Thursday, November 1, 2012

කේක් කනවද?......

          අද ගොඩාක් කටු කාලා ගෙදර ආවේ පාන් කියාගන්න බැරුව ඇඳ දිහා බලාගෙන. ඒත් ඉතින් මේ පැත්තෙ ආවෙ නැත්නම් නිකම් මොකක්ද මොකක්ද වගේ. ඉතින් මුලින්ම මං ඊයෙ ආගිය තැන්වල දාපු කමෙන්ටු වලට තියෙන රිප්ලයි බැලුවා. ඊට පස්සෙ මේ පැත්තෙ ආ ගිය අයට තේකක් එහෙම දීලා [ : D ] ආයෙත් ගියා බ්ලොග් කියවන්න. ඒ ඉවර උනාමනෙ මතක් උනේ අද තියෙන විශේෂත්වය...

හුටා....

උපන් දිනේ.....



හතර විලි ලැජ්ජාවයි. පිස්සුද අකමෝ තොට? මේකට උපන් දිනේ කියන්න පුලුවන්ද?

ඒත් ඉතින්..... නිකම් මොකක්ද මොකක්ද මෙව්වා එකක් තියෙනවා වගේනෙ. ඒක නිසා ඔන්න ඔහේ පොස්ට් එකක්ම දානවා කියලා හිතුනා. 

කෝ බලන්න එහෙනම් කොච්චරක් ලොකු වෙලාද කියලා?

ම්ම්ම්ම්..... මේ තියෙන්නේ....
          පොස්ට් විසිහයයි.
                    ඒකෙන් දහනවයයි නෙව පබ්ලිෂ් කොරලා තියෙන්නේ. එතකොට ඉතුරුවා.....

           ඇයි දෙයියනේ කමෙන්ටු එකසිය පනස් දෙකක්නේ.....

                         ආආආ...... එතකොට උඹ දාපු රිප්ලයි? ඔතනින් බාගයක්ම උඹේ නේද?

          හා... හරි එහෙනම් හිට්ස් හයසිය හැටතුනක්නේ.. ඒකට මොකද කියන්නේ?

                       මොනා කියන්නද? උඹේ තියෙන අමාරුවට කමෙන්ට් බලන්න සැරින් සැරේ රිංගලා හිට් ගාන වැඩි කරගත්තට පේජ් විව්ස් තියෙන්නෙ පන්සීය හතලිස් නවයයිනේ.

හ්ම්ම්ම්..... ඒ කියන්නේ මං වැඩක් නෑ?

    නෑ තමයි. දැන් බලහන්. උඹ ආපු ගමන් දැම්මා "රන් කිරි කට ගෑම" කියලා එකක්. ඒකෙ කමෙන්ටුම තිහක්. හා කියහන් දැන් එහෙම එකක්.
 

කියන්නේ තොට කේක් එපා?

     කවුද එහෙම කිව්වේ. 

එහෙනම් මාව නෝන්ඩි කර කර කෑ ගහන්නේ. දැන්වත් කට පියා ගෙන හිටපිය.

     
              පේන්ට් වලින් ඕපන් කරපු කේක් ඒක crop tool  එකෙන් කපලා දීපු අකමා උගේ  යටිහිත මෙල්ල කරගෙන  හෙට පාන්දර 4ට කොඹල යන්න ඕනි හින්දා නින්දට යන්න ගියා.

18 comments:

  1. ඇනිවසරියට සුබ පැතුම්.....!!!

    ටිකක් අල්ලලා යන පෝස්ට් දාන්න....(උපාසක අම්මාගෙ සිල් වගේ) එතකොට ප්‍රගතිය මීට වඩා සතුටු දායක වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් අයියේ, හිතේ නිදහසත් සමඟින් කාල වේලාව එහෙ මෙහෙ කරගෙන පොස්ට් එකකට යනවා කියන එක ටිකක් අමාරු වැඩක්. ඒත් ඒක නිදහසට කාරනාවක් නෙවෙයි කියලත් මං දන්නවා.
      උපාසකම්මාගේ සිල් කියන්නේ මං බ්ලොග් පටන් ගන්න ඉස්සෙල්ලා ගෙදර කවුරුවත්ම නොහිටිය නිවාඩු දවසක උදේ ඇඳෙන් බහින්නත් ඉස්සෙල්ලා ලියපු එකක්. පොස්ට් වලින් බ්ලොග් එක පුරෝනවට වඩා ගුණාත්මක පොස්ට් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නම්. ඔයාගේ උපදෙස් ඉතාම වටිනවා මගේ මේ ගමනට.

