වීරයා මැරිල නෑ කියලා වේදිකා නාට්‍යයක් තිබුණා
කට්ටියට මතක ඇති. නාට්‍ය කීපයක් සීඩී වලින් බලලා ඒ ගැන ඇල්මක් ඇතිවෙලා තිබුණත් තාමත්
සැබෑ කරගන්න බැරි උන ආශාවන්ගෙන් එකක් තමයි වේදිකා නාට්‍යයක් බැලිල්ල. රූපවාහිනියටත්
සිනමාවටත් වඩා සුළු සම්පත් කීපයක් භාවිතයෙන් නිර්මානාත්මක විදියට ඊටත් වඩා සජීවීව නාට්‍යයක්
ඉදිරිපත් කිරීම ඇත්තටම හැබෑම අභියෝගයක්. ඔය නාට්‍ය කරන/කරවන අය ඉන්නව නේද, ඒ ගොල්ලො
එක අතකට බලනකොට අමුතුම අදහස් තියෙන අය. ඒ කියන්නේ නිර්මාණාත්මක පැත්තෙන්.
වේදිකා නාට්‍යයක
ඩබල් ඇක්ටිං කරන්න බෑ කිව්වට විල්සන් ගුණරත්න ඔය යස අගේට චරිත හතක් කලේ. එක පාර රඟ
නොපෑවට එක දිගට චරිත හතකටම පණ පෙව්වනේ. ඊළඟට වසන්ත මොරගොඩ. එයා වේදිකා නාට්‍ය සම්ප්රදාය
ටීවී එකට ගෙනාවා ස්වර්ණවාහිණියේ නේබර් ටෝක්ස් හරහා. මතකද අර නෝවේ රාජ්‍යයේ ඔස්ලෝ නගරේ
තිබුණ සාම සාකච්ඡා ගැන තිබුණු වැඩසටහන.
නෝවේ à
No way à යන එන මං නැති, ඔස්ලෝ à Ox low -àහරක් නීති, සරලව කිව්වොත් යන එන මං
නැති උන් දාන හරක් නීති ගැන තියෙන සාකච්ඡාවක් කියලනේ ඒක අර්ථ ගැන්නුවේ.
ඔය වචන වලට අමුතු අමුතු අර්ථ දෙන එකත් එක විදියකට නැගලා යන වැඩක්.
Etisalat à Itisalat àIt+Is+a+lat
මේක කිසිම ආයතනයකට අපහාස කරන්න දාපු දෙයක් නෙවෙයි. මේක මේ විදියට නිර්මාණය
කරපු ඒ පුද්ගලයා තුල තිබුණු හැකියාව පෙන්නන්නයි දැම්මෙ.
To Let මැදට “I” අකුරක් දාලා Toilet කරලා තියෙන්නේ.
මේ ගැන කියනකොට තව ලස්සන වාක්‍යයක් මතක් උණා. ඒ තමයි “Madam Im Adam” ඕක ඉස්සරහට කියෙව්වත් ආපස්සට කියෙව්වත්
කියවෙන්නේ ඕකම තමයි.
ඔය විදියේ ඉංගිරීසි පද හරඹ ගැන අපේ හෙන්රි මහත්තයා තව දුරටත් කියල දෙයිනේ.
හැබෑට කෝ මේ අපේ හෙන්රි අයියා...... අප්පට බොල අද දාහතර වෙනිදනේ.... සලංපෙසං එකත්
එක්ක බෝඩ් ලෑල්ලකුත් උස්සගෙන පාරට බැහැලා ඇති. මාත් ඔන්න මට පුළු පුළුවන් විදියට
සබරගමුවෙ කියල බැලුවෙ නෑ ඇති හැකි සෑම තැනකම “ලදුදෙ භංග වේවා!” කියල ගහල පොඩි
සපෝට් එකක් දුන්නා.
ඉතිං ඔය වගේ උදව් අපේ සලංපෙසං සාමාජිකයෝ හොඳට හිතේ ධාරණය කරගෙන
ඉන්න ඕන. මොකද අපි තාම ඕකෙ යාවජීව සාමාජිකයෝ නොවුණට ඉඳ හිටලා හරි ඇවිත් යන හින්දා
ඒ වෙලාවටවත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණොත් වටිනවනේ. නැද්ද මං අහන්නෙ?
ඉතිං එහෙනම් “සලංපෙසං එකට ජයවේවා!!!”
අන්තිමට කියන්න තියෙන්නෙත් ඉතිං “වීරයා මැරිල නෑ” කියලම තමයි.
