ධර්මද්වීපය
කියල නම වැටිලා තිබුණු අපේ රටේ ඉස්සර ගෑණු කෙනෙකුට පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර
තුඩුවට යනකන් ඕන රෑක යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට හේතුව ඒ කාලේ හිටපු අයගෙ හැදියාව. ඒ විතරක් නෙවෙයි, කාන්තාව පිළිබඳ තිබුණු ගෞරවාන්විත හැඟීම.
ඉස්සර හිටපු මිනිස්සුන්ගෙ ජීවන රටාව බොහොම සරල එකක්. ඉර ඇහැරෙන්න ඉස්සරින්
නැගිටලා උයලා පිහලා, වැස්සිගෙන් කිරි ටිකක් දොවාගෙන හේන් ගොවිතැන් බතක් කරගෙන
හිටපු මිනිස්සු හවහට පන්සල පැත්තෙ ගිහිං කරුවල වැටුනායින් පස්සේ නින්දට ගියේ ඒ බව
මොනවට පැහැදිලි කරමින්. ඒ සමාජෙදී මවට, දියණියට එහෙමත් නැත්නම් ස්ත්‍රියට ලැබුණේ උතුම් තැනක්.
බෞද්ධයෝ
වෙච්චි අපේ ලෝකේ උතුම්ම පුද්ගලයා වුණු බුදුන් වහන්සේ ළඟට දෙවැනි බුදුන් කියලා
විරුදාවලි ලබන්න තරම් කාන්තාව වැදගත් තැනැත්තියක් උණා. එහෙනම්
ඇයි මේ කාන්තාවන්ට එක දවසක් හරි දෙන්න කියලා ඉල්ලන්න තරම් කාන්තාව මෙච්චර අසරණ
වෙලා. අපි කවදාවත් කාන්තාවට දවසක් විතරක් දුන්නෑ. සම තැන දෙන්න ගියෙත් නෑ.
එහෙනම්....? නිසි තැන, නිසි ගරුත්වය තමයි දුන්නේ. ස්ත්‍රිය කියන්නේ මව් පදවියක්
දැරිය හැකි ගෞරවණීය තැනැත්තියක්. ඒ නිසයි එයාලට නිසි ගරුත්වය ලැබුණේ.
රජෙක්
උණත් මඩ නාගෙන ඉන්නවනම් කවුරුවත් ගරු කරන්නේ නෑ නේද? එහෙනම් රජා දැනගන්න ඕනි නේද
මඩ නොනා ඉන්න. පාරේ යන හිඟන්නෙකුට “උතුමාණෙනි” කියලා දන බිම ඔබන්න තරම් පුද්ගලයෙක්
ඉන්නවද මේ ලෝකේ? ඒත් ඒ හිඟන්නම හොඳට ඇඳ පැළඳ ගෙන සැප වාහනෙකින් ඇවිත්
බැස්සොත්.......
“හෝව්...
හෝව්...” බනින්න ඉස්සෙල්ල මේ ටිකත් කියවන්න.
බලු
බෙට්ටත් මාකට් කරන්න පුළුවන් විවෘත ආර්ථිකයක් තියෙන කාලේ නාරි දේහයට ලංසුවක් තැබීම
පුදුමයට කාරණයකුත් නෙවෙයි. කට්ටියක් නාරි දේහේ
විකුණන් කනකොට තව කට්ටියක් විකිණෙන්න ගත්තා. අදටත් ඔසරියක් ඇඳන් යන කෙනෙක් දිහා
බලන ගෞරව සම්පන්න ආකාරයෙන් නෙවෙයි හිරට හිරේ තදවුණු කලිසමක් ඇඳලා යන කෙල්ලෙක්
දිහා බලන්නේ. බටහිරයන්ට ඕනි උනේ කාන්තා ශරීරයට ගරු කරන්න නෙවෙයි, ඒකෙන් රස විඳින්න. පංච
කල්‍යාණි තරඟ තියපු අපිට ගෑණුන්ගේ ඇඳුම් ගලෝලා බිකිනියකට බස්සලා මිස් ක්වීන් තියන්න
ඕනි උණා.
බටහිරයන්ගේ
දේ අමු අමුවෙම අනුකරණය කරපු අපි උතුම් ස්ත්‍රිය බඩුවක්, කෑල්ලක් දක්වා ගෙනාවා. බටහිරයන්ට
අනුව සෙක්ස් ඩෝල් කෙනෙක් වෙච්චි ගෑණිගේ සංකල්පය මෙහාටත් ගෙනාවා.
මෙව්වයින්
හෙම්බත් උණු බටහිර ස්ත්‍රීන් එක දවසක් හරි ඉල්ලද්දී දේශපාලන වාසි ගන්න එහෙමත්
නැත්නම් මාකටිං පාරක් දාලා බඩු ටිකක් විකුණගන්න ඉන්න වෙළෙන්දෝ එකතු වෙලා මෙහාටත් ඒ
ක්‍රමේ හඳුන්වලා දුන්නා. වැඩිහිටි, ළමා, පෙම්වත් දින අස්සේ කාන්තාවන්ටත් දිනයක්.
එදාට විතරක් බෝඩ් ලෑලි උස්සන සංවිධාන සාක්කුව පුරෝගෙන අයින් වෙනවා. දේසපාලුවෝ කතිර ටිකක් එකතු කරගන්නවා. වෙළෙන්දෝ බඩු ටිකක් විකුණා ගන්නවා. සෙක්ස් ඩෝල් එක අට වෙනිදත් විකිණෙනවා.
එදාට විතරක් බෝඩ් ලෑලි උස්සන සංවිධාන සාක්කුව පුරෝගෙන අයින් වෙනවා. දේසපාලුවෝ කතිර ටිකක් එකතු කරගන්නවා. වෙළෙන්දෝ බඩු ටිකක් විකුණා ගන්නවා. සෙක්ස් ඩෝල් එක අට වෙනිදත් විකිණෙනවා.
කාන්තාවන්ට එක දවසක් දුන්නොත් ඉතුරු ඔක්කොම දවස් නිල වශයෙන් නැතත් පිරිමින්ගේ වෙනවා. ඒක හරිද? ඒ නිසා අකම්ගෙන් තුන්සිය හැට පස් දවසෙම
නිසි තැන එයාලට හම්බ වෙයි. ඒත් මාර්තු අට වෙනිදා ඕනිමනම් අර ගනිල්ලා. ඒකට අකමැත්තකුත්
නෑ.
සුබ කාන්තා දිනයක් වේවා කාන්තාවො ඔක්කෝටම!
ReplyDeleteඔව් ඔව් අදට විතරක්... :)
Deleteඉස්සරනං ඔය කාන්තාවන්ට, ළමයින්ට කියල වෙනම දින මේ රටේ තිබුණෙ නෑ. ඕව ඔක්කොම ඔය මාකටිං වැඩ තමයි.
ReplyDeleteප්‍රසන්න අයියලාගේ කාලේ හැබෑටම ඔව්ව තිබුන්නැද්ද? මේ කාලෙනම් ඒකට.... කක්කුස්සි යන්නත් දිනයක් තියෙනවයි කියන්නේ..
Deleteඔයාගෙ කතාව සම්පූර්න ඇත්ත.. අපේ රටේ තියෙන සංස්කෘතිය විනාස කරන එකට මම එකහෙලාම විරුද්දයි... අනික ලංකාව වගේ උතුම් රටක් බටහිර පන්නයට යනව කියන්නෙ අපේ රටේ විනශය ලගයි කියන එක...
ReplyDeleteඅවුරුදු පන්සීයකට විතර කලින් දාන්න තිබුණු කමෙන්ට් එකක්. අඩුම ගානේ දෙසීයකටවත් කලින්...
Deleteබටහිරයන්ට බැනලා, උඹට දැන් හම්බෙයි...අම්බානකට.. පරිස්සමින් හිටහන් :D
ReplyDeleteඅඩේ මේ නිකන් ඉන්දහන් මාව බය කරන්නැතුව. අනිත් උන්ට අමතක වෙන දේවල් මතක් කරලා මෙතන තව එනවා බය කරන්නත්. ඔය කිව්වට මාත් මේ පට්ට බයේ ආවේ සම්බාධක, මානව හිමිකම් කේස් එහෙම පත්තු වෙලා ඇති කියලා.
Deleteඇත්තටම අපිට දවසක් ඕනෙ කියලා කාන්තාවෝ ඉල්ලනවද ? අනේ මන්දා ඔයාල කියන කම් මට ඔය දවස ගැන මතක් උනෙත් නෑ.
ReplyDeleteබටහිරෙන් එන හැම කුණු ගොඩක්ම දෑත බදලා බදා ගන්න අපේ උන් මේ දවස අර ගත්තට අපිට කරන්න දෙයක් නෑ. අනික අද දවසේදි පාරට බැහැලා විකාරයක් කරන්නෙ කරන්න දෙයක් නැති නෝනලා මිසක් අනිත් අය නෙමේ.
අපේ අම්මලා ඔය අයිතීන් ඉල්ලගෙන වීදි බැස්සෙ නෑ. ඒත් එයාලට ඕනෙ දේ එයාලා ලබා ගත්තා.
සහතික ඇත්ත ලිහිණි. අද මං බලාපොරොත්තු වෙච්ච පෙළපාලි, රැස්වීම් මුකුත් දකින්න ලැබුන්නෑ. ඒත් ටීවී එක දැම්මම.....? විනාඩි දහයකට කී පාරක් කියනවද "ජාත්‍යන්තර කාන්තා දිනය කියලා"
Delete....//අපේ අම්මලා ඔය අයිතීන් ඉල්ලගෙන වීදි බැස්සෙ නෑ. ඒත් එයාලට ඕනෙ දේ එයාලා ලබා ගත්තා.//.......
Like
දවස ගැන පුරස්නයක් නෑ.. ඒත් කාට හරි දවසක් ඉල්ලන්න උනේ ඇයි කියලා හිතුවා නං හරි.. හි හි... මොකෝ ඉතිං කතා කරන්න පුරස්න නැතුවයැ මේ රටේ දවසක් තිබ්බත් නැතත්...
ReplyDeleteමට හිතුනේ මාකටිං පාරක් කියලා. පොඩි හේතුවක් මුලට දාලා.
Deleteසමහරවිට කැන්ටිමට ඌරු මස්, මී පැණි ඕනි කියලා කිව්වේ, අන්න ඒ වගේ නිකන් තියෙන කටකින් කිව්වද දන්නෑ... හි... හි... හි...
ඔහොම දිනයක් දාන්න ඇත්ත හේතුවනම් මං දන්නෑ.
මම ඔය ගැන හිතන විදිය පෝස්ට් එකක් දැම්මා...
Deleteඅපිට සෙට් නොවන කෙල්ලන්ගේ දිනය සාතිශය ලෙස හෙලා දකිමු!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දෙමු බං රියල් ගේමක්...
Deleteමේකත් ඉතිං ඔහේ ගෙවිල යන එකනේ.. එක අතකින් මෙහෙම හරි දවසක් දුන්නනේ කියලවත් සැනසෙමු....(සේරම මාර්ක්ට් වෙනවනෙ මේකත් ඉතිං ඒකෙම කෑල්ලක් තමයි.)
ReplyDeleteඑහෙමවත් හිත හදා ගම්මු.. :D
Deleteමේ කෙසේ වෙතත් දැන් ඉස්සර වගේ නෙවෙයි මිනිසුන්ගේ හැඟීම් වැඩි වෙන්නත් ප්‍රධානම හේතු වලින් එකක් වෙලා තියන්නේ දැන් කන කෑම ජාති. අතීතයේ මිනිසුන් කාපු බීපු දේවල් වලට වඩා අද කාලේ කන කෑම බිම වලිනුත් බලපෑමක් වෙලා තියෙනවා.
ReplyDeleteජීවන රටාව කිව්වොත් හරි. තරඟකාරී ජීවන රටාව... ඒකෙ එක කොටසක් තමයි ක්ෂණික කෑම. අතුරු ඵලය හෘදයාබාධ, දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්. අසහනයෙන් පෙලෙන අයගේ හැසිරීමත් එහෙම්මමයි..
Deleteඅකමා කියන දේවල් වලින් සමහරකට මම එකඟ වෙනවා, සමහරකට එකඟ වෙන්නෙ නෑ.
