දන්නවද?
සොඳුරු ආකාසෙ තරු මල් පිපුණෙ
මතු යම් දිනෙක මගෙ ලෝකෙ
ඉදිවන සෙවණෙ සිතුවමක් විලස කියා....
දන්නවද? ඒ සෙවණෙ
පදනම අතර හිර කළ
ආශිර්වාදය පිරි අනෙකුන්ගෙ
පැතුම් මල් හිර කළ දිනය අද කියා....
දන්නවද?
වියදම් කර මනුස්සකම
බිත්තිය ඉහළට බඳින කළ
ලොවෙන් වෙන් වන දිනය ළඟ කියා...
දන්නවද? ලොව විසල් මාළිගයෙ
හිමිකරු වන විට හෙට දිනෙක
එහි වහල මෙන්ම සයනය
රියන් වලින් මැනිය නොහැකි බව.....
![]() |
ඡායාරූපය මම ගත්තේ බූන්දියෙන්.... |
ඒ නිවහනේදිවත්
නිවැරදිව ලොව දකින්නට
කිසිවෙකුටවත් බරක් නොවන්නට
හැකිනම්........
ප්‍රර්ථනාවට ළඟා විමට ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteඅවසන් කවියෙන් කියවෙන ප්‍රාර්ථනාවට සුභ පැතුවට ස්තුතියි!
Deleteඒත් ආයෙත් පද වැලම කියෝලා ආවනම්....
මට තේරුනේ නැතෝ !
ReplyDeleteඔන්න එහෙනම් සරලවම....
Deleteහ්ම්ම්...හැකිනම්............!!!
ReplyDeleteඑහෙනම් එහෙනම්...
Deleteදෙවෙනි කවිය ගැන නම් නිවැරදිම අදහස ගන්ට බැරි උනා වගේ.
ReplyDeleteසමස්තයක් විදිහට ගත්තම අපූරුවට කවිකරල තියෙන්නෙ පිටු ගානක පොතක් ලියන්ට පුලුවන් කාරනාවක් වගේ.
ලිව්වොත් පිටු ගාන නම් ගණන් කරන්නවත් බැරි වෙයි දේශ්...
Deleteබොහොම ස්තුතියි දේශ් අදහසට. කවි ඔක්කොගෙම අදහස ඔන්න මම දැම්මා...
ඇයි බං එහෙම නොහැකි වෙන්න තියෙන හේතුව?
ReplyDeleteතාප්ප බැඳිල්ල බිත්ති බැඳිල්ල ගැන මම දරන්නෙ ජනප්‍රිය මතය නොවේ.
සමහර අවස්ථා එනවා හෙන්රි අයියේ මුකුත්ම කර කියා ගන්න බැරි අවස්ථාත්.
Deleteතාප්ප බඳින්නේ පෞද්ගලිකත්වය රකින්න කියලනේ කට්ටිය කියන්නේ. එතකොට ජනෙල් වලට වීදුරු දාන්නේ මොකක් පොදු බව පෙන්නන්නද? :D
ඔයාගෙ මතය හරි. මාත් එකඟයි.
බොල තාප්ප බඳින්නෙ මතු පරම්පරාවලටවත් උසාවි නොගිහින් ඉඩම් නඩුවල නොපැටලී සතුටෙන් ජීවත් වෙන්න.
Deleteජනෙල් වලට පියන් දාන්නෙ වාතාශ්‍රයට, ජනෙල් දාන්නෙ ආලෝකයට, තිර දාන්නෙ පෞද්ගලිකත්වය සීරුමාරු කරගන්න.
Any more questions?
ජනෙල් වීදුරු දාන්නෙ ආලෝකයට, ඈ
Delete...//Any more questions?//....
Delete(හිස කසමින්, බිම බලාගත්වනම කකුලේ මහපටඟිල්ලෙන් පොළොව හාරමින්)
No sir.....
හැකි වේවා!
ReplyDeleteඑදාටවත්.....
Deleteඅකම මේ හතර රියනක් ගැනද කතාකරන්නෙ.
ReplyDeleteම්හ්හ්.... ඒක විතරක් උරුම කෙනෙක් ගැන. මෙන්න බලන්නකෝ...
Deleteමනුස්සකම වියදම් නොකර ආයෝජනය කරමු...
ReplyDeleteමගෙත්..... නෑ අපි හැමෝගෙමත් පැතුම විය යුත්තේ එයයි.
Deleteදෙපාරක් කියෙව්වා ම්හ්.. එන්නෙ නෑ අදහසක්, ඔන්න ඕක කියන භාෂාවෙන් පල්ලෙහයින් දාන්න මල්ලි.
ReplyDeleteධෛර්යය හීනයිනේ බොලවූ. සුද්දා කියලා තියෙන්නේ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි අගේන් කියලනේ.
Deleteඕන් එහෙනම් පල්ලෙහයින් නෙවෙයි වෙනමම දැම්මා.
ඔය එකක්වත් මං දන්නෑ ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ බබා..... උඹේ රාජ්ජයේ වැසියෝ ගැන දුකයි බං. ;)
Delete