අප්පොච්චියේ...... වැරදීමක මහත.
කේක් කනවද.... කියලා පොස්ට් එකක් දැම්මට මොකද, ඒකෙ මං ආතක් පාතක් නැතුව කියෝලා නින්දට ගියා නොවැ. ලිව්වේ මොකටද? ලියන්න ගියේ මොකක්ද? ලියන්න ආපු දේ ලිව්වද? කියලා හොයල බැලුවේ නෑනේ. අද උදේ ඒ ගැන මතක් උනත් පොස්ට් එක එඩිට් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. මොකද උදේ පහට බස් එක අල්ලගන්න දුවන්න තිබුන හින්දා.
එහෙනම් ඉතිං මුලින්ම ගම්මුකෝ ලිව්වේ මොකටද කියලා.
වර්ෂ දෙදහස් දොළහක් වූ අගෝස්තු මස පලමුවෙනි බුධ දින නිකිණි පුන් පොහෝ දින යෙදුණු නිවාඩුව මුල් කොට ගෙන අකමා කල එලි බැස්සා. අවුරුද්දක් විතර බ්ලොග් කියෝ කියෝ හිටියට ප්‍රොෆයිල් එකක් හදාගත්තේ එදා. දාන්න නමක් හොය හොයා ඉඳලා කටට ආපු නමක් දැම්මා. නමේ ගුණාගුණ බලන්න නැකත් හෙව්වේ නෑ. මොකද පෝය කියන්නෙත් නැකත් දවසක්නේ. :-)
ඉතින් ඔන්න ඔහොම පලවෙනි පොස්ට් එක දිග ඇරුනා. එදා ඉඳන් ඊයෙ දවස වෙනකොට මාස තුනයි මගේ මේ පුංචි එකාට. ඉතින් අවුරුද්දක් යනකන් ඉවසන් ඉන්න බැරි කමටයි මාස තුනක් කියන්නේ සමරන්න ඕනි දෙයක් හින්දයි ලියලා දැම්මා. ඒත් යකඩෝ ඒකෙ මුල්ලකවත් කියන්න බැරි උනානේ මාස තුනක් හින්දා ලියනවයි කියලා. ඔන්න ඉතින් කට්ටිය පෝලිමට වරද්දගෙන එනවා. ඇත්තටම වැරදුණේ මට උනත් වැරදීමේත් පොඩි ගතියක් තියෙනව කියල හිතෙන්නේ දැන් තමයි. හික්ස්.. (අකමා කියන්නෙ බොක්කෙ එකක් තියාන හක්කෙන් තව එකක් කියන එකෙක් නොවන නිසා විහිළු වරදවා වටහා නොගනු ඇතැයි හිතනවා)
ඉතිං ඒ.කේ.එම්.අඩවිය කියන නම හැදුන එක ගැන කිව්වනේ. අකමා කියන නම හැදුනෙත් ඔය අකුරු තුනෙන්මයි. "අකමා ඇලි බලපු හැටි" කියන පොස්ට් එක ලියද්දි හිතුනා නමක් දාගන්න. ඉතිං දැම්මා.
ඉතිං ලිව්වේ තුන සමරන්න.
එතකොට ලියන්න ගියේ.....
ලියන්න ගියේද? ලියන්න ගියේ මාස තුනක් තිස්සේ මේක ලියාගෙන යන්න උදවු කරපු අයට ස්තුති කරන්න. කමෙන්ටු පල කල, එමගින් උපදෙස් දීපු, දිරි ගන්නපු වගේම හොරෙන්ම ඇවිත් බලලා ගිය හැමෝටම ස්තුති කරන්න. මුලින්ම දාපු පොස්ට් එක වෙච්චි "රන් කිරි කට ගෑම" පොස්ට් එකේ මුල්ම දිරි ගැන්වීම වෙනී අයියගෙන්. ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා මං මුලින්ම පොස්ට් එකක කමෙන්ට් එකක් දැම්මෙත් වෙනී අයියගේ පොස්ට් එකක. ඒ කමෙන්ට් එකයි රිප්ලයි එකයි දෙකම තාම මං ගාව තියෙනව screen shot එකක් විදියට සේව් කරලා.
හෙන්රි අයියා..... මගේ පොස්ට් හැම එකකටම වගේ කමෙන්ට් කරලා මාව දිරි ගන්වපු තවත් යෝධයෙක්. ඒ වගේමයි ලැබුණු උපදෙස් ටිකත්. සුමිත් අයියගේ උපදෙසුත් මේ අතර ඉහලින්ම තියෙනවා.
