ප.ලි. ඊයේ ලියපු පද වැලේ ගැට පද විවරණය මෙන්න....
------------------------------------------------------------------------------------------------------------------------------------------
අද වංචාවෙන් ලබා ගත් මිල මුදල
පඩිසන් දෙයි මතු දිනෙක
මහ පාරට වැටි කලෙක
වහළ වෙයි සොඳුරු අහස
ගොදුරු වූ වංචාවට
සුවාසක් දනන් කැළගෙ
සෝ සුසුම් පළි ගැහිලි
එහි පාදමේ නිධන් වස්තුවය
වැය කරන විට මනුස්සකම
දැන ගත යුතුය තනිවන බව ලොවෙන් නුඹ
එකළ නුඹේ නිවහන මහපාරම වෙයි සබඳ
ඕනෑම අගු පිලක් සයනයකි අහස වහලය නුඹට
ඒ නිවහනේදිවත්
නිවැරදිව ලොව දකින්නට
කිසිවෙකුටවත් බරක් නොවන්නට
හැකිනම්........
ඊයෙ මං කිව්වෙ. දෙවෙනි කවියෙ නිවැරදිම තේරුම අරන් නෑ මම. ඒක මම හිතුවෙ වංචාවක් ගැන නෙමෙයි. හිතුවක්කාරකමක් ගැනනොවැ.
ReplyDeleteමං කොහොමත් ඒ ගැන ඉඟියක්වත් දුන්නෑනේ දේශ්...
Deleteස්තුතියි කමෙන්ටුවට.
පින්තූරෙ සත්‍යජිත් රායිගෙ චිත්‍රපටයකින් නේද
ReplyDeleteඅයිටීඑන් එකේද කොහෙද පෙන්නපු එකක් වාගේ මතකයි
Delete@ හැලපයියා: මං ඕක ගත්තේ බූන්දියෙන්. හැබැයි ඔය චිත්‍රපටිය ගැන ඡායාවක් හිතේ තියෙනවා. මොකක් උණත් ලස්සන එකක්.
Deleteවෙන්න ඕනි අටම්. මොකද මටත් යන්තම් මතකයි.
Deleteඅද වංචාවෙන් ලබා ගත් මිල මුදල
ReplyDeleteපඩිසන් දෙයි මතු දිනෙක
ඒක එහෙම වෙනවනං ලංකාවෙ ඉන්න වැඩිදෙනෙකුට පාරට බහින්න තමයි වෙන්නෙ. :D
එහෙම උණොත් ගෙවල් ඕන්නෑනේ... වරකට එකා බැගින් පාරට දාමු.
Deleteඅපරාදෙ කියන්න බෑ අකමො උඹේ ගැට පද විවරණය තේරූම් ගන්න තවත් ගැටපද විවරණයක් දානකල් මේ ඉන්නෙ. :D
ReplyDeleteආයේ දාන්න ඕනි නෑ හෙන්රි අයියේ.... ඔන්න දැම්මා. :)
Deleteමේ සිද්ධිය මටම ලියා ගත්තු එකක්.
පොළේදී එළවලු ගන්න ගිහිං එක වෙළෙන්දෙක් හරියට කිරන්නෙත් නැතුව ගානත් ටිකක් වැඩිපුර කියලා අන්තිමේදී ඉතුරු රුපියල් පහත් නෑ කිව්වා. අන්තිමේදී මිනිහා මට ඉතුරු දෙනකොට රුපියල් සීයක් වැඩිපුර දුන්නා. මාත් කේන්තියත් එක්ක ඒක අරන් එතනින් එන්න ආවා.
පස්සේ මටම හිතුණා මාත් අර මනුස්සයා ගානටම වැටුණා නේද කියලා. පස්සේ හිතුණා මිනිහට ඒක මතක් උණොත් කොච්චර හූල්ලයිද? එතකොට ඒ වංචාවෙන් ගත්ත සල්ලි වලින් මට වගතුවක් වෙයිද කියලා.
අනේ පලයං බං යන්න. එහෙම වංචා කරන උන්ට පටිසන්දෙනවා නම් කී දෙනාටද බිස්නස් කරන්න පුලුවන්. ඔතන තියෙන්නෙ මුදල නෙවෙයි අකමා. ඔතනදි පෑරෙන්නෙ අපේ හිත. ඒක සල්ලි පිළිබඳ ගැටලුවක් හෝ දුප්පත්කම පිළිබඳ ගැටලුවක් හෝ නෙවෙයි.
Deleteඑකනම් ඇත්ත. එහෙනම් ඉතින් ලංකාවෙ මුදලාලිලා ඉන්න ඕනි කුණු වෙවී.
Deleteමගේ හිතට අප්සෙට් මං කරපු දේට. ඒකයි මේක ලිව්වේ.
කෝ බං මගෙ කමෙන්ට් එක?
ReplyDeleteමේ ආයෙ දානවා.
මම කිව්වෙ උඹේ ගැටපද විවරණය තේරුම් ගන්න තවත් ගැටපද විවරණ පෝස්ට් එකක් දානකල් ඉන්නෙ කියලා.
මොකද අප්පේ මෙච්චරක් වෙලා ස්පෑම් කාමරේ ඉඳන් කොලේ? ඔන්න මගේ බ්ලොග් එකේ පලවෙනි වතාවට ස්පෑම් කාමරේ ඉඳලා එලියට ගත්තේ හෙන්රි අයියව. :)
DeleteYOU'RE THE FIRST! :D
මට නිකමට හිතෙනව කවුරුහරි පගා මරුවෙක් අකම්ගෙන් ගතමන්ට් එකක් ඉල්ලුවාවත්දෝ කියල... :)
ReplyDeleteපොළේදී මූණ දුන්න අත්දැකීමක්....
Delete//කිසිවෙකුටවත් බරක් නොවන්නට
ReplyDeleteහැකිනම්........// එදා ඉඳල මම හිතන් ඉන්න විදියක්. ඒත් එහෙම හිතන්නේ ලොකුකමකට නෙවෙයි.
ලොකුකම හිතේ තියෙන මිනිහෙකුට කවදාවත් එහෙම හිතෙන්නෑ වගේම එහෙම කරන්නත් බෑ අසර්.
Deleteඔයාගෙ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා! කියලා මං ප්‍රර්ථනා කරන්නම්කෝ...
කලින් එක මිස් උනායින් පෝස්ට් දෙකම අදයි කියෙවුවේ..
ReplyDeleteසන්තෝෂයි.. සන්තෝෂායි....
Deleteඑක, දෙකෙන් තේරුම් ගන්න පුළුවන් උණා නේද? අපේ මේ හෙන්රි අයියා කියනවා වගේ තව එකක් දාන්න ඕනි වෙන එකක් නෑනේ.... :D
ජීවිතේ කාටවත් බරක් නොවී ඉන්න තියෙනවනම් එක තමයි කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම සතුට
ReplyDeleteකෝරලේ වලව්ව
ඒ සතුට ලබපු කෙනෙක්ම තමයි ඒකෙ රසය දන්නේ. ඒත් ගොඩක් අය හිතන්නේ බඩ පුරෝගන්න එක තමයි ලොකුම සතුට කියලා.
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ..!
ReplyDeleteඑසේම වේවා මචෝ! එසේම වේවා!!
Deleteඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDelete