උඹ එදා ඉඳම්ම මගේ ළඟ රැඳීලා මගේ පස්සේ උණුසුම සුවඳ විද දරා ගෙන මා තුරුලටම වෙලා උන්නා. වෙලාවකට "රිදුනද?" කියලා අහන්නත් හිතුනා මන් උඹේ උඩ වාඩිවෙලා ඉද්දි. කී පාරක් කියලනම් උඹව ඇතුලට දදා එලියට ගත්තද? මාසෙකට දවස් දෙක තුනක් උඹට හුස්ම ගන්නවත් බැරි විදියට පුරෝගෙන හිටියත් වේලි වේලි හිටිය දවස් ගාන මතකද?
"අපි කන හැටි ලිපා දනී" කියලා ඒ කාලේ කිව්වත් මන් හිතන්නේ අපි කන හැටි උඹ තමයි දන්නෙ කියලා කිව්වොත් දැන් කාලෙට හරියටම හරි කියලයි. එහෙම කියන එකත් උඹට කරන ලොකු ගෞරවයක් කියලයි හිතෙන්නේ.
බස් එකට නගින හිඟන්නෝ දැන් කියන්නෙම "අනේ පුංචි රුපියල් දහයකින් මට ආධාරයක් කරන්න" කියලා. එතකොට එකේක දේවල් විකුනන්න නගින උන් කියන්නේ "අද කාලේ බල්ලෙක් තරම්වත් වටින්නැති රුපියල් දහයක් දීලා මේක ගන්න" කියලා. අම්මගේ රෙද්ද තමයි. උන්ට වටින්නැත්නම් අපිට දීපන්කො. උඹ දන්නවා උන්ට පුංචි උනත් රුපියල් දහය උඹට, මට කොච්චර ලොකු වෙලා උන්නද කියලා. සී.ටී.බී බස් එකක් එනකන් පැය ගණන් හිටන් ඉන්නකොට, සීසන් ගන්නෑ කියලා කොන්දා බනිනකොට අනිත් උන්ට පුංචි උන එකාගේ ආඩම්බර හිනාව දකින්න උඹයි මමයි පවු කරපු තරමක්. ඌත් නැති උන දවසට උඹේ පාළුව මකන්නේ එහෙමත් නැත්නම් උඹේ රාජකාරිය ඉටු කරන්න නමට හරි ඉන්නේ රුපියලක් විතරයි කියලා දන්නේ කීයෙන් කීයද?
දවස ගානේ කෙල ගහලා මදින එහෙමත් නැත්නම් පොල් තෙල් බින්දුවක් ගාලා පොලිෂ් කරන සපත්තු දෙක දාගත්තහම කලිසමක් ඇඳලා කමිසයක් ඇන්දම බලන් ඉන්න උන් කියන්නේ අන්න බර කාරයෙක් එනවා කියලා. එදාට උඹේ උජාරුව පෙන්නන්නේ හතරට පහට නැමුණු කඩදහි ටිකක් කියලා උන් දන්නවනම්.
අම්මගේ බෙහෙත් ටික සතියකට අරගෙන තුණ්ඩුව උඹේ තුරුලට එන්නේ හදිස්සියේ හරි වාසියක් උනොත් ඇති කල්හි ලඟට එන මිතුරෙක් වගේ. ඒ ඇති කාලය ගැන හීන මවන්න නම් උඹේ ගාව තියෙන හොඳම සාක්ෂිය තමයි අද රෑට අදින හීන මල්ල. වතුරේ ගිලෙද්දී ජල තලයට ඉහලින් පේන්න තියෙන අඹ අත්ත දිහා බලන්නැතුව වතුරෙන් යටවෙලා තියෙන පිදුරු ගහ ගාවට කිමිදිලා ඒකෙ එල්ලෙන්න හදනවා කියලයි උඹ මට කෝචෝක් එක දාන්නේ. ඒත් ඉතින් ඇදුනොත් එපා කියනවද? නෑනේ. එහෙමනම් හැම අවුරුද්දකම අලුත් කර කර ඉන්න මාලෙයි මුද්දෙයි පෝනින් රිසිට් එකේ බර හෑල්ලු කර ගන්න පුළුවන්. එහෙම නේද?