එතකොට "ම" යන්න, "මාරයා", "පියුමි මධුෂාණි", "ලකී සිරි", "ප්‍රදීප් ගුණරත්න", "සිහින", "ලිෂාන්", "සබිත්", "මාධව", "එස්.ඒ.", "සෙන්නා", "සෑම්", "අටම්පහුර", "ඔබ නොදුටු ලොවක්", "අලුත් මල්ලි", "බණ්ඩා", "හිරු", "ගයනි", "රාජ්", "හිරුහිමවී", "සිරාගෙ කාමරේ", "චන්දන" එහෙම මේ පැත්තෙ ඇවිත් මාව දිරිමත් කරලා යන අය. ඒ ඇරෙන්න නොකියාම යන අය.ඔන්න ඒ කට්ටිය අල්ලගන්න තමයි මීටරයක් හයි කරලා තියෙන්නෙ. ඉතිං ඔයාලගෙ පැමිණීම, ගුණ දොස් විවේචනය ඉහලින්ම අගයනවා.
බ්ලොග් කියවන කාලෙ කමෙන්ටුවක් කියන දේ එච්චර අගයක් තිබුනේ නැති උනත් ලියන්න ගත්තම තමයි එකේ අගය තේරුනේ. අනික හෙන්රි අයියා කියලා තියෙන රිප්ලයි කිරිල්ල. මං අනිත් බ්ලොග් වල දාපු කමෙන්ට් වලට රිප්ලයි එනකම් දවස් ගණන් ඒ පැත්තෙ යනවා. ඒ වගේම තමයි මගේ බ්ලොග් එකේ කමෙන්ට් වැටෙන හැටි, හිට් කවුන්ටරේ කැරකෙන හැටි බලන්න දවස ගානේ මං ලොග් වෙනවා. කවුරු කොහොම කිව්වත් මං මෙච්චරක් කාලයක් මේ පැත්තෙ ආවෙ මගේ නිර්මාණ අගයනවා බලන්න කවුරු හරි එනවනේ කියලයි. ඒක ඉදිරියටත් එහෙම්මම තමයි.
අන්තිමට මේ දේත් කියන්න ඕනි. බ්ලොග් ඒකට ගොඩවෙන්න මට තියෙන කාල වේලාව ඉතාම සීමිතයි. (ඒකෙන් මං අදහස් කරන්නෑ අනිත් අයට එහෙම නෙවෙයි කියලා.) සතියේ දවස් හයක් ෆුල් ටයිම් වැඩ කරලා ගෙදර ඇවිත් කම්පීතරේ ගාව වාඩිවෙන්න තියෙන්නෙ පැය දෙකයි තුනයි. ඒකත් මං ෆීල්ඩ් නොගිය දවසට. ගොඩක් වෙලාවට සතියෙන් භාගයක්ම එනකොට රෑ වෙලා. ඉතිං නෙට් ගිය ගමන් කරන්නෙ මග ඇරුණු පොස්ට් කියවන එක තමයි. එතකොට දන්නෙම නැතුව 11 පහුවෙලා. ඉතිං කොහෙද පොස්ට් එකකට වෙලාවක්. ඉරිදා කියන්නෙ වැඩ වැඩිම දවසක්. පොලේ යන්න, රෙදි හෝදන්න, ගේ අස් කරන්න.... හප්පා...
අදනම් මං ගෙදර ආවෙම (9.45ට විතර) කම්පීතරේ දාගෙනමයි. ඇඳුම් මාරු කරපු ගමන් ඊයෙ පොස්ට් එකේ අඩුපාඩු හදන්න හැදුවා. එතකොට පරක්කු වැඩියි. ඉතිං මේක ලිව්වා. දැන් 1.30යි. තාම මං වොශ් එකක් දැම්මෙත් නෑ. රෑට කාලත් නෑ. හෙට උදේ වැඩට යන්නත් තියෙනවා. ඒත් ඔයාල මතක් වෙනකොට බඩගිනිත් නෑ.නිදිමතත් නෑ. මහන්සිත් නෑ.
අදනම් මං ගෙදර ආවෙම (9.45ට විතර) කම්පීතරේ දාගෙනමයි. ඇඳුම් මාරු කරපු ගමන් ඊයෙ පොස්ට් එකේ අඩුපාඩු හදන්න හැදුවා. එතකොට පරක්කු වැඩියි. ඉතිං මේක ලිව්වා. දැන් 1.30යි. තාම මං වොශ් එකක් දැම්මෙත් නෑ. රෑට කාලත් නෑ. හෙට උදේ වැඩට යන්නත් තියෙනවා. ඒත් ඔයාල මතක් වෙනකොට බඩගිනිත් නෑ.නිදිමතත් නෑ. මහන්සිත් නෑ.
ඉතින් ඊයෙ පටන් ගන්න කොටම කිව්වා නොවැ ගෙදර ආවෙ හොම්බෙන් කියලා. ඔන්න ඒක මං මගේ ස්ට්‍රෝන්ග් පොයින්ට් එකක් හැටියට මතු කරගෙන අර මොකක්ද එකේ හිලෙන් රිංගුවා හොඳේ. සොරි ඈ. හි..හි..
හොඳා! අකමගෙ තුනකට මගෙන් සුභපැතුම්.
ReplyDeleteඅනේ..... මට ලැජ්ජයි වගේ...
Deleteස්තුතියි! රාජ්. ජයවේවා!
අපිත් ඉතින් ඇවිත් යනවා..කමෙන්ට් කලේ නම් නැද්ද කොහෙද මේ වෙනකම්ම..
ReplyDeleteමාස තුනට සුබ පැතුම් !
මේ වෙනකම්ම?... එහෙනම් ඉතින් වෙනී අයියා මේ පොස්ට් එකත් කියවන්නෙම නැතුව තමයි කමෙන්ට් කොරලා තියෙන්නේ... :D :D
Deleteහොරෙන් හොරෙන් යන එන අය ට්‍රැෆික් වලින් පේනවා. ඔයාල හින්දනේ අපි ඉන්නේ.
ස්තුතියි! වෙනී අයියේ. ජයවේවා!
Kiyawagena yana kota dhekke nae nowa siraawatama man neannam..! First comment eka dhemme..
Deleteඅකමගෙ තුනට මගෙනුත් සුබ පැතුම්...!!
ReplyDeleteකැත විදිහටමයි හිතෙන්නෙ අප්පා..... :D
Deleteබොහොම ස්තුතියි! සෙන්නා. ජයවේවා!
තුනට දාමු පහක් :D
ReplyDeleteහොද්දට නෙවෙයිනේ.
Deleteඑහෙනම් ඇයි පහක්. දාමුකො දහයක්!
ජයවේවා!
මං ඒත් ඊයේ කල්පනා කළා මාස තුනයි මූ ලියලා තියෙන්නේ, මූට අමුකැවිලද කියලත්.. පස්සෙ හිතුවා අවුරුද්දක් විතර බ්ලොග් එක මකුළු දැල් බැදෙන්න ඇරලා ආයිමත් පටන් අරං වෙන්න ඇති කියලා.. හි හි.. ( මගේ එක වගේ.... )
ReplyDeleteදැන් දැනගත්තනේ මූට අමු කැවිලා නෑ කියලා. ඔයාගෙ එකනම් අවුරුදු දෙකක්ම පුස් කාලා, මලකඩ කාලනේ තිබුනේ. ඒත් ඉතින් දැන් දෙයියනේ කියලා ඇරියස් අල්ලනවා නෙව හිටු කියලා.
Deleteජයවේවා!
උණුසුම්ම උණුසුම් සුභපැතුම් මගෙනුත්... මාස තුනට පෝස්ට් බර ගානක් දාලා තියෙන්නේ... මගේ එකටත් මාස තුනයි... හැබැයි පෝස්ට් 7 යිද කොහෙදෝ... ඔක්කොම ලියන හිංදා කියවන එක හොදයි කියලා හිතුනා වැඩිපුර... ආයෙත් සුභපතනවා දිර්ඝ කාලයකට නොසැලී පෝස්ට් ලියන්න ලැබේවා කියලා... ජය වේවා එහෙනම්...
ReplyDeleteමේ වැඩ අස්සේ ඒ පැත්තෙ එන්න බැරි උනානෙ. ඔන්න මං අද ඉඳන් සාමාජිකයෙක්.
Deleteස්තුතියි! අළුත් මල්ලි. ජයවේවා!
ඔන්න මගෙනුත් සුබ පැතුම්..!! :)
ReplyDeleteඔයාලගෙ සුභ පැතුම් මට ගොඩාක් ශක්තියක් චන්දන.
