ඔන්න
ඉතින් මන්තුමා පස්වෙනි වතාවටත් මාර්ග නීති කඩකිරීමේ වරදට දඩයක් කෑවා. ඔතන පස්වෙනි
වතාවට කිව්වට ඇත්තටම පොලිස් පොතේ ලියවුනේ දෙවතාවයි. පලවෙනි එක ලියාගත්තේ පොලිස්
කාරයෙකුට පගාවක් දීලා. (අපි එහෙමයි ඈ...) ඒ දවස්වල දඬුමොනරේ කෙලින් කරගන්න පුළුවන්
වෙලා දවස් හයයි. මාමගේ පොඩි දුවගේ බිග්ගර්ල් පාටි එක සෙට් උනේ ඒ දවස්වල. ඔය වගේ
තැනකට බයික් එකේ වටිනාකම ආයෙ කියන්න දෙයක් නෑනේ. ඉතින් නීතියෙන් බේරෙන්න හිතාගෙන
දඩ කොලෙකුත් ලියාගෙන තමයි ඒ දවස්වල රන් කෙරුවේ. අන්තිමේදී ඒක එක්ස්පයර් වෙන්න
කලින් කි.මී. දෙසීයක විතර රවුමකුත් ගහලා තමයි ආවෙ. (ඒ ගොන්කම් මතක් වෙනකොටත් මයිල්
ඉස්මයිල් වෙනවා අප්පා.....)
ඊළඟ
දෙපාරම හෙල්මට් නැතුව. මන් සාමාන්‍යයෙන් හෙල්මට් නැතුව කොහෙවත් යන්නෑ. අඩුම ගානෙ
හංදියේ කඩේටවත්. එදා කරුමෙට හන්දියට යනකොට කඩේ වහලා. ඉතින් ළඟම තියෙන හන්දියට යන්න
ගියා. ඊළඟ සුභ මුහුර්තිය එළඹුණේ රෑක. මගදී
යාළුවෙක් හම්බ උණා. යන්න බස් එකක් නැතුව. ඉතින් මනුස්ස කමට උදව්වක් කරන්න ගිහිං
ඒකත් කෑවා. ඒත් කරුමේ කියන්නේ ඔය දෙකම පොලිස් පොතේ ලියලා නෑනේ. දඩ කොලේ ලියාගෙන
ගෙවලා ඇවිත් බැලුවම පොතේ නම නෑ. ඉතින් ගෙවාපු රිසිට් එක කුණු කූඩෙට දාලා ලයිසොන්
එක අරං ආවා.
හතරවෙනි
අවස්ථාව ගැනනම් කලින් කියල තියෙනවනේ. ඕක තමයි හරියටනම් පළවෙනි මාර්ග නීති කඩ
කිරිල්ල. අනික පොතේ ලියවුනු පළවෙනි වතාව. අවුරුදු හයක ලයිසන් ඉතිහාසයේ.කිලෝමීටර්
වලින් ගත්තොත් ලක්ෂ දෙහෙක විතර (බයික් එකේ විතරක්).
පහුගිය
තිස් වෙනිදා මහ වැස්සෙම ඉර කපලා අහු වුණා. ඕක ගෙවන්න අද ගියාම දවස් දාහතර පහු
වෙලාලු. උන් දවස් ගනින්නේ වැරැද්ද කරපු දවසත් එක්කළු. හුටා... දැන් පලකෝ උසාවි.
පන් හය දාහකට කෙලෝ ගන්න. කෝකටත් ශේප් න්‍යාය හොඳයි නේද කියලා මුකුත් කරන්න බැරිද
කියල ඇහුවම OIC මහත්තයගෙන් අහලා බලන්න කිව්වා.
ගියා
උන්දැ ළඟට.
“මල්ලි,
මේක උසාවි යන කේස් එකක්. ම්ම්ම්... අපි මොකද මේ ගැන කරන්නේ....” කියලා ඇදලා එහෙම,
“හරි
කමක් නෑ. ඔයාට උදව්වක් විදියට මන් මේකේ දිනේ වෙනස් කරලා දෙන්නම්. ඔයා දඩ කොලේ
ගෙවලා එනගමන් බොක්ස් ෆයිල් එකක් අරං එන්නකෝ..” කියලා ගන්න ඕනි කඩෙත් කිව්වා.
