින උළෙලටත් දිග හොම්බ අරන් ගිහිං තිබුණනේ.  

                 ඊළඟ කෙනා.... අන්න බුවා. කැමරාවෙන් වැඩ දානවා මදිවට කැමරාව ඉස්සරහට ගිහිනුත් වැඩ දානවා. අර පුංචි ගල් කෑල්ලක් උස්ස ගන්න දඟලපු දැඟලිල්ල කට්ටියම දැක්කනේ. සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරපු “විමතිය ආඩම්බරකම කැටිවූ දෙනෙත්” කියලා දාපු ෆොටෝ එකේ තිබුණු දෙනෙත්වල අපි නම් දැක්කේ “ පුහ්: ” කියන එකද මංදා. එතකොට අපේ මාරේ අයියත් එයාට පුළු පුළුවන් විදියට හිටි පිළිමවල පින්තූර අරන් තිබුණේ. ඒ නැතත් විචාරක හැකියාව. අන්න කරනවනම්. හැලපයියත් වෙනම වර්ගයක කැමරාවකට සම්බන්ධ වෙලා හිටියයි කියලා කියන්නේ. කෙන්ජිත් සාක්ෂි දරනවනේ ඒකට.


            දැන් ඔය මැන්ටල් සෙට් එකෙන් පස්සේ කවුද ඇත්තටම ක්ෂේත්‍රය බාර ගන්න ඉන්නේ? ක්ෂේත්‍රය ගැන උනන්දු තරුණයෝ නැද්ද? ඕක කාලෙක ඉඳන් මගේ හිතේ පැසව පැසව තිබුණු කාරණයක්. අන්තිමේදී තීරණයක් අරන් මං ගියා ඡායාරූපකරණය පිළිබඳව හදාරන්න. කස්ටියටම පහු ගිය කාලේ මාව එච්චර දකින්න නොලැබුණේ ඒ හින්දම තමයි.

          ඒක මං කළා විතරක් නෙවෙයි, අතීතයට බලපාන පරිදි දැනුම යාවත්කාලීන කළා. ඔව් ඔව් බොලං අප්ඩේට් කළා. දැන් කස්ටිය බලයි මූට පිස්සුද කියලා. “එහෙමත් කොරන්න පුලුවනෑ” කියලා කියයි. ඇයි එතකොට ඔහොම එව්වා කරන්න පුළුවන් “උස්සා”විලා  එකේ අයටයි ගෝරමේන්තුවේ අයටයි විතරද?

හා හා කතා ඕන්නෑ. වැඩ බලමුකෝ......

1). කැපවීම.
යේ.... 

 

              මේ පින්තූරේ ගත්තේ ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිසිම බස් එකක් නොයන පාරක කිලෝ මීටර් හතරක් විතර තියෙන අන්තිම ගමට ගිහිං එතනිනුත් කැලේ අස්සට කිලෝ මීටර් පහක් විතර ගිහිං.

                 බලන්න මේ මූණේ තියෙන හැඟීම්... (ආ.. සොරි වෙන්න ඕනි. මූණ කපන්න උණානේ. ) හොඳ ඡායාරූප ශිල්පියෙක් උණාම කැපවීම තියෙන්න ඕනි. අපිට ඕනි ලොකේෂන් එක හොයාගෙන ගිහිං එතනත් තියෙන භයානක කම්, බාධක මැඩගෙන තමයි ඡායාරූපයක් ගන්න ඕනි. බලන්නකෝ ලෝකෙම දිනුවා වගේ හැඟීමක් ඉස්මතු වෙන්න ඡායාරූප ශිල්පියා අදාල නිරූපකයාව හසුරුවා ඇති ආකාරය හා ඡායාරූපයේ පසුබිම.



