Friday, August 3, 2012

උපාසකම්මාගේ සිල්

යකෝ මගේ ඉඩම
දෙන්න බෑ මැදින් පාර
ඕක විතරයි තියෙන්නෙ මට
ඉන්නකන් සැනසෙන්න

හතර පෝයට ගන්න සිල්
මදි බව නිර්වාණයට
අවබෝධ කර ගත්තෙ
තොපි කියන්නත් පෙර

මාරයා ශේප් කරගන්න
සදෙව් ලොවේ දොර අරින්න
දෙන්න තියෙන කොමිස් එක
ඔය ඉඩම බව දැනගන්න

තොපි එනවා ඒකත්
වෙන්කර මැදින් යන්න
වලත්ත පර හැත්ත

6 comments:

  1. මාරයාව නම් කොහොම හරි ශේප් කරලා දෙන්නම්ය කියලා කියන්න උපාසකම්මට !

    ReplyDelete
    Replies
    1. ඒකනේ වෙනී අයියෙ, පාර දෙන පිනෙන් ඒක කරගන්න පුළුවන් වෙන බව මුන්දැට තේරෙන්නෙ නැති එකනෙ අවුල.
      මේ පැත්තේ ආවට ගොඩක් පින්.

      Delete
  2. ෂේප්-කොමිස් වගේ වචන මේ වගේ කවියකට ගැලපෙන්නෙ නෑ.

    //දෙන්න තියෙන කොමිස් එක//..... දෙන්න තියෙන අල්ලස වුනානම් හොඳයි.

    හොඳ නිමිත්තක්....
    ලියන දේ දෙතුන්වතාවක් කියවලා සංස්කරණය කරලා පබ්ලිෂ් කරන්න...

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියෙ මේ පැත්තේ ආවට ගොඩක් පින්. ඔයා කියපු දේ හරියටම හරි. අද උදේ වැඩට යන්න ලැහැස්ති වෙන ගමන් දැම්මේ. ඒ ගැන කියපු දේත් හරි. මීට පස්සේ කලබලේට නොදා ඉන්නම්. ඒත් තියෙන ලොකුම අවුල මට ඔච්චර දේවල් තේරෙන්න මන් කවී ගැන දන්න එකෙක් නොවුණු ඒකනේ.

      Delete
  3. ඕක මොකක්ද බං, මාත් කවි ගැන මෙලෝ සංසාරයක් දන්නෙ නෑ. හැබැයි ඔහොම උපාසකම්මලා නම් එමටයි!
    මාරයා මොකෝ දන්නෑ කිව්වෙ!:D
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කොහෙද මුන් එක්ක නොබෙදපු ඉඩමවත් දෙන්න තිබුනානම්...
      ආවට ගොඩක් පින්.

      Delete