Sunday, July 28, 2013

හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....


 සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ......

වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ...

හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....

නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ....




              ඒ 1997 අවුරුද්ද විතර වෙන්න ඇති. ඔය කාලේ තමයි මේ ගීතයත් එක්ක තව ගීත පහක් විතර ඇතුලත් TDK නයින්ටියක්  (TDK 90) හම්බ උණේ. TDK 90 කියන්නේ කැසට් එකක්. අපේ භාෂාවෙන් කියනවනම් කැසට් පීස් එකක්.  TDK කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන විනාඩි අනූවක් රෙකොර්ඩ් කරන්න පුළුවන් පීස් එකක්.  අයියනම් කිව්වේ මේක ඉන්දික ප්‍රසාද්ගෙන් හම්බ උණා කියලා. මටනම් හිතෙන්නේ එහෙම උණත් ඒ ආශ්‍රය දවසකට දෙහෙකට වැඩිය තියෙන්න නැතුව ඇති. නැත්නම් ඉතිං මගේ කන් දෙක මේ තරම් හොඳට ඇහේවියැ. කොහොම උණත් ඔය පීස් එක දාගෙන අපි ඉන්නේ ටිකක් උජාරුවෙන්. මොකද අනික් අය ගාව නැති ඇල්බම් එකක් අපි සතු වෙනවා කියන්නේ ගෙදරට ඉල්ලන් එන අය වැඩිවෙනවා කියන එකනේ. අනික ඔය කාලේ මාත් අයියගේ නැට්ටේ එල්ලිලා කීබෝඩ් පන්ති යන දවස්. ඉතිං කීබෝඩ් එකක් යාන්තම් ටාං ටාං ගාලා කොටාගන්න පුළුවන් කියන්නෙත් ඒ කාලේ හැටියට ලොකු දෙයක්නේ.



               ඔය කාලේ තමයි අකමා ට්‍රැක් එකෙන් පිට පැන්නේ. ඉස්කෝලේ එපා වුණේ. ඒ වගේම ගෙදරත්. ජීවිතයත්. මැරෙන්න ක්‍රම හොය හොයා හිටපු කාලයක් ඒක. මැරෙන එක, එක පාර මැරෙන්නත් එපායැ. ඉතිං එකක් බැරිනම් එකක් විදියට බැකප් ප්ලෑන්ස් කීපයක්ම තිබුණා.


             
ගහක ටිකක් උස අත්තක් යට පිහි ටිකක් උඩ අතට වෙන්න හිටෝලා ඒ ටික වැහෙන්න ගිනි ගොඩක් ගහලා ගහේ අත්ත උඩට ගිහින් වහ බෝතලයක් බීලා අරකට පනින එක. එහෙමත් නැත්නම් අපේ ගඟේ මැද තිබුණු ලොකු ගල උඩට නගිනවා අමාරුවෙන් උස්ස ගන්න පුළුවන් ගල් දෙකක් අරගෙන. එකක් කකුල් දෙකේ ගැට ගහ ගන්නවා. අනික බෙල්ලේ එල්ල ගන්නවා. ඊළඟට පිහියෙන් බඩට ඇනගෙන ඇනගෙන ගිහින් වතුරට වැටෙනවා. මිනියත් නෑ. :D



        තවත් ඔය වගේ සිම්පල් ප්ලෑන් කීපයක් තිබුණා. වැදගත්ම දේ තමයි ඔච්චර ප්ලෑන් ගහපු එකාගේ වයස 12යි. ඕක ක්‍රියාත්මක කරන්න බැරි උනේ වෙන මුකුත් හින්දා නිසා නෙවෙයි. අවුරුද්දේ මාස දොළහම එක එකා බෙදාගෙන හිටපු නිසයි. මැරෙන්න හදනකොට ඔන්න නංගිගේ බර්ත් ඩේ එක. ඔය අස්සේ මැරුණොත් ආයේ එයාගේ බර්ත්ඩේ වලට පාටි දාන්න වෙන්නෑනේ. දාන පාටි මිසක්. ඊළඟ මාසේ අයියා. මාර්තුවේදී හිතෙනවා අවුරුද්දත් කාලම මැරෙනවා කියලා. අප්‍රේල්නම් කොහොමත් බෑ. ඊළඟට අම්මගේ බර්ත් ඩේ එක...... ඔන්න ඔහොමයි මගේ ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියේ.



