Wednesday, February 27, 2013

විසිඅටත් නැති උනානම්........


 ඇත්ත වශයෙන්ම නෝනාවරුනි, මහත්වරුනි,

              අද මම මේ අවස්ථාව අවස්ථාවක් කර ගන්නවා අපිව බේරාගත්තු උත්තමයන්ට ස්තුති කරන්න. මහා කෙරුමක් කොලා කියලා දවසකට පැයක් හමාරක් කට්ට එහාට මෙහාට කොරපු උන් ගැන මතක් වෙනකොට මට පට්ට විදියට හිනා යනවා අපෙ හාමුදුරුවනේ. අන්තිමේදී එව්වත් ආයේ අකුලා ගන්න උනානේ. හුහ්! එව්වයැ වැඩ. අපේ උත්තමයන් මාසෙකට කොරාපු වැඩ මුන් අහලවත් නැතුව ඇති.



           අපේ චාමික මලයා කියාපු හින්දා මාත් පොර වගේ කියන්නේ. ජුලියස් සීසර් උත්තමයා නැත්නම් අපි කොහොමද අප්පා ජීවත් වෙන්නේ. (ඇඩෙනවා ඕයි!) දවස් විසිහතක් වෙලා තිබුණු පුංචි මාසෙට තවත් දවසක් එක්කහු කොරලා යාන්තම් දවස් 28ක් අපිට හදලා දුන්නු එහෙව් උන්ට පිං දීලත් මදි. 



          ඇත්තටම සහෝදරවරුනි, ඇයි මේ අය 28 කැලැන්ඩරේට දැම්මේ? පුළුවන්නම් අර මල්ලි නැගිටලා කියන්න බලන්න. කෝ... කියන්න. ආ... බෑනේ.. මෙහෙව් දවසක වැදගත්කම රෝමේ ආදී කාලීනයොත් දැනන් උන්නු එකේ බොලා දන්නේ නෑ. ලැජ්ජයි ඕයි. 



             දැන් බලන්න මගේ ආච්චියේ, විසිඅටේ වැදගත්කම දැන් හැදෙන උන් දන්නැති හැටි. කඩේ පිලේ රස්තියාදු ගහනවා ඇරෙන්න මුන් මේ ලෝකෙ දෙයක් දන්නවයැ. අනේ මයේ අප්පේ, {ඉග්!!} (ඉකි ගහමින්) මට ...... --පොඩ්ඩකට සමාවෙන්න හොටු පොඩ්ඩක් හූරලා එන්නම් නැන්දේ.....-- ආ හරි..  අනේ මයේ අප්පේ, මට මතක් වෙන්නේ බොලාලා මාස් කන්නේ වී ගොයිතැන් කරලා කපලා ගත්තු වී ටික ගෙට ගන්න ඉස්සෙල්ලා මුරුගසන් වරුසාවට අහු වෙච්ච දවසේ දීපු අදෝනාව. ඉතිං තොපිලට පොඩ්ඩක් හරි තේරෙන්න ඕනි මං ගැන. සීසර් උත්තමයා නැත්නම් මටත් ඒ සන්තාසියම තමයි යකුනේ. {ඉග්!!}



           මාසයක් කඹුරපු මට පඩි දවසත් නැති කලානම් උගෙ අම්මට.. !@#!@%^@$@#@$##^^&*$@#$ 
        (සභාවේ ගාලගෝට්ටිය මැද අකමාගේ කට වැසූ හැඩි දැඩි පිරිසකගේ කර මතින් වේදිකාවෙන් නික්මෙන අකමා ගෑණු දැරිවියෝ දැක්කෙ නැත්තේ ආවේගශීලී වචන ඇඟේ ඇනෙන විටම උන් පැන දිව් බැවිනි)

ප.ලි.

     අද අකමගේ පඩි දවසනේ..... ආදී කාලේ වගේ මාසේ දවස් විසි හතකින් ඉවර උණානම්......
මේකත් බලලා හිටියනම්....................                                                                                     
                       ඔන්න සෙන්නෝ උඹට ෆුල් මාක්ස් :D

38 comments:

  1. මොකද අකමෝ උනේ?????

    ReplyDelete
    Replies
    1. බෙල්ලෙන් ඇදලා එලියට දැම්මා අනේ.....

      Delete
  2. Replies
    1. ආව්වා... මගේ ඔලුව....

