Wednesday, July 3, 2013

මී අඹ වනයේ ගී හඬ පතුරා..... (කොල්ලන්ට විශේෂයි)


"මී අඹ වනයේ ගී හඬ පතුරා
                කාවද අමතන්නේ......"


              එකල මා අකමැතිම ගායකයෙකුගේ හඬ ගුවනේ පැතිරී යමින් තිබිණි. පියාගේ මුවින් ඊට සහාය නාදයක්ද ඇඟිලි තුඩින් දණහිස මත තාල ඇල්ලීමක්ද සිදු වූයේ නිරායාසයෙනි. 

                   කීර්ති පැස්කුවෙල්, රූකාන්ත හරහා සන්ෆ්ලවර් රැල්ලට යටවුණු ගායකයන්ගේ හඬටද, BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමින් රොක් හිපොප් රැප් සංගීත රටාවන්ගෙන් දෙසවන පිරෙන දේශීය විදේශීය ගීත, රේඩියෝ චැනලයෙන් කැසට් පීසයටද පසුව පරිගණකය හරහාද රැව් පිළිරැව් දුන්නේ පෙරකී අසහාය ගායකයාගේ හඬට ඇති තැන අවම කරමිනි.

                මෙකල ගීතයේ කොටසින් කොටස පටිගත කලද හරියාකාරව ගායනා කර ගැනීමට නොහැකි ගායකයින් සිටිද්දී කිසිම පෙරහුරුවකින් තොරව පළමු වතාවෙන්ම නව ගීතයක් පටිගත කිරීම සඳහා හඬ දායකත්වය ලබා දුන් ගායකයාගේ පුරාජේරුව පවසන තාත්තාගේ හඬ ඒ කනින් ඇතුල්ව මේ කනින් පිටව ගියේ ඔළු ගෙඩියේ ඇති පුස්ස මොනවට පෙන්වමින්.

ගී හඬ නැවතත් පැතිරෙයි....

"මී අඹ වනයේ ගී හඬ පතුරා
             කාවද අමතන්නේ......"

           දෑස පියා ගතිමි... සිහි වනුයේ ඒ රුවයි. නැවතත්.. නැවත නැවතත් ගී හඬ දෝංකාර දෙයි. සිහි වනුයේ ඇයගේ හඬයි.

"මී අඹ වනයේ ගී හඬ පතුරා
            කාවද අමතන්නේ......"

       දෙසවන පිරී යන්නේ ගී හඬින්ද ඇගේ හඬින්ද යන්න කිසි විටෙකත් නොහැඟෙයි. පියා ගත් දෑසින් යුතු වත කමලෙහි මද සිනාවක් පිරී යන්නේ ආඩම්බරයෙනි.

"ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
                   ඔය හැටි හිනැහෙන්නේ..."

        ලෝකයම පරදා ඇය උරුම කරගත් ආඩම්බරය..... ඒ හා පල නොකෙරෙන තරවටුව...

"මිහි බට දෙවඟන ඇවිදින තාලෙට
                 ඔහොමද ඇවිදින්නේ...."

      කවුරුවත් දකීදෝ’යි නැගෙන නෝක්කාඩු සිත යටින් මගේ කර ගත් ඇගේ ලාලිත්‍යය, ආඩම්බරයෙන් කාට හෝ පෙන්වීමේ උවමනාව...

"ලා නිල් පාටට දිලිසෙන හින්දද
                 ඇස් දෙක නලවන්නේ...."

            ලොවක් දිනූ පෙම්වතෙකුගේ හඬින් මිමිණෙන පද වැල.....

         එදා නොරිස්සූ හඬ සමඟ මෙකල දැහැන් ගතවූ අපූරුව...... පලා ගිය නිදි දෙව් දුව වෙනුවට තුරුලට පැමිණි ඇය.... 


26 comments:

  1. ඒ කාලෙ අමරදේව මාස්ටර්ගෙ සිංදු එහෙම නිදිමත සිංදු ගොඩේ කැටගරයිස් කරලා තිබුනෙ..තාත්තලා ආසාවෙන් අහනකොට මුන්ට පිස්සුද කියලත් හිතිලා තියනවා.. ඒ කාලෙ පොරවල් තමා නිහාල් නෙල්සන්, ජිප්සීස්.....

    කාලය මැව් වෙනසක අරුමේ....

    ReplyDelete
    Replies
    1. ඕක අපි වයසේ වැරැද්ද කියන ලේබලේට දාලා අතපිහදාගමු සෙන්නා. :D

      (චන්ඩියගෙ චිත්‍ර ටිකක් එහෙම උස්සන් ආවේ නැතැයි...)

      Delete
    2. චන්ඩිය කිව්වම මතක් උනේ, පොරටත් අපිට වගේ අමරදෙවලා, වික්ටර්ලා එතකොට ක්‍රිශාන්ත එරන්දක, ජානක වික්‍රමසිංහ, වේරලියද්ද එහෙම දිරවන්නැතුවම ඇති නේද? :P
      එක්කො තාම එව්වට පොඩි වැඩිද?....

      Delete
    3. අපොයි ඔව් බන්..තාම ඉතින් පිංචි පිංචි හාවා වයසෙනෙ ඉන්නෙ..

      Delete
    4. සිරාවටම සෙන්නයියේ කතාව ඇත්ත

      Delete
  2. එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් අකම්..

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ,

      ආධුනික ගීත තරඟාවලියක විනිශ්චයට මුදලාලි කෙනෙක් ආවලු... ඔන්න කෙල්ලෙක් දැන් කියනවළු,
      "පාරමී දම් පුරමු අප දෙදෙනා..." කියලා.

      ඔන්න මේකිගේ ගුණ කථනය දෙනවලු අපේ කතා නායක...

      "ඔයා සින්දුව කියපු හැටිනම් හරිම ලස්සනයි. ස්වර අලන්කරනත් ලස්සනට තිබුණා. ඒත්.. ගීතයේ පදවැල තමයි පොඩ්ඩක් අප්සෙට් ඔයා ඔහොම කිව්වට වියදම් කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ මං වගේ"

      "????"

      "ඇයි ඔයා ඇත්තටම "'මාර වියදම් කරමු අප දෙදෙනා'"කියන සින්දුවම මේ තරඟය සඳහා යොදා ගත්තේ?"

      Delete
  3. කාගේවත් සින්දු අවතක්සේරූ කිරීමක්වත්, පිම්බීමක්වත් කරන්න අවශ්‍ය නෑ. කාගේ කාගෙත් හොඳ සින්දුත් තියෙනවා, බොක්කෙ රැඳෙන්නේ නැති සින්දුත් තියෙනවා. එක එක අයගේ රස වින්ඳනය වෙනස්. මට නම් සංගීතයට කිසිම බේදයක්වත් වත්, දේශසීමා ප්‍රශ්ණයකුත් නෑ. එමිනෙම්, ඇඩේල්, අමරදේව ජෝති, ඒ ජේ කරීම්, බෙග්, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස්, ඕන කෙනෙක් ඔට්ටුයි.. රෙගේ, රැප්, බ්ලූස්, හිප් හොප්, ජෑස්, ක්ලැසිකල්, ඔපෙරා, ජන ගී, විරිඳු, පැල් කවි ඒවා වලත් ඕන එකක් ඔට්ටුයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මාතලං

      Delete
    2. මටත් ඔය ඕනි දෙයක්. ඇත්තටම මං මෙතැනදී කියන්න හැදුවේ අපි ඉස්සර වැඩක් නෑ කියලා අත ඇරපු ගීත කොච්චර තියෙනවද පස්සේ හිට් ලිස්ට් එකේ උඩට ආපු.ඕකට වයස, සමාජ වට පිටාව වගේම අත්දැකීමුත් ඉවහල් වෙනවා.

      මේ සින්දුවෙත් මියුසික් එකට ඇත්තම කිව්වොත් යොදාගන්නා ඉන්ස්ට්‍රුමන්ට් වලට වගේම ටෙම්පෝ එකටත් මං වැඩිය ආස නෑ. අපේම හඬින් ලෝ බීට් එකේ ගැයෙන කොට තමයි අපූරු. අපේ තාත්තා ඔය සින්දු ලස්සනට කියනවා.

      හෙන්රි කල්දේරාගේ තාර පැටියා මගේ හිට් ලිස්ට් එකේ පොඩි කාලේ ඉඳන්ම උඩින් තිබුනේ කවදාවත් සින්දුව අහලා නෙවෙයි. තාත්තා කියනවා අහන් ඉඳලා. ඒ සින්දුව මුලින්ම ඇහුවේ සන්ෆ්ලවර් රැල්ල නිසා.

      අදටත් මං කිසිදා නාහපු ගීතයක් තියෙනවා පදවැල තාම මතක තියෙන.මගේ යාලුවෙක් (6 වසරේදී) පන්තියේ සමිතියට කිව්වෙම ඒක.

      "වංකගිරියේ වන වදුලේ සැඟවුණු
      අම්මේ නුඹ කොහිදැයි කියපන්....
      හැබැහින් බැරිනම් හීනෙන් ඇවිදින්
      ඈත ඉඳන් මට අත වනපන්..."

      Delete
  4. සිංදුවක් ඇහෙන පලියට අහන්නෙ නැතුව ඒකෙ කියන්නෙ මොනවද කියල පොඩ්ඩක් කල්පනා කරල අහනවනං ගොඩක් සිංදු රසවිඳින්න පුලුවං. ඒ හැකියාව අලුත් සිංදුවල බොහෝ දුරට අඩුයි කියල තමයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එතකොට මෙළෝ දෙයක් තේරෙන්නේ නැති හින්දි සිංදු අපි රස විඳින්නේ. ඒවල අර්ථය දැනගෙනද?

      Delete
    2. මං කියන්නෙ සිංහල සින්දු ගැන විතරයි. හින්දි සින්දු රස විඳින්නෙ බොහෝවිට ඒවයෙ තියෙන සංගීතය හින්ද.