හැබැයි එතකොට උඹේ තුරුලේ ඉන්න එකෙකුටනම් වැඩ වැඩිවෙයි වගේ නේ? හිතාගත්තහකිද ඒ කවුද කියලා. ආ... හරි හරි ඒ.ටී.එම් කාර්ඩ් එක තමයි. ඉස්කෝලේ කාලේ මූණත් තහඩුවක් අලෝලා තියෙන අපේ ඉස්සර හිටපු ගෙදර ඇඩ්රස් එක දාලා තියෙන ඉලක්කම් ටිකක් කොටලා අගට වී අකුර ගහපු කාඩ් එකටත් එතකොට වැඩ වැඩිවෙයි නේ. ඒ මොකෝ දන්නවද? කොච්චර ලොක්කා වගේ උන්නත් ඒ.ටී.එම් ලොක්කටත් මහා වැඩක් කරන්න උන්ගේ අයිතිකාරයෝ ඉඩ දෙන්නෑනේ.
හුහ් හීන මැව්වා ඇති. කෝ බලමු උඹ ගාව තියෙන්නේ මොනවද කියලා.

රුපියල් දහයේ කොලයක්
පසුම්බියේ පාළුව මැකීමට අලුත් රුපියලේ කාසියක්.
චේන් එකක සහ පෙන්ඩන්ට් එකක උකස් පත්‍රිකා.
හවසට ගෙන යා යුතු බඩු ලැයිස්තුව
බෙහෙත් තුණ්ඩුව
ස්වීප් ටිකට් දෙකක්
හැඳුනුම්පත
බැංකු කාඩ් එක
රියදුරු බලපත්‍රය
දින කැලැන්ඩරය
ලංගම වාර ප්‍රවේශ පත්‍රය
කවුරු හරි මට හොරෙන් උඹව ඉස්සුවොත්..... අප්පේ... මටමනේ ලැජ්ජාව. එදාට මන් උඹව හොයන්න උගේ පස්සෙන් දුවන්නම ඕනිද? කියාපන් මට.....
හැමෝගෙම තත්වෙ ඔයිට වඩා ලොකු වෙනසක් නෑ අකමා...
ReplyDeleteඑහෙනම් එහෙනම්..
Deleteසියල්ලෝම වෙනුවෙන්!
මෙයාව බස් වල යද්දී එහෙම හොඳින් පරිස්සම් කර ගන්න ඕනේ මචං.. දුකට සැපට ළඟ ඉන්න කෙනා නේ.
ReplyDeleteඇයි බන් ගෙදර මායියගෙන්.... (අත්දැකීම් තියෙන අය කියන කතාවක් මිසක් මගේ අයිඩියාර් එකක්නම් නෙවෙයි ඕන්)
Deleteඔව් ඔව්.. වෙන එවුන් නම් ඕක අදිනවා නම් හොරෙන් නේ අදින්නේ. මායියා ගෙන් තමා අමාරුම. පඩි දවසට එහෙම :)
Deleteමුල ටික කියවද්දී මම හිතුවේ " මෙව්වා " එකක් කියලා... කුඩික්කියක්..
ReplyDeleteහ්ම්ම්ම්ම් ! හැමෝගෙම තත්වය ඔහොම තමයි. මට මා ගැන හිතද්දී වෙලාවකට පට්ට දුකයි. ඉගෙන ගත්ත දේට පින්සිද්ධ වෙන්න තරමක ගාණක් අතට අරගත්තත්..පර්ස් වල දාගෙන ඉන්න කෝ වාසනාවක්...ඒකෙන් කරන්න වැඩකටයුතු දාහයි. හතර අතට ණය නැතත්, ගන්න දෙයින් කීයක් හරි ඉතුරු කර ගන්න මම විඳින දුකක්.