          ඔන්න ඔය අතරේ දෙසැම්බරයේ දවස් තුනක ට්‍රිප් එකක් ගියා. අපේ බස් එකේ හිටියා ඒලෙවෙල් කරන අක්කා කෙනෙක්. දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට අපි දෙන්නා ෆිට්. දැන්නම් එයා අම්මා කෙනෙක්. අනික මෙලෝ රහක් නෑ. ඒත් ඒ දවස්වල මං එයාව දැක්කේ අමුතුම කෝනෙකින්. හප්පේ.. එයා තරම් ලස්සන කෙල්ලෙක් මීට කලින් මං දැකලම නෑ. දඟකාරකමත් ඒ වගේමයි. දැන් ඒලෙවෙල් කෙල්ලෝ ඇටිකිච්චියෝ වගේ පෙනුණට එදා කෙට්ටුම කෙට්ටු ඒ අක්කා දිහා බැලුවෙත් පතාක යෝධියෙක් දිහා බලන්නැහේ උඩ බලාගෙන. ඔය කාලේ අතේ බඳින බෑන්ඩ් හදන පිස්සුවක් තිබුණා නූල් කැරලි වලින් එකේක නම් මතුවෙන විදියට හදාගෙන. ඔය වැඩේ හැමෝටම කරලා දුන්නත් මං වෙනුවෙන් එකක් හදා ගත්තේ එයාගේ නම දාලා හාර්ට් දෙකකුත් දෙපැත්තෙන් එන විදියට හයි රෙසලුෂන් විදියට. ඒ කිව්වේ පික්සල් ගැන වැඩි කරලා බුදු කට්ටක් කාගෙන. ඕක කරන්නත් ඕනි ගෙදරට හොරෙන් නෙව. පස්සේ බලද්දී ඒකිගේ නම මං කොටපු නමේ රයිමින් එකට යන වෙනත් එකක්. හයියෝ සංසාරේ.......



ඕක තමයි මගේ ෆස්ට් ලව් එක. ගෑණියෙක්ගේ අහවල් එක මොන පාටද කියලවත් දන්නැතුව නුහුරු කඳුළු හෙළුවේ ඒකි වෙනුවෙන්.

  


             ඊළඟට ඔහොම කැරකිලා ගිහින් වැටුනේ වියලි කලාපයේ දුෂ්කර පළාතක ඉස්කෝලෙකට.අපේ පුංචි අම්මා උගන්නන ඉස්කෝලෙට. එයා හරියට කාලගුණේ වගේ. හරි හොඳයි. හොඳට සලකනවා. කන්න බොන්න දෙනවා. ඒත් හිටපු ගමන්........ කුඩම්මා කියන්නේ ඒකටද මංදා.....





    අලුත් පන්තියේ තුන් වෙනි පේලියේ දකුණු පැත්තේ කෙරෝලේ පුටුවක් මං වෙනුවෙන් වෙන් උණා. එතනින් පොඩි ස්පේස් එකක්. ඊළඟට කෙල්ලෝ. දුඹුරු පාට දිලිසෙන ඇස් දෙකක් තියෙන කෙල්ලෙක් මට දකුණු පැත්තේ. ඒකිගේ පොතක් බිමට වැටුණා දිග ඇරලා තිබුණු විදියටම. මාත් වැඩිය හිතන්නැතුව එක අර ගත්තා. එතකොට දැක්කේ ඇතුල් පිටු දෙකේ දූවිලි. ඒකත් අතින් පිහ දාන ගමන් මං පොත දුන්නා. ඒක එතැනින්ම ඉවරයි. ඒත් මාස දෙක තුනකට පස්සේ මෙන්න අපි දෙන්නගේ නම් අල්ලලා.. හයියෝ කියන්නත් ලැජ්ජයි වගේ.



          ඒ කාලේ අපි පුදුම සැහැල්ලුවකින් ජීවත් උණේ. මාත් එක්ක උජියා, සුමියා හොඳටම ෆිට් උණා. නිලූ, මධූ, ස්නේහා ත් එහෙමයි. ඕ ලෙවෙල් අවුට් වෙනකන්ම අපි හය දෙනාගේ ගැන්සිය අවුරුදු තුනක් විතර එහෙම්මම තිබුණා. 