      තව පොඩ්ඩෙන් වහලේ පරාලත් කැඩෙනවා.....

      -------
      ඔන්න දෙකත් ඔයාටම. :)

      Delete
  3. Replies
    1. හහ්! දුන්නොත් එපා කියයි. :P

      තුනපහ දෙකම තියාගන්නකෝ...

      Delete
  4. අඩේ මටනම් අද හම්බුනා..

    ReplyDelete
    Replies
    1. අපි දවසක් පරක්කුයි බොලව්.
      ආන්න වැදගත් තැන්. "අපායට ගියත් ඉස්සෙල්ලා" කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරන එව්වා.

      Delete
    2. අනේ ඒ ගැන කියලා වැඩක් නෑ බන්..

      Delete
    3. අද හවස පහමාරට විතර තමයි "ටාං ටාං" ගාලා ඇස් ඇම් ඇස් එක ආවේ. ඉතිං ඔය වචනේ කියන්න හෙට උදේ වෙනකම් කල් හම්බ උණා.

      Delete
    4. යකෝ, පලිය දැක්කෙ දැන්නෙ... මම හිතන්නෙ ඔය සෑහෙන්න කාලෙකට පස්සෙ මගේ ටියුබ් ලයිට් එක එකපාරම පත්තු වුනේ.. :D

      Delete
    5. CFL එහෙක චෝක් එකක් දාලද කොහෙද....

      Delete
  5. පෝය පහු උනා නේද අකම් ?

    ReplyDelete
    Replies
    1. දැන් බහින කලාව ලිහිණි. ඊයේ පෙරේදනම් නප්පියට නැගලා තිබුණේ.

      Delete
  6. මොකද අකම් මේ උපන්දිනේ 29 වත්ද?

    ReplyDelete
    Replies
    1. අඩේ අහු උණේ නැද්ද?

      ......// මාසයක් කඹුරපු මට පඩි දවසත් නැති කලානම්//......


      ඔන්න මං පලියක් දැම්මා. බලලම එන්නකෝ...

      Delete
  7. ඈ... මොකක්ද බොල මේ..... මං දෙපාරක් කියෙව්වා....
    ඒත් මඤ්ඤං වගේ.... ( මට නෙමෙයි බොලාට හොදේ... :p )

    ReplyDelete
    Replies
    1. උදේට මඤ්ඤොක්කද කෑවෙ..? :p

      ආ... සොරි සොරි මට හොඳේ.

      Delete
  8. විසි අට මට වැදගත් වෙන්නේ මගේ උපන්දිනේ හින්දා. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අද උඹේ උපන් දිනේද බං? නූලෙන් මිස් වෙලා තියෙන්නේ. විසි නවයට නොයා. හෙහ් හෙහ් හෙහ්...

      Delete
  9. මොකද කේස්එක? මට ටියුබ්ලයිට් බං...

    ReplyDelete
    Replies
    1. ඔන්න මං හැමෝම වෙනුවෙන් පලියක් දැම්මා. (ඒක ස්ටාටර් එකක් හොඳේ)

      Delete
  10. කියන දෙයක් තේරෙන සිංහලෙන් කියහං අකමො.

    ReplyDelete
    Replies
    1. යාන්තං කියාගෙන එනකොටම එළියට දැම්මනේ ප්‍රසා අයියේ. කොහෙද මුන් එක්ක. විසිඅට කියන්නේ අකමගෙ පඩි දවසනේ..... කොහොම හිටීද එදා දවස කැලැන්ඩරෙන් අයින් කරලා තිබුණනං..... :p

      Delete
  11. මං මේ පැත්තට කීප සැරයක් ඇවිත් ගියා.. උඹගේ නහය එහෙම දැවිල්ල හැදුනේ නැද්ද.. :P

    මං හිතුවේ බං උපන් දිනයක් කියල කාගේ හරි. :)

    ReplyDelete
    Replies
    1. ආ.... උඹද? මාත් මේ මොකාද කියලා හොය හොයා හිටියේ.... :p

      උපන් දිනේ නම් පෙබරවාරි 30 වෙනවනම් කොච්චර ශෝයිද? අපේ එව්වො බලාගෙන ඉන්නේ උපන් දිනයක් එනකම්. දත ගලවන්න. හික්ස්....