      Delete
    3. සමහර සින්දු තියෙනවා අර්ථය නිසා හිතට වදින. සමහර එව්වා සංගීතය නිසා.ඔය දෙකම නිසා හිතට වදින එව්වත් තියෙනවා.

      Delete
  5. මං නම් වර්ගකිරීමක් කරන්නේ නෑ..... මට දැනෙන සිංදු මම රස විදිනවා.... ඒක පරනද අළුත්ද කියන දෙයින් මට වැඩක් නෑ.... හැබැයි පැරණි ගීත අදටත් පවතින්නේ ඒවායේ තියෙන ගුණය වැඩියි කියලයි මට හිතෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ....//හැබැයි පැරණි ගීත අදටත් පවතින්නේ ඒවායේ තියෙන ගුණය වැඩියි කියලයි මට හිතෙන්නේ.....//....

      ඔයාට විතරක් නෙවෙයි අපි හැමෝටම හිතෙන්නේ එහෙමයි.

      Delete
  6. එකිනෙකාට ආවේනික දේවල් තියෙනවනේ. මටත් සිංදුවල මට ආවේනික සිංදු තියනවා. ඉතිං මං ආස නැති නිසා අනෙක්වා අවතක්සේරුවකට ලක් කරන්න යන්නත් නරකයි. එකිනෙකාගේ වින්දනය වෙනස් නිසා.

    ReplyDelete
    Replies
    1. මුලින්ම මගේ අදහස් ප්‍රකාශනයේ දුර්වලතා වලට සමාව දෙන්න නලින් අයියේ,

      මෙතන මම,
      ...//BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමින් රොක් හිපොප් රැප් සංගීත රටාවන්ගෙන් දෙසවන පිරෙන දේශීය විදේශීය ගීත රැව් පිළිරැව් දුන්නේ පෙරකී අසහාය ගායකයාගේ හඬට ඇති තැන අවම කරමිනි....//
      කියලා දැම්මේ අවතක්සේරුවකට නෙවෙයි. අර ගීතවලට මම යොමුකරපු අවධානය අඩු වෙච්ච නිසයි.ඒ මගහැරිච්චත් දැන් අනිත්වත් එක්කම හිට් ලිස්ට් එකේ ඉන්නවා..

      Delete
  7. උඹ ගායකයගේ නම නොකියා පෝස්ට් එක ඉවර කලේ ඇයි කියලා මම කල්පනා කලේ.

    තාත්තයි, මායි සන්නාලියනේ සින්දුවෙයි තියෙන්නෙත් ඔය වගේ සම්බන්ධයක්.

    ReplyDelete
    Replies
    1. නම අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා හිතුණා. :D

      අන්න තවත් පියපුතු සම්බන්ධයක්...
      අපේ තාත්තා ඉස්කෝලෙදි නැටුම් කරලා තියෙන්නේ. වන්නම් එහෙම ලස්සනට කියනවා. අපි හවසට ඔඩොක්කුවෙ වාඩි උනාම අපිව පොඩ්ඩක් කොන්දෙන් ඉස්සරහට නවලා අශ්වයෙක් යන විදියට තට්ටු කරනවා. ඊට පස්සේ අත් දෙක එකට අතුල්ලලා අශ්වයෙක් ගඟෙන් එගොඩ වෙන සද්දේ කරලා පෙන්නනවා.
      ඔව්වා හින්දද කොහෙද තුරඟා වන්නම හැදුනු හැටි එහෙම තාමත් මතකයි.

      Delete
    2. ඒ සම්බන්ධෙත් කියපං මචං

      Delete
  8. මාත් වර්ගකිරීමක්නම් කරන්නෑ. ඒත් දැන් ඇහෙන කියන ගායකයවත්ඒකේ රේමක්නොදන්න ගීත වලට වඩා මේවා දාහකින් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මගේ කී බෝඩ් එක වැඩ නෑඅප්පා. උඩ ඔය මම කිව්වේ
      ඒකේ තේරුමවත් නොදන්න කියලා

      Delete
    2. "Old is Gold" කියලා කතාවක් අහල තියෙනවනේ....

      ඒක නෙවෙයි කොල්ලෝ, අම්ම ගැහුවයි බොට කී බෝඩ් එකෙන් . :D

      Delete
  9. මචන් මගේ බ්ලොගේ උඹ දාපු කමෙන්ට් එකට උත්තර මම අනිවා දාපු ගමන් මෙතනටම ඇවිත් දැනුම් දෙනවා ok.. පමාවීම ගැන මට කමන්න..

    ReplyDelete
  10. මටනම් රසවිදින්න පුලුවන් අලුත් සින්දුවක් ඈහිල ගයනා කරන්නෙ කවුදකියල බෑලුවම එත් ටිකක් පරන ගායකයෙක්ම තමා.ඈහි දාර මත සින්දුව වගෙ.අලුත් එවුන්ගෙ එව අපිට තෙරෙන්නෙ නෑද්ද මන්ද.

    ReplyDelete