එතනම
හිටපු තවත් කොස්සෙක් මට තවත් දඩ කොලයක් දුන්නා. “මල්ලි ඕකත් එක්ක මේකත් ගෙවාගෙන
එන්නකෝ..” කියලා. රුපියල් හයසීයකුත් දුන්නා ඉතුරු සල්ලි ගෙනත් දෙන්න කියලා. තව
ලියුමකුත් දුන්නා රෙජිස්ටර් කරන්නෙයි කියලා. වෙලාවට ඒකෙ මුද්දර ගහලා තිබුණේ.
ඉතිං
දඩ කොළ දෙකත් ගෙවලා, ලියුමත් රෙජිස්ටර් කරලා, 230ක් දීලා බොක්ස් ෆයිල් එකත් අරගෙන
මන් ගියා පොලීසි. ඔතන හිටියේ මට දඩ කොළේ ලියලා දීපු WPC දැරිවි විතරයි. ඔන්න එයාට කොනක
ඉඳන් රිසිට් ටික දුන්නා.
“මල්ලිට
වැඩ ගොඩක් හම්බ වෙලා වගේ”
ලතාවකට ගස්සලා පද්දලා කියනකොට ඉතුරු වැඩ ටික අමතක වෙන එක
අහන්නත් දෙයක්යැ. 550හේ දඩ කොළ දෙකට
අරුන්දගෙන් හයසීයි මගෙන් පන්සීයයි. එතකොට එතනින් පනහකුයි බොක්ස් ෆයිල් එහෙකුයි
ලාභයි නෙව. එකම අවුල උනේ ගෙවාපු දඩ කොළේ ෆොටෝ කොපියක් ගහගන්න බැරි උන එක විතරයි.
මේ ඔය වගේ තව එකක්. මං හෙව්වෙනම් අර ගුටිකන මූණක් තියෙන එකා මඩකලපු පැත්තේ ගිහින් වෙච්ච ඇබැද්දිය. හම්බ උනේ මේක විතරයි.
මේ අනික් සිද්ධිය.
බොක්ස් ෆයිල් එකක් මොකටද?
ReplyDeleteරාක්කෙ හිස්තැනක් පුරවන්නනෙ ආයුබොවන්!
Deleteශ්‍රී ලඩ්කා පොලීසිය හරි දියුණුයි නෙ දැන්...
ReplyDeleteකියලා වැඩක් නෑ සෙන්නා. මේක ලඩකාවනේ..
Deleteහැබෑට බොක්ස් ෆයිල් එකක් මොකටද බං? එක අතකට ඒක කාගේවත් සාක්කුවට නොගිහින් පොලීසියේ වැඩකට ගන්න එකක් කියලා හිත හදාගත්තෑකි. එහෙමද හවසට බොක්ස් ෆයිල් එක ආපහු කඩේට වැඩම කරනවද දන්නේ නෑ නේ? බොක්ස් ෆයිල් එකක් කීයද බං?
ReplyDeleteකවුද මේ ගුටිකන මූණක් තියෙන එකා????
උඹ අනිවාර්යයෙන් ඔය රිසිට් වල ෆොටෝකොපි තියාගනින්, නැතිනම් වෙන පොතක ලියලා තිබිලා එක පාරට සිතාසි ආවොත් සොරි ඩොට් කොම් නේද?
මං හිතන්නේ පොලීසියේ වැඩකටම තමා. දෙසිය තිහක් උණා පොඩි එක. දැන්නම් පොඩි දෙගිඩියාවකුත් තියෙනවා සිතාසියක් ගෙදරට එයිදෝ කියල.
Deleteගෙදර පාවිච්චියට නොගත්තු බොක්ස් ෆයිලුත් තිබුන එකේ අරක දීල ආවනම් හොඳයි කියලත් හිතෙනවා. ඒත් අර වෙලාවෙ ආපු තරහට මොළේ කොලොප්පන් වෙලානේ තිබුණේ. ෆොටෝ කොපි සීන් එක අමතක උණා නෙව. සික් ඉතරක්.