මගේ පර්ස් එකේ තියෙන්නෙ ..
හැඳුනුම්පත
බැංකු කාඩ් එක
රියදුරු බලපත්‍රය
අම්මගෙ පින්තූරයක්
රුපියක් සීයේ නෝට්ටු 2-3 ක්
// කවුරු හරි මට හොරෙන් උඹව ඉස්සුවොත්..... අප්පේ... මටමනේ ලැජ්ජාව. එදාට මන් උඹව හොයන්න උගේ පස්සෙන් දුවන්නම ඕනිද? කියාපන් මට..... //
ඔය සන්තෑසිය මට තාම වෙලා නෑ..
සල්ලි නම් කාටත් එහෙම තමයි ලිහිණි. තියන වියදම් ටික කොහොම හරි කවර් කර ගන්නකොට ඉතුරුවක් කරන්න මාර ගේමක් දෙන්න ඕනේ. ඕක මං හිතන්නේ ලොකු සල්ලි කාරයින්ට උනත් තියනවා. ඒ අයට මහා පරිමාණ ආදායම් වගේම මහා පරිමාණ වියදම්..
Deleteමොකක්ද ලිහිණි කුඩික්කිය කියන්නේ..?
චන්දනගේ ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ ලිහිණි. මොකක්ද කුඩික්කිය කියන්නේ..?
Deleteමගෙත් ත්‍රීවීල් එකට ගත්තු ණය ඇරෙන්න වෙන නම් මුකුත් නෑ. ඒත් සත පහක ඉතුරුවකුත් නෑ.
ඉස්සර තාත්තා කියද්දී සත හැත්තෑ පහකට බනිස් එකක් කාලා ප්ලේන්ටියකුත් බිව්වා කියලා, මට හිතෙන්නේ කාල යාත්‍රාවක් කීයක් දීලා හරි ගත්තත් කමක් නෑ කියලා. :)
අර සන්තෑසිය ලිහිනිට නෙවෙයි කාටවත් වෙන්න එපා කියලා තමයි මං ප්‍රර්ථනා කරන්නේ.
අපේ පැත්තේ ( වෙන්නප්පුවේ ) කැටයට කියන්නෙ කුඩික්කිය කියලා. සමහර විට ඒක පෘතුගීසි වචනයක් වෙන්න ඇති. මොකද අපේ පැත්තේ ඔය පෘතුගීසි වචන හුඟාක් බාවිතා කරනවා
Deleteඋදා.
කැටය -කුඩික්කිය
මැටි කෝප්පය - බත්තලන්ද
//මගෙත් ත්‍රීවීල් එකට ගත්තු ණය ඇරෙන්න වෙන නම් මුකුත් නෑ. ඒත් සත පහක ඉතුරුවකුත් නෑ. //
තිබ්බ එකම බිං අගල විකුනලා ඉගෙන ගත්තනෙ. ඒක විකුනන දවසේ මගෙ අයියා කිව්වා " ඕවා විකුනලා මගෙ ලඟ වැටෙන්නද හිතාගෙන ඉන්නෙ කියලා " ඔය වචන මගෙ බොක්කටම වැදිලා තියෙන්නෙ බන්. ඒ හන්දා අයියා නිවාඩුවට ගෙදර ආවම මම ගෙදර යන්නෙත් නෑ. මගෙ එකම හීනය තමා පුංචි ඉඩම් කෑල්ලක් ගන්න එක. ඒකට මම නම් අමාරුවෙන් හරි මාසෙකට ගාණක් ඉතිරි කරන ගන්නවා. මොකද ඉතිරි ටික මදි උනොත් බැංකු ණයක් හරි ගන්න..
ඔන්න දැක්කනේ අද දවසට අලුත් වචන දෙකක් ඉගෙන ගත්තා. ලිහිණියාට ඉඩමක් ගන්න විතරක් නෙවෙයි, ඒකෙ මාලිගාවකුත් හදන්න මගෙන් එහෙනම් සුභ ප්‍රාර්ථනා!