             පන්ති භාර සර්රුත්, ඒ හින්දා එයා උගන්නන ගණිතය විෂයත්, ඒ හින්දා ඉස්කෝලෙත් එපා වෙච්චි මට අලුත් ඉස්කෝලෙට ඇවිත් හිටපු තරුණ ගුරුතුමියගේ පිහිටෙන් ආසම විෂය බවට ගණිතය පත් කර ගන්න පුළුවන් උණා. ඊළඟ පුදුමේ තමයි වාසගම ඇරෙන්න මගේ නමේ පාට් වන්, පාට් ටූ දෙකේම ස්ත්‍රීලිංග පදේ තමයි ඒ මිස්ට තිබුණේ. 



              ඕලෙවෙල් වෙනකන් මුළු පන්තියම යාළුවෝ. අපි හය දෙනා අඹ යාළුවෝ. අපි කොල්ලෝ තුන්දෙනාට ඔය අස්සේ තමයි පියාපත් හම්බ උණේ. ශිෂ්‍ය නායක පදවි. එකොළහ වසරට පා නගන කොට උජියට ලව් මාන්දම. අට වසරේ කෙල්ලෙක් පස්සේ ගියා. අපි ඔක්කොම බොක්කෙන් සපෝර්ට්. කට කතා ඇත්තක් වෙමින් නිලූයි මායි අතරේ සම්බන්දෙ තවත් වැඩි උණා. ඒත් කටින් පිට උණේ නෑ. ගොළු ආදරයක්. (හා හා බනින්න එපා. මං කොහොමත් ගොනෙක් තමයි) ඒ කාලේ කරපුවා කියපුවා මෙහෙම සාරාංශ කරලා ලියන්නත් අමාරුයි. ඉස්කෝලේ හවස පන්ති වලට නැවතිලා කරපුවා, ළඟ පන්සලේ පෙරහැරවල් සංවිධානය කරපු හැටි, පන්ති කට් කරලා ෆිල්ම් බලපු හැටි, කෙල්ලොත් එක්ක කැලේට යටවුණු ගුරු නිවාස අස්සේ කරපුවා........ හැබැයි එක දෙයක්. ඉස්සර ගොන් වැඩ අත ඇරලා ඉගෙන ගන්න එකට මුල් තැනක් දුන්න ඒ දවස්වල. 



             ඉස්කෝලේ ඇරිලා ගිනි කාෂ්ටක අව්වේ ප්‍රධාන පාරට කිලෝමීටර් එක හමාරක් විතර තියෙන දුර එන්නේ නිලූයි මායි එක කුඩේ යටින්. පුංචි වැවක් පහු කරන් එන්න තියෙන දුර අපි ආවේ මීටර් සීයක්වත් දුර නැති ගමනක් විදියට. ඔය විදියට ගිහින් ඕලෙවලුත් කළා. මං මාසයක් විතර ඒ ගෙදර ඉඳලා අපේ ගෙදර ආවා. ආයේ ගියෙ රිසාල්ට් බලන්න. ඒ වෙනකොට නොහිතපු දෙයක් සිද්ධ වෙලා තිබුණා. නිලූ ජීවිතය වරද්දගෙන. ඒ කිව්වේ කොල්ලෙක් එක්ක පැනලා ගිහිං. එහෙම සම්බන්ධයක් ඔච්චර යාළුවෝ වෙලා අපිවත් දැනන් හිටියේ නෑ. සමහරවිට මාස දෙක තුනක ලව් එකක් වෙන්න ඇති. හැබැයි නිලූට ගෙදරින් ඉස්සර ඉඳන්ම වැඩි සැලකිල්ලක් නෑ කියන එකනම් අපිටත් තේරිලා තිබුණේ. සමහරවිට ඒක වෙන්නත් ඇති ගෙදරින් යන්නත් හේතුව. 



          දැන් බලනකොට අපි දෙන්නා අතර යාළුකමකට වඩා දුර සම්බන්දෙකට අවශ්‍ය ගැලපීම් වගේම නොගැලපීමුත් තියෙනවා කියලා හිතුනට හිමි උන ආදරේට වඩා අහිමි උන ආදරේ තාමත් හිත පාරවනවා. වෙලාවකට හිතෙනවා කවදාහරි දවසක එයා මං ගාවට ආවොත් කියලත්.



හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....
නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ....



      තවත් වෙලාවකට හිතෙනවා කොච්චර බහුසෘත කියෙව්වත් මාත් මේ සමාජයේම එක පුද්ගලයෙක් විතරක් නේද කියලත්.

54 comments:

  1. අපි පෘතග්ජන මිනිස්සු නේ ආයීබෝවන්ඩ. ලිවිල්ල නම් බොක්කටම වැදුනා. එහෙම පෙම් සබඳතා නම් මගෙත් බොහොම තිබුනා. ඒ කියන්නේ කියා ගන්න බැරි එව්වා. පොඩිම කාළේ ටීචර්ලට හිතෙන් ලව් කරන ඒවා. ඒ ගැන හිතන කොටත් සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නම්, ලොකු උන්නැහේගෙ බොක්කටම වැදුනා කියන්නෙ මටත් ලොකු සතුටක් නෙව.

      ජීවිතේ පටන් ගත්ත පොඩි කාලෙ අපේ ලෝකේ වීරයා තාත්තා. ඒ වගේම තමයි කෙල්ලෙක් දිහා දෙපාරක් හැරිලා බලන්න පටන් ගත්ත මුල්ම කාලේ අත පොවන මානේ ඉන්න උන් තමයි ලස්සන. මොක උනත් ඒ මතකය තරම් සුන්දර මතකයක් ආයෙ ලැබෙන්නේ නැති බවනම් ඉර හඳ වගේ විශ්වාසයි.

      Delete
  2. අද පේම පුරාන දවසක්ද කොහෙද , අන්න හැලපයියත් බිබික්කමක් ගැන ලියලා , කෝ බිබික්කං කියලා ලේබලයක් ගහපං මේකට, මම මේක ආසාවෙන් කියෙව්වා , ඉදිරියටත් පුස්ලෝඩං බිබික්කං ගැන ලියහං

    ReplyDelete
    Replies
    1. එයා ස්වප්නයක අතරමං වෙලා. :D

      "පුස්ලෝඩං බිබික්කං" කියන්නේ "නොකෙරුණු ලව්" කියන එකද බං.

      Delete
    2. අපි කව්රුත් කාලෙන් කාලෙට ස්වපනවල අතරමං වෙනවා කොල්ලෝ,ඒකට තමයි තරුණකම කියන්නේ,ආයෙම ජීවිතේට එන්නෙ නැති සුන්දර සිහිනයක්.
      එක නෙවෙයි අකම් මල්ලි,උඹගෙ කතාව හරිම හෘදයන්ගමයි,මම ලියපු කතාවට වඩා ලස්සනයි.

      Delete
    3. අනේ හැලප අයියේ, ඔයාලා තරම් ලස්සනට ලියන්න අපි තාම පෝසත් මදි.

      තරුණකම වගේම ළමා වියත් ආයෙ එන්නේ නැති හීන ලෝක තමා. කවදා හරි මතක් කර කර රස විඳින්න තියෙන්නෙත් ඔච්චරම තමා.

      Delete
  3. ඔහොම කතා බොහොමයි බං. අර සින්දුව ට මං නම් තවමත් හෙන ආසයි..

    ReplyDelete
    Replies
    1. මට අතීතයට යන්න පුළුවන් වෙලා ජූනියර් අකමව හම්බ වෙන්න පුළුවන් උනානම් අනිනවා ඔළුව හිවෙන්න ටොක්කක්. කරපු ගොන්කම් වලට.

      ඔය සිංදුවේ අර්ථයට වීඩියෝ එකෙනුත් ලොකු සාධාරණයක් කරලා තියෙනවා චන්දන. එහෙම ගැලපෙන විෂුවල් දැන් අඩුයි.

      Delete
  4. ගොඩාක් දෙනෙක්ගෙ අත්දෑකිමක් තමයි උබ ලියල තියෙන්නෙ.වෑඩෙ අපිට ඔක ලස්සනට ලියන්න බෑ.ප්‍රියා ගෙ මී කෑකුන කෑලේ සින්දුව ඈහෙනකොට මමත් සෑහෙන දුර අතිතෙකට යනව හෑමදාම

    ReplyDelete
    Replies
    1. අපි කාටත් තියෙනවා දමිත් ඔය වගේ වැදුණු සිංදු. සමහර ඒවා මතක් වෙනකොටත් හිත කීරි ගැහෙනවා. දන්නවනේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ "ටික කලක සිටන්" සින්දුව.