ඔන්න අපිනම් ඉස්කෝලේ යන කාලේ Girls High School කියන නාම පුවරුවේ H අකුරට මෙහායින් T අකුරක් එහෙම ලිව්වේ නෑ හොඳේ. එටිසලාට් වලට හමුදාවේ කියන්නේ 'ඇටිකෙහෙල්' කියලා :D
ReplyDeleteවිල්සන් ගුණරත්නගේ රංගන කුසලතාව වචන වලින් කියන්න බැරි තරම්.
හුඟ කාලෙකට පස්සේ නේද මේ එලියට බැහැලා තියෙන්නේ?
එහෙම T අකුරු දාලා තියෙන්නේ වෙන කවුද? නේද විචාරක මහත්තයෝ...
Deleteඑලියට බැස්සෙ නැති උනාට හැංගිලා ඉඳන් ඔක්කොම කියෝනවා. එත් හැබැයි ඔයාගේ වීඩියෝ එහෙම තියෙන එව්වනම් බැලුවෙ නෑ. මේ දවස්වල මට නෙට් යන්න වෙලා තියෙන්නේ මගේ ෆෝන් එකෙන්. අද අයියා ගෙදර ආපු නිසා ලැපයි ඩොන්ගලෙයි මං සන්තක කර ගත්තා. (එයා නිදා ගත්තට පස්සේ. :p )
නරක ළමයි...
Deleteඅනේ මං එච්චරම නකර නෑ........ :(
Deleteඉංග්‍රීසියෙන් නම් දන්නේ නෑ..සිංහලෙන් නම් කපුටුපුක කියන වචනේ කොහොම කියෙව්වත් කපුටුපුක..
ReplyDeleteඇයි අයාල් "වඩු මඩුව" ඕකත් ඔය ටයිප් එකේම වචනයක්නේ.
Deleteමෙය ඍජුව ලිපිය ලියු ඔබට කියන කතාවක් නෙමෙයි.
ReplyDelete>
ගොඩක් අය කියන දෙයක් තමයි "අපි වේදිකා නාට්‍ය බලන්න කැමතියි, ඒත් ටිකට් අස්ප ගනන්නේ, ඒකයි යන් නැත්තේ" කියලා. ඒත් ගොඩක් නාට්‍ය වල ටිකට් මිල ෆ්‍රයිඩ් රයිස් එකක් කන ගානටත් අඩුයි. ගාන වැඩියි කියන අය ඒ විදිහට සංසන්දනාත්මකව හිතනවානම් ඔය ස්ටේජ් ඩ්‍රාම බලන්න නැති වෙලාව ඉබේම ලැබෙනවා.
නාට්‍ය උළෙලක් බලනවනම් ටිකට් මිල ඊටත් අඩුයි.
මේ දවස් වල ටවර් රඟහලේ රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වෙනවා. පෙබ.28 වෙනකම් ටවර් එක පැත්තේ හවස 6.30 වෙද්දී රස්තියාදු වෙන්න කැමතිනම් රු.100ට නාට්‍ය බැලුවහැකි...
ඔයා හරි තිළිණ. මට වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම වෙලාව. සතියේ දවස් හයක් ෆුල් ටයිම් වැඩ. නගරයෙන් පැය වලින් මනින්න පුළුවන් දුරක ඉන්න හින්දා නිවාඩු දවසක යන්නත් අමාරුයි.
Deleteකොහොමත් ඉක්මනටම හොඳ නාට්‍යයක් බලන්න ඕනි. දීපු ඔත්තුවටත් ස්තුතියි.
උඹ ව කාලෙකින් දැක්කේ ...
ReplyDeleteඅර අකුරු විග්‍රහය අදමයි ඇහැව්වේ....
TQ ...
....//උඹ ව කාලෙකින් දැක්කේ ...//......
Deleteහෙහ්.. හෙහ්.. හෙහ්... ඕකට දෙන්න තියෙන උත්තරේ තමයි "මම කාලෙකින් පේන්න ආවේ" කියන එක.
ඔගේ බ්ලොග් එකේ ඇඩ්රස් එක දන්නැතුව වේලි වේලි හිටියෙ. මොකද මගේ ෆෝන් එකෙන් ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කලාම මාව කඩේ යවනවා මිසක් බ්ලොග් එකට යන්නෑ. අද ඔන්න ලින්ක් එකක් දා ගත්තා.
