පොඩි එකී ලොකු උනා
කල වයස ලං උනා
සුදුසු නැකතක් බලා
කටයුත්ත ඉටු උනා
විලි රුදා ඇති උනා
මෙලොව එලි දුටි පොඩි එකා
දිනක් ගතවී ගියා
නෑයෝ එයි බැලුමට කියා
පොඩි එකා ලොකු වෙත්ම
එන එවුන් අඩු වේද
ලැබෙන සැලකිලි එහෙම
කුඩම්මටම සම වේද
වැදු එකාමයි දන්නේ
වැදුවේ ඌ නොම පමනක්නේ
බලාපොරොත්තු ගොඩකුත්නේ
ඒ අස්සෙන්ම එලි දැම්මේ
ලොකු උන්ගේ උපදෙසුත්
අවවාද අනුශාසනුත්
මහා මෙරක් සේ දැනුනේ
කුලුදුල්ම හින්දලුනේ
තොපි එකෙක් නාවත් මට
පුළුවන් මූ හදා ගැනුමට
කියන්නේ කෙලෙසින්ද
හිත තුටින් එන කලට
මාමේද බාප්පේ
නැන්දේද පුංචි අම්මේ
අයියේද අක්කේ
නන්ගියේද මල්ලියේ
ඔන්න මන් එනවා
තොපේ අහත් බලන්නට
මේ අහත් බලාලා
ඔවදනක් දී යන්න ...!
හොඳ නැළවිලි ගීයක් සද්දෙට කිව්වාම
ReplyDeleteකට්ටිය එයි - අඩුගානෙ බැනලවත් යන්න.....
එහෙම හරි එනවනම් ලොකු දෙයක් නේද...හි.හි..
ReplyDeleteපලවෙනි පෝස්ට් ඒක දැම්මට මන් හිතුවේ නෑ කට්ටිය එයි කියලා. ඉතින් පහු වෙනිදා මේ කවිය ෆෝන් එකේ කොටා ගත්තා රෑට දාන්න ඕනි කියල. හැබැයි දෙවෙනි කවිය තිබුනෙ,
"දිනක් ගතවී ගියා
එකෙක් නෑ බැලුමට කියා"
ඒත් දෙයියනේ කොහොමද එහෙම කියන්නේ හිට්ස් 75ක්ම තිබුනනේ.
දිගටම එන්න සුමිත් අයියේ, හොඳ කියන්න විතරක් නෙමෙයි. බනින්නත්...
වදා ගත්තා නං දැන් හදාගන්නත් එපෑ, නේද AKM?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
වදාලා පස් දිනයි
Deleteතෑගී නම් බොහොමයයි
හදා ගන්නට නම්
උපදෙසුත් ඕනෙමයි
ජනේලෙන් බලන උන්
සිහිවටන දෙන උන්
පොඩි එකා වෙනුවෙන්
දැනගන් මතක් කල බැව්, ආදරයෙන්....
හෙන්රි අයියට තැන්කෝ මෙහෙ ආවට.