      Delete
    2. ඒ සින්දු දෙකම මගෙත් හිතට කාවැදුණු ඒවා තමයි මචංලා...

      Delete
  5. හිතට වදින විදියට ලියල තියෙනව. හැම දෙයක්ම වෙන්නෙ ලැබීමෙ හැටියට තමයි.

    බොලාගෙ අයිය ඉන්දිකව අඳුනනවද, මේ ඊයෙ පෙරේදත් ඉන්දික අපේ පොට් එකට ඇවිත් ගියා. :D

    ReplyDelete
    Replies
    1. ඉන්දික ප්‍රසාද් කියන්නේ ඔය පැත්තේම පොරක් නෙව ප්‍රසා අයියේ.. ඒ කාලේ දන හැඳිනීමක් විතරයි තිබිලා තියෙන්නේ . එතනින් එහාට දෙයක්නම් නෑ මම හිතන්නේ. ඔය සින්දු සෙට් එක ගහලා අවු:හයකට විතර පස්සේ තමයි ජනප්‍රිය උනේ.

      Delete
  6. හිමි දේවල් කොපමන මිහිරි වුනත් අහිමි මිහිරට තමයි හිත ලොල්.හිත කීං ගාලා ගියා.මොනවා උනත් සඳ කිඳුරියක්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අරූ, අපි හැමෝම ආස අහිමි දේටම තමා...

      Delete
  7. ඔබ වැනි කට්ටිය තමයි අතීත කතා නැවත මතක් කරල වයසක අපිව නැවතත් තරුණයො කරන්නෙ.
    ලිපිය කියවද්දී මමත් පොඩි කොල්ලෙක් වගේ හිතුන.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපේ වැඩිහිටි උදවිය අපිත් එක්ක එයාලා ඒ කාලේ කරපුවා කියනකොට "මොන මගුලක් කියෝනවද මන්දා" කියල හිතුනු වාර ගාන අනන්තයි. අපි එයාලව නොසලකපු වරදට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දෙන්නෙ දැන්. :(

      දැන් ඉතින් කෙන්ජි අයියටත් අතීත කාමයේ සුවය අපිත් එක්ක බෙදාගන්න කාලේ හරිවගේ. අනික් හැමෝගෙන්ම වගේ මගෙනුත් ඉල්ලීමක්.

      Delete
  8. හපෝ මේ කාලේ තනිකර අවුට් පිට ඉන්නේ අකම්.ඔය මාතෘකාව ගැන වචන දහයක් කියාගන්න හයියක් නැහැ..

    ReplyDelete
    Replies
    1. තනි ඇහැට ඇඬිලා වගේ. හොඳා හොඳා කියාගන්න පුළුවන් වෙලාවක එන්නකෝ....

      Delete
  9. පෙනේද කරලා තියන වැඩ ! :D ඔය කාලේ හිතට වදින සින්දුවක් මටත් තිබුනා .."කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා " කියන සිංදුව ..හැබැයි ඒ ලව් සීන් එක අනුන්ගේ ..හික් හික් ..ඒ කියන්නේ අය්යා කෙනෙක් ක්ලාස් එකේදී ඒ සිංදුව කිවුවා ..පස්සේ ආරංචි උනා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඩෙංගු හැදිලා මැරුණා කියලා ...ඉතිං ඒ සිංදුව මගේ හිතට කා වැදුනා

    ReplyDelete
    Replies
    1. :o

      ඔය වගේ මගේ හිතට කාවදිච්ච සින්දුවක් තමයි,
      "කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා..
      සුදු නංගියා මාව හැරදා ගියා..."
      කියන සිංදුව.

      අයියා කෙනෙක් තමන්ගෙ නංගි හදිස්සියේ මැරුණු හින්දා පිස්සු හැදිලා තියෙනවා. පස්සේ එයා හැමතැනම යන්නේ ඔය සින්දුව කිය කියාළු. ඔය කතාව අම්මා මට කියපු දවසෙ ඉඳන් අමතක කරන්නම බැරි උණු සිංදුවක්.

      Delete
    2. මේ අකම්... මොකද නං ලකුනු කරන්නේ දැන් මාසෙට සැරයයිද?