ඔන්න හෙන්රි අයියේ දන්නැති මිනිස්සුන්ට දැනගන්නත් එක්ක අර ගුටි මූණා ගැන ලින්ක් තුනක්ම මෙන්න.... :D
මෙන්න අංක එක
මේ තියෙන්නේ දෙක
මෙන්න තුන්වෙනි එක
පොලිසි වල ඉන්නේ හිඟන්නොද මන්දා බං... මේ ළඟදි අපේ මස්සිනාගේ ෆොන් එක නැති වෙලා හෙන මෙහෙයුමක් කරලා හොයාගත්තට පස්සේ පොලීසියට මොකක් හරි උදව්වක් කරන්න ඇහුවම කිව්වේ පුළුවන් නම් බොක්ස් ෆයිල්ස් ටිකකුයි A4 බන්ඩ්ල් ටිකකුයි ගෙනත් දෙන්න කිව්වා... ඒ වෙලාවේ අකමා වගේම දේවල් කරගෙන නිතරම පොලීසි ගානේ බඩගාන අපේ මහත්තයත් කිව්වේ එහෙම දේවල් නම් පොලිසියට වටිනවා කියලා... හදිසියට කොළයක් එහෙම හොයන්න පුදුම අමාරුයිලු...
ReplyDeleteමාත් චරිත සහතික ගන්න බුලත් විට, A4 එහෙම ඇදලා තියෙනවා.
Deleteහැබැයි ඔයා කිව්වා වගේම බොක්ස් ෆයිල්, A4 එහෙම ඉල්ලන එකෙන්ම තේරෙනවා නේද අපි කොච්චර බැන්නත් ඒ මිනිස්සුත් අමාරුවෙන් ඉන්නේ කියලා. මට ඒ වෙලාවෙ ඒක හිතුන්නැති එකයි අවුල.
එයාලගේ රාජකාරියට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය නියමාකාරයෙන් ලැබෙන්නැත්නම් වක්‍රාකාරයෙන් හරි ගන්න එයාලා පෙළඹෙනවා. නැත්නම් ඒකත් එයාලගේ පර්ස් එකටමනේ....
පොලීසිය කියන්නේ ලයිසන් තියන හොරු ! :D
ReplyDelete:D ඒ කතාවනම් එළ!
Deleteලයිසන් තියන හොරු ! :D
පරණ බොක්ස් පයිල් වුනාට කමක් නෑද අකමො...ටිකක් ගිහිං දෙන්න බැරියැ...
ReplyDeleteඅනේ කොල්ලො පොඩ්ඩක් හෙන් රියටත් මේ සත් ක්‍රියාව මතක් කරපං ඌ නං පුල්ම සහයෝගයක් දෙයි.
දෙයි දෙයි.. බොක්කෙන්ම දෙයි.. ඒත් අවුලකට තියෙන්නේ මෙන්න මේ ඉල්ලීම තමයි..
Delete"“අනේ හෙන්රි ආගියූ කරන්න යන්න එපා. ගහන දඩයක් ගහපුදෙන්.”"
ඔයින් ගියා මදැයි... බලාපන් කොච්චර හොඳ මහත්තුරුද කියලා...
ReplyDeleteමගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් (කලින් පොලීසියෙ හිටපු) කියපු කතාවක් මතක් උණා.
Delete"පොලීසියෙ අයට ප්‍රවාහන පහසුකම් දෙනවනම් ෆුඩ් බෝඩ් වල එල්ලිලා හොරෙන් යන්නෙවත්, නියම විදියට දීමනා දෙනවනම් එක එකාගෙන් බුලත් විට ඉල්ලන්නෙවත්, පාරේ නීතිය හැම එකාටම එක විදියට කරන්න පුලුවන්නම් බයික් ත්‍රීවීල් විතරක් අල්ලන්නවත් වෙන්නෑ" කියන එක.
ඒක අද වෙච්ච මේ සිද්ධියෙන් ඔප්පු උණා මාතලන් අයියේ.. ට්‍රැෆික් OIC මෙතැනදී ඉල්ලුවේ ගෙදර ගෙනියන්න දෙයක් නෙවෙයි. රාජකාරී අවශ්‍යතාවයක් සපුරාගන්න අවශ්‍ය දෙයක්.
