කුලේ අඩුලු
සල්ලි නෑලු
බැඳී ආදරේ
වෙන් කරන්නට
හේතුව ඒකලු
හොඳ කුලය
යාන වාහන
මං නැග්ගා
පෝරුවට
කරන්නට වාල්කම
නැන්දම්මගෙ රැවුම
නෑනගේ සමච්චලය
නොවුණු කල බඩ
උනා මං වඳ ගෑනි
පරම්පරා හෑල්ල
දිග හැරෙයි නියමෙටම
පුතුගෙනුත් නොරිස්සුම
මතු උනිය පැතු ලෙසට
"නොදකින් ඒකවත්
කරගන්න බැරි ගෑනි
බලපන් අර බඩ
ඒකත් මගෙ වැඩ"
හිරිකිතක් නැතුවමම
කියන හැටි
මගෙ මිනිහා
ඔන්න මම
උනා බඩ
දැන් ඉතින්
බැනපු උන්
කටවහන් හිටපියව්
පරපුරේ නාමය
ගෙනියන්න ඉදිරියට
කලා මම
හපන් කම
දැන් ඉතින්
නලවපන්
මගෙ පුතුව
තුරුළු කර දෝතින්ම
තාත්තගෙම කටලු
නහය ඒ වගෙමමලු
පුතාගෙ වැඩ හොඳලු
ගෑනි ගැන නෑ වගක්
කමක් නෑ නැන්දම්මෙ
ඔහොම කරපන් මටම
උඹේ පුතාටත් වඩා
කුලහීන ඒ මිනිහා
වැඩකාරයා බව
දන්නෙ මං විතරමලු
හෙහ්... මරුනෙ..
ReplyDelete:)
Deleteඅගය කිරීම ගැන ගොඩාක් සතුටුයි.
අපේ සමාජයේම තවත් පැතිකඩක් මේක. අනියම් ආකාරයෙන් වරදට පෙළඹවීම.
මාර සීන් එකක් නේ....
ReplyDeleteනැන්දම්මා පොඩි එකාව නලවනකොට ලේලිට හිනා යන හැටි හිතා ගත්තෑකි නේද?
Deleteහැබැයි කොයි දේනුත් අන්තිමේදී අසරණ වෙන්නේ පොඩි උන්ම තමා.
ආවාට ගොඩාක් ස්තූතියි!
අපි ලැජ්ජා වුනාට මේ කොටු පනින එක අපේ රටේ සාමාන්‍ය සම්ප්රදායක්නේ? මම මේ ලඟදිත් කියෙව්වා බ්ලොග් එකක (ප්‍රහාරයෙ), දොරමුල්ලෙ අලු කුල්ලකුත් තියාගෙන ඉන්නවලු ගෑනි, තමන්ගෙම මිනිහගෙ ඇස් වලට ගහන්න වැරදි වෙලාවක ආවොත්! හික් හික්.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එපා කියපු දේවල් කරන්නනේ අපි හැමෝම ආස හෙන්රි අයියා. අතට ගන්නකම් ඉල්ලලා ඇඩුවට හම්බ උනාම එපා වෙනවනේ. නීතියෙන් ලියලා දුන්නමත් අගේ අඩු වෙනවනේ.
Delete