2). මාතෘකාවට සුදුසු ඡායාරූපයක් ගැනීම

ලෝක ධර්මතාවය
             
                       බලන්න මේකට යොදාගෙන තියෙන ආලෝකය. ෆ්ලෑෂර් මුකුත් නැතිව ස්වභාවික ආලෝකය ඉහළ සිට පහලට යොමුවන ආකාරයට තමයි යොදාගෙන තියෙන්නේ. මේක අපේ වැඩිවෙන විදුලි බිලටත් එක්තරා ආකාරයකට විසඳුමක්. අනික් එක තමයි ෂටර් ස්පීඩ් එක ගානට මිම්මට හසුරුවා ඇති ආකාරය. ස්වභාවික පරිසරයේ එක පැතිකඩක් පෙන්නන්න හැකිවෙන ආකාරයට අරන් තියෙන අගනා ඡායාරූපයක් තමයි මේ. මේකට “ලෝක ධර්මතාව” කියලා නම දාන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඕනම කේස් එකක් උඩ ඉඳන් පහළට ඇත ඇරලා අත පිහදාගන්න ඉන්න අයව සංකේතවත් කරන්න තමයි මේක අරගත්තේ. බලන්න හිතලා තියෙන දුර.....


3). ක්ෂණික බව
බ්ලො.. බ්ලො.. බ්ලො ග්... ගි.. ග්ලෙන්..න.. යන්.. බ්ලො... වෝ...

            බොර දියේ ජල ක්‍රීඩා කරන අවස්ථාවකදී ඇතිවුණු හදිසි ආපදා තත්ත්වයක්. හොඳ ඡායාරූප ශිල්පියෙක් සතු ක්ෂණික බව වගේම තද හිතත් මෙතැනදී පිළිඹිඹු වෙනවා. එක අයෙක් ගිලෙද්දී ඒ ළඟම ටයරයක ආධාරයෙන් ජල ක්‍රීඩා කරන සගයා ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙන්නත් පෙරාතුව කැමරාව ක්‍රියාත්මක කර ඇති අපූරුව. අනික ගිලෙන එකාව බේරගන්න ගියානම් මෙච්චරක් වටිනා පින්තූරයක් අද කෝ? ඒකයි තද හිතකුත් තියෙන්න ඕනියි කිව්වේ.


4). කාය වර්ධනය  
කොහොමද සයිස් එක

              මේ නිරූපකයාගේ අතක සයිස් එක බලන්න. ඉතියෝපියාවෙන් ආපු එකෙකුට වඩා වෙනස් වෙන්නේ හමේ පාටයි, තියෙන මයිල් ගස් ටිකයි විතරයි. ඒත් ශිල්පියාගේ හැකියාව ඡායාරූපයේ ලස්සනට වඩා මෙතැනදී ඉස්මතු වෙලා තියෙනවා. බලන්න අර පෙන්දට දීලා තියෙන ප්‍රතාපවත් පෙනුම. ඒකටම හරියන්න පසුතලය තෝරාගෙන ඇති අපූරුව. තද වර්ණ භාවිතා නොකර යොදාගත් වර්ණ සංකලනය. 


5). උපරිම ප්‍රයෝගයෙන් නරඹන්නා මඥ්ඥන් කිරීම.
ට්‍රිබල් ඇක්ටිං

           කැමරාවක විවිධාකාරයේ ප්‍රයෝග/ පහසුකම් ලබාදෙන්නේ ඒවා ඕෆ් කරලා තියාගන්න නෙවෙයිනේ. ස්වීප් පැනරෝමා තාක්‍ෂණය යොදාගෙන එකම කණ්ඩායම ට්‍රිබල් ඇක්ටිං කරන ආකාරය ඉදිරිපත් කරන්න තරම් ඡායාරූප ශිල්පියා සතු ප්‍රයෝග පිළිඹඳ දැනුම... පුදුමත් හිතෙනවා නේද?


6). දුර්ලභ ඡායාරූප ගැනීමේ හැකියාව.
පුහ්: මුගේ බරත් බරක්ද?

           බලන්න නිරූපකයා සැහැල්ලුවෙන් තවත් අයෙක් අත උඩ තියාගෙන ඉන්න ආකාරය. මේ වගේ නිර්මාණයක් කරන්න තරම් අත්දැකීම් වලින් වගේම දැනුමෙනුත් සන්නද්ධ වෙලා ඉන්න ඕනි. මේ වගේ එව්වා ආවට ගියාට කබ්බන්ට ගන්න බෑ.