Deleteada thama machan awe..pase kiyawala kament ekak dannam...
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා ඔබ තුමාව.
Deleteවෙලාව තියෙන විදියට ඇවිත් යන්නකෝ.
ජයවේවා!
මගේ පර්ස් එකනම් පෝස්ට් එකකින් දැකලා ඇති නොවැ.ඒකත් ඔයිට වඩා වෙනසක් නෑ බං. බිස්නස් කාඩ් ටිකයි, පිටරට නෝට්ටු වගයකුයි තියෙනවා. ලංකාවේ සල්ලි නැතත් පිටරට ඒවා හරි තියෙන්න එපැයි නේ? ;)
ReplyDeleteඋඹ හරි හොඳ එකා බං. කටහඬ ත් මිහිරියි...පිටරට නෝට්ටු කීයක් විතර තියනවද .. හෙමීට කියහන් කෝ.. ගෙදරට එන්නේ කොහොමෙයි..? ;)
Deleteඅනුන්ගේ වගේම තමන්ගේ කාඩ් ටිකකුත් තියා ගන්න එපායැ. හදිස්සියකදී කවුරු හරි ඉල්ලුවොත් දෙන්න. :D
Deleteඅපි ඉස්කෝලේ යද්දි පර්ස් එකේ තිබුනෙම කඩදහි. එහෙමත් කාලයක්.... ඒක නෙමෙයි ඉෂාන් ඔය පැත්තේ නරියෙක් එහෙම කැරකෙනවා දැක්කද?
@ චන්දන; මචන් තනියම යන්න කිචි කිචි වගේනම් මටත් කියහන්.
වෙනියා කිව්ව වගේ බං අපි හැමෝම එකයි බං. උඹට කියන්න මං සමහඑ වේලාවට රු 10 ක් වත් අතේ නැතිව ඉන්නවා බං
ReplyDeleteආආ.. මෙන්න තවත් එකෙක්. හි.. හි.. (කෝමද හිනාව)
Deleteඒ වෙලාවට මාර සැහැල්ලුයි නෙහ්. පර්ස් එකේ බරත් අඩුයි. හොරු ගත්තට අවුලකුත් නෑ. එහෙම නෙහ්.
දේශකයා December 15, 2012 12:31 AM
මන් කියන්නෑ තොට.. #!#$#$%#@$
(ඒ උඹ කමෙන්ට් දාන්න මහන්සි වෙන හින්දා උඹේ නමින්ම මන් දාගත්තා. අවුලක් නෑ නෙහ්.)
අපිනං ඕව පාවිච්චියක් නැත. මොනව දාන්නද පර්ස් එකක. තියෙන ටික සාක්කුවෙ දාගෙන ඉන්නව මිසක්.
ReplyDeleteඈ අකමො ඕකෙ ලවු ලෙටර් එහෙම නැතෙයි.
අන්න මුදලාලිලා. :) අපිත් පර්ස් පාවිච්චි කරන්නෙ සල්ලි දාන්නයැ.
Deleteලව් මක්කද එව්වා තියෙන්නේ ෆෝන් එකේනේ. කොටාලා යවන එව්වා මන් කියන්නේ. අපි දැන් හරි දියුණුයිනේ...
මට නම් පර්ස් එකක් නෑ අකම්.. කොහෙ හරි යනවනම් මතක් උනොත් අයි ඩී එක අපේ මහත්තයගේ පර්ස් එකට දානවා.. නැත්තම් ඒකත් නෑ... මගේ ඒටීඑම් කාඩ් එකත් එයා ගාව.. එකෙත් සත පහක් වත් නෑ... බඩු ගන්න ගියාම බයික් එකෙන් බැහැලා අත පාගෙන ඉන්නවා අපේ මහත්තයා සල්ලි දෙනකම්... හි හි
ReplyDeleteකොල්ලන්ගේ පර්ස් වල අනිවාර්යයෙන් තියෙන තව ජාතියක් තියෙනවා නේද.. දැන් කොල්ලෝ හොඳ වෙලාද.. නැත්තම් ඕනේ උනොත් ගිහින් ගන්න ෆාමසි තියන නිසාද පර්ස් වල නැත්තේ ඒවා... හි හි
Deleteඋණ හැදුණොත් ගන්න ළමා පැනඩෝල්ද ?
