Saturday, November 17, 2012

ජීවිතය.... ඉතින් අවසරයි මට



දිය ඇල්ල නුඹ සමවෙයි
සුන්දරයි නෙතු පිනයි
නුඹෙ ලස්සනට වහල් වූ මම
පිහිනන්නට සැදුවෙමි නොදැක එහි ගැඹුර

සැමට ආලෝකය බෙදන
සොඳුරු පහන් සිල නුඹම විය
මා එහිම දිස්නයට වශී උනු
කුඩා මැසි ප්‍රාණියෙකි අද

නුඹ ජීවිතය නම් විය
සොඳුරු බව පසෙකලා 
යා යුතුය මා අද
නියම ජීවිතය කරා

කඩා හැලෙන දිය දහරට පසුව ඇති
නිසල නිල් ජල තලය සොයා
ආලෝකයෙන් මත් නොවී
එයින් මා ගත යුතුය බොහෝ දේ

ඉදින් මා හල යුතුය අත්
නෙතේ රසඳුන් සිතේ සැනසුම්
කවදා හෝ සොයා එනතුරු මා
ජීවිතය මගෙ තුරුලට

ජීවිතය ඉතින් අවසරයි මට
වින්දනයට තිත තබන්නට
කවදා හෝ එන තුරා
සැනසිල්ල ගෙ දිවියට




10 comments:

  1. එනකං ඉන්න එපා බං හොයාගෙන පලයන්. වින්දනය කියන්නේ ඕනම දේකින් මොකක් හරි විදින එක. යකෝ සැනසිල්ල එන්නේ නෑ. අපි සැනසෙන්නේ නැතිව. ඒ උනාට පස්ට අදහස් හොදේ...

    ReplyDelete
    Replies
    1. උඹ හරි බං.
      ගෙදර ඉන්න තිබුණු එකම දවසෙත් ක්ලාස් එකක් සෙට් කර ගත්තා. දැන් දවස් හතම බිසී. ඒත් අද ඉගෙන ගන්න දේ වටින්නේ හෙටටනේ.

      සසිරි බරින් යුතු සිරි ලංකාවේ ජීවත් වෙනකොට එක ජොබ් එකකට විතරක් කාලය මිඩංගු කරලා ඉන්න එක අමාරු දෙයක්.

      Delete
  2. අකමා ලියන මේ කවි සිතුවිලි, නිර්මාන්ණද, සැබෑ අත්දැකීම්ද, නැතිනම් (කාගෙ හෝ) සැබෑ අත්දැකීම් මත පදනම් වූ නිර්මාණද කියලා මම දන්නෙ නෑ.

    නමුත් ඔය කොයි දේත් කාලයත් එක්ක සෑහෙන වෙනස් වෙනවා. අහිමි වෙච්ච ආදරයක් අවුරුද්දකට පස්සෙ දකින කොටයි , අවුරුදු විස්සකට පස්සෙ දකින කොටයි සෑහෙන වෙනස් හැඟීම් ඇතිවෙන්න බොහෝම ඉඩ කඩ තියෙනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ලේබල් තියෙන්නේ ඒකටනේ හෙන්රි අයියා.

      මේකනම් ලව් බූට් කවියක් නෙවෙයි. වෙනම බූට් එකක්.

      //...අවුරුද්දකට පස්සෙ දකින කොටයි , අවුරුදු විස්සකට පස්සෙ දකින කොටයි සෑහෙන වෙනස් ..//
      සහතික ඇත්ත. ඒකට ලොකුම හේතුව තමයි අත්දැකීම්.

      Delete
  3. වෙළද නියෝජිත තැන හැටියට මම හෙන්රි අයියාගේ මතයට එකග වෙමි.. එයම මගේ අදහසද වෙයි. ආදරය නිසා මට ඉස්සර දැනුනු පට්ට වේදනාවෙ දැන් දැනෙන්නෙම නෑ... කාලය තමයි හොදම ඔසුව...

    ReplyDelete
    Replies
    1. යා යා.. හැබැයි පසුතැවිල්ලක්ම නොවුනත් ටිකක් කොඥන් කොඥන් වගේ ගතියක් නම් ඉතුරු වෙනවා.
      මේක උඹ දැකපු විදිය. මං ලිව්වේ ලව් එකක් ගැන නෙවෙයි. හැබැයි මේ අර්ථකතනෙත් එල.

      Delete
  4. කවදා හෝ එන තුරා
    සැනසිල්ල මගෙ දිවියට..

    ආදරය කියන්නේ මහා අමුතු දෙයක්.. ජීවිතය විදින්න බලාගෙන ආදරයෙන් බැදිලා.. ඒ බැදීම් බිද වැටුනම විදවනවා..
    පෙරේදා වෙනකම් ජීවිතේ විදපු මම දැන් විදවනවා.. මමත් බලාගෙන ඉන්නවා
    කවදා හෝ එන තුරා
    සැනසිල්ල මගෙ දිවියට..

    ReplyDelete
    Replies
    1. සැනසිල්ල ලැබ ගැනුමට
      නීති සැරසිය යුතුය මුව සිනහවෙන්
      හැර ගිය උන් නැවත හැරවිය යුතු තරම් සවිමත්ව

      නමුත් සබඳ,
      නොරැවටෙන් නැවත පැමිණෙන උන්ට
      යලිත් උන් යා හැකි නිසා....

      ඉන්ටවල් එක ඉවර වෙයි බන් ඉක්මනට. ජයවේවා!!

      Delete
  5. ලස්සන කවි පේලියක්...............


    ඉදින් මා හල යුතුය අත්
    නෙතේ රසඳුන් සිතේ සැනසුම්
    කවදා හෝ සොයා එනතුරු මා
    ජීවිතය මගෙ තුරුලට

    ReplyDelete
    Replies
    1. බොහොත් අච්චාහේ... (තෙරුමනම් අහන්න එපා)

      තැන්කිව් හොඳේ...

      Delete