මේ ලෝකේ බාස්ලා වර්ග ගොඩාක් ඉන්නවා. මේසන් බාස්, වඩු බාස්, ගරාජ් බාස්, පේන්ට් බාස්, වයරින් බාස් වගේ ඉදිකිරීම් වලට සම්බන්ධ අය. ඊළඟට ඉන්නවා ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අය, කම්පියුටර් හදන අය, ප්‍රින්ටර්, ඒ/සී, මහන මැෂින් හදනඅය. මෙයාලත් බාස්ලා. තව බාස්ලා සෙට් එකක් ඉන්නවා. ඒ තමයි කොත්තු බාස්, ආප්ප බාස්, බේකරි බාස් වගේ අය.
ඔය කොයි කවුරුත් ගත්තම ආයේ බෙදන්න පුළුවන් ටොප් බාස්, යන්තම් බාස්, නිකම් බාස්, දඩි බිඩි බාස්, මක බාස්, චක බ්ලාස් කියලා.
*"ටොප් බාස්" කියන්නේනම් කවුද කියලා දන්නවනේ. වැඩේ කොලිටියටම කරන එකා ටොප් බාස්.
*"යන්තම් බාස්" කියලා කියන්නේ මාසයක් දෙකක් බාස් කෙනෙක් ගාව වැඩ කරලා. බාස් ගෙන් කටු කන්න (රැග් කන්න)තියෙන අකමැතිකම නිසාත්, ගෝලයාට වඩා බාස්ගේ තැන (පිළිගැනීම) හොඳ නිසාත්, මුදල් ලැබීම අතින් හොඳ නිසාත් පට ගාලා බාස් වෙන ගෝලයින්ට. උන් ඔක්කොම දන්නේ බාගෙට.
*"දඩිබිඩි බාස්" - වැඩිහරියක් කොන්ත්‍රාත් ගන්න අය. එයාලා බලන්නේ වැඩේ පට ගාලා ඉවර කරලා වෙන තැනක වැඩට යන්න. ලොකුම අවුල තමා කාගෙත් ඇස් වහලා වැඩේ කරලා ගියායින් පස්සේ තමයි මුන්ගේ ඇද පෙන්නේ. එතකොට පරක්කු වැඩියි.
*"නිකම් බාස්" කියන්නේ දවසේ පඩියට වැඩ කරන අයට. වැඩි හරියක් ඉන්නේ නිකම්.
*"මකබාස්" කියන්නේ කරන කොයි වැඩෙත් කොස්සක් තියෙන අයට
*"දඩිබිඩි බාස්" - වැඩිහරියක් කොන්ත්‍රාත් ගන්න අය. එයාලා බලන්නේ වැඩේ පට ගාලා ඉවර කරලා වෙන තැනක වැඩට යන්න. ලොකුම අවුල තමා කාගෙත් ඇස් වහලා වැඩේ කරලා ගියායින් පස්සේ තමයි මුන්ගේ ඇද පෙන්නේ. එතකොට පරක්කු වැඩියි.
*"නිකම් බාස්" කියන්නේ දවසේ පඩියට වැඩ කරන අයට. වැඩි හරියක් ඉන්නේ නිකම්.
*"මකබාස්" කියන්නේ කරන කොයි වැඩෙත් කොස්සක් තියෙන අයට
*"චකබ්ලාස්" කියලා එකෙක්නම් මේ වෙනකම්ම් හෙව්වත් හම්බ උනේ නෑ. රයිමින් එකට ගැලපෙන හින්දම ඔන්න ඔහේ එබුවා. :D
ඔය ටික කිව්වේ මගේ කතාවට මූලාරම්භයක් ගන්න. එහෙනම් දැන් කියන්නම්කො කතාව.
අපේ ගමේ ඉන්නවා යන්තම් බාස් කෙනෙක්. නිකම් බාස් වගේම මක බාස් කියලත් කටක් ඇරලා කියන්න පුළුවන් විදියේ පොරක්. පොරට අපි ජේමිස් කියමුකෝ. මිනිහා අපේ ගෙදර වැඩවලට මුල ඉඳම්ම අල්ලගත්තු පොරක්. හේතුව තමයි වෙයිටින් ලිස්ට් එකේ නැතුව ගිය ගමන් අල්ලගන්න පුළුවන් වෙන එකයි, ගෝලයාගේ වැඩි බාස් වැඩෙයි 2 ඉන් 1 කරන නිසයි. හැබැයි බුවා එක්ක ඉන්නකොට පාලු නෑ. එක එක කතා කියෝ කියෝ ඉන්නවා.
පොරගෙන් දැනගත්ත වැදගත්ම ආදර්ශය තමයි දවල් වරුවෙන් පස්සේ බාස්ලට බනින්න හොඳ නෑ කියන එක. (ඒ නැතත් තමන්ගේ වැඩේ ඉවරවෙනකම්වත් ශේප් එකේ තියාගන්න ඕනි ජාතියක්) මොකද බුවා කලින් (දැන් අවු:20කටවත් කලින්) වැඩ කරලා තියෙනවා කොළඹ කොන්ත්‍රාත් කාරයෙක් ගාව. ඒ වෙනකොට පස්වෙනි තට්ටුවේ සැටලිම ගහනවලු කොන්ක්‍රීට් දාන්න. එදා දවල් එකත් පහුවෙලා. රෑ කොන්ක්‍රීට් එක දාන්න ඕනි නිසා දඩ බඩ ගාලා වැඩ. පොළොවේ ඉන්නවා වගේ නෙවෙයිනේ. ඉරටත් කිට්ටුයිනේ. අනික කාලත් නෑනේ. කස්ටිය මල පැනගෙන වැඩ කරද්දී කොන්ත්‍රාත් ගත්තු බාස් (හෙඩ් බාස්) ඇවිත් අපේ බාසුන්නැහේට සද්දයක් දාලා. බුවා මොකක්ද දන්නවද කරලා තියෙන්නේ. තට්ටු පහේම වයරින් බට අග්ගිස්සට කොළ ගුලි ගහලා බට ටික කොන්ක්‍රීට් කරලා එදාම ඇවිත්.
--------------------------------------------------------------------------------------------
පොර ආයෙම වතාවක් (ආයෙම කිව්වට ඊටත් ගොඩක් ඉස්සර) පාන් බාස් කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඔය වැඩේ කොච්චර අමාරුද කියලා දන්නා කට්ටිය දන්නවා ඇතිනේ. රෑ එකොළහ විතර වෙනකම් පිටි මෝලිය අනලා තියලා ආයේ දෙකට විතර නැගිටලා පෝරණුව ලැස්ති කරලා පාන් පුච්චන්න ඕනි. ඊට පස්සේ නියම ගානට පෝරණුව රත් උනාම අඟුරු ඇදලා දාලා පාන් තැටි බනිස් තැටි දාන්න ඕනි. වැදගත්ම දේ තමයි වෙලාවට බාන්න ඕනි එක. පොඩ්ඩක් එහෙ මෙහෙ වුන ගමන් අඟුරු ටිකක් තමයි බාන්න වෙන්නේ. ඔන්න ඉතින් එදා මහ පාන්දරම මුදලාලි මූට බැනලා. පොර රිටන් එක දීලා තියෙන්නේ සත විසිපහකින්. හෙහ්... හෙහ්... හෙහ්.. දැන් කට්ටිය බලනවා ඇති කොහොමද ඒ කියලා. අත්‍යවශ්‍යම නොවන බල්බ් එකක් ගලෝලා සත විසිපහ හෝල්ඩරේට දාලා බල්බ් එක හයි කරලා. පාන් ටික බාන්න ඔන්න මෙන්න කියලා ස්විච් එක ඕන් කරලා. හිතාගත්තහැකිනේ වෙච්ච දේ. ෆියුස් හදනකම් පන්දම් එහෙම අරගෙන පාන් ටික බානකොට අඟුරු තමයි එලියට ඇවිත් තියෙන්නේ.
මුගේ තව කතා තව ගොඩක් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම කඩාකප්පල්කාරී දෙකයි පණහේ වැඩ. ඒ හින්දමද කොහෙද අදටත් එදා වෙලාවත් හරියකට කන්න බොන්න නැතුව ඉන්නේ. යාන්තම් ආධාරයකින් හම්බ උනු සල්ලි ටිකක් හින්දා කාමර දෙහෙකකට බිත්ති බැඳලා දොර ජනෙල් මුකුත් නැතුව වල් දඬු දාලා ඇස්බැස්ටස් හෙවිල්ලගෙන ඉන්නවා.
ඕක තයි බන් , හිත හොද නැතිව ගන්න සල්ලි වලට හරි යන්නේ නෑ.
ReplyDeleteඅනිවා. වෙලාවකට හිතෙනවා මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ කියලා.
Deleteහොඳ හොඳම වේ ලොව කිසිම තැනක නැහැ නොහද නරක දිනුවේ.
ReplyDeleteමනසින් දිවියට
සිත ඊර්ෂ්‍යා මාන ගති ඇති නිසාම උන් දිවි කතරේ එරුනේ.....
Deleteකෙල්ලට දැන් ෆ්‍රී වගේ මැච් එක දිනලා.
ජයවේවා!
ලාභ බඩුවේ හිලක් කියනවනේ.. :D ලාභෙට ඉන්න බාස්ලත් එහෙම තමයි...
ReplyDeleteමක බාස්ලා.....
Deleteහි හි.. ඔය කතාව අපේ මහත්තයත් කියනවා.. එයාලගේ ගේ හදන කාලෙත් ඔය කොන්ක්‍රීට් කේස් වලදි එහෙම බාස් ලට බනින්නේ හරිම පරිස්සමින්.. ඒ වෙග්ම ඔය උළුවහු එහෙම හදන බාස්ලටත් බනින්නේ නෑලු.. අනේ මන්දා.. ඔහොම දෙයක් මට එහෙම කළා නම් මිනිහා නවතින්නේ කූඩුවේ තමා....
ReplyDeleteදරුණුම දේ තමයි අත්තිවාරමයි, වහලයි. එයාලනම් තරහා කර ගන්න හොඳම නෑ. වහලේ ගහනකොට වැරදි තැනකට ඇණයක් එහෙම ගැහුවොත් ආයේ ගෙදර කට්ටියටම සොරි. මන් ඕවා පිළිගත්තේ නැතත් සමීප කීප දෙනෙකුටම වෙලා තියෙන දේත් එක්ක බැලුවහම පිලි නොගෙනත් බෑ.
Deleteදැන් තේරුනාද හිරුවෝ. එහෙම දෙයක් කලොත් ඇහැට පේන්නෙත් නෑ. සාක්ෂිත් නෑ.
ඉස්සර ඇදුම් මහන අයට කියුවේ ටේලර් බාස්සුන්නැහේ කියලා
ReplyDeleteආන්න තවත් බාසුනනැහේ කෙනෙක්.
Deleteබාස්ලා තරහා කරගන්න හොද නෑ.:))
ReplyDeleteඅනේ සොරි වෙන්න ඕනි මදාරා, මේක මෙච්චර දවස් ස්පෑම් ගොඩේනෙ තිබිලා තියෙන්නේ. මගේ ස්පෑම් එකට වැටුණු පළවෙනි කමෙන්ටුව ඔයාගේ.
Deleteඔය දිනේෂුත් මේ එක්කම ඇවිත් තියෙන්නේ. :)
අන්න බාස් ලා.. අනික් කතාත් පුළුවන් වෙලාවක ලියමු නේ..
ReplyDeleteඅදයි මේ පැත්තට ගොඩ උනේ මම.. සතුටුයි..
සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. මමනම් ඒ පැත්තේ කරක් ගහනවා නිතරම.
Deleteබ්ලොග් ලියන අයගේ එකම ලාභය/සතුට කියවන්නාගේ සතුට ඇරෙන්න වෙන මොනවද? නේද දිනේෂ්.
ජයවේවා!
මෙන්න වෙන කාට නැතිවුනත් මට කාලීන මාතෘකාවක්. අද නම් කට්ටිය ඇවිත් නෑ තාම, සමහරවිට වැස්ස නිසා මග අරින්න ඇති.
ReplyDeleteමම වැඩ කරන්නෙ චක බ්ලාස්ලත් එක්ක තමයි.
ඇත්තටම හුඟාක් බාස් උන්නැහෙලා අර අන්තිමට කියාපු තත්වයෙ තමයි ඉන්නෙ කොච්චර හම්බ කලත්. මම හිතන්නෙ ක්ලයන්ට්ලා ශාප කරලම වෙන්න ඇති.
බොහොම ස්තුතියි ලින්ක් එකට අකමා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
බාස් කතා මතක් කලාට ඔයාටත් ස්තුතියි හෙන්රි අයියා.
Deleteඅද බාස්ලා ආවේ නැද්ද? ඊයේ ඒගොල්ලො ගෙදර තියලා ගියාපුවට අමතරව අලුතින් ආයුධ එහෙම ගෙනාවද? හවස යනකොට ආයෙත් ගෙනිච්චද? එහෙනම් ඉතින් බඩුම තමා.
අලුත් තැනක වැඩක් හම්බවෙච්ච ගමන් වැඩ කර කර හිටපු තැනට පාවිච්චි කරන්න බැරි ආයුධ ටිකක් ගෙනත් දාලා එතනත් නම මාක් කරලා අලුත් තැනත් වැඩ අල්ලනවා. එහෙම උනානම් දවස් දෙක තුනකට කට්ටිය මිසින් තමා.
එහෙම නොවේවා කියල මන් පතනවා.
බාත් රූම් වැඩ කරන බුවාට තව එක දවසක වැඩ විතරයි තිය්යෙන්නෙ. පොර මිසිං. මම අනිත් සෙට් එකේ වැඩ කරන බුවාගෙ මල්ලිට කිව්වා අයියා ඇවිත් නෑ, ෂුවර් එකටම ගල්කිස්සෙ ගේ හදන්න යන්න ඇති කියලා. බුවා මුලදි කිව්වා අයියා ලෙඩෙක් බලන්න ගියා කියලා. පස්සෙ පොර ස්පිරිට් ලෙවල් එක හොයනකොට ඒක මිසිං. මම ඇහුවා අයියා ලෙඩෙක් බලන්න යන්න ලෙවල් එක අරන් ගියේ ඇයි කියලා. ටිකකින් බාස් මට කතා කරලා ඇත්තම කිව්වා.
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හෙහ් හෙහ්... කොහොමද අකම් අනාවැකි. (මාත් වෙනියා වගේ මූණත් තහඩුවක් එල්ල ගන්න ඕනි.)
Deleteහෙන්රි අයියේ පරිස්සමින්. නැත්නම් ඊළඟ නිවාඩුවටත් ටිකක් ඉතුරු කරයි උන්.
අපෝ ඔය යංතං බාස්ලනං ඕන හැටිය හොයාගත්තහැකි.
ReplyDeleteඅපේ ගෙදර ටොයිලට් එක හදන්න අත් උදවු දෙන්න ආපු එකා ඒ වැඩේ ඉවරවෙලා ගිහිං ඊට ගෙවල් දෙකක් විතර එහායිං ගෙදරක ටොයිලට් එකක් හදන තැන බාස් වෙලා තමයි ඒ වැඩේ කළේ.
දවසෙන් දෙකෙන් ගෝලයා බාස් වෙලා තව සතියකින් විතර හෙඩ් බාසුත් වෙනවනේ.
Deleteඒක නෙවෙයි මාත් අහලා තියෙනවා බාස්ල හදන ඒවා බලන් හිටියහමත් බලන් ඉන්න අය බාස්ලා වෙනවා කියලා. හික් හික්
හෙහ් හෙහ් ....බාස් කතා.... එල
ReplyDeleteඒක තමා. කවුද අනේ මක බාස්?
Deleteඔහොම එවුන්ට ආයේ වැඩක් කියන්නේ නෑ දන්නා එකෙක් නම්. අනික මචං ඒ වගේ අසාධාරණ විදිහට සල්ලි හොයන උන් කොච්චර සල්ලි හෙව්වත් ඒවා වියදම් වෙන්නෙත් ඒ විදිහටම තමයි.
ReplyDeleteවහලවල් ගහන කොට නම් ඔය පිරිද්දුම් එහෙම එන්න හොඳ නැති තැන් තියනවා කියනවා නේ බං.ඕවයේ මොන මොනවා හරි ඇත්තක් ඇති..
අත්තිවාරම් වගේම වහලවල් එහෙම හදනවනම් ශුවර්ම පොරක් වෙන්න ඕනි.
Deleteඒ වගේම තමා බන් වැඩක් හදිස්සි නැත්නම් හොඳ බාස් කෙනෙක් අල්ල ගන්න පුළුවන්. ඒත් දඩි බිඩි වැඩටනම් අතට අහුවෙන්න ඉන්නේ මේ වගේ අය තමා.
මරු පෝස්ටුව අකම්.... බාස් ලා 100 ක් ගත්තොත් 80 විතර ඔය වගේ තමා... අපේ ගෙවල් ලගත් හිටියා ඔය වගේ ගෝලයා වෙලා ඉදලා බාස් කෙනෙක් වෙච්ච තලතුනා කෙනෙක්... අපි පොඩි දවස් වල අපේ ගෙදර ඉදිකිරීම් වැඩ කලා මේ කියන කෙනා... දවල් වෙනතුරු හොදට වැඩ කරලා ලොකු සිමෙන්නි කන්දකුත් අනලා තියලා ළගපාත තියෙන එයාගෙ ගෙදරට යනවා දවල් කෑමට... නමුත් ආයෙ එන්නෙ නෑ පැය ගාණකට... ගිහිල්ලා බලපුවාම මිනිහා වෙල් ෆැන්ටා ගහලා කටේ කට්... වෙරි හිදිලා කරුවල වැටෙනකොට මිනිහා එනවා හීනෙන් භය වෙලා වගේ..ඒ වෙද්දි සිමෙන්තිත් ගල් වෙලා...අපට සෑහෙන්න පාඩුයි... දවස් දෙක තුනක් ඔහොම උනාම..අසල් වැසියා කියලවත් බලන්නෙ නැතුව අපේ තාත්තා මිනිහගෙ ගණන් බේරලා බැනලා පැන්නුවා...
ReplyDeleteඅපේ මේ පොරත් සිමෙන්ති අනලා පදම් වෙන්න තියලා තියෙනවා. කියන්නම්කො ඒ ගැනත්.
Deleteමගේ බයික් එක හදන්න දාලා මාස තුනක් ගරාජ් එකේ තිබුනා. මුන් ගිය දවසෙම ගැලෙව්වා. එතනින් එහාට ගේන්නත් බෑ. ඕනිවට වඩා කචල් දාන්නත් බෑ කෑලි මාරු කලොත් එහෙම. අන්තිමේදී එක තැන තිබුන හින්දා CDI unit එකත් දාන්න උනා දෙදාස් ගානක් දීලා. ඉන්ෂුවරන්ස් පෙන්නුවේ කේස් එකෙන් මාස හතරකට පස්සේ.
ඔන්න ඔහොමයි සිරා අපිට වෙන්නේ. දැන්නම් මම දන්න උන් ඔක්කොම හරෝලා යවනවා එතනින්.
අකමා, එක තැන තිබුනට CDI එක දාන්න වෙන්නෙ නෑ. ඒක බොරුවක්. සමහර විට ඒක නරක් වෙලා තියෙන්න ඇති, නැතිනම් මාරු කරලා ඇති.
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒකත් එහෙමද? බජාජ් බයික් එකක් තියෙන්නේ. අරගෙන අවු:5ක් විතර වෙනවා. බැට්රිය නැතුවත් අවුරුද්දක් විතර දිව්වා. ඒ හින්දා ඔය හේතු දෙකෙන් කොයික බල පෑවද දන්නෑ.
Deleteඅපි නොදන්නා දෙයක් කරගන්න ඒ ගැන දන්න කෙනෙක් ගාවට ගියාම නොදන්න එකාව අන්දන රටක්නේ මේක.
මගේ ස්කූටරය හදන බාසුන්නැහේ නම් රන් කදක්... වෙලාවට කලාවට බොහොම පරිස්සමට වැඩ... මම කෑල්ලක් අලුතෙන් දාමු කිව්වත්...එපා මහත්තයා තියෙන එකෙන් තව දුවන්න පුලුවන් කියනවා....ඒ තරමට අරපරිස්සම... බජාජ් ස්කූටර් නම් මෙන්න බාස්... මගේ යාලුවො ඔක්කොම දැන් එතැනට තමයි මම අඩුක් කරන්නෙ... අනිත් වර්ග වල ඕනෑම බයිසිකලයක් මෙතැනදි හදා ගන්න පුලුවන්..
Deletepasse ennam machan...nidahase kiyawannaona...
ReplyDeleteඕකේ මචන්. මාත් සමහර වෙලාවට ඔහොමයි. පොස්ට් එකක් දැක්කම ටැබ් එකක් ඕපන් කරලා තියනවා. සමහර වෙලාවට සති ගානකට පස්සේ තමයි බලන්නේ. ඒත් කොහොම හරි බලනවනේ...
Deleteනිදහස් වෙලාවක එන්නකෝ.
Maka baasalaa mathak wenakotath kaenthi mata nam.
ReplyDeleteහා හා කූල් ඩවුන් වෙන්න වෙනී අයියා... මොකෝ මේ. මන් හිතුවේ ගෙන්දගම් පොළොවේ පය ගැහුවයින් පස්සේ ඔයාට බාස් කරදර නැතුව ඇති කියලා.
Delete