      ස්තුතියි! සුභ පැතුමට.

      Delete
  2. පරක්කු උනත් මගෙත් සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. මොන පරක්කුවක්ද රාජ්, ඔයාලගේ සුභ පැතුම් වලින් තමයි අපේ පාර එලි පෙහෙළි කරලා දෙන්නේ.

      ස්තුතියි! රාජ්.

      Delete
  3. හි හි.. මෙන්න මෙයාගේ උපන් දිනේලු...

    අපි නම් දන්නෙත් ළඟදි ඉපදිලා කියලා... කොහෙද මෙච්චර කල් ගේ මුල්ලෙ නොවැ හිටියේ... දැං වත් එළිපහළියට බැස්සොත් හොඳා.... හි හි..

    ඔන්න එහෙනං මාත් සුභ පැතුවා....

    ReplyDelete
    Replies
    1. ළඟදී තමයි අනේ එලියට බැස්සේ. තාම පොඩි එකා නොවැ.

      සුභ පැතුමට බොහෝම ස්තුතියි! හිරුවො.

      Delete
  4. අකමා. උඹේ බ්ලොගේට සුභ උපන් දිනයකට ආසිරි. පටන් ගන්න ලේසි නමුත් ඇදගෙන යන්න නොසෑහෙන කැපකිරීමක් කලයුතු බ්ලොග් කෙරුවාවෙ අවුරුද්දක් කියන්නෙ ලොකු දෙයක්. තවත් ලස්සන්න ලස්සන නිර්මාණ බිහිවේවා ඊ ලඟ අවුරුද්ද තුලත්.

    ඒ වගේම මොකක්ද බං අර කමෙන්ට් වලින් බාගයක් උඹේ එව්වා කියල තැවෙන එක. ඒක උඹ කියන්නෙ හරියට පාපෝච්චාරනයක් වගෙ. උඹ දන්නවද උඹ අපේ කමෙන්ට් වලට උත්තර නොදුන්නොත් අපිත් උඹට කමෙන්ට් දාන්න එන්නෙ නැති බව. කමෙන්ට් එකකට රිප්ලයි කරන එක හොඳම ලක්ෂණයක්. කල් නොයවාම කරන එක ඊටත් හොඳ ලක්ෂණයක්.
    ජයවේවා!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් නෙවෙයියෝයෝයෝ....
      තාම මාස තුනානානායි.....

      හෙන්රි අයියේ ඔයාගේ කමෙන්ට් එක වැටෙනකම් මං හැමදාම මග බලාගෙන ඉන්නවා. ඔයාගේ කමෙන්ට් ඒකට රිප්ලයි කරලාත් ආයෙත් කට් කළා පොස්ට් එකකින්ම දාන්න.

      බොහෝම ස්තුතියි! සුභ පැතුමට.

      Delete
    2. සමාවෙයං බං ගනං වැරදුනා. මාස තුනයි? මම කොහොමත් ගනං එක්ක වැඩිය ආශ්‍රයක් නෑ. හරි අර පෝස්ට් එක දාපංකො.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. හෙන්රි අයියේ..... වැරදුනේ මටයි. මං ලියන්න ඕනිම දෙයක් ලියලා නෑනේ. ඔන්න අරක දැම්මා.

      Delete
  5. මගෙනුත් පළමු බ්ලොග්වසරියට සුභ පැතුම් !

    කමෙන්ට් වලට රිප්ලයි නොකරන බ්ලොග් වලට මම නම් යන්නෙ නෑ...සිරිතක් විදියට...

    ReplyDelete
    Replies
    1. සිරාගේ කතාවට මාත් එකඟයි. තාම අකමට මාස තුනානායි.. මට පොඩි වැරදීමක් වෙලා.. හි හි...

      සුභ පැතුමට ගොඩාක් ස්තුතියි!

      මී ටූ... හිරුවෝ.

      Delete
  6. මගෙනුත් සුභ පැතුම්...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. තැන්කෝ......

      ඔයාලගේ පැමිණීම මට ගොඩාක් වටිනවා.

      ජයවේවා!

      Delete
  7. මෙහෙම තමා අමාරුවෙන් ඇදගෙන යන්න ඕනේ. සුභ පැතුම් පලමු සංවත්සරයට

    ReplyDelete
  8. බොහෝම ස්තුතියි!

    ReplyDelete
  9. සුභ පැතුම් සහෝ ඔබට :) ජයම වේවා!

    ReplyDelete