Deleteබොහෝම ස්තුතියි! ජයවේවා!
තුනට ජය වේවා !
ReplyDeleteතැන්කෝ... තැන්කෝ....
Deleteජයවේවා!
හප්පට සිරි, උඹ මාව යෝධයෙකුත්කරලනෙ, අකමා. මට නම් එහෙම තේරුනේම නෑ, ඇත්තෙන්ම ජීවිත අත්දැකීම් දශක කීපයක් තිබ්බට බ්ලොග් ලෝකෙට මම ආවත් 2011 ජූලි වල. ඒකත් ඒ හැටි කාලයක් නෙවෙයිනෙ බලං යනකොට. කොහොම හරි අපි එකිනෙකාට උදව් කරගන්නෙ නැතිනම් මොකක්ද ඇති වැඩේ.
ReplyDeleteඔය කමෙන්ට් එකක් දාලා ඒකට මොකක්ද කිව්වෙ කියලා බලන්න මාත් කොච්චර බලා ඉන්නවද? ඒකෙත් පුදුම රසයක් තියෙන්නෙ නේද අකමා?
ඇත්තටම බ්ලොග් කෙරුවාවත් අබිං කන්න පුරුදු වුනා වගේ තමයි. :)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සුදුස්සාට සුදුසු තැන දෙන්න එපායැ. ජීවන මගේ අත්දැකීම් තමයි මිනිහෙක් සාර්ථකත්වයට ගෙනියන්නෙ.අත්දැකීම් නැති එකා මොනා ලියන්නද, නේද? හෙන්රි අයියේ.
Deleteකමෙන්ට් කතාවටනම් 100% එකඟයි.
අබිං තව හොඳා. මං ඉස්සෙල්ලා FB හිටියා. දවසම ඉවරයි. පස්සෙ අතෑරියා. skype... ඒකත් එහෙමයි. දැන්නම් අල්ලන් ඉන්නෙ අතාරින්නම බැරි කොටි වල්ගයක්ද මන්දා. හි..හි...
මොනවා උනත් අනික් ඒවා (FB, Skype) වගේ පල හෑලි කියෝනවට වඩා බ්ලොග් කෙරුවාව මාරම දෙයක්. මේකෙනුත් වෙන්නෙ ජීවිතයට දෙයක් එකතුවීමම තමයි.
(අත්දැකීම්+දැනුම+විනෝදය+සතුට+....යහළුවන්)
අම්මපා බොලා දෙන්නගේ කතාව නං සහතික ඇත්ත
Delete//ඇත්තටම බ්ලොග් කෙරුවාවත් අබිං කන්න පුරුදු වුනා වගේ තමයි. :)//
Deleteසහතික ඇත්ත. හැබැයි මේක fb වගේ ඒවාට වඩා දහස් ගුණයක් ඉදිරියෙන්. මොන තරම් දේවල් දැන ගන්න පුලුවන්ද
ජයෙන් ජයම වේවා සහෝ ! :)
ReplyDeleteඅනිවා. ඔබටත් එසේම වේවා!
Deleteතුන දොළහක් වී දොළහේ ගොඩාක් සමරන්නට ලැබේවා..(තුන කිව්වේ මාස ඈ..)
ReplyDeleteමට මාස 7යි... ඒත් තාම පෝස්ට් 10.. උඹ මාරයිනේ බන්..
ජය..
ඔය කිව්වට උඹ මාව පරද්දනවා තව මාසෙන්. :D
Deleteගොඩාක් ස්තුතියි සුභ පැතුමට. ඔයාටත් ජයෙන් ජය!
අද තමයි මෙ පැත්තට ගොඩවුණේ ............එහෙනමි 3 ට සුභ පතනවා!.........
ReplyDeleteආ.. එහෙනම් අද ඉඳන් එමුකො දිගටම...
Deleteසුභ පැතුමට වගේම මේ පැත්තෙ ගොඩ උනාටත් ගොඩක් ස්තුතියි!
ජයවේවා!
ගෙවල් දොරවල් වල වැඩක් එක්ක බ්ලොග් එකක් ලියනව කියන්නේ ලේසි පාසු කාරියක් නොවේමය....
ReplyDeleteඑනමුත් ලියන ඔබට ජය!!!
එසේමය..
Deleteඔබ තුමාටද ජයෙන් ජය!