      එනවා අපිට කියන්න :D :D :D

      Delete
  10. මං ලව් 2ක් කරා ඔහොම.. එකක්වත් මාස 3කට වඩා හරි ගියේ නෑ.. ඒ පාර ගෙදරටම වැඩේ බාර දීල නිකං හිටියා :(

    ReplyDelete
    Replies
    1. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්.

      මේ ළඟදී මට අයිය කෙනෙක් හම්බ උණා. පොරගේ කෙල්ලට ගෙදරින් කැමති වෙලා නෑ. පස්සේ ගෙදරින් හොයලා දෙනකම් ඉඳලා බැඳලා. දැන් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් හරි ලොකු වියදමක් යන යෝජනාවක් බිරිඳ ගෙනාවොත් හරි කෙලින්ම අම්මට කියනවළු "අම්මේ ඔයාගේ ලේලි මොකක්ද කියනවා. පොඩ්ඩක් බලන්න" කියලා.

      Delete
  11. TDK90 සිට නිලූ දක්වා කතාව එහෙමයි එතකොට ඈ.. ඊට පස්සෙ ?

    මැරෙන ක්‍රම පිළිබඳ පොතක් ලියන්න සුදුසුකම් තියෙනවා උඹට..

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙද... වරෙන්කො පොතකුයි පෑනකුයි අරන්, කියලා දෙන්න.... ග්ර්ර්....

      මැරෙන්න තව ක්‍රම තිබුණා සෙන්නා. කොහෙද දැන් හරියට එව්වා ගැන මතක නෑනේ. අම්මප ඒ කාලේ අපිට තිබුණු පිස්සු ජීවිත.......

      Delete
  12. අකම්ගේ අද සටහන නම් යෞවනත්වයේ අව්‍යාජ හද ගැස්ම කියලා කියන්න හැකියි. වියපත්ව ඒ සොදුරු යුග දෙසට සිත ගමන් ගනිද්දි දෑස් කෙවෙණි තෙත්වෙන්නේ නොදැනුවත්වමයි.

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන බොහෝම ස්තුතියි නලින් අයියා....

      අපි හැමෝටම අන්තිමට ඉතුරු වෙන්නේ ඔය සුන්දර මතකය විතරයි.

      Delete
  13. මේ බ්ලොග් ලිවිල්ල නිසා අපි අපේ යාලුවෝ ගැන සාමාන්‍යයෙන් නොදන්න දේවල් පවා දැනගන්නවා. සමහරවිට එකට කාලා බීලා කතා නොකරන දේ පවා. මම මගේ යාලුවා ගාමිණී සමරකෝන් ගැනත් නොදැන හිටි දේවල බ්ලොග් එක තුලින් දැන ගත්තා. මට පේන්නේ අකමා ගැනත් එසේම වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් කියන්නේ හිත සැහැල්ලු කරගන්න, හිතේ තියෙන දේ කියන්න පුළුවන් කදිම තැනක්. යාළුවො අතරේදී සමහර දේවල් කියන්න ගත්තහම එක්කො පම්පෝරි ගහනවා කියලා හිතනවා. නැත්නම් අහන ඉන්න එකාට එපා වෙනවා.ඒකට ප්‍රධානම හේතුව විදියට මම දකින්නේ කාලය. ඉස්සර වගේ අපිට අනික් අයගේ දේවල් වලට ඇහුම් කන් දෙන්න තියෙන කාලය අඩුයි.

      මම උනත් සමහර අයගේ කතාවලට (මේ මාතෘකාවම නොවුනත්) හූමිටි දෙකක් තුනක් තියලා මාරු වුන වෙලාවල් තියෙනවා.
      -----------------------------------------
      හෙන්රි අයියගෙ පරිවර්තන හැකියාවත් බ්ලොගර් නැත්නම් නිකම්ම වැළලිලා යනවනේ. ඒ අතින් බ්ලොගර් කියන්නේ දෙයියෙක්ම තමා. :D
      තව දෙයක්, නාමික උනත් ඇනෝ කෙනෙක් විදියට ඉන්න එකෙන් ලිවීමේ නිදහස තවත් වැඩිවෙනවා. (හැමෝටම නැතත් මට අදාලයි)