      Delete
  12. ප/ලි : දාපු එක හොදා. නැත්නම් මටත් මෙලෝ දෙයක් තේරුනේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඇයි බං හිංගලෙන්ම දාලා තියෙන්නේ ....//මාසයක් කඹුරපු මට පඩි දවසත් නැති කලානම් //..
      කියලා

      Delete
  13. මං දන්නෙ නෑ බං. අපිටත් ඕං පඩි හම්බවුනේ නෑ මේ මාසෙට කොහොම හරි. මේ රටවල හෙටයි අනිද්දයිත් නිවාඩුනෙ. ඉතිං පටි තද කරගන්න තමයි වෙන්නෙ.

    උඹ මොනවා කිව්වත් වැඩ කරන මාස වලට දවස් 51. නම් තියෙනවාමයි. සතියකට දවස් දොලහක්ද කොහෙද.

    ඒකට නිවාඩු මාස වලට දවස් දොළහයි. සතියට දවස් තුනයි.

    ReplyDelete
    Replies
    1. ස්ලෝ මෝෂන් & ෆාස්ට් ෆෝවඩින්....

      මෙයා මේ පටි තද කරගන්නවයි කියලා අපිට කිව්වට අර දියලණුවත් ගලෝලා දාලා තියෙන්නේ අපිට පෙන්නන්න. :D

      ---
      සත පණහා ෆිල්ම් එකේනම් අපිටම හරියන සින්දුවක් තියෙනවා හෙන්රි අයියේ.

      Delete
    2. මොකක්ද හැබෑට ඒ සින්දුව? මේ අපි වගේ කෝඩෙ ගහලා ඉන්න එක ගැනද?

      Delete
    3. "වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ.."

      ඒ උණාට ඊට ඉස්සෙල්ලා තිබුණු සින්දුව කියන්න හැකිවේවායි කියලා තමයි මංනම් ප්‍රාර්ථනා කරන්නේ.

      "අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ.."

      Delete
  14. ඔව් එකත් ඇත්ත. හැම මාසෙම 27 වගේ පඩි දෙනවනම් මොකක් කරන්න බැරිද? .දවස් දෙකකට කලින් පඩිය ඉවර වෙන්න ඉඩ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. විසිහත පඩි ලැබුණොත් පළවෙනිදට දවස් දෙකකට කලින් ඉවර වෙනවා කියන එකද ඔයා අදහස් කළේ. මගෙනම් විසිඅට හවස හම්බ උණා. විසිනවය අතට ගත්තා. තිහ හවස අත පිහදාගෙන ගෙදර ගියා. :)

      -------
      එහෙම නැත්නම් ඔයා අදහස් කලේ දවස් විසිහතකට සැරයක් පඩි ලැබෙනවනම් කියන එකද? මට පොඩ්ඩක් විතර ටියුබ් ලයිට් උණා අසර්.

      Delete
  15. මටනම් හිතෙන්නේ පඩි නොලැබෙයි කියන බයට කලින්ම බීලා තමයි මේක ලියන්න පටන් අරන් තියෙන්නේ. ඒක තමයි හුඟක් දෙනෙකුට නොතේරෙන සිංහලෙන් ලියවෙලා තියෙන්නේ. මටත් තේරුනේ අර #$!~@%^& වලින් ලියලා තිබුන ටික විතරයි. 28 වෙනකල් පඩි දෙන්නේ නැත්තේ කලින් මාසේ පඩියේ අවසාන සතය දක්වා වියදම් කරවන්න ඕනේ නිසා. අපි ඉතිං පැන්සොන් කාරයොනේ හැම මාසෙම 8 - 10 දිනවල ලැබෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අන්න හෙළු භාෂාව නිවැරදිව තේරුම් ගත්ත වියතෙක්. :D

      අපේනම් අනිවාර්යයෙන්ම විසිඅට පඩි. එදා නිවාඩුනම් ගොඩක් වෙලාවට කලින් දවසේ. ඉස්සර...ම කාලේ පෙබරවාරි මාසේ දවස් විසි හතක්ලු තිබුණේ. බැරි වෙලාවත් එහෙම උණානම් කෝ විසි අටක්? :D

      පැන්සොන් එක(Pay sheet එක)එවන්නෙනම් එපා වාහෙට හොදි බෙදනවා වගේ. අච්චර පුද්ගලික, රහසිගත දෙයක් කොලේක ලියලා ස්ටේප්ලර් පිං එකක් ගහලා එවන්නේ. එච්චරටම රහසිගත භාවය සුරකිනවා. :D

      Delete