Sunday, November 25, 2012

අල්ලපියෝ......

    මාරයා දැන් අපරාධ අල්ලන්න යනවලුනේ. ඇයි අපිට බැරිද ඔව්වා  කොරන්න. 

   හුහ්.....  මාරයා කොරන්නේ ලෝකල් ඉන්වෙස්ටිගේන්. හැබැයි බොලේ මන් ගැහුවේ ඉන්ටර්නැෂනල් එකකට ආයුබෝං.

  ඔය ලොකු ලොකු හිරකාරයෝ(වැඩවලින්) තියන් ඉන්නේ වෙනම දූපත්වලනේ. ඒ මොකද කියලා දන්නවනේ. ඉතින් එහෙව් එකෙක් දූපතෙන් මිසින්ලු. 

පොලිස් බල්ලො දාලා ඌව හොයන්න.


  කොහෙද...

        බල්ලා මීටර් සීයක් දුවනකොට සාගරේලු. ආයේ ඉතින්  මොන හෙවිලිද?  එතනින් එහා මුහුදු බල්ලෝ තමයි. ඒත් ඉතින් කරුමේ  කියන්නේ ඌ මීටර් සීයක් පීනනකොට මෙන්න ගොඩබිමක්ලු. ඔය  කේස් එක හින්දා අහල පහල රටවල උනුත් හරි බයෙන් ඉන්නේ. ඔය දූපත ලංකාවේම අහල පහල තියෙන එකක් හින්දා ඔය භීතිකාව මෙහාටත් බෝවෙලා. ලංකාවේ ඒජන්ට් හැටියට මන් තුමාට තමයි ඔය කේස් එක බාර උනේ.

ටේ ගියාට ඔය කියන පොරගේ හැඩහුරුකම් කියන්නත් බැරි උනානේ. මෙන්න  විස්තර.

*කලුයි. කලුයි කිව්වම කට්ට කලුයි. හිනා වෙනකොට නම් දත් සැට් එක පේනවා  කියලයි කියන්නේ.

*උසට හරියන මහත

*අඳින්නේ ඩෙනිම් විතරලු. සරම් ම්හ්හ්...

*භයානකයි කියන්නේ දුටු තැන කඩ්ඩෙන් කොටනවලු.

*පෙනුම මරුමුස්. (මන් නෙවෙයි ඕක කියන්නේ. උන්දමයි කියන්නේ පාරේ යනකොට පොලෝසියෙ සුදු හෙල්මට් දාගත්තු මහත්තුරු  නිතරම කරදර කොරනවා කියලා..)

තව තියෙනවනම් කියන්ඩලා....

මේකා මේ වෙනකොට මෙහාට ගොඩ බැහැලා කියලා තමයි ආරංචිය.  දුටු තැන කියපල්ලා..........


ප.ලි.
* වැසිකිලියක් හොයනවලු මේ දවස්වල ගජරාමෙට දැලක් එලන්න.
                      (ටියුබ් ලයිට්ද?
                                 Itisalat (මෙහි මුල් අකුර ආදේශකයකි.)
                                 It.is.a.lat.)

20 comments:

  1. අර මගේ ඩෙනිම වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ආආ.... ඇත්තද? එහෙනම් පුතෝ උඹම බේර ගනින් එයත් එක්ක. මං මේ කිව්වේ එයා ගැන කියලා කොහෙවත් ලියවිලා නෑනේ.

      Delete
  2. ඔය කියන හැඩහුරුකම් සියල්ලම තියෙන එකෙක් එක්ක අපි ඊයේ දවසම ගත කලා..ඒත් අර හඩු ඩෙනිමා නම් නෙවෙයි...ඒත් ඉය කියන හැඩරුව එමමයි..ඒත් අකමා මූව දැනන් ඉන්න විදියක් නැති නිසා..ඩෙනිමා වෙන්න ඇති උත්තරේ..

    ReplyDelete
    Replies
    1. අනේ... මන් ඔය කාවවත් දැකලා නැති හින්දා උත්තරේ ඕක නෙවෙයි. (හි හි)

      Delete
  3. හ‌ෙපායි අර අහිංසකයා වහ කනවා මේක දැක්කොත්....

    ReplyDelete
    Replies
    1. අහිංසකයා...? මන් මේ ලෝ පතල හොරෙක් ගැන කියෝනවා. මේකි මේ මගුලක් කතා කරනවා.