Deleteමැවිලා පේනවා අප්පා. හිරුවා අපේ මහත්තයගෙන් හිඟා කනවා. මහත්තයට කියලා ලිෆ්ට් එකක් ගත්තු දවසක සල්ලි ඉල්ල ගන්න අමතක වෙන්න ඕනි. හි හි..
Deleteගෙදරට බඩු ගේන දවසට විතරනෙ බඩු ලිස්ට් එක පර්ස් එකට දාගන්නේ හිරුවෝ.
@යසිත්; ඔව් බං නියමිත මාත්‍රාව පිලිපදින්නත් එපායැ.
මගේ එකේ නම් හංඟපු රුපියල් 100/-ක්ම තියෙනව. :D
ReplyDeleteමගේ පර්ස් එක උස්සන එකා නම් අනිව මට අළුත් පර්ස් එකක් අරන් දේවි දුක හිතිල. ඒකෙ යට තඩි හිලක් (දිව දොට්ට)
සල්ලි වල බරට වෙන්නැති හිල් වෙන්න ඇත්තේ (කට උල් කර, දිව පැත්තකින් එලියට)
Deleteඔන්න ආව කියපු විදිහටම.
ReplyDeleteමගේ නම් තියෙන්නේ
ID ටික
රු 500 වගේ වෙන්න මුදලක්
atm ටික
(කියන්නත් ලැජ්ජයි බැංකු පොතකුත් තියෙනවා NSB අර ඩෙනිමේ පාට..)
තව කාසි ටිකක්
මොබිටෙල් , ඩයලොග් කාඩ් 2 විතර
මගේ ol කාලේ පින්තූරයක්
සිම් දෙකක්
තව පොඩි දේවල් කීපයක්
හ්ම්ම්ම් ටිකක් වැඩියි තමා.
බැංකු පොතුත් දාන්න පුලුවන්ද ඕකේ? මරුනේ.....
Deleteකියන දේ කරන එකනම් වැදගත් දෙයක්. ඔන්න මගෙන් සැලියුට් එකක්.
අර මචන් NSB එකෙන් දුන්නේ පුංචිම පුංචි
Deleteපාස් පොතක්.ඉස්සර විසා දුන්නේ නැති නිසා
මොකක් හරි උවමනාවකට දාගත්ත ගමන්
දැන් අවුරුදු 6 විතර තිස්සේ ඒක තාම ඇතුලේ..
මොන දේකට තියන් මන්ද බන්.ඒත් දැනුත්
මගේ හිත කියනවා ශාන් ඕක විසිකරන්න එපා
පුතේ කියල..ඉතින් මේ පාරත් එලියට දාල ආයේ
ඇතුලට දාගත්ත..:(
ඇත්තමයි අද ලියමන හරිම අපූරුයි... මේ කාරණේ කෙළින්ම නොකියා වක්‍රව කියා ඇති ආකාරය ඔබ තුල ජීවත්වන නිර්මාණකරුවාගේ ස්භාවය පාඨක අපට නිහඩව කියන තැනක්.... ජය !
ReplyDeleteසීගිරි සිතුවම්ව ගැන විද්වතුන් පල කරන අදහස් අපි හැමෝම අහලා තියෙනවා. ඒත් ඇඳපු පොරගෙන් ඇහුවොත් මොකක් කියයිද? "මං මේ ගෑනියෙක් දිහා බලාගෙන ඇන්දා. ඒ වෙලාවේ හොයාගන්න තිබුණු පාට දෙක ගාලා දැම්මා" කියලා කිව්වොත්.... :D
Deleteමමනම් ඔය සිරා කියපු එක වරද්දක්වත් කරලා නෑ ආයුබෝවන්.