      Delete
  14. මටත් ඔහොම එකක් තිබුනා...ඒක නම් වටෙ අයගේ විහිළු නිසාම හැදුන එකක්... ඒත් මම බලන් හිටියා ඒ කොල්ලා අහනකම්.. පස්සෙ ඒ ලෙවෙල් කාලෙදි අපි හොද යාළුවෝ උනා... වැඩට යන්න ගනිද්දිම මට මගුල් විසේ ගැහුවානේ.. ඒ කාලෙම මට තේරුනා අර පරණ යාළුකම වෙන දෙයක් ඉල්ලනවා වගේ.. දුකින් උනත් ඇත්ත කිව්වා... අදටත් අපි හොදම හොද යාළුවෝ... දෙන්නම ලංකාවේ නැතත් අඩුම ගානේ උපන් දිනයට සුභ පැතුම වරදින්නේ නෑ... අපි දෙන්නම දන්නවා කාට අමතක උනත් හරියටම 12ට අපි දෙන්න සුභ පතනවා කියලා...

    ReplyDelete
    Replies
    1. අර වගේ සිංදු මටත් තියනවා.. එකක් පිපුන මලක හැඩ, අනික පාරමී දම් පුරමු අපි දෙන්නා..

      Delete
    2. පරණ කතන්දර මතක් වෙද්දී හිත හෝස් ගාලා යනවා. ඒත් තව ටිකකින් ආයෙත් හිනා යනවා ඒවම මතක් වෙලා. ඔය ලෙඩේ අදාළ මට විතරද නදිනි?

      ජීවිතේ තීම් සෝන්ග්ස් තමා ඔව්වා. :D
      පාරමී දම් සින්දුව ගැන ඔයා කලින් කියලා තියෙනවා වගේ මතකයි....

      -----
      ඒක නෙවෙයි මොකෝ මේ දවස්වල සද්දෙ වහලා?

      Delete
    3. සමාවක් ඔබෙන් මම්,
      ලබන්නට නැති තරම්,
      ඉක්මනින් ලියන්නම්,
      අදිටනින් කියමි මම්...


      බය උනාද මන්දා....... ;)

      Delete
  15. ෆෝන් එකට ලද කමෙන්ටුවක්.....

    නොකීවට නුඹ හට...
    නිහඬව විඳිමි රස....
    තව තව ලියන්නට..
    දිරිය ශක්තිය ලැබේ නුඹ හට....

    ReplyDelete
  16. අකමෝ උඹ බොක්කටම වදින්න ලියල තියෙනවා මේක. ආලය නුරාවක්ද බං හැපි හැපි අඩන්න.. අනේ මන්ද.. අපිට ඔය වගේ හිතුවිල් එනවා මොකද අපිත් සාමාන්‍ය මිනිස්සු නෙව.. ටික දවසකින් නේද මක්කවත් ලිවිවේ. නැත්නං මට මග ඇරුනද

    ReplyDelete
    Replies
    1. ඒ... උඹ සාමාන්‍ය මනුස්සයෙක්ද බං. :D

      මේ මාසෙට තුනක්ම ලියලා තියෙනවා. බොලාටද මඥන්? මටද?

      ---
      මේ දවස්වල බ්ලොග මග ඇරිලයි තිබුණේ දේශා. මං තාම උඹේ පරණ පොස්ට් කියෝනවා. වර්තමානයට එන්න තව ටිකකින් පුළුවන් වෙයි. එදාට කමෙන්ටුවක් දාන්නම්. පරණ ඒවාට දැම්මයි කියලා බොලා රිප්ලයි කරනවයි කියලයි. :D

      Delete
    2. අකමෝ , ඕකට කමෙන්ට් දාන්නම එපා බන්.. මමනම් දාන්නෙම නෑ ඕන්..

      Delete
    3. මම නැතත් මගේ ඇනෝ දානවා බං මටත් ඉස්සෙල්ලම. :(

      Delete
  17. ෂාහ්....මාරු පෝස්ට් එකක්නේ...