ඔහොම අරගෙන උන් රාජකාරියට හම්බෙන් සල්ලි යටි මඩි ගහනවද දන්නෙත් නෑ..උඹ ඔය වැරැද්දක් කොරලනෙ. නිකන් හිතපන්කො පොලිස් රිපොර්ට් එකෙක් ගන්න ගියාම, අරවා අරන් වරෙන්, මේවා අරන් වරෙන් කියලා කියනකොට දැනෙන හැඟීම කොහොමද කියලා.
Deleteලංකාව හදන එකෙක්, ( නිකන් කතාවට විතරයි ඈ.. ) වැඩ පටන් ගන්න ඕනා පොලීසියෙන්. ඒකෙ ආයෙ දෙකක් නෑ.
ඒත් අපේ උන් රට හදන්න යන්නෙම ගෝරමේන්තුවටනේ..
Deleteඅකමෝ වැරැද්ද අපේමයි. මටත් ඔය වගේ වැඩ වෙලා තියනවා. ඒත් අපි උසාවි යන්න ඇති බියට පගා ගෙවනවා. සමාජයම මේ පගා ගෙවන ක්‍රමයට එරෙහි වෙන්න හැකි දවසක ලස්සන පොලිසියක් හැදේවි. අපිම පගා දේන්න කතා කරමින් අපම සුර ලොවක් හොයනවා. වරද මා කළත් ඔබ කළත් වෙනකෙක් කළත් එකයි. වරද කරන එකාමයි පගාව දෙන්න හදන්නේ හා ඉන් පසුව දෝශාරෝපණය කරන්ණේ. සිංගප්පුරු ගිය වරදක් කළ අපේ එහෙකුගෙන් අහන්නකෝ එහේ තත්ත්වය.
ReplyDeleteතිත්ත උණත් ඇත්ත ඒකයි නලින් අයියේ.
Deleteඒත් උසාවි ගිහිං පැයකට හරි කූඩුවේ ඉඳලා, දවසක් කට්ට කාලා, ලෝයර්ගේ පස්සෙන් ගිහිල්ලා නඩුව නොඅහාම දෙන තීන්දුවට මාසේ පඩියෙන් භාගයක් දෙන්න මටනම් අමාරු වෙයි නලීන් අයියේ. එතැනදී වෙන්නෙත් සාධාරණයට වඩා නීතියේ උඩඟුකමට යටත් වීමක්..
නලින් වරද අපෙ නෙමේ මෙ උසාවි ක්‍රමෙ.දඩෙ ගෙවන්න මිට වඩා පහසු ක්‍රමයක් හදුවනම් එ සල්ලි ඔක්කොම මිනිස්සු කෑමෑත්තෙන්ම අන්ඩුවට දෙනව්.මෙ ක්‍රමෙට ගල්ලෙ කෙනෙක්ට නිවාඩු දවසක යාපනෙදි දඩයක් ලිව්වොත් එ මිනිහ ආපහු යපනෙ යන්න ඔන ලයිසොම ගන්න.හබෑයි අපිට ලොකෙ ඔන තනක ඉදල වි 1න් සල්ලි ගෙන්න ගන්න තරම් ඩන් ටෙක්නොලොජි ඩියුනුයි.
Deleteඅනිවා එකඟයි දමිත්.
Deleteදන්නවද අදටත් වාහනයක් ස්ටාට් එකේ තියෙද්දී තෙල් ගැහුවොත් දඩය රුපියල් විස්සයි. ඉතින් ඔය වගේ වැරදි කවදාවත් වැරදි තත්ත්වයේ දාලා කවුරුවත් සලකන්නේ නෑ.
අනික මං මේ ලඟදි ප්රවෘත්ති වලදී දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයක්. ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් ඒකට ආන්සර් කරන එක බරපතල වරදක් කියලා. එතකොට නිවේදකයා ඇහුවා බ්ලූටූත් හැන්ඩ්ස්ෆ්‍රී එහෙම තහනම් නැද්ද කියලා.