ReplyDeleteනමුත්, හොඳ පණිවිඩයක්. අර හීන් දෑරි කොලුවා මේ වගේ බරපතල දේවල් සාකච්ඡා කරන එක ගැන වරින් වර පුදුම වෙන අපේ ගෙදර කෙනෙකුත් මම දන්නවා. :D
මෙතන තියෙන්නේ මතයක් විතරයිනේ හෙන්රි අයියා. හරියටම කිව්වොත් යම් දෙයක් දිහා මං බලන විදිය. ප්‍රතිචාරයට ස්තුතියි!
Deleteඒ වගේම පුදුම වෙන අනිත් කෙනාටත් ස්තුතියි!!
-------
හීන්දෑරි කිව්වේ අපේ ගෙදර ඉන්න බල්ලා ගැන වෙන්න ඇතිනේ. කොහෙද ඌට කෑම දෙන්න යනකොට ඒකටත් විදලනේ මං මේ බෝලේ වගේ වෙලා තියෙන්නේ.... පව් බල්ලා.. නේ...
(ඔහොමත් දානවැයි මේ ගෑල්ළමයිත් එන තැනක ප්‍රසිද්ධියේ.. :D)
සම්පූර්ණයෙන් ඇත්ත. සම්පූර්ණයෙන් එකඟයි. මට මතක් වෙනවා අපේ කාලයේ අග්‍රගන්‍ය සිනමා නිලියන් දෙදෙනෙක්. එක්කෙනෙක් කාන්ති ගුණතුංග. ඇය 1950 දශකයේ අග භාගයේදී ලංකාදීප පත්තරෙන් තියපු පංච කල්‍යාණි තරගයෙන් පළමුවැනි තැනට පත්වුනා. ඒ කාලේ බැලුවේ පංච කල්‍යාණය මිසක් කොතරම් දුරට නිරුවත් විය හැකිද කියන එක නෙවෙයි. දෙවැනි නිළිය පුන්‍යා හීන්දෙනිය. ගම්පෙරලිය චිත්‍රපටියට සම්මාන ගන්න පිටරට ගිය ඇයගෙන් ඉල්ලලා තියනවා නාන ඇඳුමෙන් (ඒ කියන්නේ සුද්දගේ නාන ඇඳුමෙන්) සැරසෙන්න කියලා. ඇය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියනවා. දැන් ඉන්න අය ගැන මම මොකුත් කියන්නේ නැහැ. බටහිරයෝ උන්ගේ ගෑණුනව අන්දලා තියන විදිහටම අපිත් අපේ ගෑණුන්ව ඇන්දුවා 1960 දශකයෙන් පස්සේ. අපිම වේසියෝ හදලා මෙන්න බොල වේසියෙක් කියලා කෑ ගහනවා. බටහිරයාට උගේ ගෑණි අවශ්‍ය වෙන්නේ පවුල කියන ඒකකයේ මෙවලමක් ලෙස විතරයි. බටහිරයාට අතීත හැදියාවක් නැති නිසා ඌට පවුලේ වටිනාකමක් නැහැ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
...//බටහිරයාට අතීත හැදියාවක් නැති නිසා ඌට පවුලේ වටිනාකමක් නැහැ//.... එකඟයි.
Deleteකිං ආතර් රජතුමා කියන්නේ අපේ රාවණා වගේ පැහැදිලි සාක්ෂියක් නැති රජ කෙනෙක්. නමුත් ඔහු හිටපු කාලේ අපේ රටේ හිටියේ ධාතුසේන රජතුමා. ඒ කියන්නේ ලිඛිත ඉතිහාසයක් ඇති දියුණු යුගයක අපි ඉඳලා තියෙන්නේ.
Tahmina Kohistani කියන්නෙත් ඇෆ්ඝන් වලින් ඔලිම්පික් ගිය කාන්තාවක්. අපේ පැත්තෙන් බැලුවොත් විහිලිවක් වගේ උනාට ඒ ගොල්ලන්ගේ සංස්කෘතියත් එක්ක බලන කොට වීරවරියක්.
අනේ මේ... ඕන් අපි නම් ඉල්ලුවේ නෑ කාන්තා දිනයක්.....
ReplyDeleteබය උණා නේද?........ :D
Delete