Tuesday, November 27, 2012

පියසේන මාමා.... පාර්ට් ටූ..(තවත් ඇම්ඩෙක්)

       මාර්ගයේ ඉහල ඉඳන් ආපු කැබ් එක පාර අයිනේ හද හදා තිබුණු පෙට්ටි කඩය ගාව නැවැත්තුවා. නෝනා කෙනෙක් බැහැලා එතනට ආවා.


     මොකක්ද බොල මේ අපබ්‍රන්සේ....බොලාලා එහෙම හිතනවද? හා හා කලබොල වෙන්න එපා මේ තමයි පියසේන මාමගේ කතා අංක දෙක. අර මන් එදා දෙන්නම් කිව්වේ. දැන් ඉතින් කතා අංක එක බලල නැති අය ඉන්නවනම් ගිහින් බලල එන්න.

      මේ සිද්ධිය වෙලා තියෙන්නේ කලින් සිද්ධියට පහුවදා හරි කලින් දවසේ හරි. ඕකේ දවස හොයා හොයා ඉන්න එකේ කතාව කියෝමුකෝ. කොහොමත් මේක සිද්ධ වෙලා තියෙන්නේ කඩේ හදද්දීමයි. 

      දැන් අර බවලත් තැනැත්තිය ආවට පියසේන මාමටනම් වගක්වත් නෑ. මොකද එක එක එන්.ජී.ඕ. වලිනුයි අරවයිනුයි මෙවයිනුයිත් ඔය හිටපු ගමන් විස්තර අහන්න නවත්තනවනේ.

නෝනා පියසේන මාමගේ ලඟට ඇවිත්,

    "ලොකු උන්නැහේ මේ කඩේ හදන්න අවසර ගත්තද?" කියලා ඇහුවා.

   පියසේන මාමත් ඔය එක එක ගෑනු ළඟ නැවෙන ජාතියේ එකෙක් නෙවෙයිනේ. දෙකට නවලා කැහැපොට ගහ ගත්තු සරම එහෙම්මම තියෙද්දී,

    "ඇයි නෝනේ, මේ පාර අයිනේ ඕන තරම් ඉඩ තියෙන්නේ? නිකන්  තියෙන එකේ අපි කඩ කෑල්ලක් අටෝ ගත්තොත් නරකද? ඊයේ RDA මහත්තුරුත් ඇවිත් ඔය මැනල කරලා නැට්ටත් අකුලන් ගියේ. ඕනි දෙයක් කොර ගනින් කියලා"

    පලවෙනි පාරම ඔක්කොම කියලා දාලා කරදරෙන් බේරෙන්න මාමගේ  ට්‍රයි එක.

  "එතකොට ලොකු උන්නැහේ මේකට ලී කපා ගත්තේ කාගෙන් අහලද?"

  "ආයේ ඕකේ අහන්න දෙයක් තියෙනවායැ. මහා කැලේ ගස් තියෙනවා. කැපුවා. ගෙනාවා. හැදුවා. කාගෙන් අහන්නද?"
       දැන් මෑන් ගඟෙන් එහා පැත්තේ කැලේට අත දික්කරගෙන සද්දෙන් කතාව. මේ ගෑනි සද්දෙටවත් බය වෙයිද බලන්න.

"ලොකු උන්නැහේ දන්නවද මං කවුද කියලා" නෝනා අහපි.

"මට කවුරු උනත් කමක් නෑ නෝනා. මන් දැන් ලොකු වැඩක් කර කර  ඉන්නේ"
පියසේන මාමත් අරින්නේ නෑ.

"මන් තමයි මෙහෙ අලුත් දිසාපති" 

       ඒකනම් පියසේන මාමට යාන්තමට වගේ ඇහුනලු. කඩේ හදන්න මහන්සි  වෙච්ච නිසා වැක්කෙරිච්ච දාඩිය හෝදගෙන යන්නම දැන් පියසේන මාමට දාඩිය දානවා.

       දඩ බඩ ගාලා දෙකට නැවිලා සරමේ කැහැපොට කඩලා ඔලුව ටිකක් පාත් කරලා දත් ටික විරිත්තලා හිනාවෙලා,
   "අනේ මේ අපේ නෝනානේ, මට එකපාරටම ගනිච්චියක් උනේ නෑනේ" 

   "හා දැන් කියමුකෝ බලන්න මේ කැලේ ලී කැපුවේ කාගෙන් අහලද කියලා" දෙවැනි වටේටත් කලින් වටේ ප්‍රශ්නෙමයි.

  "පිස්සුද නෝනේ, මන් මේ කැලේ ලී කපන්න තියා දරට කෝට්ටක්වත් කඩාගෙන නෑ. මේවා ඔක්කොම අපේ ඉඩමේ තියෙන ගස් වලින් කපාගෙන ආපුවා"

"එතකොට ලොකු උන්නැහේගේ ගේ තියෙන්නේ කොහේද?" 

   "අපේ ගෙදරට යන්න තියෙන්නේ නම් XXXX හන්දියෙන් හැරිලා ටිකක් දුර ගියාම. ඒත් මේ ගඟෙන් එගොඩ වෙලා අර කැලේ මැදින් වැටුණු අඩි පාරදිගේ කන්දෙන් එහා පැත්තට ගියොත් අපේ ගේ. හරිම ලඟයි"

16 comments:

  1. හොද වෙලාවට නෝනට අකුලාගන්ඩ නැට්ටක් නැ

    ReplyDelete
    Replies
    1. සාරි පොටනම් වටයක් කරකවල අරන් හැට්ටේ අස්සේ ගහ ගත්තලු.

