අපේ අම්මා ලෙඩ උනාට පස්සේ වැඩිය මහන්සි වෙන්න එහෙම බැහැ. ගේ ළඟ තියෙන කඩේටවත් තාම තනියෙම යන්නෑ. ඉතින් මම දවස් 6ක්ම කම්පනියට කඹුරලා ගෙදර එනකොට 6.30-7.00 විතර වෙනවා. නංගිටත් ඒ/එල් පටන් ගත්ත හින්දා ඉස්කෝලෙයි පන්තියි. අම්මා ගේ ඇතුලේ නිල නොලත් හිරකාරියක් වෙලා. අපේ අම්මගේ පුන්චිඅම්මා ඉන්නේ කල්තොට. (බලන්ගොඩ ඉඳන් කි.මී.31 දුරින්). අපේ තාත්තගේ නංගි කෙනෙකුත් එහෙ. ඉතින් හදිසියේ සෙට් උනු ට්‍රිප් එක (නෑදෑ ගමන) කොහාටද කියලා හිතා ගත්තහකිනේ .
අම්මයි, මායි, නංගියි, ගෙවල් ගාව ඉන්න අම්මගේ හොඳම හිතවතියක් වන ශීලා මිසුයි ගමනට එක් උනා. ඩයිවර්කොලුවා ඉතින් මම තමා. උදේම ප්‍රාඩෝ එක හෝදලා කරලා නමෝ විත්තියෙන් යන්න පිටත් උනා. ගමන දුෂ්කරයි එත් හොඳයි. මුලින්ම ලොකු මාමලයි ගෙදර. එතනින් පොඩි මාමලාගේ ගෙදරට ගිහින් දිවා ආහාරය. ලොකු මාමලාගේ ගෙදර ඉඳන් පොඩි මාමලාගේ ගෙදරට හැතැම්මක් විතර තියෙන්නේ. එත් නියං සහනාධාර පොඩි මාමලට හම්බ වෙනකොට ලොකු මාමලට හුලං. ඕක තමයි සිතියමේ ඉරි ගැහුවහම වෙන දේ. පරිපාලනේට අනුව එගොඩට පවතින නියඟය ගඟෙන් මෙගොඩට බලපාලා නෑ. මේ දවස්වල ලොකු මාමලා චන්දෙට දඟලනකොට පොඩි මාමලා කිසි හා හූවක් නැතිව ඉන්නවා. හැබැයි මේ පැතිවල එච්චරම චන්දෙට මරාගන්නෙත් නෑ වගේ.
![]() |
නැන්දගේ ගේ ඉස්සරහින් යන ඇල පාර |
ඊට පස්සේ නැන්දගේ ගෙදර ගියා. ඒ ගේ ඉස්සරහින් යනවා ඇල පාරක්. ඊට එහායින් මාස 8කට විතර කලින් කොන්ක්‍රීට් කරපු, දැන් කාපට් කරන්න පාස් වෙලා හින්දා ලබන සතියේ විතර කඩලා අයින් කරන්න නියමිත මාර්ගය. ඊට ඉහලින් තෙකලා නල ජලය. හෙහ් හෙහ්.
අනේ ඉතින් දුක්බරම සීන් එක පටන් ගත්තෙ එනකොට තමයි. හැන්දෑවේ 4ට විතර තමයි එන්න පිටත් උනේ. ඒ පැත්තේ ගෙවල් වල ඉන්න දිය කිඳුරියෝ ඇල දිගට සෙට් වෙලා. කොහෙද, අතුරු ආන්තරාවක් නැතුව එන්නනම් වටපිට නොබලා එන්න එපැයි. මොකද වමට කැපුනොත් කුඹුරේ. දකුණට ඇලේ. ඒ නැතත් කට්ටිය ඉස්සරහ මගේ කාඩ් එක. මෙච්චරක් කාලයක් පරිස්සම් කරගෙන ආපු පතිවත. මේ ඇල පාර දිගේ කි.මී.1ක් විතර එනකොට මහා ඇල හම්බ වෙනවා. එකේ පොටෝවක් අල්ලන්න ගියේ නැත්තේ ඒ ගමෙන් අතක් පයක් කඩා ගන්නැතුව එන්න ඕනි හින්දයි, අම්මලා ඉස්සරහ වල් කොල්ලෙක් නොවී ඉන්න තිබුන උවමනාවයි හින්ද කියලා හිතාගත්තොත් හොඳයි ඕන්. එතන ඉඳන් කි.මී.10කට වැඩි මිස අඩු නැති දුරක් මේ දුක වින්දා කියලත් කියන්න ඕනි.

ඔහොම ඇවිත් ගියා බුදුගල විහාරයට. ඊට ටිකකට කලින් නටඹුන් හම්බ උනත් රෑ උණු නිසා ගියේ නෑ. මේවා වළගම්බා රජතුමාගේ කියලා කියනවා. ඒ වගේම පූජ්‍ය කිරම නන්දරතන හිමියන්ට (ශ්‍රී සුධර්මාරාමය, පොල්ගස්ඕවිට) අනුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය බව කියවෙනවා. හැබැයි ඕවයෙ ඇත්ත නැත්තනම් මන් දන්නෙ නෑ ඕන්. ඉතින් මන් කලින් ගිය පාර ගත්තු පොටෝවක් දෙකක් දාන්නම්කෝ.
මෙච්චරයි ඒකෙනුත් හොයා ගන්න පුළුවන් උනේ. ඉතින් කොහොමින් කොහොම හරි අපි අවා බුදුගලට. විහාරයත්, බෝධියත් වන්දනා කලාට මොකද, චෛත්‍යය වන්දනා කරන්නනම් අම්මලාට බැරි උනා. හේතුව තමයි ගල් පව්වක් මත චෛත්‍යය පිහිටා තිබීම. අවුකන පිළිමයක්, ශ්‍රී පාදස්ථානයක් වගේම ඝණ්ටා කුළුණක්ද පර්වත මුදුනේ පිහිට තිබේ.අම්මලාට යන්න බැරි නිසා නංගියි මායි කරුණා කරන්න ගත්තා. මුලින්ම ශ්‍රී පතුල පිහිටි ස්ථානය. එතනින්බැහැලා අවුකන පිළිමය.
ඊළඟට එතනින් බැහැලා සතර වරම් දේවාල. ඇත්තටම ශාන්ත පරිසරයක පිහිටි පන්සල පිලිබඳ ගාම්භීරත්වය, භක්තිය වැඩි වෙන අයුරින් විශාල පර්වත අතුරින් මාර්ග සාදා ඔබ මොබ යන්න සකස් කර ඇති අයුරු අතිවිශිෂ්ටයි.
ඊළඟට තමයි චාටර්ම සිද්ධිය. ඝණ්ටා කුළුණ පහු කරගෙන චෛත්‍යය වෙත යන්න පියමන් කල නංගියි මායි දිහා වටේ ඉන්න මිනිස්සු අමුතු විදියට බලනවා වගේ මට තේරුණා. මොකද ඒ වෙලාවේ අපි ඇරෙන්න තව එක නඩයයි පන්සලේ හිටියේ. ඒත් කැබ් 1කින් ආපු 4-5දෙනෙක්. ඉතින් පන්සල පාලුයි. මේවයේ සමහර විට රූම් වලට නොයන කපල්ස් එහෙමත් එනවද දන්නැනේ. අපි ගැනත් එහෙම හිතුවද දන්නේ නෑ. චිකේයියා. ඒ ගියේ නංගියි මායි හොඳේ.
කූරගල ගැනනම් ගොඩක් කට්ටිය දන්නවා ඇතිනේ. (නොදන්නා අයට).
බුදුගලින් නික්මුණු අපි කාර්පට් ඇතිරූ මාර්ගය දිගේ ඉදිරියටම ගියා. තව කි.මී.5ක් විතර යනකොට දියවිනි ඇල්ල බලාගන්න පුළුවන්. මේ දවස්වලනම් වතුර හිඳිලා.
ඉතින් අපි දුර ඉඳන් දිය ඇල්ලත් බලලා කපුගල හරහා (කපුගල කියන්නේ සමනලවැව විදුලි බලාගාරය තියෙන ප්‍රදේශය) බලංගොඩට සැපත් උනා යාන්තම් 7 විතර වෙනකොට. එනකොට කට්ටිය සතුටින් ආවත් මගේනම් බොක්ක කූල් වෙලා තිබුනේ. මොකද කි.මී 20ක් විතර ගෙවල් දොරවල් නැති පාලු කඳුකර පාරක හවස 6.30ත විතර එනකොට. ඒ වෙනකොට පෙට්‍රල් රිසර්ව් ඔන් වෙලා තිබුනේ. ඕන් ඔහොමයි මගේ නිවාඩුව ගෙවුනේ.
![]() |
ශ්‍රී පතුල දක්වා ඇති මාර්ගය |
![]() |
ගල් දෙබෝක්කාවක් අතරින් පහල |
![]() |
සිරි පතුල පිහිටි ස්ථානය ඉහලින් පෙනෙන අයුරු. |
![]() |
මේ ඉන්නේ මගේ නංගි සිරි පතුල පිහිටි ස්ථානයේ. වරදවා වටහා ගන්න එපා මේක පිටුපාල ගත්ත එකක් නෙවෙයි. පල්ලම බලන්න බයේ කණුව බදාගෙන ඉන්නවා ගත්තු එකක්. |
![]() |
විහාර භුමිය සිරිපතුල තිබෙන ස්ථානයට පෙනෙන අයුරු |
![]() |
එතනට චෛත්‍යය පෙනෙන හැටි |
![]() |
අවුකන බුදු පිළිම වහන්සේ |
![]() |
පහලට බහින පඩිපෙළ |
![]() |
සතර වරම් දේවාල වලින් පළමු වැන්න |
![]() |
පිටවීම |
![]() |
ඝණ්ටා කුලුනට ඉහලින් චෛත්‍යය පෙනෙන අයුරු |
![]() |
මෙන්න ඉස්සෙල්ල නැගපු පර්වතය චෛත්‍යය අසලට පේන හැටි |
![]() |
මගේ ප්‍රාඩෝ එකේ දර්ශනයක් |
![]() |
ඈතින් පේන්නෙ කූරගල |
![]() |
මෙන්න චෛත්‍යය රාජයාණන් වහන්සේ |
කූරගල ගැනනම් ගොඩක් කට්ටිය දන්නවා ඇතිනේ. (නොදන්නා අයට).
බුදුගලින් නික්මුණු අපි කාර්පට් ඇතිරූ මාර්ගය දිගේ ඉදිරියටම ගියා. තව කි.මී.5ක් විතර යනකොට දියවිනි ඇල්ල බලාගන්න පුළුවන්. මේ දවස්වලනම් වතුර හිඳිලා.
![]() |
මේ දවස්වල ඈතට පේන හැටි |
![]() |
මේක ගත්තේ මෙතනින් |