      Delete
  4. ඔන්න මෙහෙට ඇවිල්ලලු. උඹට හම්බ වෙයි..! :D

    ReplyDelete
    Replies
    1. අඩේ... මූව හොයා ගත්තොත් මට පට්ටමක් ගහන්නත් ඇහැක් වෙයි නේ. එල එල. දැක්කොත් කියන්ඩලා.

      Delete
  5. මගේ බිස්නස් පාට්නර් ලංකාවට ගොඩ බැහැලද ? අකමා අපේ පැත්තට නොඑන එක ගැන මගේ බලවත් කණගාටුව ප්‍ර‍කාශ කරමි.

    ReplyDelete
    Replies
    1. බිස්නස්.... අනේ මන්දා...

      සිරෝ මන් ඔය පැත්තට ආගන්තුකයෙක් නෙවේ බං. මග තොටේදී ෆෝන් එකෙන් බ්ලොග් කියවනකොට කමෙන්ට් කරන්න අමාරුයි. සෙකියුරිටි කේස් දාන හින්දා අකවුන්ට් ලොග් වෙනවා අඩුයි. (ෆෝන් එකෙන්)

      Delete
  6. මේ අර පහුගිය දවස්වල හිරෙං පැනපුවාම කරන වැඩ ලිස්ට් එකක් හයිලයිට් කරගෙන හිටපු පොර වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තවත් වැදගත් හෝඩුවාවක්. මෙච්චර ලේසි කොරලත් තාම හොයා ගන්න බැරි උණානේ.

      Delete
  7. මොකද්ද අකමෝ ෆුල් හොල්මන් උනානේ
    :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගොඩක් අය ෆුල් හොල්මන් වෙලා ඉන්නේ. කොයි වෙලේ හරි කඩා පාත් උනොත්...

      Delete
    2. මූව දු‍ටු තැන අල්ලන්න එපෑ. මේ දාලා තියෙන විස්තරයට ගැලපෙන එකෙක් දැක්කොත් මාත් අකමට කෝල් එකක් දෙන්නම්. මේ වගෙ උන්ගෙන් හැබැයි රටට එච්චර හානියක් නෑ.

      ඕකා ගැන ආරංචි කීපයක් මට ලැබුනා. ඔක්කොම ආමාශය සම්බන්ධ ඒවා. මුලින්ම කොළඹ හතේ ලියන්නාට තර්ජනය කරලා සුපිරි කැන්ටිමකදී හැලප වගයක් මංකොල්ල කාලා.
      එදාම සමකය වටේ ලියන නලීන් ගොයියට තර්ජනය කරලා කෑම පාර්සල් තුනක් මංකොල්ල කාලා.

      එතකොට ගාමිණීගෙ විජිතයට පැනලා සුදු ආප්ප මංකොල්ල කාලා.

      ඔය බඩජාරි කිරිමෙල් කාරයා පැත්තකට දාපංකො.

      මම නං ඕං ලැට් එකක් හොයාගත්තා දැල එලන්න. අර කලින් ගත්ත ලැට් එකම වැඩ.
      මේ දවස් වල බොලොක් මිස් වෙනවා බං. මම අර කඩේ දාපු කතා දෙකම බැලුවා. මේක මිස් වෙලා. මම මේ දවස් වල ගරාජ් වල, ඩ්‍රයිව්ග්‍රීන් අහවල් එව්වෑ, හෙම තමයි දවස ගත කරන්නෙ. බ්ලොග් වලත් අනිත් උන් දානවා පෝස්ට් මට හිතාගන්න බැරි වේගෙකින්.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. අන්න තවත් වැදගත් තොරතුරක්. එකත් ඇඩ් කොරගන්න ඕනි ලිස්ට් එකට.

      ඔන්න අද තමයි පොස්ට් එක සම්පූර්ණ උනේ. හි හි... අපිට කියවන්නවත් වෙලාවක් නොතියානේ මුන් පොස්ට් දාන්නේ. මටත් මල පනිනවා වෙලාවකට.

      Delete
  8. හෙහ්... ඔන්න අකමෝ තවත් එකෙක් හොයනවා මේ හොරාව...
    මේකා අල්ලපියව්

    ReplyDelete
    Replies
    1. හොයපන් හොයපන්. මේ දවස්වල ආගිය අතක් නෑ නොවැ.

      (මතක ඇතුව බත් එක පරිස්සම් කර ගන්.)

      Delete
  9. Replies
    1. අනේ ආයුබෝං, තරහා අවසර, ඩූඩ් අයියා හොඳ කෙනෙක් නෙව. දඬුකඳේ ගාන්නනම් එපා ඕන්.

      Delete