ඒකට උත්තරේ උනේ.. "නීති පොතේ තියෙන්නේ වාහනයක් ධාවනය කරනකොට දෑතම සුක්කානම මත තිබිය යුතුයි කියන එක" කියලා පොර ශේප් උණා.
පොලිස් මහත්තුරු කොච්චර හොදද කියනවනම් 3 පාරක්ම මගෙන් දඩෙ ගාන සල්ලි වලින් අරගෙන එ ගොල්ලොම දඩෙ ගෙවන්නම් කියල ලයිසම ආපහු දුන්න සිගිරියෙදියි කතරගමදියි කලුතරදියි.මමත් එයාලට වෙඩි වෙඩියන් ලබෙන්න කියල පින් දිල ආව
ReplyDeleteමෙයාලත් එදා මට ඒ පොත දැම්මා. ඒත් මන් ගාව රුපියල් දෙසීයයි ඒ වෙලාවෙ තිබුණේ. :(
Deleteමාර්ග නීති කඩලානං මම කවදාවත් දඩයක් කාලානං නැ , ගොඩාක් ඉස්සර අර අහවල් එක කසන කාලේ ,ගේකට පැනලා නිදාගන හිටපු අවුරුදු 40ක විතර එකෙකුට ගහලා උසාවි නොයා වැඩේ ගොඩ දාගත්තා .
ReplyDeleteකාබන් පැන් 5
පයිල් කවර 5
හාප් ෂීට් 50කුයි
අරගන දීලා.
බනින්ඩ එපා බං පොලිසියට . එදා මට උන් ඒ උදව්ව නොකරන්ඩ දවස් දාහතරක්වත් රිමාන්ඩ් වෙන්ඩ වෙනවා
ලයිසන් අරන් බර කාලයක් වෙන, ඒ වගේම ඒක පාවිච්චියට ගන්න, බයික් එකේ ගමන් බිමන් යන දඩ නොකාපු එකෙක් ගැන ඇහුවමයි. මම තමයි මං දන්න කියන අයගෙන් අඩුවෙන්ම කාලා තියෙන්නේ. ඒකනේ මං අච්චර ආඩම්බරෙන් කිව්වේ. අපරාදෙ ආඩම්බර උණා. :(
Deleteඅටමෝ, ඔහේ ඉන්න රාළහාමිලා බලන්නේ කොහොම හරි ට්‍රැෆික් එක අඩු කරගන්න. ඔහේ විතරක් නෙවෙයි රත්නපුර ටවුන් එකේ උණත් එයාලට අවනම්බුවක් වෙන විදියට (හෙල්මට් නැතුව) ගියොත් ඇරෙන්න ලයිසන් නැති උන් එහෙම අල්ලගෙන මඩවන්න දඟලන්නෙ නෑ. ඒකටත් එක්ක 2.50හෙ පොලීසි. උන් තමයි චණ්ඩියෝ. කියල වැඩක් නෑ බං.
හරිම සර්වසාදාරණ සිවිල් නීතිය අකුරට ඉටු කරන මෙවැනි නිලධාරින් හා මෙවැනි දුර දක්වා නුවනින් යුත් අකමා වැන්නවුන් මේ රටට වාසනාවන්..
ReplyDeleteපල පල යන්න. දැන් මං මේ නුදුරු කාලයේ එන සිතාසිය ගැන හීන මවනවා.
Deleteමංනං ඉස්සෙල්ල ගොඩක් වෙලාවට හයිස්පීඩ් තමයි අහුඋනේ. ඒත් දැං ඒව අල්ලන්නෙ නැති හින්ද දෙපාරක්ම ඉර කපාගෙන ගිහිං අහුඋනා. පළවෙනි පාර මාදම්පෙ හන්දියෙදි ඒකනං උසාවි දැම්ම. දඩේ 1000 යි ලෝයරයට 1000 යි. දෙවෙනි පාර තණමල්විලදි. එදා උසාවි දැම්මනං වැල්ලවායෙ යන්න වෙනව. උංනං දඩ කොළයක් දීල මේක ගෙවල ආපහු යන ගමං ලයිසන් එක අරන් යන්න කිවුව.
ReplyDeleteෆූ.... ඇති යන්තම් උපදේසයක්වත් ගන්න එකෙක් හම්බ උණා.
Deleteබොක්ස් ෆයිල් එකක් දීලා බේරුනා ඇති.
ReplyDeleteදුන්නෑනේ අයිලාස්.... අනික මේක ඔතනින් ඉවරද නැත්නම් ටිකකට යට ගියාද කියල දන්නේ හැන්ද අතේ තියෙන උන් විතරම තමයි.
Deleteදැං ඉතිං බලං ඉඳපං ඔය සිද්ධිය අමතක වුනහම උසාවි එන්න කියලා සිතාසියක් එවයිද කියලා. අපේ යාළුවෙක්ට එහෙමත් උනා, ට්‍රැෆික් කාරයෙක්ගෙන් පාරක් අහන්න ගිහිං. අන්තිමේ උසාවියෙන් ආයෙම දඩ ගහලා, මම ගිහිං දඩේ ගෙවනකං ඌට කූඩුවෙත් ඉන්න උනා.
ReplyDeleteඩ්රැකීව සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට...
Deleteඑක නෙවෙයි දන්නැති නිසයි අහන්නෙ ඩ්රැකී ඉන්නෙ මොන රටේද..... :D
අපේ රටේ වැරදි කියන්නේ රජයට අමතර ආදායමක්. මග දිගට නිලධාරීන් යොදවන්නේ වැරදිකාරයන් යහමගට ගන්න චේතනාවෙන් නෙවෙයිනේ. තව කීයක් හරි හම්බකරගන්නනේ.
හමුදාවේ මුලාදෑනිකං කොරන කාල වකවානුවෙනම් යන්නේ ගෙදර පොරෝජනේ සඳහා හමුදාවෙන් දුන්න වාහනෙන් නිසා මොනවා කොලත් පුරස්නයක් නැහැ. එලවන්නේ හමුදා රියදුරානේ. එහෙම කළා කියලා අසමජ්ජාති විදිහට පාරේ ගියේ නැහැ. පැන්සොන් ගත්තට පස්සේ ඒ රාජ ඌස්නේ බහිනවනේ. දැන් ඉතින් මමම එලවපන් අප්පා. හැබැයි මොකක්දෝ පූරුවේ පිනක් පලදීලා තියනවා. වැරද්දක් කොරලා (හැමදාම අහුවෙන්නේ හයි ඉස්පීඩ් තමා. කහ ඉර උඩදී ඉස්සර කොලා කියලා එක දවසක් ඇල්ලුවා) පොලොසියට අහුවුනාම මම ටිකක් චෙස්ට් ෆෝවඩ් දාලා පුක් බෑක් දාලා හරියටම රාලහාමිගේ ඇස් දෙක දිහා බලාගෙනයි ලඟට යන්නේ. කොටටම කපපු කොන්ඩෙයි, ටිකක් විතර ඉතුරු වෙලා තියන කඳ බඩයි දිහා බලපු ගමන් අහන්නේ 'පොලීසියේද' කියලා. මම නෑ කියන ගමන් දෙනවා සේවාමුක්ත භට සංගමයේ අයිඩිං අහවල් එක. ඒකෙ තියනවා නොවැ නිල නාමය, රෙජිමේන්තුව, ආදිය. පොටෝ කෑල්ලත් එක්කම. අනේ ඉතිං ඕක පෙන්නාපු ගමන් කියනවා 'බලන්න සර් සර්ලත් මෙහෙම වැරදි කරනකොට අපි කොහොමද අනික් මිනිස්සු අල්ලන්නේ. හරි හරි සර් යන්ඩ' කියලා. ඉතිං යන්ඩ කිව්වට පස්සේ මං මොනවා කොරන්ඩද අප්පා. 'සමාවෙන්ඩ රාලහාමි ආයේ මෙහෙම කරන්නේ නැහැ' කියලා එනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අපි ඉතිං චෙස්ට් ෆෝවර්ඩ් පුක බෑක් දාන්න ගියොත් තිවංක පිළිමේ වගේ තියෙයි. :D
Deleteමට තියෙන ලොකුම පුදුමේ කහ ඉරි උඩ විතරක් නවත්තන, මහ පාරෙ රේස් යන, බයික් ත්‍රීවීල් තඹේකට මායිම් නොකරන හැමෝම බනින බස් කාරයන්ට ඔය නීති අදාල නැත්තෙ මොකද කියලා.
දැන් හයිස්පීඩ් අල්ලන්නෙ නෑනේ. අල්ලනවනම් මටත් සොරිම තමා. එතකොට කියන්න වෙන්නේ "සමාවෙන්ඩ රාලහාමි ආයේ මෙහෙම කරන්නේ නැහැ. එහෙනං මන් ගොහිං එඥඥං" කියලා තමා. :D
විචාරක මහතා වැඩේ බොහොම වැරදියි. අපි හැමෝම මෙහෙමයි.. ඒකයි ලංකාව හැමදාම එකතැන පල්වෙන්නෙ.
Deleteහපොයි මුං ගැන කියලා වැඩක් නෑ
ReplyDeleteකටේ කෙලත් හිඳෙනවා අප්පා...
Deleteබාප්පොච්චියේ, කන්න අරන් දෙන්න, ප්ලේන්ටි අරන් දෙන්න වෙන්නෙ නැතුව මෙහෙම එකක් කරන්න ලැබෙන එක හොදයිනේ..
ReplyDelete(ඊයක් දැම්මම රිප්ල්යි කරන්න ඉගෙනගනු,,)
එහෙනම් ඉතින් මෙහෙ ඇවිත් ඇවිත් මේස, පුටු, ඇඳ, අල්මාරි එහෙම අරන් දිය. කන්න නොදී.
Delete--------------------
මේකනේ බොල කෙල්ලේ....,
මං ඔන්න ඒකාලේ, ඒකාලේ කිව්වේ බොලයි ආච්චම්මත් පොඩිකාලෙ වෙන්ටැ. මං ගියා කොම්පීතර කෝස් එහෙකට. ආයෙ ඔය වන්නියේ එව්වා වගේ නෙවෙයි හයිස්පීඩ් ත්රීමන්ත්ස් එහෙකට.
ඕකේ ,
Introduction to computer
MS paint
Word,
Excel
Power point
Access
Email & Internet
කියාල තිබුනට චිත්‍ර අඳින්න සති තුනයි, වර්ඩ් වලට මාස එකයි කාලයි, පවර් පොයින්ට් සති දෙකයි, එක්සෙල් ඇක්සස් සති එකහමාරයි කොලාට පස්සේ ඉතුරු සති බාගේ ඒ කියන්නේ අන්තිම දවසෙ අන්තිම පැයේ තමයි ඉන්ටනැට්ටුව ගැන කියල දුන්නේ. එදා ලයින් එක කපල නිසා මෙහෙම කොරපිය කියල කළු ලෑල්ලේ ඇඳලා දුන්නේ.
දැන් ඉතිං බොලා සතුටු වෙයන් අරෙහෙම හරි අතපත ගාගෙන ඊතල විදින්න ඉගෙන ගත්තට. ආඩපාලි නොතියා.
හි හි ... මරු කොම්පීතර් කෝස් එක :D
Deleteනැහැ මචං..ඕව තියෙනව ..හොඳ ඒව අන්තරස්දාන වෙනවනෙ..!
ReplyDeleteහෙක්... අකමටත් වෙන වැඩ....
ReplyDeleteවිගමනික ප්‍රජාව වෙනුවෙන්.....................මටත් පුංචි ඉඩක් දෙන්න........................බොහොම ස්තුතියි..............................සුභ දවසක්........................................................... ,
ReplyDeleteහිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,
විදෙස් රැකියාවක නියුතු ඔබ සැම වෙනුවෙන් වූ අප සේවා
විදේශ රැකියාවක යෙදෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ශ්රීස ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං ශය වීසින් පැය24 පුරාම මෙමවිශේෂ විගමණික සම්පත් මධ්යයස්ථානය ක්රිලයාත්මක කරයි.
මේ වනවිටත් ඔබ අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු වි සිටීම ගැන ශ්රීෂ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංටශය වෙනුවෙන් ස්තුතිය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
එසේම පහත සදහන් අප සේවා එසැනින්ම ලබාදීමට අප කටයුතු කරමි.
