Friday, September 27, 2013

නිවාඩුවක් නැත මටනම්
අද හෙට හෝ අනිද්දා කියා
මගේ සගයත් දැන් දුබල නිසා
කවදා ලැබෙයිදෝ මට අස්වැසිල්ලක්

මට උඩින් ඉන්න උන්
රජ සැප විඳින බව දන්නවා
දවස් තුන හතරකට වරක්
පමණක්ම හමු වන නිසා

හැමදාම හවසට නෑවත්
පිච්චි පිච්චි වේලුනත්
විඳින දුක් හින්දා සුදුමැලි උනත්
තරහක් නෑ තුවාල උනත්

මට සගයෙක් දෙන්න බැරි තරම්
නුඹට අහේනි බව දන්නවා
උඩින් ඉන්න උන් ඉන්නේ
උඹේ තත්තේ පෙන්නන්න බවත් මන් දන්නවා

දිලිහෙන සපත්තු දෙක දැම්මාම
උඹ හැන්ඩි බව යසට පේනවා
යුවතියක් හමුවේදී ගැලවුනොත් කලිසම
නුඹ නෝන්ඩි බව හොඳට දැනෙනවා

කල පින් මදි උනිද
දුප්පත් හාම්පුතෙක් ළඟ
අද මා වැජඹෙන්නේ
ඉරුණු .........වී



P.S: Draft gode thibunu ekak mese eli dakwena wagayi....... (Sinhala nathi PC ekakin....)

14 comments:

  1. menna bole AKM goda behelo......

    koyi athurudan velaa hitiye?

    ReplyDelete
    Replies
    1. ජොකෙක් ගන්න සම්මාදමේ ගිහිල්ලා..........

      Delete
  2. සිංහල නැති PC එකකින් මෙච්චර හරියක් කළා මදැයි! මොකද අෆ්ෆා මේ දවස්වල හැමෝම PC කඩා ගන්නෙ?

    ReplyDelete
  3. මම උඹට මොකද කියලා බැලුවේ. උඹේ ඊ මේල් එක මම දන්නේ නෑ. මට මේල් එකක් එවලා තියාපං හදිස්සියකට විපරම් කරලා බලන්නවත්.
    henry_jayawardene@yahoo.com

    ReplyDelete
  4. අනේ මන්ද බන් උඹල මැරුණත් දැනගන්න විදිහක් නැහැ.. අනිත් එකා අර DDT කාරයා... දන්න කියන උන්ට මේල් එකක් , ෆෝන් නොම්බරයක් දීලා තියපියව් තුන් මාසේ දානෙට හරි හොයන් එන්න මැරිලා හිටියොත් ..

    ReplyDelete
  5. ඉරුනු ජොකා වී....අන්තිම පදේ තිබ්බෙ නැත්නම් මේ මොන රෙද්දක්ද කියලා හොයා ගන්න බැරුව යනවා....මමත් මේ බැලුවෙ අකමට මක්ක වුනාද කියලා...ආයෙත් ලිපියකින් හමුවීම ගැන බොහොම සංතෝෂයි...දිගටම ලියහං...

    ReplyDelete
  6. උඹේ ඕක ඉරිල හින්දද මාස දෙකක් යනකල් මේක නොලිය හිටියෙ.
    දැංවත් ආපහු වැඩ පටංගමු. නැත්තං කලිසම ගලවන්න වෙනව.

    ReplyDelete
  7. මොකද උඹට වෙලා තිබුනෙ,ජොකා ඉරුනු හින්දද මාස ගානක් ලිව්වෙ නැත්තෙ

    ReplyDelete
  8. මැසිම හදා ගනියෝ.. ඉරුණු ජොකා මහ ගනීයෝ

    ReplyDelete
  9. අපොයි උබ දැක්ක කල්

    ReplyDelete
  10. ආයේ ලියමු හෙමීට..

    ReplyDelete
  11. ඒක නැතිව ලියන්න බැරිද?

    ReplyDelete
  12. අනේ අයිබෝවන්ඩ මටනම් දැන් තිබුනා නැතා කියලා වෙනසක් නෑ ඕං. මැරිච්ච ලේනෙක් පංමල්ලකට දානවා වගේ තමා.

    ReplyDelete
  13. මොකද ඇවිත් ගිහින් තිබ්බේ...

    ReplyDelete