Monday, October 29, 2012

මමත් යමි පන්සල්

අන්තර්ජන්ජාලෙනි


මල් විකුණන නෙක පාට
මල් නංගිගේ සිත සනසන්
මලුත් ගෙන තොසින් මම්
ගියා පන්සල් පිනක් ගනු වස්

     තැබුවාට කම් නැත මල්
     සුවඳ දුම් පහන් වැටි නම්
     බුදු හිමි ළඟට රැගෙන නොම එන්
     පින්වත පින්වතිය දැන ගන්

            හිස නමමි මුළු හදින් මන්
            බුදු හිමිට නොව දැනගන්
            කුළුණු බර ඒ වදන්
            පිලිගනිමි හිස් මුදුනින් මන්

පාදුකාවන් තබා මහමග
කෙලෙස් ඇති සිත නිවා ගැනුමට
ටයිල් අල්ලා ඇති සුමට
අහිමි වූ වැලිමළුවේ පා නගමි මොනවට

     සිහිවෙයි සැමකල්
     ගනීදෝ හොරු මෙකල්
     ගෙවා දහසින් බැඳී පියල්
     ගත් යුවල, පාදුකා කළුවන්

          හැරගතිමි මන්
          ආසා ඒ ගැන සිත උන්
          ලොබ සිත නිවන්
          කුසල් ගැනුමට මම් වඳීම්

දුටිමි නෙතු පිනවන
හැඳගත් නේක සළුපිළි අබරණ
පරදන දෙව්ලියන්
සොඳුරු නෙතු පිනන යුවතියන්

     එකෙක් නතු කර ගැනුමට තමන්
     සිත් වෙයි මට දැන් ඉඟි මරන්
     හැඩැති සිරුරකි පාට රන්වන්
     යන්නට සදයි සිත, කර මෙමා අතරමං

          සිහිකර මරඟනන්
          බලා වෙනතක මන්
          පිටකර සුස්ම සොඳින්
          නිව්වෙමි රාග ගිනි දැල්
   
ඇසුණි නම පීකරෙන්
අල්ලපු ගෙදර හුන් උන්දගේ
පරම්පරාවම සිහිකරන්
නිවන් යන්න වැඩියෙන් දුන් පිනෙන්

     පසු කළා නොවෙද මගෙ සීය පන්සීයෙන්
     ගේමක්ද උඹ මට දුන්නෙ
     දෙන්නම් ලබන පෝයට මන්
     සිතුනි මට හීන් නූලෙන්

          හදා ගතිමි සිත
          නැති උනේ සීයකි මට
          දැනගනිවු තොප
          හාරසීයම ඉතුරු උනි අද

බන මඩුව පිරිලා
ඇත උවැස උවැසියන් සුද හැඳලා
වඳිති ධර්මාසනයෙ ඇති හඬ නගලා
කැසට් යන්ත්‍රයෙ යකඩ හඬටා

     බැලුවෙමි වට පිටා
     ලොකු හාමුදුරුවො කෝ කොහිදෑ
     ඇත දොරකඩ බුදු මැදුරෙ පිටලා
     ආධර පත්තර මුදලට විකුණ විකුණා

          ඉතුරු රුපියල් විස්සට
          නැත පත්තරේ ඉලක්කම් කෙටී
          ගුලි කර ගතිමි ලජ්ජාවෙන්
          යනවිට කමි රටකජු බඩ පුරා

කැම්පස් ගොසින් ආ
පොඩි හාමුදුරුවො යයි ලොකු උන්නාන්සෙ පරදා
ආසියාවෙන් ලොකුම
චෛත්‍යය තම සතු කර ගැනුමටා

     ඉවර වූ පොත ගන්න
     පොඩි පුතුට දෙන්න
     තියෙන සීය අරගන්න
     කියයි මැගිලියා සිත පහදා

          අත තියෙන විස්ස
          දුනහොත් කියයි මට පිස්‌ස
          නැති එකෙකුට පියස්ස
          සැදුමට දෙමි තෝරා නිස්සා

නොකැළැල් සිත කැළැල් විය
ගෙදර සිටියානම් මට සිත් විය
ශීර්ශයෙ හෝ කොම්බුවේ
බණ අසමි ඇඩ් අස්සේ

වැදගත්:  සියළු පන්සල් මෙයින් නියෝජනය නොවන අතර මොඩ් වන්නට හදන ඒවාට පමණක් ටොක්ක                     ඇණ ඇත්තෙමි.
              එවන් තැන් උපේක්ෂාව ප්‍රගුණ කිරීමට හොඳ තෝතැන්නකි.

20 comments:

  1. :) :) පෝය දවසේ හොඳ පෝස්ටුවක්! ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කියු වේවා!!

      Delete
  2. කාලීන ලියැවිල්ලක්...ඔන්න මමත් මේ පැත්තට ගෑටුවා.... ජය !

    ReplyDelete
    Replies
    1. එන්න එන්න, හැමදාමත් එන්නකෝ.

      ලියවිල්ල කාලීන උනාට ගොඩාක් බයෙන් දැම්මේ. විශේෂයෙන් ඊයෙ එක.

      ජයවේවා!

      Delete
  3. ඇත්තටම අනිත් අන්‍යාගමික සිද්ධස්ථානවල තත්වය කොහොම ඇත්ද දන්නෙ නෑ නේ AKM? අපිට ඇත්ත දැනගන්න විදියක් නෑනෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්ත හෙන්රි අයියේ, අනිත් ආගම්වල කරන්නේ ඇදහිල්ලක්නේ. එතකොට විවේචන මුකුත් නෑ. දේවාලේ කපුවා එයාගේ වැඩේ කරනවා. අනිත් අය අනුමත කරනවා.

      අපේ ධර්මය තියෙන්නේ පිළිගැනීම විශ්වාසය මත. මන් මෙතැනදී ඇඟිල්ල දික් කලේ ධර්මයට නෙවෙයි. ඒ මුවාවෙන් සිද්ධ වෙන දේවල් ගැන.

      මොනවා උනත් ඔයාට 100%ක් එකඟයි. මේක වෙනත් ආගම්වාදීන්ට ඔවුන්ගේ මතය ඉදිරියට ගෙන යාමට රුකුලක් නොවේවා!

      Delete
  4. අපොයි පන්සල්.... ඒ ගැන නම් කතා කරන්න හිතෙන්නෙ නැත....

    මම නම් පන්සල් ගියාම ඔලුව උස්සලා බලන්නේ ඕනෙම දේකට විතරයි... කොල්ලන්ගේ කෙල්ලන්ගේ කකුල් වල කැත විතරක් බලාගෙන ලේසියෙන් නිවන් යන්න පුළුවන් සමහර දවස් වලට... හි හි..

    ReplyDelete
    Replies
    1. අපොයි හිරුවා බලන්නෙම ඉනෙන් පල්ලැහැනේ. :P

      ගොඩක් උන් හොඳට ඇඳ පැළඳ ගෙන, සෙන්ට් පවුඩර් ගාගෙන ආවට කකුල් වලට ඒ සැලකිලි නෑනේ. අනික පෝයට වහින එකත් සාමාන්‍ය දෙයක්නේ. එදාට ඉතින් පිළිකුල් භාවනාව තමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ.

      ජයවේවා!

      Delete
    2. හපොයි.. ඉල්ලන් ටිංකිරි කියන්නේ මේවා තමා... හි හි..

      Delete
  5. මොනව උනත් ඇත්තම කියල තියෙනවා..
    හැම පන්සලක්ම මෙහෙම නෑ.. ඒත් තියෙන දෙක තුන නිසා අනිත් ඒවටත් පාර වදිනවා..
    ජය..

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ.. ඒකම තමයි මන් යටින් "වැදගත්" කියලා කෑල්ලක් එකතු කලේ.

      ජයවේවා!

      Delete
  6. ඔන්න මමත් ආවා.
    මේ වගේ දේවල් තමයි දැන් හුඟක් තියන්නේ. එහෙම නැති තැන් අඩුයි. නිර්මාණය නියමයි ඈ!!

    ReplyDelete
    Replies
    1. එන්න එන්න, ඔයාල එන හින්දමනේ මාත් ලියන්නේ..

      අගය කිරීමට ස්තුතියි. ජයවේවා!

      Delete
  7. බහුතරයක් තැන් වලදි මේ හැඟීමත් එක්ක එන කලකිරීමක් තමයි හිතට නැගෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. //...බහුතරයක් තැන් වලදි...//

      වෙනී අයියෙ, මෙතැනදී මෙහෙම දේකුත් තියෙනවා. අපි හැමදාම යන ගමේ පන්සල සංකර වෙනකොට ඒක අපිට තේරෙනවා. අනික් ඒවාට වඩා අඩුවෙන් සංකර උනත්.
      අනික, ගමේ හැර අපි යන එන පන්සල් (ට්‍රිප් යනකොට යන ප්‍රසිද්ධ ඒවා) කොහොමත් සංකරයි. බහුතරයකට අයිති වෙන අපි හැමදාම යන දඹුල්ල, කිරි වෙහෙර, වෙහෙරහේන, වැවුරුකන්නල එහෙමත් නැත්නම් දෙව්රම් වෙහෙර යන එන සෙනඟින් ලැබෙන ආදායම දිහා බලාගෙන ඉන්නෙ. ඒවායේ වැඩි තැන සෝබනේට.
      ඒත් අපි නොයන ඒත් පහුකරගෙන යන පන්සල් කොච්චර තියෙනවද? ඒවාට අපි නොයන්නෙ ඇයි? (මාත් ඇතුළුව)

      Delete
  8. හොඳ පෝස්ටුවක් යාළුවා! අද තියන ඇත්තම තත්වය තමයි ඕක. ඉස්සර බොහොම චාම්ව තිබුන අපේ ගම්පලාත්වල පන්සල් පවා මේ තරගයට එකතුවෙලා. භෞතික දියුණුව වැඩිවෙන තරමටම ක්ලේශයන් වැඩිවෙලා. පරිහාණිය කරා ඇදිල යනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්.
      අපේ ගමේ පන්සලේ බෝධිය වටා ටයිල් ඇල්ලුවා. තායිවානයෙන් කිසිම ශාන්ත දාන්ත බවක් නැති හතරැස් මූණක් තියෙන අඩි 10ක් විතර උස බුදු පිළිමයක් වැඩම්මෙව්වා. එදා ඉඳන් පන්සල ඉස්සරහින් වාහනවල යන මිනිස්සු පස්ස උස්සනවා. ඒත් පැල්මඩුල්ලෙ බෝධිය යට අඩි 4ක් විතර උස සමාධි පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා. මොකෙකුටවත් පෙන්නෑ. ඒ බුදු හාමුදුරුවො ඉම්පෝර්ටඩ් නැති හින්දා වෙන්න ඇති.

      Delete
  9. නිර්මාණය සාර්ථකයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete