Monday, October 22, 2012

කැලේ නුඹට ඉඩ මදිවීදෝ...


"කැලේ නුඹට ඉඩ මදිවීදෝ

          මවගෙ තනේ කිරි නැති වීදෝ"

        ත්‍රීරෝද රථයක පිටුපස ගහලා තිබුන රුවන් වැකියක් අහම්බෙන් අද මං දැක්කා. පොඩි වෙනසක්.  ඇත්තටම  හිතුවොත් මේක ලොකූ වෙනසක්. ත්‍රී වීල් එකක රුවන් වැකි දකින්න ලැබෙන එක සාමාන්‍ය  දෙයක්.

ඒත්...,

"ගත්තෙ අමාරුවෙන් හප්පන්න එපා"


"පොඩි උනාට දඟ කලාට එපා රවන්න"


"මේ වෑයම රජ වෙන්න නොවේ"


"පිඹගෙන එන්නෙ ඉඹගෙන යන්නද"


"අහක බලන් යන්නෙ නංගි ඇයි අපි කළුද"


"මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපට"

           වගේ දේවල් අතරේ,

"අම්මාගේ මහන්සිය"


"පහු කරගෙන යන ඔයාට බුදු සරණයි"


"පරිස්සමින් ගිහින් එන්න"


      වගේ ටිකක් හිත කූල් කරන වදනුත් තියෙනවා. මේවා පොදු වැකි. කොයි පාර්ක් එකට ගියත් මේවයින් එකක් තියෙනවා. හරියට අර ඉස්සර පච්ච ගහනවා වගේ.


"අම්මා බුදුවේවා"


"මරුවා සමග වාසේ"


         ඒත් ඒවා අතරේ,
          "කැලේ නුඹට ඉඩ මදිවීදෝ
                   මවගෙ තනේ කිරි නැති වීදෝ"




         මේක ගැන මොකද හිතෙන්නේ. මටනම් මුලදී මුකුත් හිතාගන්න බැරි උනා. ඔෆිස් එකට එනකම් හිත  හිතා ආපු මට පොඩි අදහසක් ආවා. 
            ත්‍රී රෝද රථ වල නැගිලා ගෙස්ට් හවුස් ගානේ රිංගන අය ගැන කරපු නිර්වචනයක් විදියටයි මට මේක  මුලදී දැනුනේ. කැලේ ඉඩ මදි වෙලා කාමර ගානේ ගිහින් අම්මගෙන් නැතුව වෙන අයෙකුගෙන් තනකිරි ඉල්ලා බීමක් ගැන කරපු අදහසක් කියලා මට හිතුනේ.

         අමුතු අදහසක් නිසා ඔෆිස් එකට ඇවිත් කට්ටියගෙනුත් මේ ගැන අදහසක් ගත්තා.  ඔන්න බට්ටා තමයි  නියම අදහස දුන්නේ.

         තිරිසන් සතෙකුගේ ආත්මයක් ලැබුනාදෝ....
       කැලයේ ඉඩ මදි වී මිනිසුන් තුල ඉපදුනාදෝ.......
        නැතිනම් තනයෙන් කිරි බිව්වේ නැතිදෝ....
        මවු සෙනෙහස නොලැබ තිරිසන් ගති පල කලාදෝ...


ප.ලි.


“අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ,
Campus යන්නට ලකුණක් මදි ඇති, ඒකයි තවමත් මහ පාරේ…”



මේක ගත්තෙ හෙන්රි අයියගේ මේ පොස්ට් එකෙන්

17 comments:

  1. අනේ මන්දා.. මට නම් මුකුත් හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් බණ්ඩෝ, ත්‍රීවීල් කාරයා කිව්වට හැම තැනම නිකම්ම නිකම් ත්‍රීවීල් කාරයොත් නෙවෙයි ඉන්නේ.

      මේ තව එකක්,
      "අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති ගහක් හදන්නැති ඒ කාලේ
      කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තවමත් මහා පාරේ...."

      මේක ගත්තෙ මේකෙන් http://ralapela.blogspot.com/2012/05/blog-post_30.html

      Delete
  2. කාලෙකට පසුව හොඳ ආකල්පමය වෙනසක් ඇති කරන සටහනක් දැක්කේ.ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන ස්තුතියි! ඒ වගේම මේ පැත්තේ ආවටත්.

      ඔන්න මං ඒ පැත්තෙත් ආවා. සීනිබෝල ගෑණුළමයින්ගෙ කතා වලට වඩා යමක් ඇතැයි කියලා හිතෙනවා. කියවන්න එන්නම් ඉරිදා දිහාවට.

      ජයවේවා!

      Delete
  3. අපේ පැත්තටත් එන්න.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  4. අනේ බං සමාවෙයං. මේ පැත්තෙ එන්න බැරි වුනා. මගෙ බ්ලොග් රෝලෙ පොඩි ලෙඩක් තිබ්බා.

    ඇත්තම කිව්වොත් මේ ත්‍රී වීල් එකේ ගහලා තියෙන එක ඔය උඹ අදහස් කරන එකමද කියලා මට හරියට කියන්න අමාරුයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලන්න අහවල් දේකටද හෙන්රි අයියේ. ඔය වගේ කතා දානකොට අපි (බ්ලොග් වලදී හරි) යාළුවො නෙවෙයි වගේ හැගීමක් එනවා.

      මං ඔයාගේ ඩෙනිම බලද්දී ඔයා මේ පැත්තේ ඇවිත්.

      මං මෙතන අදහස් දෙකක් දාලා තියෙනවා. ඒ දෙකම නෙවෙයිනම් ඔයාගේ අදහසත් කියලා යන්නකෝ. එක වචනෙකට නිර්වචන ගොඩක් තියෙන්න පුළුවන්නේ.

      Delete
  5. මටත් හැකයි බන් උඹ ඔය කියන එකමද ඕකෙන් කියන්නෙ කියලා..

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් අගේ කරන්නැතුව කියන්ඩකෝ....

      ඕක ලියපු එකා අල්ලගන්න තිබුනනම්......

      Delete
  6. මටත් ටිකක් මඤ්ඤං වගේ ‍මේකනම්. පත්තරේක මේ වගේ ටයිටල් එකක තිබුනා වගේ මතකයි මිනිස්සු දෙන කෑම වලට හුරුවුන ගෝන්නු ගැන.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. අපි හරක්ද? (විහිලු නෙමෙයි ඇත්තටම අපි එහෙමද?)

      Delete
  7. Replies
    1. ඇඩ් එකනම් මරේ මරු.

      මේ පැත්තේ ආවට ස්තුතියි. ආයෙත් එන්නකෝ.

      Delete
  8. ත්‍රීවීල් සංස්කෘතිය උපරිමයි. ඒ වගේමයි බස් සංස්කෘතියත්

    ReplyDelete
    Replies
    1. දුප්පතාගේ වාහනේ. පොදු ප්‍රවාහනේ.

      Delete
  9. ත්‍රීවීල් වල ගහල තියෙනව දැක්ක රුවන් වැකි වලින් මට හොඳටම දැනිච්ච එකක් තමයි මේ...

    “සියක් ආයු විඳ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!“

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය ත්‍රීවීල් කරුවන් අතරින් (සමාජයේ පහත යැයි පවසන) හිතේ කහටක් නැති අය තමයි ගොඩක් ඉන්නේ. එවෙලෙට කෑ ගැහුවා, වලි දැම්මා එතනින් ඉවරයි. ඒත් ටයි පොලු දාගෙන හිනාවෙලා අතට අත දෙන අය අතරින් කීයෙන් කී දෙනෙක් අවංකද?

      ඔබතුමාත්,
      “සියක් ආයු විඳ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!“

      Delete