    TDK 90 ගැන කියනවනම් ඉස්සර මමත් ඉස්කෝලේ යන කාලේ කීය කීය හරි එකතු කරලා එකක් අරන් ඒකෙ රෙකෝඩ් කරගන්නවා සින්දු 24ක් විතර. ආයෙම අළුත් සින්දු එනකොට අර සින්දු කපලා ඒක උඩින්ම ආයේ රෙකෝඩ් කරනවා....දැන් වගේ ටක් ගාලා ඩවුන්ලෝඩ් කරන්න බෑනේ ඒ කාලේ. රේඩියෝ එකේ සින්දුව යනකොට තමයි ගොඩක්ම රෙකෝඩ් කරන්නේ. නැත්නම් රෙකෝඩ් බාර් එකකට ගිහින්. සිංදුවකට රුපියල් 5ක්ද කොහෙද ගත්තා.

    ReplyDelete
    Replies
    1. සිරස රේඩියෝ එක පටන් ගත්ත කාලේ මම අපේ ආච්චිලගේ ගෙදර යනවා පීස් එකක් අරගෙන. ඉස්සර ඒකෙ ගියේම රොනී ලීච්ගේ "තට්ටයා", නාමල්ගෙ "අප හමුවීම" වගේ සිංදු. (තව දෙක තුනක් දිව අගම තියෙනවා... ම්ම්ම්.. )

      එතකොට මියුසිකල් එහෙම දැන් වගේ තුන්වේලටම ඇහෙන්නෑ. සිරසේ එකක් යනවා කිව්වොත් පීස් දෙක තුනක් සෙට් කරන් රෑ එළිවෙනකම් රෙකොර්ඩ් කරනවා. ඒක ආයෙ කපන්නේ ඊළඟ මියුසිකල් එකට. ඒ කාලේ ගැහුවේම මේරියන්ස්නේ.

      කහවත්තේ "ගුරුගේ මැණික්" තොරණට සමගාමීව මියුසිකල් හතරක් පහක් තියෙනවා. අන්තිම දවසට සන්ෆ්ලවර්ස්ම තමයි ඉතින්. පහුවෙනිදට ඕක රෙකොර්ඩ් කරපු රෙකොර්ඩ් බාර් එකේ දොර ගාව පෝලිමට ගියානම් ඒදවස්වල අකමගේ අයියව ලේසියෙන් හොයාගන්න පුළුවන්.

      Delete
  18. තරහා නැතුව මට මේල් එඩ්රස් එක දෙන්න

    lakmal1325@gmail.com

    ReplyDelete
  19. ඒකාලෙ තමා බං කාලෙ. ‘ඔබ සිනාසුනා වැව් තලයක් වාගේ‘ කියල එකකුත් තිබ්බා.
    උඹේ ලියවිල්ල මාර සිරා බං. හෙණ අවංකයි කියල දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඩ්‍රැකී. අර සින්දුවනම් මම කලින් අහලා නෑ වගේ. සමහරවිට ඇහුනොත් මතක් වෙයි.

      Delete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. ඔහොමත් කාලයක් තිබුනා... ක් ක්...

    සුභ දිනක්..

    ReplyDelete
  22. හප්පා! කොළඹ රටේ ඉස්කෝලෙට ආවත් ගමේ ඉන්න කාලේ ගමේ ඉස්කෝලේ කෙල්ලෙක්ට හිත ගිහින් බුරාස්පතින්දා හවස 5 වෙද්දී ඉස්කෝලේ ඉස්සරහ අඹ ගහ යට පුටාර් එක තියන් මග බලපු හැටි මතක් උනා.. ඒක සෙට් උනේ නෑ අවරුදු දෙකක් දත කාලත් :(

    ReplyDelete
  23. මම මෙච්චර කාලයක් හිතුවෙ අකමා ටිකක් වයසින් මුහුකුරා ගිය කෙනෙක් කියලා...දැන් මට වැටහෙන විදියට අකමා මගේ වයස කිට්ටුවම ගොයියෙක්...ඔය කියපු කාලෙ..හිතින් ලව් කරපුවා...ඒ දැරිවි දන්නෙවත් නැතුව අපි හිතින් දුක් විදපු ඒවා..මතක් කරද්දිත් අමුතුම කික් එකක් දැනෙනවා...වයස 12 දි මැරෙන්න හැදුවෙ මොකද කියලා කිව්වෙ නෑ නේද ?

    ReplyDelete
  24. කෝ මේක ලියපු එකා කොහේ චුත වෙලාද?

    ReplyDelete
  25. ඒයි අකමා. මොකෝ බං සද්දයක් නැත්තේ?

    ReplyDelete