අකුරු හරඹයක් ගැන සිංහල ගීත පොතේ තියෙන බොහොම අපූරු ගීතයක් තමයි නන්දා මාලනී මහත්මියගෙ "නෝනා නාන්නනං නාන්න නෝනා" කියන ගීතය. ඔය ගීතය අනෙක් භාෂාවන්ට වඩා සිංහල භාෂාවේ ඇති සුවිශේෂිත්වය පෙන්වන ගීතයක්. හැබැයි මං දන්න තරමින් ඔය ගීතය ලෝකයා හමුවටනම් ගියේ නෑ.
අනෙ අප්පේ.. උඹ සෑහෙන කාලෙකින් නේද ? කොහෙද බං අන්තරස්දාන වෙන්නෙ හිටි ගමන්. උඹ අදම ආපු එක ගැන නම් මට පොඩි හැපියක් තිබේ. අර හෙඩිම... මං තවමත් ඒ ගැන හිතමින්... මං ඒකට ලැයික්.
ReplyDeleteමොකක්ද බං මේකෙ ලේබල් එක.. :D
අප්පේ.. එතකොට හිටි හැටියේ අන්තරස්දාන වෙන්න අවසර තියෙන්නේ උඹලට විතරද? :)
Deleteමගේ සේවා සැපයුම්කරු පොඩි වර්ජනයක් කළා බන්. තාම සාම සාකච්ඡා කෙරීගෙන යනවා. අද මං අයියා ගෙදර ආපු එකේ අතුරු ඵලයක් විඳිනවා. ;)
අන්න දාන්න මල්ලි තව ලැයික් එකක්. :D
ලේබලේ තේරෙන්නැත්නම් ඒ ගැන වැඩිය හිතන්න එපා බොලව්. ඒක සම්භාව්‍ය එකක්.
ආ කාලෙකින් උඹ ඇවිත් නේද
ReplyDelete80% පෙන්නන්නත් එපැයි කොහොමින් හරි. ;)
Deleteබොලා හිටි ගමං කොහෙද අතුරුදං වෙන්නෙ.
ReplyDeleteකොහොම උනත් නියම විස්තරයක් නෙ මේක.
ප්‍රසන්න අයියට කියන්න අයියේ..., ඔයා කිව්වට විශ්වාස කරන එකක් නෑ මේ කතාව. එත් ඉතිං කියන්නම එපැයි, (රහසින්, වටපිට බලමින්) අපේ දිහාට සුදු වෑන් එකක් ආව නෙව. :(
Deleteපරිස්සම් වෙයන් ! මාරකයක් ඉදිරියෙන් !
ReplyDelete:o මාර්තුත් ලඟයි නෙව. බිළාල ශාපය..... :o
Deleteහපොයි අකමා උඹ දැක්ක කල්. මම ඒත් කල්පනාකලා මොකද කියලා.
ReplyDeleteඅන්න ඒවගේ සිංහල ඒවා නම්
කපුටුපුක
වඩුමඩුව
ලබුබුබුල.
සටනට සහයෝගය දීම අගය කරනවා.
මේ දවස්වල මටත් පුදුම කම්මැලිකමක් ගහලා බං.
හුටා, අනිත් කමෙන්ට්වල ඒ වචන දෙකක්ම තියෙනවනේ.
Deleteමේවට කඩ්ඩෙන් කියන්නේ palindrome කියලා.
Deleteඕකට මගේ ගානෙ එකතු කරගන්න රතුයතුර කියන එකත්...
Deleteස්තුතියි සිරා. ඒ වගේම රතුවතුර ත් හරි.
Deleteවෙල්කම් බෑක් අකමා
ReplyDeleteමොකද බොල අකමො බොට වුනේ...නැවත දැකීමට ලැබීම පිළිබද අක්මාවෙන්ම සතුටු වෙමි. උඹ කියන බෝඩ් ලෑලි උස්සන්න ගිහිං මගේ පාට්නර් ගුටි කාලද දන්නෙත් නෑ...
ReplyDeleteඉංග්‍රීසි භාෂාවේ හරඹත් හරි අපූරුයි. මම නම් ඔය වේදිකා නාට්‍ය ගැන වැඩි උනන්දුවක් දක්වන කෙනෙක් නෙවෙයි
ReplyDeleteමරු පොස්ට් එක, අදයි මුලින්ම ආවෙ, නිරෝෂ් සර්ගෙ A/L මැත්ස් ක්ලාස් එකක මෙහෙමත් කියලා දුන්නා,
ReplyDeleteඅර සම හරක් බොන BRISTOL කියන්නෙ (B)බ්‍රිතාන්‍ය (R)රටේ (I)ඉන්න (S)සුද්දන්ගෙ (T)ට්කක් (O)ඔලුව (L)ලොකුයි :D
DARLING කියලා ආදරේට කියන්නෙ Dear Always Remember Love Is Not a Game. :D