දමාලා ඉවත මා සිත රැඳී මාන්නය
සොයාලා ගියෙම් මම මග හැරුණු කාලය
හෙලාලා ඉවත දහතුන් වසරක ශාපය
ලොවාලා ගතිම් අද උතුමෙකුගෙන් සහතිකය
පාස් කලත් අට උන්දැට සරුසාරයි
පොතින් පතින් පිරි මගේ ඔලුවත් පුදුම බරයි
සත හට සම තැන පොත පතටම බාරයි
ඇති හැකි උන්දැගේ පස්සට දැන් මං හරි ලෝබයි
ලෙව්වොත් පස්ස බඩ පිරෙනව ටක්කෙටම
ඉස්සර එහෙම කිව් උන් හට බනිනවා දැක්කහම
කළකම්, ගොන්කම් මතක් වී ඇඬේනව තනි ඇහැට
වැල යන අතට මැසි ගහනව බැරි කමට
ඒකත් එහෙමද ? වෙන විදිහක් ඇත්තෙම නැද්ද ?
ReplyDeleteඑහෙමද කියන්නේ?
ReplyDeleteමොකද අකම චන්දෙ ඉල්ලන්නද යන්නෙ.
ReplyDeleteබුදු අම්මෝ,මෙන්න අකම කාලෙකට පස්සෙ පොස්ටුවක් දාල.ඉතිං වැඩේ හරිගියාද.
ReplyDeleteහ්ම්ම්ම්ම්.......
ReplyDeleteඅඬන තරමට කිරි එරිච්ච කාලේ ඉවරයි බං
දැන් සැප ලැබෙන්නේ ලොවන/නැවෙන තරමට.
සිරිලංකාවෙ ඇත්ත ඇති සැටියෙන් විස්තර කරන අකම් දරුවාගේ කදිම රචනයක්....ලකුණු 10 න් 10 යි.
ReplyDeleteමොකද බං උඹ කරේ .
ReplyDeleteමමනම් වැල් කපලා මැස්ස කුඩු කරලා මරාගෙන මැරෙනවා.
ReplyDeleteඑවුවා ඉතින් එහෙම තමයි..
ReplyDeleteහපොයි....
ReplyDeleteආන්න මචො ඉවාන්ට වගෙ උබටත් සම්ම දිට්ටිය පහල වෙලා.
ReplyDeleteහපොයි මාළු!!!
ReplyDelete