Sunday, March 3, 2013

සීයගෙ සීය


සීයයි සීයයි සීයාට            සීයයි
සීයගෙ සීයත්, සීයම       ගැහුවයි
සිව්දෙස සීපද සීයට     මතකෙයි?
සීයක් කිව්වොත් සීයට      සීයයි






මෙන්න තව එකක්......


පාප්ප අරගෙන බාප්පා                   ආවයි
පප්පගෙ රූපේ තාප්පෙ           ඇලෙව්වයි
"හප්පා" කිය කිය පොඩ්ඩා     නැලෙව්වයි
පීප්පෙ ඉඳගෙන ආප්ප                කැව්වයි







32 comments:

  1. අඩේ උඹට වයස සීයක් උනාද බං අකමා.. :P

    පේන විදිහට නම් සීයාගේ උපන් දිනේ වගේ.. එහෙම නම් සුබ උපන් දිනයක් වේවා..!

    ReplyDelete
    Replies
    1. මං මගේ සීයලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඇහැට දැකලා නෑ චන්දනයෝ.. හෙහ් හෙහ් හෙහ්......

      මං විචාරක මහත්මයාගේ කමෙන්ටුවක දාපු සීයේ කතාවකට ඔහුත් විහිළුවෙන්ම පිළිතුරක් දීලා තිබුණා. ඊයේ උදේ ඔය වචන හරඹේ මතක් වෙච්ච වෙලාවේ නිකන්ම හිතට ආපු දෙයක් කොලේක ලියා ගත්තා. එච්චරයි බං.

      Delete
  2. සීයාට සීයද ඈ ?? එහෙමනම් සීයට සුබ උපන් දිනයක් කිව්වා !!

    අපේ සීයාත්, සීයට ලඟයි..

    ReplyDelete
    Replies
    1. සෙන්නගේ සීයට, සීයට එකසිය විස්සක්ම ආවඩා ආයුබෝවේවා! කියලා ප්‍රාර්ථනා කරන්නම්කෝ.

      ඊයේ පොඩි ගමනක් ගිහින් රෑ ආවෙ. ඒ ගැන පෝස්ට් එකක් ලියන්න හිටියත් නිදිමත ඉස්සර උණා. ඉතිං උදේ මං ලියපු කවි දෙකක් කිසිම එඩිට් කිරීමකින් තොරවම කණ සාක්කුවේ දාගෙනම කෙටුවා. :D

      Delete
  3. සීයට නිදුක් නිරෝගී සුව සමඟ ‍ලබන සුබම සුබ සියවෙනි උපන්දිනක්..!!!

    ReplyDelete
    Replies
    1. මං උපන් දින දෙක තුනකටම පෝස්ට් දාපු නිසා මේකත් ඒ කුලකයටම අයිති වෙලා වගේ. :P

      ඊයෙ රෑ උණු හින්දා වැඩි වැල් වටාරමක් එල්ලන්න ගියේ නෑ.

      Delete
  4. තේරුනේ නැ බං අකම්

    ReplyDelete
    Replies
    1. අන්න නලින් අයියා වෙනස් කෝනෙකින් බලලා වගේ. නන්දා මාලනීගේ "නෝනා නාන්නනං නාන්න නෝනා" සින්දුව මතකයිනේ. මේ කයි දෙකත් වචන හරඹයක් විතරයි. එක වගේ වචන ගොඩක්.

      Delete
  5. Our Hundred is yellow yellow sleeping on the donkey bed.
    (අපේ සීයා කහ කහ බූරු ඇඳේ නිදි.)
    AKM සීයාට සීයයි කියලා කියනවාම නම් අපේ උණුසුම් සුභ පැතුම්!
    නමුත් මට නම් ගැනුනේ හතලිස් හයයි.
    මොන සීය ගැනද උඹ මේ කියන්නෙ?

    උඹ 2012දි, 33යි 2013දි 13 යි.

    ReplyDelete
    Replies
    1. (හක්කේ පුවක් ගෙඩියක් රුවා ගනිමින්) හොඳා හොඳා කොළුවො, බොට පිංසිද්ධ වෙච්චාවේ.

      ඇයි? ඩ්‍රාෆ්ට් එකේ දහතුන. ආ... ඒවා පේන්නෑනේ...

      ----
      මරු කමෙන්ට් එක හෙන්රි අයියේ..... හෙහ් හෙහ් හෙහ්...