7). අර්ථාන්විත ඡායාරූප
වැහි දිය මහ බිම තෙමුවට.....

            මේකේ මොන අර්ථයක්ද? මහ වල් ෆොටෝ එකක්. දැක්ක ගමන් ඕනි එකෙක් කියයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. ඉහළින් වැටෙන පොද වැස්සට නොතෙමෙන්න හිස ආවරණය කරන් ඉන්න ගමන් පහළින් ඉන්න පොඩි පොඩි සත්තුන්ට සුපිරි වැස්සක පහස ලබාදෙන ආකාරය රූපයට නගා ඇති ආකාරය.නොතෙමෙන්න ආස ඒත් තෙම්මන්න ආස බලවත් උදවියව මෙතනින් නිරූපණය වෙනවා නේද?



         හ්ම්ම්ම්.... අදට ඇති. මගේ පහු ගිය කාලේ තිබුණු නිහැඬියාව  අර්ථාන්විතයි නේද?


(මෙහි පලවන ඡායාරූප අතුරින් සියල්ලටම පාහේ අකමා සම්බන්ධ අතර පහකම නිරූපණ ශිල්පියෙක් ලෙසද කටයුතු කළ බව ආදරයෙන්  ආඩම්බරයෙන් කියමි.)

Tuesday, March 19, 2013

අංකල් අයියා...

ප.ලි.

     මේ ලිපිය මීට මාස තුනකට පමණ පෙර ලියන්නට උත්සාහ කළ එකක් බව කරුණාවෙන් සලකන්න. 


               කවුරු හරි මුදලක් වියදම් කරලා හරි ණය වෙලා හරි අළුතින් භාණ්ඩයක් ගන්නෙ බලාපොරොත්තු ගොඩක් හිතේ හිරකරගෙන. ඒත් තමන් කාලයක් භාවිතා කරපු දෙයක් කැඩුනොත්.... තමන්ගෙ වැඩ කටයුතු කරගන්න බැරි වෙන හින්දා ඒ වගේම  මුදලක් වැය වෙන හින්දා  වගේ හේතු නිසා අර මනුස්සයා එන්නේ මළ අතේ තියාගෙන. මුල් අවස්ථාවේදී හිනාවෙලා සන්තෝෂයෙන් යන කෙනා එතකොට 100%ක් වෙනස්. ඉතින් ඉංජිනියරින් සෙට් එකේ ඉන්න අපි ඒ එන අයට සෑර් බෑර් කියලා, මහත්තයා කියලා කොහොම හරි ශේප් කර ගන්නවා. ඔය එන කවුරුවත් ඒ වෙලාවට සෙකන්ඩ් වෙන්න, ඒ කියන්නේ මල්ලිලා වෙන්න කැමති නෑ. ඉතින් ඔය වෙලාවට ආයේ කිසි දෙයක් ගැන හිතන්නැතුව ඉහ නිකට පැහිච්ච කෙනෙකුට උණත් “අයියා” කියලා කියන්න දෙපාරක් හිතන්න ඕනි නෑ. අනික ඔය මිනිස්සු කටේ එක දතක්වත් නැති උණත් “අංකල්”ලා වෙන්න කැමතිත් නෑ.
හැබැයි මං ඔය කියපු කාරනාව හැමෝටම අදාළ නෑ. අපේ කස්ටමර්ස්ලා ගොඩක් වෙලාවට සාමාන්‍ය අය නෙවෙයි. කම්පැනි, ෆැක්ට්‍රි අයිති අය. එහෙමත් නැත්නම් හොඳ බිස්නස් කරන උදවිය. ගොඩක් වෙලාවට ඒකෙ පර්චසින් එකේ ඉන්න හරි IT සෙක්ෂන් එකේ හරි ඉන්න ලෝකෙ කාපු ඇම්බැට්ටයෝ තමයි එන්නේ. ඔය වෙලාවට “අයියා” ගොඩක් පිහිට වෙනවා.

          කවුරු හරි ඔය වගේ කෙනෙක් ඇවිත් “මල්ලි” කියලා අපිත් එක්ක කතා කලොත් මිනිහා යනකන් ඉන්නෙ හිර කරන් ඉන්න හිනාව එළියට දාන්න. 

“අන්න උඹේ පොඩි අයියා යනවා”
“උඹේ ලොකු අයියගෙ වයස කීයද බං?”
                       නෝන්ඩි ලෝකයයි.
 
            ඉස්සර ඉඳන් අපේ කුලී වැඩක් එහෙම කර ගන්න වෙලාවට කතා කරන මනුස්සයෙක් හිටියා. “දාස අංකල්” කියලා තමයි අපි එයාට කියන්නේ. අයියගෙ ගේ හදන්න ගත්තේ දැන් අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා. ඕකෙ බාසුන්නැහැ ගමේ කෙනෙක්. අපි කියන්නේ “කමල් අයියා” කියලා. ඔය කමල් අයියා එයාගෙ ගෝලයා වෙච්ච දාස අංකල්ට කියන්නේ “අයියා” කියලා.

         ඉතිං දාස අංකල් එයාගේ ගණිත හැකියාව මනාව පිළිඹිඹු කරලා පට ගාලා බරපතල සමීකරණයක් විසඳුවා.

"අපි අයියා කියලා කතා කරන බාස්, එයාට අයියා කියනවනම් අපි එයාගෙ මල්ලිලා වෙන්න එපැයි."

          එයා මට මල්ලි කියන එක ක්ලික් වෙන්නත් මට දවස් දෙක තුනක් ගියා. හැබැයි එයා කොච්චර මල්ලි කිව්වත් මට තාමත් කියවෙන්නේ අංකල් කියලා.

            ආ.... මට දැන් මතක් උනේ. අපේ තාත්තා ගණන් වලට කොච්චර දුර්වලද කියලා.තාත්තගේ බාප්පගෙ පුතා මට වඩා වැඩිමල් වෙන්නෙ අවුරුදු පහකින් විතර. ඉතින් එයා මට අයියා වෙනකොට එයා තාත්තට කියන්නේ අයියා කියල නෙව.

            කොච්චර පණ්ඩිත කම් කියෙව්වත් මටත් ඔය අන්කලුයි අයියයි වෙන් වෙන සීමාව තාමත් හිතාගන්න බෑ. මූණ බලලා කියන්න ගියත් කෙලවෙනවා. ඉස්සර ඉඳන්ම අපේ ගමේ අයියා කෙනෙකුට අයියා කියද්දී හුචක්කුවක් එල්ලගෙන ඉන්න එයාගෙ වයිෆ්ට ඇන්ටි කියන්න හුරුවෙලා හිටියේ හිතලනම් නෙවෙයි.මග තොටදී උණත් වෙන වෙනම හම්බවෙන නිසා කිසිම අතුරු ආන්තරාවක් වෙලා නෑ. ඒත් දැනට අවුරුදු එක හමාරකට විතර කලින් ඒ දෙන්නා කඩයක් දැම්මා. ඔන්න එතකොට තමා වචනේ වැරැද්ද තේරුණේ. ඒකෙ රියැක්ෂන් එක කොච්චර බරපතලද කියනවනම් අයියා “පුතා” කියන්නත් ඇන්ටි “මල්ලි” කියන්නත් එක පාරට පටන් ගත්තා.

              ඔය අව් අස්සෙ අයියා කියා කියා හිටපු එකෙක් අපේ ගෙදර ආවා. මූණ බැලුවත් මං හරි කියලම තමයි හිතුනේ. (කළුවරේනේ දැක්කෙත්) 

ඒත් අන්තිමේදී,

      “උඹ මොන අවුරුද්දෙද?”
       ආයේ ඉතින් ඇඹරි ඇඹරි ඉන්න දෙයක්යැ. දුන්න “ඩෝං" ගාලා උත්තරේ.

එතකොට ඇස් දෙක නළලේ තියා ගත්ත මේකා ප්‍රියම්බිකාවට කියපි,

“එතකොට මං පත්වීමත් අරගෙන. නේද මෙයා....”

   මේ ලෝකෙ හරි කූරයි මෙයා. දෙව්දත්තරටත් පොළොව පලාගෙන යන්න චෑන්ස් එකක් දුන්නට මට එහෙමවත් එකක් දුන්නෑනේ.  :-(

Wednesday, February 27, 2013

විසිඅටත් නැති උනානම්........


 ඇත්ත වශයෙන්ම නෝනාවරුනි, මහත්වරුනි,

              අද මම මේ අවස්ථාව අවස්ථාවක් කර ගන්නවා අපිව බේරාගත්තු උත්තමයන්ට ස්තුති කරන්න. මහා කෙරුමක් කොලා කියලා දවසකට පැයක් හමාරක් කට්ට එහාට මෙහාට කොරපු උන් ගැන මතක් වෙනකොට මට පට්ට විදියට හිනා යනවා අපෙ හාමුදුරුවනේ. අන්තිමේදී එව්වත් ආයේ අකුලා ගන්න උනානේ. හුහ්! එව්වයැ වැඩ. අපේ උත්තමයන් මාසෙකට කොරාපු වැඩ මුන් අහලවත් නැතුව ඇති.



           අපේ චාමික මලයා කියාපු හින්දා මාත් පොර වගේ කියන්නේ. ජුලියස් සීසර් උත්තමයා නැත්නම් අපි කොහොමද අප්පා ජීවත් වෙන්නේ. (ඇඩෙනවා ඕයි!) දවස් විසිහතක් වෙලා තිබුණු පුංචි මාසෙට තවත් දවසක් එක්කහු කොරලා යාන්තම් දවස් 28ක් අපිට හදලා දුන්නු එහෙව් උන්ට පිං දීලත් මදි. 



          ඇත්තටම සහෝදරවරුනි, ඇයි මේ අය 28 කැලැන්ඩරේට දැම්මේ? පුළුවන්නම් අර මල්ලි නැගිටලා කියන්න බලන්න. කෝ... කියන්න. ආ... බෑනේ.. මෙහෙව් දවසක වැදගත්කම රෝමේ ආදී කාලීනයොත් දැනන් උන්නු එකේ බොලා දන්නේ නෑ. ලැජ්ජයි ඕයි. 



             දැන් බලන්න මගේ ආච්චියේ, විසිඅටේ වැදගත්කම දැන් හැදෙන උන් දන්නැති හැටි. කඩේ පිලේ රස්තියාදු ගහනවා ඇරෙන්න මුන් මේ ලෝකෙ දෙයක් දන්නවයැ. අනේ මයේ අප්පේ, {ඉග්!!} (ඉකි ගහමින්) මට ...... --පොඩ්ඩකට සමාවෙන්න හොටු පොඩ්ඩක් හූරලා එන්නම් නැන්දේ.....-- ආ හරි..  අනේ මයේ අප්පේ, මට මතක් වෙන්නේ බොලාලා මාස් කන්නේ වී ගොයිතැන් කරලා කපලා ගත්තු වී ටික ගෙට ගන්න ඉස්සෙල්ලා මුරුගසන් වරුසාවට අහු වෙච්ච දවසේ දීපු අදෝනාව. ඉතිං තොපිලට පොඩ්ඩක් හරි තේරෙන්න ඕනි මං ගැන. සීසර් උත්තමයා නැත්නම් මටත් ඒ සන්තාසියම තමයි යකුනේ. {ඉග්!!}



           මාසයක් කඹුරපු මට පඩි දවසත් නැති කලානම් උගෙ අම්මට.. !@#!@%^@$@#@$##^^&*$@#$ 
        (සභාවේ ගාලගෝට්ටිය මැද අකමාගේ කට වැසූ හැඩි දැඩි පිරිසකගේ කර මතින් වේදිකාවෙන් නික්මෙන අකමා ගෑණු දැරිවියෝ දැක්කෙ නැත්තේ ආවේගශීලී වචන ඇඟේ ඇනෙන විටම උන් පැන දිව් බැවිනි)

ප.ලි.

     අද අකමගේ පඩි දවසනේ..... ආදී කාලේ වගේ මාසේ දවස් විසි හතකින් ඉවර උණානම්......
මේකත් බලලා හිටියනම්....................                                                                                     
                       ඔන්න සෙන්නෝ උඹට ෆුල් මාක්ස් :D