      මක්කයි බොලන් රෑ තිස්සේ කොරන්නේ. හෙට වැඩ නැද්ද?

      Delete
  2. නෝන ගිහින් බැලුවනම් තමයි වැඩේ..


    ජය..

    ReplyDelete
    Replies
    1. මොනා බලන්නද බන්ඩෝ, මේ ලංකාවේ කවුද කැමති පොදු දේවල් වලට ඇත නොතියා තමන්ගේ දේ විනාශ කරගන්න. කැලේ ගස් ටිකටත් එකම තමයි උනේ. අනික ළඟ පාත ලී දඬු තියෙද්දී ඒ කැලේ මැදින්ම තමන්ගේ වත්තේ තියෙනා ලී දඬු උස්සගෙන හැතැප්මක් විතර පයින් ගාටයිද?

      මන් මතු කරන්න හැදුවේ අන්න ඒ කාරනාව.

      Delete
  3. දිසාපති උනාම ඒ කැලේ මැද්දෙ ගෙවල් තියෙනවයි කියල දැනගෙන ඉන්න එපැයි.
    ඊගාව පාර කැලෑ දෙපාර්තමේන්තුවෙං එයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. පොඩි කැලෑවක්. අනික ගෙවල් තියෙන්නේ එකෙන් එහා පැත්තේ. කැලේ මැදින් ෂෝර්ට් කට් එකක් තියෙන්නේ.

      අපේ රටේ ඔක්කොම සිද්ධ වෙන්නේ පෙරහැර ගියායින් පස්සෙනේ. හැබැයි අරකෙන් නම් ඇවිල්ලා තිබුනේ නෑ.

      Delete
  4. පියසේන මාමා කඩේ කළාද බං මේ වෙච්ච ඒවයේ හැටියට... හි හි

    ReplyDelete
    Replies
    1. ඕවයෙන් සැලෙයි අපේ මාමා. හුහ්....

      හැබැයි ඉතින් උන්දැගේ කොයි කෙරුවාවත් ටික දවසයි. මේකත් එහෙමයි.

      Delete
  5. මේ චරිතය ගැන කියවද්දි මගේ හිතේ මැවෙන්නෙ ඩී.ආර්. නානායක්කාර නැසී ගිය රංගන ශිල්පියා... මේ වගේ දෙබස්..ඇගට පතට නොදැනී කියන ඔහුගේ ප්‍ර‍තිභාසම්පන්න රංගන වින්‍යාසය බලාගෙන ඉන්න ආසයි...

    ReplyDelete
    Replies
    1. තව මේ වගේ කටෙන් වැඩ ගන්න මිනිස්සු කොච්චරක් මේ ලෝකෙ ඉන්නවා ඇද්ද?

      ඩී.ආර්.නානායක්කාර වගේ නළුවෝ දැන් කාලේ නෑ. දැන් ඉන්නේ පිටපත බලාගෙනත් තුන් හතර පාරක් එකම ටේක් එක අරගෙන යාන්තම් ගොඩ එන්න පුළුවන් නළුවෝ ටිකක් විතරයි.

      Delete
  6. මෙයාගේ කතා ගොන්නක්ම ඇති වගෙයි අකමා ළඟ..නියම පොරක්නෙ අප්පා...

    ReplyDelete
    Replies
    1. තව වැලක්ම තියෙනවා. ඒත් හැබැයි කන්දේ අයියා කියනකොට ඔයාලා අහලා තිබුනානම් එහෙම මන් ලියන දේවල් බලන්න පැත්තෙවත් එන එකක් නෑ. ඒ තරම්ම ලස්සනට එයා ඒ කථා කියනවා.

      Delete

  7. හප්පට සිරි, මේක සීරීස් එකක් කියලා මට හිතුනෙම නෑ. මම හිතුවෙ ගිය පාරින්ම ඉවරයි කියලා.
    'අවංකයා හැමදා දුකේ' කියන ස්ටිකර් එක ඔය කඩේ ඉස්සරහ අලවා ගන්න කියලා මම රෙකමෙන්ඩ් කරනවා. ('මේ වෙළඳ සැලට දෙවි පිහිටයි' කියන ස්ටිකරයට අමතරව)

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මෙව්වා එහෙම ඉවරවෙන එව්වා නෙවෙයි හෙන්රි අයියේ. තව ගොඩා.....ක් තියෙනවා.

      ඔය ස්ටිකර් එක නම් දැන් අලවන්න තැනක් නෑ. මොකද කඩේ ටික දවසයි තිබුනේ.

      එක නෙවෙයි, කොහොමද නිවාඩුව? මාත් දැන් පාරේ යනකොට සෙවිල්ලෙන් යන්නේ පාර අයිනේ වැන් එකක් නවත්තලා, ළඟ තියෙන බෝක්කු කණුවක් උඩ වාඩිවෙලා ලැපක් දිග ඇරගෙන ඉන්න මනුස්සයෙක් දකියිදෝ කියලා.

      Delete
  8. පියසේන මාමා පස්ට බුවා නේ. ඔරිජිනල් ඇම්ඩා දන්නවා නම් ට්‍රේනින් වෙන්න එයි පොර ගාවට. අනෙක් කතා ටිකත් දාහන්.

    ReplyDelete
    Replies
    1. දෙන්නං දෙන්නං. හැබැයි එක කොන්දේසියක් උඩ. උඹත් අර "නගා මැරූ අල"වගේ සුපිරි කතා ටිකක් දාන්න ඕනි.

      Delete