      Delete
  6. මටනම් කවි සිතුවිලි එන්නේ සැන්දෑ සාදයකින් පසු හෙමින් ධාවනය වන වාහනයක එනකොටයි. ඔයත් එහෙමද මේ කවි ලිව්වේ? :D

    හදිස්සියෙන් ලියන කවි වල යතාර්ථය තියනවා කියලා පැරණි ලිපියක කියවලා තියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේකනම් ලියවුනේ තද නින්දකින් පස්සේ... :D

      හැබැයි අර ක්‍රමේත් සාර්ථක බව හොඳටම දන්නවා.... :D

      හදිස්සියෙන් ලියන ඒවයින් එලියට දාන්නේ හිතට එන දේවල්නේ. පාටියකින් පස්සෙත් එහෙමනේ.

      Delete
  7. තේරුන් නැ

    ReplyDelete
    Replies
    1. අඩේ මේක සම්භාව්‍යද? :D

      එක වගේ වචන සෙට් එකක් එහාට මෙහාට ඇඹරුවා. අපි සම්භාව්‍ය නෙවෙයිනේ ඇටම් බර හෑලි ලියන්න. :D

      Delete
  8. හුටා... සීයා සීය ගැහුවයි

    ReplyDelete
    Replies
    1. අනුමානය සීයට සීයක් අසාර්ථකයි...

      Delete
  9. හරි හරි..සීයට සීයයි නම් අපෙන් සුබ පැතුම් !

    ( කොහොමත් උඹ විකාර පෝස්ටුනෙ ලියන්නෙ මේ දවස්වල. අපි නිකම් මඤ්ඤං වෙනවා )

    ReplyDelete
    Replies
    1. මං මේ චෙකප් එකක් දාගන්න ඕනි කියලා හිත හිතා ඉන්නේ. අහල පහල ඉන්න උනුත් කිව්වා ඕක. අතුරුදන් උනොත් ඉස්පිරිතාලෙට එන්නකෝ.....
      (හැබැයි අර ලියන්නා කියනවා වගේ ඇඳට තියලා බැඳලා තියෙයිද දන්නෑ. එහෙම උනොත් ගැටෙත් ලිහලා යන්න ඈ...)

      Delete
  10. ආ අකමගෙ බාප්ප පාප්ප අරගෙන ආවද?

    ReplyDelete
    Replies
    1. අයියෝ.... අච්චර වයින් පීප්පයක් ගැන කිව්වා. මෙයා මේ පාප්ප බාල්දියක් උස්සගෙන... :P

      Delete
  11. උඩ තිබ්බ ඔයාගේ කමෙන්ටු දැක්ක හින්දා හිතා ගත්තා වචන හරබයක් කියලා.
    මුලින් හිතුවේ සියට සීයයි කියල....

    ReplyDelete
    Replies
    1. සමනළ කන්දෙන් ආපු සමනළීට ලකුණු සීයෙන් සීයයි... (හැබැයි හින්ට් කියෝලා ගත්ත එව්වා හින්දා ගත්ත ලකුණු පොඩ්ඩක් අගයෙන් අඩුයි. :D)

      Delete
  12. බොට සීයක් උනාද ඈ

    ReplyDelete
    Replies
    1. පල යකෝ යන්න... යසට ඉන්න කොල්ලා නාකි කොරන්න හදනවා මෙතන. හුහ්....

      Delete
  13. පද පෙරලියක් විතරයි නේද....

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාතලන්... සීරියස් පොස්ට් දාලා දාලා නිකන් එකක් දැම්මත් මෙයාලා සීරියස් විදියට හිතනවා.

      හරියට අමරදේව මාස්ටර්ට වාතයක් පිට උනත් ඒක යැව්වේ සෘතියට කියලා තර්ක කරන පොරවල් වගේ.

      Delete
  14. මුලින් නම් හිතුනෙ අනේ වාසනාවන් කියල... බලන් ගියාම අකමටනෙ කියන්න වෙන්නෙ අනේ වාසනාවන් කියල..

    ReplyDelete
    Replies
    1. ඇති යන්තන් එහෙමවත් කිව්වා. පොල්ලක් අරන් එන්නැතුව. :D

      Delete
  15. අද බං මං මේක දැක්කේ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ්ජෙ විචාරනකොට පොඩි පොඩි මිස්ටේක් වෙනවා නොවැ. දැන් බැලුවනේ....

      යහපති! යහපති!!

      Delete
  16. කෝ තව එකක් නැද්ද ????

    ReplyDelete
    Replies
    1. එව්වා වානා. අන්තිමටම ඇවිල්ලා මෙතන.... හුහ්....

      Delete