• ලියාපදිංචිය පිළිබඳ වර්තමාන තත්වය( මේ සදහා ගමන් බලපත්රක අංකය හෝ ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය සටහන් කිරීම පමණක් ප්රිමානවත්ය)
• විදේශ රැකියාවේ යෙදීමේදී සිදුවන දුෂ්කරතා, කරදර හිරිහැර හා අවශ්යීතා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්රිනයාත්මක වීම ( ඔබගේආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්රිසයාමාර්ග සම්බන්ධීකරණය සිදු කරන අතර පැය 24 පුරා ක්රිධයාත්මක මෙම ඒකකය ඔස්සේ එම ගැටලු හා අවශ්ය්තා ලබා ගෙන ඒ සඳහා නිසි පිළියම් යෙදීමට අදාළ අංශ වෙතට යොමුකිරීම් කටයුතු සිදු කෙරේ)
• විදේශ රැකිය රක්ෂණ ක්ර මය පිළිබඳ සියළු විස්තර
• විගමණික පවුල්හී දූ දරුවන් වෙනුවෙන් ශිෂ්යපත්ව යෝජනා ක්රතමය පිළිබඳ සියළු විස්තර
• පිළිබඳ සියළු විස්තර
• සහනදායි පොළී ක්රතමයකට නිවාස ණය හා ස්වයං රැකියා ණය ලබාදීමේ යෝජනා ක්රකමය පිළිබඳ සියළු විස්තර
• විගමණික ශ්රුමිකයන් නැවත සමාජානුගත කිරීම පිළිබඳ සියළු විස්තර ( රට විරුවෝ වැඩසටහන පිලිබදව)
• එතෙර රැකියාවේදී පූර්ණ ආබාධිත වන අයට නිවාස පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය පිලිබදව
• සේසත විශ්රාවම වැටුප් ලබාදීමේ යෝජනා ක්රීමය පිළිබඳ සියළු විස්තර
• විදේශ රැකියාවන්හි යෙදී සිටියදී රෝගාතුරව පැමිණෙන අය සඳහා වෛද්යව ප්රඳතිකාර ලබාදීමේ ව්යාවපෘතිය පිලිබදව
• සහන පියස සුභ සාධන සේවා මධ්යයස්ථානය පිලිබදව
• සමථකරණ සේවා පිලිබදව (එතෙර රැකියාවක් සිදු කිරීමේදි යම් කරදරයක් අපහසුතාවයක් සිදුවුවහොත් ඒ සම්බන්ධව ක්ෂණිකව සොයා බලා එයට‚ එම ගැටලුව සමථයකට පත් කිරීම සඳහා ඉතා ක්ර මවත් හා කඩිනම් වැඩ පිළිවෙලක් මේ යටතේ ක්රිවයාත්මක වේ. ඔවුන් සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණු වහාම අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව කඩිනමින් ඒ ගැටලුව හා අවශ්යගතා පිළියම් යෙදීමට කටයුතු කෙරේ.)
• විදේශ සම්බන්ධතා සේවා පිලිබදව
• සමාජ‚ රක්ෂණ සේවා පහසුකම් පිලිබදව
• ප්රජවර්ධන වැඩසටහන් පිලිබදව
ඒබැවින් කරුණාකර අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු ලෙසටම , අප පිළිබඳව හා අපගේ තොරතුරු ඔබ දන්නා ශ්රීහ ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට මෙම පැය24 පුරාම ක්රිවයාත්මක විගමණික සම්පත් මධ්යකස්ථානය පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.
අපගේ දුරකථන අංකයන්: 0094112879900
0094112879901
0094112879902
ෆැක්ස් අංකය : 0094112879903
ඊමේල් ලිපිනය : infor_center@slbfe.lk
ස්කයිප් : inforcenter_slbfe
අන්තර්ජාලය : www.slbfe.lk
මේ සම්බන්දයෙන් ඔබගෙන් ලැබෙන සහයෝගයට ගරු කරමි.
මෙයට- විශ්වාසි,
අතුල ඉලංගන්තිලක
පරිපාලන නිලධාරී,
විගමණික සම්පත් මධ්ය්ස්ථානය- ශ්‍රී: ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංවශය